අද බජට් දවස යැයි කියූ පමණින් මහත් බලාපොරොත්තු ගොන්නක් සිතේ ඇතිවූ කාලයක් තිබිණි. බජට් එකෙන් අඩු වෙන්නේ වැඩි වෙන්නේ මොනවාදැයි දැනගැනීමට එ දවස තිබුණේ මහත් කුතුහලයකි. එහෙත් ඉන්පසුව මධ්‍යම රාත්‍රියේ ගැසට් නිවේදන මගින්, එසේම ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසුව එළඹෙන ‘මධුසමය’ තුළදී නිකුත් කරන නිවේදන මගින්, මහමැතිවරණයක් ආසන්නයේ ලබාදෙන සහන මලු හේතුවෙන් බජට් එකේ අගය පහත බැස්සේය. කුතුහලය සිඳී ගියේය. 2019 වසරේ අයවැය අද (05) ඉදිරිපත් කෙරෙන්නේ මේ පසුබිම යටතේය.
පසුබිම එසේ වුවද අද (05) අයවැයෙන් ලබාදෙන සහන මොනවාදැයි දැනගැනීමට පොදු මහජනතාව තුළ සුළු හෝ බලාපොරොත්තුවක් තිබෙන බව ද ඒ සමඟ සඳහන් නොකළොත් අඩුපාඩුවකි. ජනතාවගේ පැතුම් ඒ ආකාරයටම ඉටුවේදැයි අප නොදන්නා නමුත් මැතිවරණ වසරක් වශයෙන් 2019 හැඳින්වීම හේතුවෙන් අයවැයෙන් සහන ලැබෙනු ඇතැයි ජනතාව තුළ යම් බලාපොරොත්තුවක් පවතී. මැතිවරණ නිසා තද මුල්‍ය පාලන රෙගුලාසි ලිහිල් කරන ලෙසට මුදල් ඇමැතිවරයාට තම කැබිනට් සගයන් ඇතුළු ආණ්ඩුවේ සියලු පාර්ශ්ව වලින් බලපෑම් එල්ලවන බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. වැටුප් වැඩි කරන, බදු අඩු කරන, සේවා පහසුකම් වැඩි කරන අයවැය යෝජනාවලියකට ඔවුන්ගේ කැමැත්ත හිමිවනු ඇත. එහෙත් රටේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ එවැනි සහන අයවැයක් ලබාදීම කොතරම් දුරකට යථාර්ථවාදී වනු ඇතිදැයි සලකා බැලිය යුතුය.
ණය කන්දක් පාමුල ඇඟිලි ගනිමින් සිටින රටක ජනතාවට සහන ලබාදීම සඳහා මුදල් සපයාගැනීම මෙහිදී මුදල් ඇමැතිවරයා මුහුණදෙන බරපතළම ප්‍රශ්නය වනු ඇත. මැතිවරණ වසරක් වීම එම බරපතළකම තවදුරටත් සංකීර්ණ කරයි. සංවර්ධනය වෙමින් පවතින රටක සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ මැතිවරණයක් ආසන්නයේ අවසන් වරට ඉදිරිපත් කෙරෙන අයවැයෙන් ජනතාවට ගෙඩි පිටින් සහන ලබාදීමය. එහෙත් මේ ආකාරයට සහන ලබාදීමට නම් ආර්ථිකය නිසි මඟට යොමුකෙරෙන දර්ශනයක් සහිත ශක්තිමත් වැඩපිළිවෙළක් රටකට අවශ්‍යය. එවැනි තත්ත්වයක් පවතී නම් සහන ලබාදීම සඳහා වැය කිරීමට තරම් මුදලක් රට තුළින්ම උපයාගත හැකිය. එසේ නොවන විට වැය කිරීමට සිදුවන්නේ ණයට ලබාගන්නා මුදල්ය. කිසිදු මුදල් ඇමැතිවරයකු තමන්ගේ පෞද්ගලික ධනයෙන් ජනතාවට සහන ලබාදෙන්නේ නැත. ජනතාවට සහන ලබාදීම අවශ්‍යතාවක් වුවත් ඒ සඳහා ණයට ලබාගන්නා මුදල් වැයකිරීම නම් ආර්ථික ඛේදවාචකයකි. මේ නිසා ‘ණය උගුලක’ හිරවී සිටින රටක මුදල් ඇමැතිවරයා මැතිවරණ වසරක අයවැය ඉදිරිපත් කිරීමේදී වැටෙන්නේ ලෝක අමාරුවකය. එම අමාරුවෙන් මංගල සමරවීර ඇමැතිවරයා ගොඩ එන ආකාරය අද (05) දහවල් 1.30න් පසුව අසන්නට, දකින්නට ලැබෙනු ඇත.
