IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


චණ්ඩි දේශපාලකයන් සමාජයෙන් පිටුදකිමු

දේශපාලනඥයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නීතිගරුක විය යුතුය. යුක්තිගරුක විය යුතුය. ශීලාචාර විය යුතුය. මන්දයත්, ඔහු ජනතාවගේ නායකයකු වන හෙයිනි. තමන් නායකත්වය දෙන ජනයාට ඔහු ආදර්ශ සැපයිය යුතුය. එහෙත්, ඇතැම් දේශපාලනඥයෝ එකී සකල ගුණාංග මහ දවාලේ ප්‍රසිද්ධියේ ගිනිබත් කරති. ඒ, එකී සකල ගුණාංග ශීලයක් මෙන් රකින දේශපාලනඥයන්ට ද පාරේ බැස යාමට නොහැකි තත්වයක් උද්ගත කරවමිනි.

අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියවුණේ, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් සමග නුවරඑළිය පොලිසිය ඉදිරිපිට හා නගරයේ නොසන්සුන් ලෙස හැසිරී ඇති බවය. එහිදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් තිදෙනකුගේ ගිනි අවි තලවකැලේ පොලිසිය භාරයට ගත් බවත්, ඉහළින් ආ නියෝගයකට අනුව එම ගිනි අවි නැවත ආරක්ෂකයන්ට භාර දුන් බවත් කියැවෙයි.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රවෘත්ති පළවූයේ පළමු වරට නොවේ. ආසන්න මෑත දිනයකදී අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නුවරඑළිය පීඩටර් වතුයායට ඇතුළු වී එහි පාලනාධිකාරිය සමග ගැටුමක් ඇති කරගත් බවය. අමාත්‍ය තොණ්ඩමන්ට මෙහිදී දීමට පිළිතුරක් තිබේ. එනම්, “මා එහි ගියේ ජනතාවගේ ඉල්ලීම පිට, ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න.” බව ඔහුට කිව හැකිය. එම පිළිතුර කිසි ලෙසකින් හෝ මොනර නැටුමෙන් වෙනස් නොවන්නකි.

මෙරට ඡන්දදායකයා බුද්ධිමත් යැයි කීව ද එසේ නොවන ඡන්දදායකයෝ ද සිටිති. ළමයාට පාසලක් ලබා ගැනීම, රැකියාවක් ලබා ගැනීමට දේශපාලකයාගේ පිහිට පතන ඡන්දදායකයෝ සැමට සිටිති. හොරකමට, අපරාධයකට පොලිස් අත්අඩංගුවට පත්වූ තම ඥාතියා බේරා ගැනීමට දේශපාලකයාගේ පිහිට පතන ඡන්දදායකයා මගහැර යාමට දේශපාලකයාට හැකි නොවේ. මන්දයත්, ඔහු මැති සබයට යවනු ලැබුවේ එම ඡන්දදායකයා බැවිනි. තමන්ට ඊළඟ වර මැති සබයට යාමට එම ඡන්දදායකයාගේ ඡන්දය අවැසි බැවිනි.

ඡන්දදායකයා වෙනස් වන තුරු දේශපාලකයා වෙනස් කරගත නොහැකිය. එහෙයින්, ඡන්දදායකයා බුද්ධිමත් විය යුතුය. ආසියාතික රටවල දේශපාලන සම්ප්‍රදාය වන්නේ නීතිය කුමක් වුව ද, යුක්තිය කුමක් වුව ද තමන්ට ඇවැසි දෙය තමන්ට ඇවැසි ආකාරයටම සිදු විය යුතු යැයි හිතන දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම් මතය. 21 වැනි සියවසට මේවා නොගැළපෙන බව මේ ‘පොඩි මොළ’වලට නොතේරේ. තමන්ගේ මහන්තත්තය පෙන්වන්න ගිය ද ප්‍රදර්ශනය වන්නේ තම නිරුවත බව බොහෝ දේශපාලනඥයෝ නොසිතති. එහෙත්, සිදු වන්නේ එයය.

අමාත්‍ය තොණ්ඩමන් සිය ආධාරකරුවන් සමග පැමිණ ‘සෙල්ලම්’ දාන්නේ පොලිස් ස්ථානය ඉදිරිපිටය. නගරයේ යකා නටන්නේ පොලිස් නිලධාරීන් ඉදිරිපිටය. එම පොලිස් නිල දරුවෝ ද අසරණව බලා සිටිති. මෙම අනීතික හැසිරීමට එරෙහිව කටයුතු කරන්නට ගියොත් මොන තූත්තිකුඩයකට තමන් මාරු කර යවාවි දැයි ඔවුහු බියට පත් වෙති. එහෙයින්, ඔවුහු දේශපාලනඥයන්ට රිස්සක් කරගන්නට ඉඩ දී නිහඬව සිටිති.

මෙහි තාර්කික අන්තය වනුයේ, සාමාන්‍ය ජනයා තුළ ද නීතියට, පොලිස් නිල දරුවාට ඇති ගෞරවය බිඳී යාමය. එය මහත් ව්‍යසනයකි. ජාතියට ඇති භය පක්ෂපාතීත්වය හා ගෞරවය සිඳී ගිය කල්හි ඕනෑම අපරාධයක් කිරීමට පෙළඹවීමක් ඇති වේ. අද අප රටේ අපරාධ බහුල වීමට එය ද විශාල හේතුවකි.

දේශපාලනඥයා සැබෑ ජන හිතකාමියකු නම්, මේවා ගැන සිතිය යුතුය. ඒවා නොසිතා කටයුතු කළ දේශපාලනඥයන්ට හිමි වූයේ ඉතිහාසයේ කුණු බක්කිය වේ. යමකු ස්ව කැමැත්තෙන් එමග තෝරා ගත්ත ද එමගින් රටට සිදු වන හානිය ඉදිරිපිට නිහඬ වීම යනු නිවටකමෙන් කිසි ලෙසකින් හෝ වෙනස් නොවන්නකි.

(***)



අදහස් (1)

චණ්ඩි දේශපාලකයන් සමාජයෙන් පිටුදකිමු

Bandara Tuesday, 11 June 2024 10:25 PM

බිත්තරෙන් එළියට ආව ගමන් තමන්ට දැරිය නොහැකි තානාන්තර දුන්නාම ඔහොම තමා... අධ්‍යාපන සුදුසුකම්, හැකියාවන්, හැදියාවන්, පලපුරුද්ද ආදිය නොබලා ඡන්ද විතරක් බලාගෙන එක එක නොගැලපෙන තනතුරු නොදිය යුතුයි.. ඊට පස්සේ ආණ්ඩුවත් තිත්ත කසාය බිව් ගොළුවා වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 676 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 208 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 581 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 311 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 407 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 163 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site