IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


තරුණ පරපුර කෘෂිකර්මයට ආකර්ෂණය කරවන සැලසුමක්

මේ රට කෘෂිකාර්මික රටකි. එහෙත් මේ රටේ ‘‘කෘෂි’’ මිසෙක කර්මාන්තයක් නැත. එනම් කෘෂිකර්මය කර්මාන්තයක් වශයෙන් වර්ධනය වී නැත. එය ඉබේ සිදු නොවේ. ඒ වෙනුවෙන් දියුණු විද්‍යාත්මක වැඩපිළිවෙළක් ඇවැසිය. නූතන තාක්ෂණය මුසුකර ගත යුතුය. එය එසේ නොවන විට පොළොව නිසරු වන්නා සේ කෘෂිකර්මය අභාවයට පත්වේ. ඒ බව පසක් කරවන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

‘‘ගොවීන්ට අතේ වාරුව අඩුවෙද්දී තරුණයන්ට කුඹුරු එපා වෙයි’’ යන සිරස්තලය යටතේ වාර්තා කර තිබූ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ මෙරට කෘෂි කර්මාන්තයේ යෙදී සිටින ගොවි ජනතාවගෙන් සියයට 80කටත් වඩා වැඩි පිරිසක් වයස අවුරුදු 50 ඉක්ම වූ අය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූ බවය. එමෙන්ම තරුණ ප්‍රජාව ගොවිතැන් කරන්නේ සියයට 20ක් පමණ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.

ගොවිතැන පමණක් නොව කුමන රැකියාවක් කළ ද ජීවත්වීමට අසීරු දුර්දාන්ත යුගයක් නිර්මාණය වී තිබේ. එහෙත් වළං පිඟන් සේදීමට, කාණු කැපීමට හෝ පිටරට පැන ගැනීමට බොහෝ දෙනෙක් උත්සාහ කරති. බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන්නේ බුද්ධිගලනය දෙස පමණි. එපමණටම බැරෑරුම්ව ගත යුතු ප්‍රශ්නයක් වන්නේ ශ්‍රම ගලනය වේ. දැනටමත් ගම්වල කුලී වැඩට කෙනෙකු සොයා ගැනීම අසීරුය. ජීවිතය සම්බන්ධයෙන් දහසක් ප්‍රාර්ථනා ඇති තරුණ පරපුරෙන් සියයට 20ක් හෝ කෘෂි  කර්මාන්තයට යොමු වී සිටීම එක අතකින් ආස්වාදජනක ප්‍රවෘත්තියකි.

මෙරට තරුණ පරපුර කම්මැලි නැත. ඔවුහු ස්වාධීන වෙති. ශක්තිමත් වෙති. කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙරට තරුණ පිරිස් පක්ෂ පාට භේදයකින් තොරව නිරුත්සාහකව ගොවිතැනට යොමු වූහ. ඔවුහු පුරන් කුඹුරු අස්වැද්දූහ. එළවළු වගා කළහ. කොවිඩ් වසංගතයත් සමග එම තත්ත්වය වේගවත් විය. සංචරණ සීමා පනවා තිබූ සමයේ ඔවුහු ඉඩකඩ ඇති සෑම තැනකම වගා කළහ. රටම එකම ගොවි බිමක් බවට පත්වූවා සේය.

ඉහත තත්ත්වය පොල්මල පොළොවේ ගැසුවාක් මෙන් බිඳී විසිර ගියේය. ඒ කාබනික පොහොර ව්‍යාපෘතිය නිසාය. යහපත් තීරණයක් වුවද එය ක්‍රියාත්මක කළ මුග්ධ ආකාරය නිසා ගොවි බිමට අලුතෙන් එකතු වූ තරුණ ගොවි ප්‍රජාවට පමණක් නොව සාම්ප්‍රදායික ගොවියාට ද ගොවිතැන එපා විය. ‘‘මඩ සෝදාගත් කළ ගොවියා සිහසුනට වටී’’ යැයි කීව ද, පැවැති තත්ත්වය තුළ මඩ පිටින්ම ගොවියා සිහසුනට නොව සුසානයට යාමට සිදුවිය. එම පරිසරය තුළ තරුණ ප්‍රජාවගෙන් සියයට 20ක් කෘෂි කර්මාන්තයේ නියැලෙන පුවත අහ්ලාදජනකය.

