කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීම කෝටා ක්‍රමයට සිදුකරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ් කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පාම් ඔයිල් ආනයනය හා කටුපොල් වගාව වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා නියෝග කළේය. එමෙන්ම දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.
පාම් ඔයිල් ආනයනය නතර කිරීම හා කටුපොල් වගාව තහනම් කිරීම පරිසර හිතකාමී තීන්දුවකි. එහෙත් එම තීන්දුවෙන් අතුරු ප්‍රශ්න රැසක් නිර්මාණය වන බවට චෝදනාවකි. විශේෂයෙන්ම පාම් ඔයිල් ආනයනය නතර කිරීම බේකරි නිෂ්පාදනවලට සෘජුවම බලපාන්නකි. එම බලපෑම කෙතෙක් සැහැසිද යත් බේකරි නිෂ්පාදන නැත්තටම නැතිවන තත්ත්වයක් උදාවිය හැකි බවට එම කේෂ්ත්‍රයේ නිෂ්පාදකයෝ පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ පාම් ඔයිල් ආනයන තහනම ඉවත් නොකළොත් අලුත් අවුරුදු සමයෙන් පසුව බේකරි සියල්ලම වසා දැමීමට සිදුවනු ඇති බවය.
බේකරි නිෂ්පාදනවලට භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍ය හතරෙන් එකක් වනුයේ මාගරින්ය. එම මාගරින් නිෂ්පාදනය කිරීමට පාම් ඔයිල් අත්‍යවශ්‍ය වේ. බේකරි නිෂ්පාදකයන් පෙන්වා දෙන්නේ පාම් තෙල් ආනයනය තහනම් කිරීමත් සමග මාගරින් නිෂ්පාදනය මුළුමනින්ම ඇණහිට තිබෙන බවත් එම හේතුව නිසා බේකරි නිෂ්පාදන බිස්කට් නිෂ්පාදන ඇතුළු බොහෝ නිෂ්පාදන නවතා දැමීමට සිදුවන බවත්ය. එමෙන්ම සබන්, ඉටිපන්දම් වැනි ද්‍රව්‍ය සඳහා ද පාම් ඔයිල් භාවිතයට ගනු ලබයි.
පාම් ඔයිල් ආනයනය නතර කිරීම බොහෝ අතුරු ප්‍රශ්න රැසකට හේතුවක් බව ඉතා පැහැදිලිය. පාම් ඔයිල් සඳහා විකල්පයක් නොමැති තත්ත්වයක් තුළ බේකරි නිෂ්පාදකයන් මුහුණ දෙන දුෂ්කරතාවද වටහා ගැනීම අසීරු නැත. විශේෂයෙන්ම බේකරි නිෂ්පාදන ආශ්‍රිතව ලක්ෂ ගණනක් ජනතාව ජීවත් වෙති. එම ජනතාව රටට, ආර්ථිකයට බරක් නොවී ජීවත්වන්නෝ වෙති. ඔවුහු එක් අතකින් රටේ ආර්ථිකයට දායක වෙති. ඔවුන්ගේම උත්සාහයෙන් දියුණු වෙති.
මෙබඳු ක්ෂේත්‍ර දිරිමත් කළ යුතුය. හැකිතාක් අවස්ථා හා සහන සලසා දිය යුතුය. ආණ්ඩුවේ රැකියා සොයමින් උද්ඝෝෂණ කරන පිරිස්, අරගල කරන පිරිස් මේ ක්ෂේත්‍රවලට යොමු කළ යුතුය. ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛ රටක් වීමේ හැකියාවද අප රට සතුය. එහෙත් ඒ සම්බන්ධයෙන් අපගේ අවධානයක් යොමුවී නැත.
පාම් ඔයිල් ආනයනය තහනම් කිරීමට අදාළ තීරණය මේ සියල්ල සමග තදින් ගැට ගැසී තිබේ. වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ කර්මාන්ත හා බේකරි අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීම කෝටා ක්‍රමයට ගෙන්වන බවය. ඒ සඳහා බේකරි නිෂ්පාදකයන් ලියාපදිංචි විය යුතුය. මෙම ක්‍රමවේදය මෙතෙක් නොතිබි අවුලක් ඇති කිරීමකි. රාජ්‍ය සේවයේ බොහෝ අංශවලින් විදහා දැක්වෙන ආකර්යක්ෂමතාව හමුවේ මෙබඳු තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට යාම එක් අතකින් බරපතළ පීඩාකාරී හා වේදනා බරිත අත්දැකීමක් වනු ඇත.
