IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පාඩු ලබද්දී බෝනස් ගෙවන රාජ්‍ය ආයතන

ලංකා විදුලිබල මණ්ඩලය මූල්‍යමය වශයෙන් සාර්ථක වනතුරු ප්‍රසාද දීමනා සහ අමතර ගෙවීම් නවතා දැමිය යුතු බවත් එසේ නොවුණහොත් ලංවිම ආයතනයක් වශයෙන් කඩා වැටීමේ අවදානමක් තිබෙන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. මේ ප්‍රකාශය රටේ බොහොමයක් පිරිස් අතර උණුසුම් සංවාදයකට මග පාදමින් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවලට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දැක්වූ බහුතරය එම ප්‍රකාශයට එකඟත්වය පළකර තිබූ බවද සඳහන් කළ යුතුය.

ආයතනය රාජ්‍ය හෝ පෞද්ගලික හෝ වුවද බෝනස් ගෙවීම පදනම් වන පැහැදිලි නිර්ණායකයක් තිබේ. වාර්ෂික ආදායම් සහ වියදම් විගණනයට ලක් කිරීමෙන් පසුව ලාබයක් පෙන්නුම් කරන්නේ නම් එයින් කිසියම් ප්‍රතිශතයක් ආයතන සේවකයන්ට සතුටු දීමනාවක් වශයෙන් ලබාදීම එම නිර්ණායකය වෙයි.

එහෙත් ලංවිම යනු මේ රටේ තිබෙන අතිවිශාල අලාබයක් ලබන රාජ්‍ය ආයතනයකි. එය අලාබ ලැබීම සිදුව ඇත්තේ පසුගිය අවුරුදු කිහිපය තුළදී නොව 1996න් පසුව බවද සඳහන්ය. ඉන්පසුව වාර්ෂිකව එම අලාබය වර්ධනය වෙමින් පැවතිණි. එම අලාබය අවම කර ගැනීමට හෝ කිසියම් උත්සාහයක් දැරුවා නම් ඒ සියල්ල දැන් වතුරේ ගොසිනි.

මෙසේ ලැබූ පාඩුව මිලියන ගණනින් ගණන් හැදූ කාලය ඉක්ම ගොස් දැන් පැමිණ ඇත්තේ බිලියන ගණනින් පාඩුව ගණන් හදන කාලයයි. 2019 වසරේදී රුපියල් බිලියන 85ක් පාඩු ලැබූ ලංවිම 2020දී බිලියන 120ක් පාඩු ලබනු ඇතැයි අනාවැකි පළවී තිබිණි. කොතරම් පාඩු ලැබුවත් ලංවිම සේවකයන්ගේ බෝනස් හෝ අමතර දීමනා වශයෙන් ලබාගන්නා වෙනත් කිසිඳු දීමනාවක් හෝ නොලැබී ගියේ නැත. 2021 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලංවිම සේවකයන්ට හිමිවූ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් නිකුත් කෙරුණු චක්‍රලේඛයේ සඳහන් වන්නේද සේවකයන්ට ගෙවනු ලබන බෝනස් සහ සෙසු සියලු‍ අමතර දීමනා නව වැටුප් තල මත පදනම් වෙමින් ගෙවන බවය. පාඩු නැතිකර ලාබ ලැබීමේදී බෝනස් ගෙවන බවට කිසිඳු සඳහනක් එහි නැත.

මේ ආකාරයට ආයතනය බිලියන ගණනින් පාඩු ලබද්දී තමන් බෝනස් සහ අමතර දීමනා ලබා ගැනීම සාධාරණදැයි තම හෘද සාක්ෂියෙන් ලංවිම සේවකයන් විමසා බැලිය යුතු නොවේද? මේ රටේ ආර්ථිකය කඩා වැටීමට මෙවැනි පාඩු ලබන රාජ්‍ය ආයතනද හේතු වී ඇති බව සංඛ්‍යාලේඛන මගින් දැක්වෙයි. ලංවිම හැරුණු විට තෙල් සංස්ථාව, දුම්රිය සහ ලංගම වැනි ආයතනද මේ ගණයටම වැටෙන බවද පෙන්වා දිය යුතුය. මේ ආයතන සියල්ලම රටට අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන බවද අවධාරණයෙන් පවසමු. එහෙත් සේවය අත්‍යවශ්‍ය වුවත් එය එම ආයතනය බිලියන ගණනින් පාඩු ලැබීමට හේතුවක් නොවේ. එසේම එම පාඩුව තවදුරටත් වැඩි කෙරෙන බෝනස් සහ අමතර දීමනා ලබා ගැනීම කිසිඳු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැක. එම ආයතන නඩත්තුව සඳහා වැය වන්නේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් බැවිනි. ඒ අර්ථයෙන් ගත් කල පාඩු ලබන රාජ්‍ය ආයතනවල වැටුප් සහ බෝනස්ද අමතර දීමනාද ගෙවනු ලබන්නේ රටේ බදු ගෙවන ජනතාව බව පැහැදිලිය. එම ආයතන උපයන ආදායම් ආයතනයේ නඩත්තුවට හෝ කිසිසේත් ප්‍රමාණවත් නැත.