කෘෂි කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණේ, කෘෂි කර්මාන්තය යනු දියුණු විය හැකි වෘත්තියක් යැයි වර්තමානයේ තරුණයන්ට විශ්වාසයක් නැති බවය. එහෙයින්ම ඔවුන් කෘෂි කර්මාන්තය වෙනුවට රජයේ රැකියා සොයා යන ප්‍රවණතාවක් ඇති වී තිබෙන බවය.

රටක කෘෂිකර්මාන්ත අමාත්‍යවරයාගේ වගකීම වන්නේ උදැල්ලක් ගෙන කුඹුරට බැසීම නොව, කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් ධනාත්මක ආකල්ප තරුණ පරපුර වෙත ඇති කිරීමය. ඒ වෙනුවෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ නොවලහා ක්‍රියාත්මක කිරීමය. කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමය. නූතන දියුණු තාක්ෂණය කෘෂි කර්මාන්තයට හඳුන්වා දීමය.

කෘෂිකර්ම අමාත්‍යාංශය දිවයිනේ ගම්මාන 11ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට මාස දෙකක් ඇතුළත රුපියල් මිලියන 2200ක් වැය කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. මෙබඳු වැඩපිළිවෙළවල් අයාලේ නොයා නිසි මග යන්නේ ද සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවිය යුතුය. නැතහොත් සියල්ලම වතුරේ යැයි කීමට සිදු වනු ඇත.

(***)



අදහස් (1)

තරුණ පරපුර කෘෂිකර්මයට ආකර්ෂණය කරවන සැලසුමක්

මොහොට්ටාල Saturday, 23 September 2023 10:23 AM

ඇත්තටම ලංකාවේ බලය ගන්න දඟලන කිසිවෙකුට තරුණ පරපුරට සුදුසුකම් අනුව රැකියා දීමට කිසිම සැලසුමක් නැහැ. ගෝඨාභය ජනාධිපති අධ්‍යාපන සුදුසුකම් නැති ලක්ෂයක් සඳහා රජයේ රැකියා දුන්නේ කිසිම සැලසුමක් නැතුව තමයි. එහෙම අයට රැකියා දීමේදී ගොවිජන සේවා ස්ථානයේ කෘෂිකාර්මික උපකරණ ක්‍රියාත්මක කරවන්න පිරිසක් පුහුණු කර බඳවාගෙන ගම්වල ජනතාවගේ වැඩට (ගාස්තු අයකර යොදවන්න තිබුනා ලැබෙන මුදලින් කොටසක් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා ගන්න තිබුණා.. තරුණයෝ තරුණියෝ රජයේ රැකියා සඳහා කැමතියි. ඉතින් තවත් කොටසක් පොල් වැවෙන ප්‍රදේශවල ගොවිජන සේවා ස්ථානයේ යොදවා ගස්නැගීමේ උපකරණ දීලා සේවයේ යෙදීමට තිබුණා. ඒ වගේම රබර් කිරි කපන්න තේ දලුකඩන්න යොදන්න තිබුණා. නමුත් කිසිවෙකුට සැලසුමක් නැහැ කලේ මොකක්ද? ඔක්කෝමලා සෞඛ්‍ය සේවයේ හා පුටු රත්කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුයුක්ත කළා. ඇත්තටම රජයේ බලධාරීන්ට මොළයක් තිබුණා නම් ගම් මට්ටමෙන් රැකියා සමිති ඇතිකර රැකියා උත්පාදනය කරන්න තිබුණා ඉදිකිරීම් සමිති, කෘෂිකර්ම කටයුතු සමිති ඉඩම් සංවර්ධන සමිති ලෙසට ඒවා කරන්න තිබුණා... එවිට රජයට බරක් නැහැ කම්මැලි නොමැති අයට රැකියා ඇතිවෙනවා... උදාහරණයක් හැටියට බස් සංගම් ගැන බලන්න.

:       0       8

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1133 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 744 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 271 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 654 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 329 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 433 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site