IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


පරිසරයට හානිවන පොලිතින් භාවිතය

‘‘ලන්ච් ෂීට් තහනම්, විකල්ප සොයන්න හය මසක්”‍ යනුවෙන්  පුවතක් පසුගිය දිනෙක අප පුවත්පතේ පළ වූයේය. මීට පෙර කී වතාවක් ලන්ච් ෂීට් තහනම් කළේ දැයි අසන්නට අයකුට සිත් දේ නම් එය අරුමයක් නොවේ. එසේ විමසීම අතිශය සාධාරණය. මීට පෙර ලන්ච් ෂීට් වලට යොදාගන්නා පොලිතීන් වර්ගය තහනම් කළ අවස්ථා හතරක් පිළිබඳ තොරතුරු වැඩි ආයාසයකින් තොරව සොයාගත හැකිවේ.

 

මින් පෙර 2006 ඔක්තෝබර් 10 වැනිදා 1980 අංක 47 දරන ජාතික පරිසර පනත අනුව පොලිතින් තහනමක් පැනවූ බව වාර්තා වේ. ඉන් අනතුරුව 2016 ජනවාරි 1 වැනිදා සිට මයික්‍රෝණ විස්සට අඩු පොලිතින් තහනමක් පැනවූ බවද වාර්තා වේ. 2017 සැප්තැම්බර් 1වැනිදා සිට පොලිතින් නිෂ්පාදනය හා අලෙවිය අදියර තුනක් යටතේ තහනම් කිරීමට යෝජනා වී තිබිණි. ඒ අනුව සියලු‍ම උත්සවවලදී පොලිතින් තහනම් කිරීමටත් මයික්‍රෝණ විස්ස හා විස්සට අඩු පොලිතින් අලෙවිය තහනම් කිරීමටත්, මයික්‍රෝණ විස්සට අඩු පොලිතින් නිෂ්පාදනයේදී මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බවටත්, ලන්ච් ෂීට් විකිණීමට ආනයනයට හා නිෂ්පාදනයට තහන්චි පැනවීමටත් තීරණය කළේය. ඉන් අනතුරුව 2021 මාර්තු 31වැනිදා සිට එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් හා මයික්‍රෝණ විස්සට අඩු ලන්ච්ෂීට් හා සැෂේ පැකට් පරිසර අමාත්‍යංශය විසින් තහනම් කිරීමට නියමිතව තිබූ බව වාර්තා වේ.

මෙවර පැනවීමට නියමිත පොලිතින් තහනමත් පුස්සක් බවට පත්වීමට ඇති ඉඩකඩ බොහෝය. ලන්ච් ෂීට් ඇතුළු පොලිතින් භාවිතය මෙරට තනි රාජ්‍ය නියෝගයකින් ප්‍රායෝගිකව තහනම් කළ නොහැකි තරමට භාවිතය ඉහළ ගොස් තිබීම ඊට එක් හේතුවකි. එම පොලිතින් භාවිතාවට විකල්ප යෝජනා කොට ක්‍රියාත්මක කිරීමකින් තොරව තනි නියෝගයකින් සාර්ථක ලෙස ප්‍රායෝගිකව ලන්ච් ෂීට් තහනම ක්‍රියාත්මක කළ හැකි බවක් නොපෙනේ.

කැලණිය විශ්ව විද්‍යාලය, මධ්‍යම පරිසර අධිකාරිය සමඟ  එක්ව කළ සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ දිනකට භාවිතා වන ලන්ච් ෂීට් ප්‍රමාණය මිලියන 15ක් පමණ වේ. දිනකට ඉවතලන පොලිතින් බෑග් ප්‍රමාණය මිලියන 20-22 අතර පවතී. මසකට යෝගට් කෝප්ප මිලියන 20ක් පමණ භාවිතා වේ. මෙවර ලන්ච් ෂීට් තහනමට පෙර, විකල්ප පිළිබඳ සොයා බැලීමට හය මසක් ගත කිරීම අතිශය නුවණට හුරු ක්‍රියාවකි. විකල්ප යෝජනා නොකොට නැවත පනවන තහනම පුස්සක් බවට පත්වනවා පමණක් නොව, එසේ වුවහොත් පොදු ජනයා රජයේ නියෝග නොසලකා හැරීම පුරුද්දක් බවට පත්කර ගැනීමට ද ඉඩ තිබේ. වසරකට මෙරටට ආනයනය කරන පොලිතින් ප්‍රමාණය මෙට්‍රික්ටොන්  ලක්ෂ පහක් පමණ වන අතර, එයින් සියයට 70 ක් පමණ දේශීය  වශයෙන් භාවිතයට ගැනේ. ආනයනික මුළු පොලිතින් වලින් සියයට 30ක් පමණ අපනයන ඇසුරුම් උදෙසා මෙරට භාවිතා කරන නිසා අවිචාරයෙන් පනවන පොලිතින් තහනමක් මෙරට අපනයන ඉපැයුම්වලටද බලපෑමට ඉඩ තිබේ.

පමණ ඉක්මවා සිදුවන පොලිතින් භාවිතය හැකි ඉක්මනින් අවම කළ යුතු බවට විවාදයක් නැත. ඒ සඳහා සාර්ථක ක්‍රියාමාර්ග ගත යුතුය. පොලිතින් භාවිතය වැළැක්වීම සඳහා වන නීති නොසලකා හැරීමට ලක් කොට මොට කර දැමිය යුතුද නැත.

අසීමිත ලෙස භාවිතා වන පොලිතින් කරණ කොටගෙන මෙරට පරිසර පද්ධතියට සිදුවන හානි බොහෝය. පරිසර පද්ධතියට සිදුවන එම හානි වලින් මෙරට, පාංශු පද්ධතිය ඇතුළු කෘෂිකර්මාන්තයට, මෙරට ජනතාවගේ සෞඛ්‍යයට, භූගත ජල සංසරණයට, සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් වලට බොහෝ සෙයින් අහිතකර බලපෑම් ඇතිවෙයි. ඒ සියලු‍ අහිතකර බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස වාස භූමියක් ලෙස අපේ රටට ඇති උචිතභාවය හීන වී යයි.

(***)



අදහස් (1)

පරිසරයට හානිවන පොලිතින් භාවිතය

Ayomi Tuesday, 04 March 2025 01:28 PM

එය ඉතා හොඳයි ... ස්තූතියි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1333 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 822 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 343 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 742 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 367 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 474 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 425 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 920 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site