IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දේශපාලන ඇඟිලි ගැසීම් යහපත් පාලනයට පහරක්

සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයකට පත්ව සිටින  සභාපතිවරුන් එම තනතුරු අතහැර යන්නේ ආණ්ඩු වෙනසකින්  පසුවය. ඇතැම්විට අමාත්‍යවරයා වෙනස්වීමෙන් පසුව ද සමහර  සභාපතිවරුන්ට පදවිය අහිමි වෙයි. එහෙත් ආණ්ඩුව තිබියදී විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාත් එසේම සිටියදී තමන්ට තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාට ලිපියකින් දන්වා ගෙදර ගිය සභාපතිවරයකු පිළිබඳව පසුගියදා අපගේ ලංකාදීපය ප්‍රධාන පුවතින් හෙළිකර තිබිණි.

මෙසේ තම ධුරයට ආයුබෝවන් කියා ගෙදර ගිය සභාපතිවරයා සීනෝර් පදනමේ සභාපති ධුරය හොබවමින් සිටි ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතායි. ඔහුට සිය ධුරය අතහැර යාමට ඉඩ සැලසූ බවට චෝදනා ලැබ සිටින්නේ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා බව ද සඳහන් ය. 

මේ ගැටුම අහේතුකව පැන නැගුණු ඇමැති - සභාපති ගැටුමක් නොවේ. අදාළ අමාත්‍යවරයා තමාට තර්ජනය කරමින් අල්ලස් ඉල්ලන බවත් ඒවා ලබා නුදුන් අවස්ථාවල විවිධ මාර්ග හරහා මරණීය තර්ජන කරන බවත් සඳහන් කර ඇති සභාපතිවරයා ඔහු පත්වීම් ලබාදුන් අලුත් සේවකයන්ට වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කරන බව ද ලිපියේ සඳහන් කර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයාගෙන් මේ චෝදනා පිළිබඳව කළ විමසීමේ දී ඔහු ඒ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇත. තමන්ට සීනෝර් පදනම් සභාපතිවරයා සමග  ගැටුමක් නැති බවත් ඔහුගේ පිළිතුරේ සඳහන් විය.

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාට මේ චෝදනා හෝ සභාපතිවරයා හෝ ගැටලුවක් හැටියට නොපෙනීයාම ගැන පුදුම විය යුතු නැත. එහෙත් දූෂණය සහ වංචාව සම්බන්ධයෙන්  කප් ගැසූ රටක් වන ශ්‍රී ලංකාවේ එවැනි සිදුවීම් විරල නැති බව  අමාත්‍යවරයාට පෙන්වා දිය යුතුය. රාජ්‍ය මුදල් තමන්ගේ දේශපාලන වැඩට යොදා ගැනීම නිර්ලජ්ජිත හිරිකිත  ක්‍රියාවකි. එවැනි ක්‍රියාවල නිරතවන දේශපාලකයන්ට ඒ ගැන ගාණක් නැති විය හැකිය. එහෙත් සුදු ඇඳුමින් තම සිරුර වසාගත් පමණින් තම අමන ක්‍රියාවල කළුපාට මැකී නොයන බව කිව යුතුය.

මේ රටේ සියලු රාජ්‍ය නිලධාරීන් දූෂිත සහ වංචනික ක්‍රියාවලට අනුබල දෙන අය නොවේ. එසේම රජයෙන් දේශපාලන පත්වීම් ලබන  නිලධාරීන් සියලු දෙනා ද වංචනිකයන් නොවේ. එමෙන්ම  ඇතැමුන්  තමාට පත්වීම  ලබාදුන් අමාත්‍යවරයා විසින් ලබාදෙනු ලබන නීති විරෝධි අණ පිළිපැදීමට ඉදිරිපත් වන්නේද නැත. සීනෝර් පදනමේ සභාපතිවරයා අපට දැනෙන පරිදි එවැනි කෙළින් වැඩ කරන එවැනි දක්ෂ නිලධාරියෙකි. ආර්ථික වශයෙන් වැටී තිබූ ආයතනය තමන් හැකි පමණින් වෙහෙස දරා ගොඩගත් එවැනි නිලධාරීන් රැකගන්නවා වෙනුවට ඔවුන්ට ගෙදර යාමට සැලැස්වීම අමන ක්‍රියාවක් බව කිව යුතුය.

මේ ආකාරයේ අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් පසුගියදා වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුර හෙබවූ රන්ජිත් ආරියරත්න මහතා ද එම  තනතුරින් ඉවත් කර තිබිණි. එය වයඹ පළාත්  රාජ්‍ය නිලධාරින්ගේ බලවත් උදහසට හේතු වූ අතර, ඒ සඳහා ඔවුහු විරෝධතා පවා පැවැත්වූහ. ඔවුන් පෙන්වා දී තිබුණේ මෙතෙක් කලකට තම සේවා  කාලය තුළදී කිසිදු වරදකට සම්බන්ධ නොවූ යහපත් නිලධාරියකු වන රන්ජිත් ආරියරත්න මහතාට නිකරුණේ චෝදනා එල්ල කිරීම දැඩිව ප්‍රතික්ෂේප  කරන බවයි. එය බරපතළ පළිගැනීමක් වශයෙන් ඔවුහු හැඳින්වූහ.

දේශපාලකයන්ට යහපත් නිලධාරීන් පෙන්නන්න බැරුව යන්නේ ඔවුන් තමන් විසින් දෙන නීති විරෝධී අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කරන බව රටේ ජනතාව දන්නා කාරණයකි. ලබාදෙන ඕනෑම කුණු නියෝගයකට අවනත වුණ නිලධාරීන් දේශපාලකයන්ගේ නෙතට රසඳුනකි.  එහෙත් ඒවාට විරුද්ධ වන අයට ගෙදර යාමට සලස්වති.

මේ අනුව වැඩකළ එසේ හිටපු කැබිනට් අමාත්‍යවරයකු තමන්ගේ නිලධාරීන් පිරිසක් සමග දැන් සිටින්නේ සිරගෙදර කූරු ගනිමිනි. අඩු තරමින් එයින් හෝ පාඩමක් ඉගෙන නොගත් දේශපාලකයන්  තවමත් සිටින බව  සීනෝර් පදනමේත් වයඹ පළාත් ලේකම්ගේත් සිද්ධි පෙන්වා දී තිබේ.

 

(***)



අදහස් (0)

දේශපාලන ඇඟිලි ගැසීම් යහපත් පාලනයට පහරක්

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 676 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 208 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 581 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 311 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 407 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 163 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site