බේකරි නිෂ්පාදකයන් පවසන්නේ දිනකට පාම් තෙල් මෙට්‍රික් ටොන් පන්සිය පනහක් පමණ භාවිත වන බවත් එම ප්‍රමාණයෙන් හතරෙන් එකක් බේකරි නිෂ්පාදන සඳහා භාවිත කරන බවයි. මෙම පාම් තෙල් වලට විකල්පයක් ලෙස පොල්තෙල් හඳුන්වා දුන්නද බේකරි නිෂ්පාදන කටයුතුවලදී එය කළ නොහැකි බවත් බේකරි නිෂ්පාදකයෝ පෙන්වා දෙති.
කහ ආනයනය කිරීම තහනම් කිරීමත් සමග රට තුළ නිර්මාණය වූ තත්ත්වය අමතක නොකළ යුතුය. ‘කහ නොකෑවා කියා මිනිසුන් මිය යන්නේ නැතැයි’’ ඇමතිවරුන් ප්‍රකාශ කළද කහ අස්වැන්න වෙළඳපොළට පැමිණෙනතුරු කහ නොමැතිව ජනයා අසහනයෙන් කල් ගෙවූහ. තීන්දු තීරණ ගත යුත්තේ තුන් කල් දක්නා ඉසිවර නුවණිනි.
යම් ප්‍රශ්නයක් විසඳිය යුත්තේ ඒ විසඳුම හරහා වෙනත් ප්‍රශ්නයක් පැන නොනගින අයුරිනි. එකක් කඩතොළු වසා ගැනීමට ගොස් දෙකක් කඩතොළු හදාගත් ඉඳුරුවේ ආචාරියා සිහිපත් කෙරෙන ආකාරයට ප්‍රශ්න විසඳීම උචිත නැත. එහෙයින් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය ක්ෂණිකව නියත වශයෙන්ම යොමු විය යුතුය.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාම් ඔයිල් තහනමෙන් බේකරිත් අමාරුවේ දානු එපා
රාජුන් Friday, 09 April 2021 06:20 AM
මෙයට අවුරුදු දශක ගණනකට පෙර පාන්, බනිස් බේකරිවල හැදුවේ පාම් ඔයිල් දාලද? මේවා නිකම් බොරු කතා...
Pradeep Friday, 09 April 2021 06:22 AM
පාම් තෙල් පරිභෝජනය ශරීරයට අහිතකර නම් ඒවා බේකරි නිෂ්පාදන සඳහා යොදාගත් පසු එම ආහාර පරිභෝජනය කිරීම ශරීරයට හිතකර දැයි සෞඛ්‍ය අංශ විසින් ජනතාව දැනුවත් කළයුතු වෙනවා. සබන්, ඉටි පන්දම් ඇතුළු වෙනත් ආහාරමය නොවන කර්මාන්ත සඳහා ඒවා යොදා ගැනීමේ වරදක් නැති වුවත් ආනයනය කරන සියළු පාම් තෙල් යොදා ගන්නේ ඒ කර්මාන්ත සඳහා පමණක් දැයි කියාත් සොයා බැලිය යුතු වෙනවා.
සිරි Friday, 09 April 2021 11:45 AM
පාම් ඔයිල් පාවිච්චිය ලාබදායක නිසා බේකරිකරුවන් බටර් හෝ මාගරින් වෙනුවට පාම් ඔයිල් යොදන්න පුරුදු වුණා. විෂ සහිත පාම් ඔයිල් පාවිච්චිය නතර කිරීමට නම් පැනවූ තහනම දැඩිව ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා. නැතිනම් සිද්ද වෙන්නේ බේකරි නිෂ්පාදන හරහා ඒවා ශරීරගත වීමයි.
Dara paan Friday, 09 April 2021 06:49 PM
දැන් ඉතින් පාන් කාලත් ඉවරයි....
Inuka Saturday, 10 April 2021 03:27 AM
බිස්කට් හදන්නෙත් තනිකර පාම් ඔයිල් දාලා...!!!
