IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පාරට කුණුදාන අමනයන්ට අමතක නොවන පාඩම් දෙනු

රාත්‍රී කාලයේදී හොරෙන් කැලි කසළ ගෙනැවිත් දමන පුද්ගලයන් ඇල්ලීමේ මෙහෙයුමක් හොරණ ප්‍රාදේශීය සභාව, හොරණ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සහ හොරණ පොලිසිය ඇතුළු ආයතන රැසක එක්වීමෙන් කළ මෙහෙයුමක දී එසේ කැලි කසළ ගෙනැවිත් දැමූ පුද්ගලයන් 60කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර හොරණ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයෙන් පිටත පුද්ගලයන් කිහිප දෙනකු ද සිටින බව අප පුවත්පත වාර්තා කරයි.

මෙහෙයුමේ දී අල්ලා ගැනුණු පුද්ගලයන් කිහිප දෙනකුට නඩු පවරා ඇති බවත් සෙස්සන්ට එම ක්‍රියාවේ ආදීනව පෙන්වමින් දේශන පවත්වා ඇති බවත් අප පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබිණි.

සැබැවින්ම කළ යුතුව තිබෙන්නේ මෙබඳු අනීතික හා අවිනීත ක්‍රියා කරන පුද්ගලයන්ගේ ඡායාරූප හා නම්ගම් සහිතව මහජනයාට ප්‍රදර්ශනය කිරීමය. එය එතරම්ම පාපී ක්‍රියාවකි. මෙබඳු පුද්ගලයන්ට දඬුවම් කළ යුත්තේ ප්‍රසිද්ධියේය. සාමූහික විචාර බුද්ධියෙන් පිරිහී ආත්මාර්ථකාමීත්වයේ පත්ලටම වැටුණු මෙබඳු පුරවැසියන් සැබැවින්ම සමාජයට පිළිලයකි. මාරාන්තික උවදුරකි.

මෙරට සිටින ඇතැම් පුරවැසියන් පළමු වරට මිනිස් ආත්මභාවයක් ලැබූවන් යැයි සැක කළ හැකිය. එයින් කියැවෙන්නේ ඔවුන් තවමත් මිනිස් සමාජයට නුහුරු බවය. මිනිස් සමාජයට ආගන්තුක බවය. ඔවුන්ගෙන් තවමත් ප්‍රදර්ශනය වන්නේ පෙර විසූ තිරිසන් ආත්මභාවවල ගති ලක්ෂණය. එම චර්යා රටාය. විශිෂ්ට මානව ගතිගුණ ප්‍රදර්ශනය වීමට තවත් මිනිස් ආත්මභාව ගණනාවක් ඔවුන් ලැබිය යුතුය.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ ගමේ පාර, අපද්‍රව්‍ය සහ කුණු කසළවලින් ආරක්ෂා කිරීමටත් පාරට හොර රහසේ කුණු කසළ දමන්නන් කොටු කර ගැනීමටත් අරමුණු කර ගනිමින් ජාඇළ ප්‍රාදේශීය සභා කොට්ඨාසයේ වසම් කිහිපයක ප්‍රධාන මාර්ගවල සීසීටීවී කැමරා සවිකිරීමට ප්‍රජා පොලිස් ඒකක මගින් කටයුතු කර තිබෙන බවය.

මහ පාරවල්වලට හා නගරයටත් පොදු ස්ථානවලටත් කුණු දමන්නන්ගෙන් එල්ල වී ඇති අභියෝගය ඉහත ප්‍රවෘත්තියෙන් ද මනාව ප්‍රදර්ශනය වේ. කුඩුකාරයන්ගෙන්, ගැට කපන්නන්ගෙන්, මංපහරන්නන්ගෙන්, සොරුන්ගෙන්, ස්ත්‍රී දූෂකයන්ගෙන් හා ළමා අපචාර කරන්නන්ගෙන් සමාජයට එල්ල වී ඇති අභියෝගයට සමාන අභියෝගයක් මහපාරට, නගරයට කුණු දමන්නන්ගෙන් එල්ල වී ඇති බව ඒකාන්ත සත්‍යයකි.

