IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නීතිය අතට ගත් මැරයන්ට කිසිම බුරුලක් දෙන්න එපා

අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සහ ගාලු‍මුවදොර ගෝඨා ගෝගම අරගල භූමියේ සිදුවූ මැර පහරදීම්වලින් පසුව රට පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ යැයි කියැවෙන 700කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය ප්‍රකාශ කර ඇත. මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසිවලට ලැබුණු පැමිණිලි 791කට අදාළව බවද අත්අඩංගුවට පත්වූවන් අතුරින් 272 දෙනකු රිමාන්ඩ් භාරයට පත්කරන ලද බවද සඳහන්ය. මේ අත්අඩංගුවට ගැනීම් සහ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම් දිගටම සිදුවෙමින් පවතී.

මැයි 09 වැනිදා දවස මේ රටේ මෑත කාලීන ඉතිහාසයේ කළු දවසක් වශයෙන් ඉතිහාසයට එක්වී තිබේ. මේ කළු දවස ලෙයින් සහ ගින්දරෙන් ද මිනිස්කමට නිගා දෙන අමානුෂික සිදුවීම්වලින්ද සලකුණු කිරීමට ඍජුව හෝ අනියම් ලෙස හෝ දායක වූ පිරිස් ද මේ වනවිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්වූවන් අතර සිටිතියි අපි සිතමු. චෝදනා ඔප්පු වනතුරු ඔවුන් නිවැරැදිකරුවන් බව සැබෑවකි. එහෙත් තමන් විසින් සිදුකරන ලද අමානුෂික ක්‍රියාවල මතක සටහන් ඔවුන්ගේ හෘද සාක්ෂිය සැමදා පෙළනු ඇත. කුමන තරාතිරමක හෝ පුද්ගලයකු සතු නිවෙස් සහ වාහන ඇතුළු දේපළවලට ගිනි අවුළුවා ඒ දෙස බලා සැනසීමට හැකියාවක් ඇත්තේ නරුම පුද්ගලයන්ට පමණි. එවැනි නරුම පුද්ගලයෝ මැයි 09 රාත්‍රියේ රට පුරාම විසිරී සිටියහ.

රට ගිනි තබන ම්ලේච්ඡ ක්‍රියා ආරම්භ වූයේ ගාලු‍මුවදොර අරගලයේ නිරතව සිටි සාමකාමී තරුණයන්ට පහරදීම හේතුවෙන් වුවද එයට එරෙහිව රටේ විවිධ ප්‍රදේශවලින් එල්ල වූ ආවේගාත්මක ප්‍රතිප්‍රහාරවල දකින්නට තිබුණේ ඊටත් වඩා අමානුෂික බවකි. ඒ අතරේ පණ පිටින් මිනිසුන් සහ කාන්තාවන් අල්ලා බේරේ වැවට තල්ලු‍ කර ජීවිත විනාශ විය හැකි අවදානමකට ඔවුන් ඇද දමනු දැකිය හැකි විය. ඒ ඇතැම් පුද්ගලයන් ඇඳුම් ගලවා ඇවිදීමට සැලැස්වීමත් එවැනි අමානුෂික ක්‍රියාවකි. ඒ ආකාරයේ නිරුවත් කර පහරදීම් ගණනාවක් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එසේම කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරියගේ නිවෙසට පහර දී ගිනි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පිරිස අතරේ ප්‍රදේශයේ හිමි නමක් ද වූහ. රජරට ප්‍රදේශයේ ද එවැනිම සිදුවීම් වාර්තා විය. මේ හිමිවරුන් කොතරම් දුරකට ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ දැයි අපි නොදනිමු. එහෙත් යම් පමණකින් හෝ ඔවුන්ගේ දායකත්වයක් ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලැබී තිබුණා නම් එය බෞද්ධ චීවරයද කිළුටු කිරීමක් බව සඳහන් කළ යුතුය.

අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා ඝාතනයට ලක්වීමද එවැනිම අමානුෂික ප්‍රහාරයක ප්‍රතිඵලයකි. පණ බේරාගැනීමට දිව ගිය එම මන්ත්‍රීවරයාත් ඔහුගේ ආරක්ෂකයාත් ඉන් පසුව දැකගත හැකි වූයේ මළසිරුරු හැටියටය. මන්ත්‍රීවරයා දිවි නසාගෙන ඇතැයි මුලින් කටකතා පැතිරී ගියද පශ්චාත් මරණ පරීක්ෂණයේදී සඳහන් වූයේ හිසට මොට ආයුධයකින් පහරදීම එම මරණයට හේතුව බවය. එය මිනීමැරුමකි. එකී මිනීමැරුමට සම්බන්ධ සියලු‍ සැකකරුවන් අත්අඩංගුවට ගත යුතුය. එසේම එම අවස්ථාවේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් තරුණයකු මියගොස් තවත් දෙදෙනකුට තුවාල සිදු වී තිබිණි. එලෙස ඝාතනය වූ තරුණයා සම්බන්ධයෙන් ද යුක්තිය ඉටුවිය යුතුය.