Nihal Vithanage Sunday, 11 April 2021 09:58 AM
මා කියවා ඇති ආකාරයට පාම් ඔයිල් ශරීරයට අහිතකර තෙල් වර්ගයක් නොවේ. පොල් තෙල් හා සසඳද්දී පොල් තෙල් වල හදවතට අහිතකර මේද වැඩියෙන් ඇති බව සොයා ගෙන තිබෙනවා. ලෝකයේ ආහාර නිෂ්පාදනයට නැතිවම බැරි දෙයක් හැටියට පාම් ඔයිල් සඳහන් වෙනවා. බිස්කට් කේක් මාගරින් බේකරි නිෂ්පාදන සහ තවත් නොයෙක් ආහාර සඳහා පාම් ඔයිල් භාවිතා කරනවා. ලංකාවට පාම් ඔයිල් ගෙන ඒම තහනම් කළ යුත්තේ ශ්‍රී ලාංකික පොල් තෙල් නිෂ්පාදනයට දිරි දීමක් හැටියටය. ලංකාව අද මුලින්ම කල යුත්තේ විස පොල් තෙල් ගෙන ඒම නතර කිරීමයි. කටු පොල් වගාව (පාම් ඔයිල් නිපදවන ගස) මගේ අදහස නම් ලංකාවේ කටු පොල් වගාව නතර කල යුතු නැති බවයි. ආසියාවේ ඉන්දුනීසියාව මැලේසියාව තායිලන්තය වැනි රටවල් අද ලෝකය පුරා පාම් ඔයිල් යැවීමෙන් ඇති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයනවා. ලංකාවත් විදේශ විනිමය උපයන අලුත් නිෂ්පාදන වලට පිවිසිය යුතු වෙනවා. කටු පොල් පසේ තිබෙන දිය සිරාව මෙන්ම පොහොරත් වැඩියෙන් උකහා ගන්න ශාකයක්. නමුත් ලංකාවත් මේ ශාකය වැවීමට සුදුසු පළාත් සුදුසු ක්‍රම සකස් කර වගා කර පාම් ඔයිල් නිෂ්පාදනය කළහොත් ලෝකයේ පාම් ඔයිල් ඉල්ලුම නිසා ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය උපයා ගත හැකි වෙනවා
WeerasenaSunday, 11 April 2021 08:47 PM
ෆාම් තෙල් ශරීරයට අහිතකර නෑ. ඒත් ඉන්දුනීසියාවෙන්, මැලේසියාවෙන් ලංකාවට එන්නේ පෙරහන් කළ පාවිච්චි කල තෙල් වලට අලුත් තෙල් මිශ්‍ර කරල එන මිශ්‍රණයක්. එය ඉතාම දරුණු ලෙස අහිතකරයි. බයෝ ඩීසල් සෑදීමට කියා එකතු කරන පාවිච්චි කල ෆාම් තෙල් යන්ත්‍රාණුසාරයෙන් සියුම් පෙරීමකට ලක් කර, විරන්ජන කාරක එකතු කර වර්ණය අඩු කර ඒවා හොඳ තෙල් සමඟ මිශ්‍ර කරනවා. ඒ නිසා ඔය රටවලින් එන ආහාර දැඩි තත්ත්ව පරීක්ෂාවන්ට ලක් කරන්න ඕන.
NihalTuesday, 13 April 2021 03:02 AM
ඔබ කියන එක හරි... මේ හැම එකටම මුල ලංකාවේ හරි තත්ත්ව පාලනයක් නැති කම. අපි රට ඇතුළත බලමු. කරවල වේලන්නේ නොයෙක් විස දාලා. මාළුවලට ෆොර්මලීන් දානවා. පලතුරු ඉදවන්න විස දානවා. එළවලු වෙළඳ පලට එන අතරමග විස දානවා. ලංකාවේ නිපදනවා පැණි රස කෑම.. වසවිස වලින් පිරිලා. මුරුක්කු කල් තබාගන්න නොයෙක් දේවල් යොදනවා. යෝගට් නිෂ්පාදනය කරන්නේ නියමිත ක්‍රමයට නොවෙයි. ඒවා ශරීරයට අහිතකරයි. මඤ්ඤොක්කා ගලවන කොට විසපසට එකතු කරනවා අල නොකැඩී එළියට එන්න. හාල්වලට ඩයි දානවා.. මේ අතරේ පිටරට වලින් විස තෙල්, විස කෑම වර්ග ගෙන්නනවා. මේවා සොයා බලන්න නියමිත ක්‍රමයක් නැහැ. මේ තත්වය දැන් දශක ගණනාවක් ලංකාවේ සිදුවෙනවා. දවසින් දවස පිළිකා වැනි රෝගීන් වැඩිවෙනවා. මෙවැනි දේට තවත් එක හේතුවක් තියනවා. ඒ ව්‍යාපාරිකයන් පිටුපස පාලකයන් සිටීමයි. කවදා ලංකාව මේ තත්වයෙන් මිදී යාවිද? අපි පොඩි කාලේ අඹ, ගස්ලබු ඉදෙව්වේ පිදුරු දාලා... කෙසෙල් ඉදෙව්වේ දුම් ගස්සලා. ගොයම් එළවලු වගාවන්ට දැම්මේ ස්වභාවික පොහොර කෘමි නාශක. මී කිරි වැනි දේට කිසිම වසක් විසක් දැම්මේ නැහැ. කිතුල් හකුරු නම් නියම කිතුල් හකුරු. අද කිතුල් පැණි හකුරු කියා වෙළඳ පොලේ විකුණන්නේ මොනවද?
ranjith Thursday, 15 April 2021 06:17 AM
මොනවා හරි පටලලා හැමදේම මිල වැඩි කරන්න තමයි බලන්නේ... මේ ආණ්ඩුව ඇවිත් මේ ටික කාලෙට ජනතාව බඩුමිල නිසා අන්ත අසරණ තත්වයකට පත්කරලා..