මහ පාරට, නගරයට, පොදු ස්ථානවලට කුණු දමන්නන්ගේ සිත් කියැවීම ඉතා පහසුය. කුණු ඔවුන්ට බරකි. එහෙයින් ඔවුන් කරන්නේ එම කුණු තමන්ගේ නොවන වෙනත් ස්ථානයකට ගෙනැවිත් දැමීමය. එසේ කිරී​ෙමන් කුණුවලින් තමන් නිදහස්වීමය. ඒ හරහා සමාජයේ නිර්මාණය වන පොදු ගැටලු සම්බන්ධයෙන් ඔවුහු වග නොවෙති. එබඳු දියුණු අධ්‍යාත්මයක් ඔවුන් සතුව නැත.

පොදු ස්ථානවලට, මහ මඟට, නගරයට කුණු ගෙනැවිත් දැමීමෙන් තමන් නිදහස් වූයේ යැයි ඔවුන්ට සිතුණ ද සැබැවින්ම එසේ සිදුවන්නේ නැත. විවිධ මාරක ලෙඩ රෝග වසංගත පැතිර යනවිට ඔවුන්ට පමණක් බේරී නිරුපද්‍රිතව සිටිය නොහැකිය. විශේෂයෙන්ම ඩෙංගු රෝගය හරහා නිර්වින්දනය වූ භීතියෙන් සැළුම් වෙවුළුම් කෑ සමාජයක ජීවත්වන පුරවැසියන්ගෙන් මෙබඳු අශිෂ්ට හා දුෂ්ට හැසිරීමක් ප්‍රදර්ශනය වීම එක් අතකින් විමතිය දනවන්නකි. ‘වළක වැටීම මොළයට ලාභයකැයි’ කීවද අපේ ඇතැම් පුරවැසියෝ රෑ වැටුණු වළේ මහ දවාලේත් වැටෙති. විනාශයකින් මෙපිට පාඩම් ඉගෙන නොගැනීම ජාතික සිරිතක් වශයෙන් ප්‍රගුණ කරවන සෙයකි.
පළාත් පාලන ආයතන ද කුණු කසළ බැහැර කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් පුරවැසියන් හරි මඟට නොඑන්නේ නම් රට යනු ඇත්තේ වළපල්ලටමය.



අදහස් (12)

පාරට කුණුදාන අමනයන්ට අමතක නොවන පාඩම් දෙනු

Bamunuarachchi Monday, 24 December 2018 05:55 AM

වරිපනම් ගෙවන නගර වැසියන්ගේ නිවෙස්වල කුණු අදාළ ආයතනවලින් නොගෙන යන නිසා මිනිසුන් මහපාරට කුණු ගෙනවිත් දමයි. එය නොවැලහැකි දෙයක්. මටත් ඔය ප්‍රශ්නය තිබෙනවා. මමත් තව ටිකක් බලලා කුණු පාරට ගෙනවිත් දමනවා.

:       102       185

Bamunuarachchi Monday, 24 December 2018 05:59 AM

ඔබලා සොයලා බැලුවාද මේ මිනිසුන්ට කුණු ඉවත් කර ගැනීමේ පහසුම් තිබිලාද මේ කුණු පාරට ගෙනවිත් දමන්නේ කියලා.