කුමන තත්ත්වයක් යටතේ වුවද රටක නීතිය අතට ගැනීමට කිසිවකුටත් ඉඩක් තැබිය යුතු නැත. එය රටේ පොදු මහජනතාවට පමණක් නොව දේශපාලනඥයන්ටද එක සේ අදාළය. පොලීසිය බලා සිටියදී අතේ තිබෙන පොලු‍ මුගුරුවලින් සාමකාමී අරගලයක නිරත නිරායුධ පිරිසකට පහර දීමට දේශපාලනඥයන්ටද කිසිදු අයිතියක් නැත. එම මැර ක්‍රියාවට දායක වූ එම දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හෙංචයියන් උසිගැන්වූ සියලු‍ දෙනාට එරෙහිවද නීතිය එක සේ අප්‍රමාදව ක්‍රියාත්මක කිරීම අවශ්‍යය. මහා විනාශයකට පාර කැපූ පිරිසකගෙන් දෙතුන් දෙනකු පමණක් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීම ප්‍රමාණවත් නැත. එය මහජනතාව දකිනු ඇත්තේ තමන් නොමග යවන ඇස් බැන්දුමක් වශයෙනි. යුක්තිය ඉටුවෙනවා සේම එය ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතුය.

රටක පෞද්ගලික හෝ පොදු දේපළවලට පලිගැනීමේ චේතනාවෙන් පහර දී ගිනි තැබීමට කිසිදු පුද්ගලයකුට අයිතියක් නැත. මේ කුමන දේපළක් වුවද පහරදීමෙන් වැනසෙන්නේ රටේ සම්පත් බව අමතක නොකළ යුතුය. දේශපාලනඥයන් සතු දේපළවලට කොතරම් බරපතළ හානියක් සිදු වුවද ඔවුන්ට ඒවා වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාගැනීම හෝ පෞද්ගලික වශයෙන් වන්දි ලබාගැනීම හෝ ඉතා පහසුය. එහෙත් ඒ වෙනුවෙන් අවසානයේ වැය වෙන්නේ රටේ මහජනතාව විසින් ගෙවන බදු මුදල් බව කලහකාරීන් කවදාවත් තේරුම් ගන්නේ නැත. ප්‍රචණ්ඩත්වය යනු අනෙකාත් විනාශ කරගෙන තමා ද විනාශ වෙන අපරාධයක් බව බොහෝ දෙනකුට තේරුම් යන්නේ හිරේ විලංගුවේ වැටුණු පසුය.

ආර්ථිකයේ ගෙල සිරවී අවසන් හුස්ම පොද රැකගන්නට පොර බදන අපේ රටට තවත් මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා දරාගැනීමට හැකියාවක් නැත. ඒ බව වටහා ගැනීමකින් තොරව නීතිය අතට ගැනීම රට මකර කටටම තල්ලු‍ කිරීමකි.

(***)

(ඡායාරූපය - ඩේලිමිරර් අනුග්‍රහයෙනි)



අදහස් (1)

නීතිය අතට ගත් මැරයන්ට කිසිම බුරුලක් දෙන්න එපා

Bamunuarachchi Sunday, 22 May 2022 12:29 PM

ලෙනින්ගේ බණ අහන මිනිස්සුන්ට ජාතියක්, ජන්මයක්, ආගමක් සංස්කෘතියක් නැත. ඇත්තේ තමන්ට වඩා තිබෙන මිනිහා ගැන ක්‍රෝධයක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක් පමණි. ඒ බව 9 වෙනිදා සිදුවීම් වලින් මැනවින් ඔප්පු වුණා. වැරදිලාවත් ඔවුන්ට රටේ බලය ගියොත් අපි සෑම දෙනාගේම දේපල මංකොල්ල කනවා ඇත. බලශක්ති ඇමැතිගෙන් ඔවුන් ත්‍රස්තයින් හැටියට කියැවුණා මතකයිද? ජෙප්පන්ගේ දේපල විනාශ නොවීම් හොඳම සාක්ෂියකි. රටේම සිදුවූ සිද්ධීන්වලට අනුව බලන විට, ගාලු මුවදොර සිද්ධිය සුළු සිද්ධියකි.

:       2       3

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 695 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 175 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19728 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 289 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site