යාපනය චුන්නාකම් තාප බලාගාරය හේතුවෙන් එම ප්‍රදේශයේ භූගත ජලය අපවිත්‍රවීමත් එයින් ජන ජීවිතයට බාධා සිදුවීමත් හේතුවෙන් බලාගාරය අවට පදිංචි ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් කෝටි දෙකක වන්දියක් අගතියට පත් ජනතාවට ගෙවන ලෙස එම බලාගාරය ක්‍රියාත්මක කරන නොදර්න් පවර් කොම්පැනියට (පෞද්ගලික සමාගමට) නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
ඓතිහාසික තීන්දුවකි. පරිසරයත් සමඟ සහජීවනයට අකැමැති හෝ එවැන්නක අගය නොදන්නා මිනිසුන්ගේ ඇස් ඇරවීමට සමත් තීන්දුවකි. එහෙයින් එම නඩු තීන්දුව එයට හිමි බරින් හඳුනා ගත යුතුය.
කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් පර්‌යේෂණවල නියැළෙන විද්‍යාඥයන් 91 දෙනෙක් පරිසරයට සම්බන්ධ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉකුත් දා බාර දුන්හ. එම වාර්තාවෙන් කියැවුණේ පරිසරයට මුදා හැරෙන ‘කාබන්’ පාලනය නොකළහොත් අනාගත ලෝකයම බරපතළ පාරිසරික හා කාලගුණික අභියෝගවලට ලක්වන බවය. එම වාර්තාවේ එක් තැනක සඳහන් වන්නේ මෙම තත්ත්වය දිගටම පැවැතියහොත් රටවල් තුනක් කාලගුණික සරණාගතයන් බවට පත්වන බවය. ඉන් එක් රටක් ශ්‍රී ලංකාවය.
ගිනි කඳු නැති, භුමි කම්පා නැති, ස්වාභාවික විපත් අවම පතිරූප දේශයක් ලෙස මේ රට වරනැඟී තිබිණි. ලෝකයේ සෙසු රටවල් සමඟ සසඳා බලන කල්හි එය ඒකාන්ත සත්‍යයකි. එබඳු රටකට අද පත් වී ඇති ඉරණම ඛේදජනකය. කාලගුණික සරණාගතයන් බවට පත්වීමේ ඉරණම අද්දර හුස්ම ගන්නා මිනිසුන් එළැඹගත් සිහියෙන් යුතුව කල්පනා කළ යුතු වන්නේ මෙම ඉරණම වෙනස් කර ගැනීම පිළිබඳවය.
රටට සංවර්ධන ව්‍යාපෘති අවශ්‍ය වේ. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. එහෙත් පාරිසරික ආරක්ෂාව සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරි රටවල් සෑම සංවර්ධන ව්‍යාපෘතියකටම අවසර නොදේ. සංවර්ධන ව්‍යපෘතියෙන් රටට ලැබෙන ආර්ථික වාසියට වඩා පරිසරයට සිදුවන හානිය සම්බන්ධයෙන් සැලකිලිමත්වීම යනු උපනූපන් දරු පරපුර වෙත ආදරය කිරීමය.
ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකට පෙර ඒ සම්බන්ධයෙන් දියුණු පාරිසරික අධ්‍යයනයක් කළ යුතුය. ශක්‍යතා වාර්තාවක් කැඳවිය යුතුය. එය එසේ කළ යුතු බවට නීතියක්ද තිබේ. පාරිසරික ශක්‍යතා අධ්‍යයනයක් කළ යුතු වන්නේ එබඳු නීතියක් ඇති නිසා නොව එම ව්‍යාපෘතිය නිසැක වශයෙන්ම පරිසර හිතකාමීද නැද්ද යන්න තක්සේරු කිරීමටය. උපනුපන් දරු පරම්පරාවලට අසීමිත ලෙස ආදරය කරන පුරවැසියන්ගේ වගකීම එයය.
ශ්‍රී ලංකාව යනු තවමත් අවශ්‍ය මට්ටමේ බුද්ධිමය වර්ධනයක් අත්පත් කර නොගත් රටක් බව පැවසීමෙන් කිසිවකු හෝ කලබල විය යුතු නැත. ඇත්ත තත්ත්වය එයමය. විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගැනීම ජාතික දායාදයක්ව පවතී. සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීම ජාතික සිරිතක්ව ප්‍රගුණ කරන්නේ යැයි පෙන්නුම් කරන්නේද එහෙයිනි.