එපමණක් නොව ලංවිම වැනි රාජ්‍ය ආයතන ගණනාවක උපයන විට ගෙවීමේ බදු ගෙවනු ලබන්නේද අදාළ ආයතනය විසින්ම බවද හෙළි වී තිබේ. මෙය කෝප් කමිටු විමර්ශනවලදී පවා හෙළි වූ කරුණකි. එසේම මෙවැනි ගෙවීම්වල පවතින නුසුදුසු බව රජයේ විගණකාධිපතිවරයා විසින්ද අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇති බවත් එම කාරණය කැබිනට් මණ්ඩලවලදී පැවති සාකච්ඡාවලින් එහා නොගිය බවත් සඳහන් වෙයි. එවැනි එක් වාර්තාවකට අනුව 2010 වසරේ සිට 2014 දක්වා පමණක් රුපියල් මිලියන 1407ක් සේවකයන්ගේ උපයන විට ගෙවීමේ බද්ද සඳහා ලංවිම අධ්‍යක්ෂ මණ්ඩල විසින් ගෙවා තිබේ. මීට අමතරව වෙනත් දීමනා වශයෙන් 2013 වසරේ මිලියන 642ක්ද 2014 වසරේ මිලියන 849ක්ද ගෙවා තිබේ. එම සංඛ්‍යාලේඛන අනුව ලංවිම එම වසරවලදී පාඩු ලබා ඇත්තේ කෙසේදැයි සොයාගැනීමට අංක ගණිතය පිළිබඳ සුළු දැනුමක් තිබීම පමණක් ප්‍රමාණවත්ය. 2013 දෙසැම්බර් 13 වැනිදා ගනු ලැබූ කැබිනට් තීරණයකට පවා පටහැණිව යමින් මේ ගෙවීම් කර ඇති බවද ලංවිම 2014 වසරේ වාර්ෂික වාර්තාව මගින්ද පෙන්වා දී තිබීම හාස්‍යජනකම කරුණය. ඇතැම් අවස්ථාවලදී වැඩ වර්ජනයේ යෙදී සිටි දිනවලදී පවා සේවකයන්ට විවිධ අමතර දීමනා ගෙවා ඇති බවද හෙළිදරව් වී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් තම ආයතනය මූල්‍ය වශයෙන් සාර්ථක කර ගැනීමට හැකි අයුරින් දිරිගැන්වීම අපගේ අරමුණය. එසේ කළහොත් ඔවුන්ට රටට ණය නොවී බෝනස් ලබාගත හැකිය. රටට ආර්ථික හෙණයක් වී පවතින පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් එකක් හෝ එයින් මුදාගත හැකිය. මේ සියලු‍ කරුණු පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ලටම අදාළ බවත් කෙසේ හෝ තම ආයතන ලාබ ලබන තත්ත්වයට පත් කර ගැනීම එම ආයතන සේවකයන්ගේ අභියෝගය බවත් පෙන්වාදීමට කැමැත්තෙමු. නැතහොත් අකැමැත්තෙන් වුවද එම ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ තීන්දු ගැනීමට රජයට සිදුවනු ඇත. තමන්ගේ බෝනස් එක රටේ ජනතාවගේ බදු මුදලින් ලබාගැනීමේ ලජ්ජාසහගත ක්‍රමවේදයට දැන්වත් තිත තැබිය යුතුය.

(***)



අදහස් (0)

පාඩු ලබද්දී බෝනස් ගෙවන රාජ්‍ය ආයතන

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 705 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 232 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 607 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 321 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 418 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 181 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site