IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දේශපාලකයන්ට පාඩමක් දුන් කෙහෙළිය සිද්ධිය

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සී.අයි.ඩී.ය මගින් අත්අඩංගුවට ගනු ලැබ, මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ලබන 15 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබීය. රඹුක්වැල්ල අමාත්‍යවරයා සී.අයි.ඩී.ය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගයකට අනුව බව ද සඳහන්ය. බාල ප්‍රතිදේහක ඖෂධ බෙදාහැරීමෙන් රජයට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදු කිරීම ද ඔහුට එරෙහි චෝදනා අතර වෙයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා චෝදනා ලබා සිටින්නේ, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් වුව ද, ඔහු රිමාන්ඩ් බාරයට පත්කෙරෙන විට ද කැබිනට් අමාත්‍යවරයෙකි. අප රටේ දේශපාලන සංස්කෘතියට අනුව ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමැතිවරුන්ට එරෙහිව අධිකරණය ඉදිරියේ කොතරම් බරපතළ චෝදනා එල්ල වුවත්, ඔවුන්ගේ තනතුරු අහිමි වන්නේ නැත. අමාත්‍යවරයකු වශයෙන් ලැබෙන කිසිදු වරප්‍රසාදයක් හෝ ලැබීමක් හෝ නොලැබී යන්නේත් නැත. වෙනත් රටක නම්, රටවැසියන්ගේ ජීවිතවලට බලපාන සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන කිසිදු දේශපාලනඥයකුට එම චෝදනාවලින් නිදහස් වන තුරු තනතුරු හෙබවීමට ඉඩක් නැත. ඔවුහු එක්කෝ හොබවන තනතුරින් ඉල්ලා අස් වෙති. නැතහොත්, ආණ්ඩුව මගින් ඔවුහු ඉවත් කෙරෙති. ඉන්දියාව සහ සිංගප්පූරුව මීට හොඳම උදාහරණයි. එහෙත්, අපේ ශ්‍රී ලංකාවේ නම් එහෙම වෙන්නේ නැත. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් එල්ල කෙරුණු චෝදනාවල ප්‍රතිඵලයක් හැටියට කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා වශයෙන් රිමාන්ඩ් බාරයට පත්වන්නේ අපේ රටේ එම දේශපාලන සංස්කෘතියට අනුවය.

බාල බෙහෙත් මගඩිය මෙරට පොදු ජනතාව අතරේ බරපතළ ලෙස විවාදිත කරුණක් බවට පත් විය. බාල බෙහෙත් විස වීමෙන් දැඩි ලෙස ගිලන් වූ රෝගීන් මෙන්ම ජීවිතය අහිමි වූ රෝගීහු ද වූහ. මේ විනාශය සිදු වූයේ රෝගීන්ට බාල බෙහෙත් ලබා දීමත්, එසේම බෙහෙත් කියා පාට කළ වතුර බෙදාහැරීමත් නිසා බව උසාවිය හමුවේ දිගහැරෙන නඩු වාර්තාවලින් හෙළි වෙමින් තිබේ. ජනතාව අතරේ ඉතා සංවේදී ලෙස කතාබහට ලක්වූ මේ බාල බෙහෙත් මගඩියට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොතරම් දුරකට වගකිව යුතු ද? ඔහු වැරැදිකරුවෙක් ද යන්න අපි නොදනිමු. එය තීරණය කරනු ඇත්තේ, අධිකරණය මගින් නමුත්, අධිකරණ තීන්දුව එනතුරු අමාත්‍ය කෙහෙළිය මේ සිද්ධියේ සැකකරුවෙක් වෙයි.

ඒ පසුබිම යටතේ අපට පෙන්වා දීමට සිදුවන්නේ, අමාත්‍ය කෙහෙළිය රිමාන්ඩ් බාරයට පත්වීම මෙරට ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන්ට කදිම පාඩමක් බවය. දූෂණයට සහ වංචාවට ආධාර සහ අනුබල දෙන බඩගෝස්තරවාදී දේශපාලකයන්ටත්, ඔවුන්ගේ ගජමිතුරන් හැටියට ක්‍රියා කරමින් මැති ඇමැතිවරුන්ට අවශ්‍ය ආකාරයට රජකාරි ලියකියවිලිවලට අත්සන් ගසන වංචනික ක්‍රියාවලට අනුබල දෙන ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ටත් මෙය යස පාඩමකි. බාල බෙහෙත් මගඩියේ සැකකරුවන් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, ඊට අනුබද්ධ ආයතනවල ඉහළ නිලධාරීන් පිරිසක් ද අද සිරගෙදර කූරු ගනිමින් සිටින්නේ, එහි හවුල්කරුවන් වීම හේතුවෙනි. එය, රාජ්‍ය නිලධාරීන්ට ද තමන් නිල රාජකාරි ඉටුකළ යුතු වන්නේ නීතිමය සීමා ඇතුළේ බව යළි යළිත් සිහිපත් කර දීමකි.

මෙරට නීතිය, බලවතාට එක ආකාරයකටත්, සාමාන්‍ය පොදු ජනතාවට තවත් ආකාරයකටත් ක්‍රියාත්මක වන බවට පසුගිය කාලය පුරාම චෝදනා නැගිණි. පොඩි අල්ලසක් ගන්නා සාමාන්‍ය රජයේ නිලධාරියකුට නීතිය තදින්ම ක්‍රියාත්මක වුව ද මහා පරිමාණයෙන් වංචා සහ දූෂණ සිදු කළ බවට පැහැදිලි සාක්‍ෂි තිබියදීත්, ඒ දූෂිත ක්‍රියාවලට ඍජුවම සම්බන්ධ බවට චෝදනා ලැබූ ඇතැම් ජ්‍යෙෂ්ඨ දේශපාලකයෝ අදටත් නිදැල්ලේ සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය සහන ප්‍රදානය කිරීමට පෙර නිකුත් කළ එක් වාර්තාවක ශ්‍රී ලංකාව හඳුන්වා තිබුණේ, දූෂණය සහ වංචාව ඉහවහා යන රටක් වශයෙනි. ඒ ගැන පුරවැසියන් හැටියට අපට දැනෙන්නේ ලජ්ජාවකි. එහෙත්, දේශපාලනඥයන්ට නම්, එවැනි ලජ්ජාවක් නැති බව අමාත්‍ය කෙහෙළියට අත්වූ ඉරණම රටට කියා දෙන කටුක පාඩමයි.

(***)



අදහස් (2)

දේශපාලකයන්ට පාඩමක් දුන් කෙහෙළිය සිද්ධිය

බී අමරසිංහ Wednesday, 07 February 2024 10:38 AM

එතුමාට අද පාර්ලිමේන්තුවට ඒමට තරම් සෞඛ්‍යය යහපත් වේවා...!

:       5       2

Hemantha De Alwis Friday, 09 February 2024 10:26 AM

එදා කෙහෙලියට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනා වෙලාවේ කෙහෙලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රී සෙට් එක කෝ? එයාලාත් වගකියන්න ඕනෑ මේකට. එයාලාටත් දඬුවම් දිය යුතුයි...!

:       0       11

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 676 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 208 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 581 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 311 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 407 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 163 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site