ප්‍රභාකරන් යනු මානව සංහාරයක නියාමන මිනීමරු ත්‍රස්තවාදියෙකි. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත. ඒ ප්‍රභාකරන් උතුරේ වන සංහාරයක් නොකළේ යැයි මෑතකදී ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාය. යුදමය වශයෙන් උපාය මාර්ගිකව වනය සංහාරය නොකළා විය හැකිය. අරමුණ කුමක් වුවද වනය සංහාරය නොකිරීම සම්බන්ධයෙන් ප්‍රභාකරන්ට පැසසුම් කළ යුතු තරමේ පාරිසරික අභියෝගයක් මුළු මහත් ජාතිය ඉදිරිපිටම වේ. එහෙත් අද දකුණේ ගහ කොළ කැපීම බහුලය. වන සංහාර බහුලය. එසේ මිනිසා විසින් කරනු ලබන පරිසර විනාශයේ ප්‍රතිවිපාක අදත් ජනතාව අත් දකිති.
උතුරේ හා දකුණේත් නැගෙනහිරත් බටහිරත් යන සිවු කොනේම සිදුවන පාරිසරික විනාශය වැළැක්වීම සඳහා නව ක්‍රියාන්විතයක් ආරම්භ කළ යුතුය. තිරසර සංවර්ධනය යනු කොන්ක්‍රීට් වනාන්තර ඉදි කිරීම නොවන බව සත්‍යයකි. මානව සංවර්ධනයත් භෞතික සංවර්ධනයත් සමාන්තර විය යුතුය. පරිසරය යනු ද මානවයා පමණක් නොවේ. ගහකොළ, ඇළ දොළ, සතා සීපාවා ඇතුළු සමස්තයම පරිසරයට අයත්ය. මෙම පරිසර සාධකය තුලනය විය යුතුය. තුලනය බිඳීගිය කල්හි නිර්මාණය වන්නේ ගැටුම්ය. අලියා සම්පතක් විය යුතු වුවද වර්තමානය වන විට එය වසංගතයක් බවට පත්වී තිබෙන්නේ තුලනය බිඳීයාම නිසාය. මේ මාර්ගයේම තව දුරටත් ඉදිරියට යා නොහැකි බව තේරුම්ගැනීම අතිශයින්ම වැදගත්ය.
චුන්නාකම් වැසියන්ට විශේෂ ප්‍රණාමයක් පිරිනැමිය යුතුය. ඒ ප්‍රවේගකාරී ලෙස හැසිරී තවත් රතුපස්වලක් නිර්මාණය නොකර නීතිය සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසය තබා කටයුතු කිරීම සම්බන්ධයෙනි. අප යා යුත්තේ ඒ මාර්ගයේමය.
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරිසරය රකින්නන් දිනූ ඓතිහාසික නඩු තීන්දුවක්
විජිත් Tuesday, 09 April 2019 10:57 AM
ඉතාමත් වැදගත් එමෙන්ම හරවත් සටහනක්. දැන් දැන් බටහිර රටවල පාසල් ශිෂ්‍යයින් පවා පරිසරය සුරකින්නයි බල කරමින් ඒ ඒ රටවල්වල ආණ්ඩුවලට බල කරන අවධියක, අපේ රටේ ඇත්තේ තවමත් ' ඇල් මැරුන ' තත්වයකි. මේ නඩු තීන්දුව ඉතාමත් වටින්නේ කරුණු කිහිපයක් නිසයි.මේ ආයතනය පටන් ගැනීමට කලින් කිසි දිනක පරිසර සක්‍යතා අධ්‍යයනයක් නොකළ එකකි. එමෙන්ම ගමේ මිනිසුන් පරිසර දුෂණය ගැන වාර්තා කිරීමේදී , ඒ ගැන එතරම් තැකීමක් නොකිරීමට තරමට උද්දච්චවූ ආයතනයකිමේ. මේ නඩුවේදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත්වූ රවින්ද්‍ර කාරියවසම් මහතාටත්, නොමිලයේ මේ අසරණ පැමිණිලි කරුවන් වෙනුවෙන් ඉදිරිපත්වූ නිතිඥයන්හට නොයෙකුත් බලපෑම් කිරීමත් නොපසුබටවූ මේ විනාශකාරී ආයතනය, නඩුවෙන් පැරදුනේත් විශේෂිත ක්‍රමයකිනි.'මහජන අර්ථසාධක නඩුකරයක්' ලෙස මෙය විභාගයට ගැනුණු අතර අද ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් බව තීන්දුව ලබා දුන් අධිකරණය ප්‍රකශ කළේය.මෙහිදී සිදුවුයේ චුදිත ආයතනයට තමන් වරදක් නොකළ බව ඔප්පුකිරීමට අවස්ථාවක් ලබාදීමයි.ඔවුන් එයට අසමත්වුනිසා ඔවුන්ට මේ දඬුවමට යටත්වීමට සිදුවිය.