:       0       77

Bamunuarachchi Tuesday, 25 December 2018 04:18 AM

"කුඩුකාරයන්ගෙන්, ගැට කපන්නන්ගෙන්, මංපහරන්නන්ගෙන්, සොරුන්ගෙන්, ස්ත්‍රී දූෂකයන්ගෙන් හා ළමා අපචාර කරන්නන්ගෙන් සමාජයට එල්ල වී ඇති අභියෝගයට සමාන අභියෝගයක් මහපාරට, නගරයට කුණු දමන්නන්ගෙන් එල්ල වී ඇති බව ඒකාන්ත සත්‍යයකි." ඒ වගේ අදාළ ආයතනවලින් කුණු නොගෙන යන එක කතා කරන්නේ නැහැ. විකල්පයක් නොමැති නිසා පාරට කුණුදමන එක කතා කරනවා. මහරගම නගර සභාව කුණු නොගෙන යන එක කතාකරන්නේ නැහැ. නගර සභාවේ වැරදි ලෝකයා දැනගත යුතුයි.

:       0       55

Bamunuarachchi Tuesday, 25 December 2018 04:47 AM

මොන මිනිහද කුණු ඉවත් කිරීම තම නිවාස අසලින් කෙරෙනවා නම් මහපාරට කුණු ගෙනවිත් දමන්නේ...? ලෝකයේ අනික් රටවල මෙන් කුණු එකතු කරන භාජන ප්‍රදේශයේ නිවාසවලට අනුපාතිකව පාරවල් අයිනේ තිබෙනවා නම් මිනිස්සු කුණු ඒ භාජනවලට දමාවි. නගර සභාවට එම ස්ථානවලින් කුණු ගෙනයා හැක... මේ රටේ නගරවල පැවතුනේ එම කර්මයයි. දැන් අපේ රටේ නගරවල වෙන්නේ කුණු දමන භාජන නැති නිසා තාප්පවල, ලයිට්කනුවල, දැන්වීම් පුවරුවල කුණු එල්ලා තැබීමයි. රට දියුණුවෙන විට තවත් පහසුකම් ඇතිවෙනවා වෙනුවට උනේ තිබුණු පහසුකමුත් නැතිවීමයි. නගරය ගඳ ගහන විට පළාත් සභාව පමණක් සුවඳවත් කර ගන්නවා වරිපනම් බදුවලින්.

:       0       54

Bamunuarachchi Tuesday, 25 December 2018 04:47 AM

යෝජනා කරන්නකෝ දෙන්න යන අමතක නොවන පාඩම...?

:       0       10

Asa Wednesday, 26 December 2018 02:44 AM

කුණු රැගෙන යන්නේ සුමානයකට වරක් හෝ දෙවරක් එය ප‍්‍රමාණවත් නෑ. පර්චස් පහේ හයේ හෝ ඊටත්වඩා අඩු ඉඩකඩක ජිවත් වන නාගරික හෝ අර්ධ නාගරික නිවැසියන් ට කුණු රදවා ගන්නට ඉඩක් නෑ. නියමිත දිනට කුණු රැගෙන නොගියොත් කුණු නිවසේ දීම කුණු වෙනවා. කුණු දමන්නන් අල්ලා දඩ ගැසිම නොව නියමිත පරිදි කසල බැහැර කිරිමත් කසල රැගෙන යාමත් විදිමත් කරන්න.

:       0       29

alfred Thursday, 27 December 2018 05:35 AM

කුණු පාරට දමන අයට නොවෙයි නිසි ක්‍රම වේදයක් සලසන්නේ නොමැති අමනයින්ටයි ඔය ටික කියන්ඩ ඕන.