පසුගිය දිනවලදී ශ්‍රී ලංකා මහබැංකුව පැත්තෙන් ඇසුණේ විදෙස් බැඳුම්කර හරහා ආණ්ඩුව මුදල් ණයට ගැනීමට කටයුතු කරන බවය. වසර 10ක් හෝ 05ක් වැනි කාලසීමාවකදී ආපසු ගෙවිය යුතු මේ ණය මුදල් සඳහා 5%ක පමණ ඉහළ පොලියක් අයකෙරෙන බව ද සඳහන්ය. 2014 වසරේදී ඩොලර් බිලියන 10ක් වූ මෙවැනි වාණිජ ණය ප්‍රමාණය 2018 වසර අවසන් වනවිට ඩොලර් බිලියන 15ක් තරම් වූ බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ඒ සඳහා ඉදිරි වසර දහය තුළදී වසරකට ඩොලර් බිලියන 01කට වැඩි මුදලක් ආපසු ගෙවීමට සිදුවන බවද සඳහන්ය. මේ නිසා මෙවර අයවැය මගින් අපනයන ආදායම වැඩිකර ගැනීමට සහ ඍජු විදේශ ආයෝජන ගෙන්වාගැනීම දිරිමත් කෙරෙන වැඩපිළිවෙළක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වශයෙන් අපි දකිමු. එය හුදෙක් සංඛ්‍යාලේඛන සහ වචන හරඹයකට පමණක් සීමාවීම ප්‍රමාණවත් නැත.
මෙවර අයවැය ඉදිරිපත් කෙරෙන්නේ රටේ මුදල් ඒකකය වන රුපියල ප්‍රබල පීඩනයකට හසුව තිබියදීය. සන්තකයේ පවතින ඩොලර් සංචිතය දියකර හැරීමෙන් පමණක් කඩාවැටීම යන්තමින් නවත්වාගෙන තිබෙන තත්ත්වයක් තුළ මුදල් ඇමැතිවරයාට පැවැරී ඇත්තේ විශාල වගකීමකි. ණයබර වැඩිවීම සහ රුපියල කඩාවැටීම 2013 වසරේ පටන්ම රටේ ආර්ථික අර්බුදයේ ගමන් මඟ වශයෙන් කැපී පෙනුණේය. මේ කාලසීමාව තුළදී ආණ්ඩුවත් විපක්ෂයත් එකිනෙකාට ඩෑෂ් පහර එල්ල කර ගත්තා පමණි. ගැටලුවට විසඳුමක් සෙවීමට කිසිවකුත් සාර්ථක උත්සාහයක් නොගැනීමේ පල විපාක මේ වනවිට හොඳින්ම පෙනෙන්නට තිබේ. මේ වසරේ අයවැය තුළින් හෝ කිසියම් හෝ වෙනසක් ඇතිකළ හැකි නම් එය රටේ අනාගතය ගොඩදැමීමක් වනු ඇත.
අයවැය තුළින් වැඩිපුර බදුබර පැටවෙන විට එයින් තදින්ම පහර වදින්නේ මධ්‍යම සහ සුළු පරිමාණයේ ආදායම් උපයන පිරිසටය. බදු ගැසීමෙන් භාණ්ඩ සහ සේවා මිල ඉහළ යනවිට උද්ධමනය ඉහළ නඟී. සීමිත ආදායම් ඇති සියලු පිරිස් උද්ධමනයෙන් බැට කති. වැටුප සුළු ප්‍රමාණයකින් වැඩි වුවත් ඊට වඩා ප්‍රතිශතයකින් බදු වශයෙන් ආපසු ගෙවීමට සිදුවන තත්ත්වයක් තුළ පොදු ජනතාවට සිදුවන්නේ කබලෙන් ළිපට වැටීමය. ධනවත් බලවත් පුද්ගලයන්ට එහි බලපෑමක් නැත.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ඉලක්ක කරගත් දීර්ඝකාලීන සහ කෙටිකාලීන වැඩපිළිවෙළක් සහිත අයවැයක් අද ඉදිරිපත් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. මැතිවරණය පමණක් ඉලක්ක කර ගනිමින් සකස් කෙරෙන සීනිබෝල අයවැයකට වඩා අර්ථවත්, නිසි දැක්මක් ඇති අයවැයකට දැන් කාලය පැමිණ ඇති බව පෙන්වා දීමටද කැමැත්තෙමු.
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිසි දැක්මක් ඇති අර්ථවත් අයවැයකට කාලයයි