ජයරත්න Tuesday, 09 April 2019 12:09 PM
බැලූ බැල්මට පරිසර හානියක් සිදු වන්නේ නම් එය සිදු කලේ තමන් නොවේ යැයි ඔප්පු කිරීමේ භාරය අදාළ චුදිතයාට අයත් බව ඔබගේ සාරාංශයේ හරය බව මගේ අදහසයි. එය එසේ නම් එය සැබවින්ම ඉතිහාසගත නඩු තීන්දුවකි. මන්ද මෙවැනි නඩු බොහෝ විට අසාර්ථක වන්නේ චුදිතයාගේ ක්‍රියාකාරකම් හා පරිසර හා සෞඛ්‍යම ප්‍රශ්න අතර සෘජු සම්බන්ධයක් විද්‍යාත්මකව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අසමත් වීම නිසාය. ඒ ඊට අදාළ තාක්ෂණය හා දැනුම නොමැති වීමෙනි. මෙය විශේෂයෙන්ම අදාළ වන්නේ වාතය අපවිත්‍ර කිරීම සම්බන්ධ නඩු වලටය.
Amarapaala Wednesday, 10 April 2019 10:03 AM
දකුණේ කොම්පැනි වලටත් ඔය හැන්දෙන්ම බෙදනවා නම් කොච්චර ශෝක්ද?
දිලුම් Thursday, 11 April 2019 06:10 AM
අමරපාල මේ හැම එකටම උතුර දකුණ පටලව ගන්න එපා. වැරැද්දක් කරනව නම් ඒක සාධක ඇතුව බුද්ධිමත්ව නීතිමය ආකාරයට ඔප්පු කරන්න පුළුවන්නම් අදාල දඩුවම නිසියාකාරව ලබා දිය හැකියි. අපේ රටේ මිනිස්සු කථාකරන්න තියන බයට පාඩුව ඉවසාගෙන හැමදේම දරාගෙන ඉන්න ගිහින් තමයි මේ රට විනාශ වෙලා තියෙන්නේ. අසාධාරණේදී පරිසර විනාශයේදී ඒයට විරුද්ධව නොබියව නැගී සිටින්නට පුළුවන් ජනසමාජයක් තියනව නම් සමාජයට පුළුවන් රට හදන්න. ඒත් අපි හැම වැරැද්දම දැක දැක නොදැක්කා සේ ඉන්න එකයි මේ සාපයට මුල.
Mudali Thursday, 11 April 2019 12:12 PM
මෙවැනි බලාගාරවලින් පිටවෙන කාබන්වලිනුත් වැඩක් ගන්නට පුළුවන් ක්‍රමයක් තිබුණොත් ඔය ගැටලුව පහසුවෙන් විසඳ ගන්නට පුළුවන්! බලාගාරයට තදාසන්නව වනාන්තර තිබුණොත් වැඩේ පහසුයි.! තාප බලාගාරවලින් පරිසරයට මුදා හැරෙන ‘කාබන්’ අවශෝෂණය කරගෙන දිවා කාලයේ ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාව ශාකපත්‍රවලට තිබෙනවා. මෙය හඳුන්වනු ලබන්නේ කාබන්ස්වීකරණය කියලයි. ප්‍රභාසංස්ලේෂණය කියලත් මෙය හඳුන්වනු ලබනවා. ශාකපත්‍ර කියන්නේ ගස්වැල්වල කොළ.! මේ අනුව ගස් කැපීමෙන් සිදුවන්නේ සුවිශාල හානියක්. කාබන්ස්වීකරණය කරන ශාක පත්‍ර මොනතරම් නැත්තටම නැතිවෙනවද! ගෙවල් දොරවල් හදන්නට. මංමාවත් හදන්නට කියල මොන තරම් ගස් ප්‍රමාණයක් කැපෙනවද! සෑම අවුරුද්දකම දේශපාලකයෝ මහා උත්සව, සංදර්ශන පවත්වාගෙන හිටවන ''ලක්ෂ සංඛ්‍යාත'' පැල සැබවින්ම ලොකුමහත් වෙලා තිබුණ නම් මේ වගේ තාප බලාගාර රාශියක් ඉදිකළත් ගැටළුවක් නැහැ.