:       0       31

අමිල Friday, 28 December 2018 02:39 AM

මිනිස්සුන්ට කුණු ඉවත් කරන්න කුණු බක්කි ටිකක් වත් මහා පාරේ තියන්න ඕනේ. එහෙම නැතුව cctv දාල තේරුමක් නෑ. කුණු ට්‍රැක්ටරය එන්නේ ඉඳලා හිටලා. ඒ ආවත් එන්නේ මගට ඇවිල්ලා හොර්න් එක ගහගෙනනේ. මිනිස්සු කුණු මලු ටික අරන් දුවන් යන්නේ ඕනේ ට්‍රැක්ටරය ළඟට. අලදෙනියේ ප්‍රදේශයේ නම් (හාරිස්පත්තුව ප්‍රාදේශීය සබාවේ) කුණු ට්‍රැක්ටරයේ රියදුරුට එන පාරකටරුපියල් 100ක් දෙන්න ඕනේ. හැම නිවසකින්ම... ඉඳලා හිටලා සති කීපයක් එන්නේ නෑ. ප්‍රාදේශීය සභාවෙන් ඇහුවම කියන්නේ ට්‍රැක්ටරය කැඩිලා නැත්නම් රියදුරු ලෙඩ වෙලා කියලා... ප්‍රායෝගිකව කුණු ඉවත් කරන්න ක්‍රමවේදයක් හදලා බලන්න. මිනිස්සු එතකොට කුණු නිසි ආකාරව බැහැර කරයි.

:       0       102

hesa Saturday, 29 December 2018 04:55 PM

cctv අවශ්‍ය නැහැ. හිතාගන්න බැරි මොකද එක එක පළාත් වෙනස් කියල.. අපේ පැත්තේ ට්‍රැක්ටරයේ රියදුරු මහතා ලෙඩ නම් වෙනත් කෙනෙකු එනවා. නිවෙස් අසලටම විත් හොර්න් කරන්නේ... මිනිස්සු කුණු මලු ටික අරන් දුවන්න ඕනේ නැහැ. සත 5ක් වත් ගන්නෙත් නැහැ. ගිනි මද්දහන දිනයන්හි සීතල වතුර වීදුරුවකින් තේ කෝප්පයකින් සංග්‍රහයක් ලබන්නේත් ඒ හරිය කරන රාජකාරිය නිසයි..

:       21       3

hesa Saturday, 29 December 2018 04:39 PM

කියන්න සතුටුයි.. අනුරාධපුර නගර සීමාවේ නම් ක්‍රමානුකූලව කුණු සතියකට 3න් වරක් (බදාදා සහ ඉරිදා දිරන අපද්‍රව්‍යද, සෙනසුරාදා නොදිරන ද්‍රව්‍යද) පැමිණ කරන සේවය අගේ කොට සැලකිය යුතුයි. සෑම නිවසකටම ඒ සඳහා ලොකු ප්ලාස්ටික් භාජන 2 බැගින් නගර සභාව මගින් සපයා දී ඇත. ඒ නැතත් තමන්ගේ ගෙදර කුණු පිළිවෙලකට එකතු කර දීම ඉගැන්විය යුතු දෙයක්ද නොවේ. මහපාරට කුණු විසි කරන අයගේ ගෙවල්ද කුණු ගොඩක් වගේ ඇති....

:       0       2

jayasiri Monday, 31 December 2018 03:48 AM

අපේ පළාතෙත් ඔය ගැටලුව තිබෙනවා. කරදුපොන සිට රඹුක්කන දක්වා සංචාරක කලාපය තුල පාර දෙපසමටම විශාල වශයෙන් කුණු කසල විසිකර යනවා. මෙය මාර්ගය ආසන්නව ජීවත් වෙන නිවැසියනට හා මාර්ගයෙහි ගමන් කරන්නන් හට විසාල කරදරයක්. මේ සදහා වගකිය යුතු ආයතන ඉක්මන් නිවැරදි කර්යා මාර්ගයක් ගත යුතුයි .

:       0       1

WELL WISHER Monday, 31 December 2018 09:50 AM

හොඳම දේ තමයි අදාල නගර සභාවෙන් කුණු වෙලාවට අරන් යන එක.. මම කඩුවෙල නගර සභාවට අයත් පුද්ගලයෙක්.. දවස් 14කට පස්සේ එන්නේ කුණු අරන් යන්න..

:       0       3

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 695 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 416 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 175 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21129 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20402 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 319 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site