මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් පිළිබඳ අවධානය වෙනතක යොමු කරමින් ගම්පහ දාරළුවේ පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික කෲඩියා සිලනිකා ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා සටනක් ඇරඹී තිබේ. මේ සටනට පරිසර සහ වනජීවී අමාත්‍යාංශ දෙකම පැටලී සිටින අතර, රජයේ නිලධාරී පිරිසක් ද ඊට සම්බන්ධව කටයුතු කරති. රටට ආවේණික වුවද එම ශාකය මෙරට ඉතිරිව ඇති ඒ වර්ගයේ එකම ශාකය බව පරිසරවේදීහු පිරිසක් කියති. තවත් සමහරුන් ප්‍රකාශ කර ඇත්තේ එම ශාකයේ පටක රෝපණය තුළින් තවත් ශාක ගණනාවක් රටේ උද්භිද උද්‍යාන තුළ වවාගෙන තිබෙන බවය. මේ මොන තත්ත්වයක් යටතේ වුවත් වටිනා ගසක් ආරක්ෂා කර ගැනීමට බොහොමයක් පිරිසගේ අවධානය යොමුව තිබීම පිළිබඳ කවුරුත් සතුටු විය යුතුය.
ගසක් ආරක්ෂා කර ගැනීම පිණිස එසේ සටනක් දියත් කිරීම සතුටක් වුවද රට පුරා විවිධ ප්‍රදේශවල සිදුවන කැලෑ විනාශය ඇතුළු වෙනත් පරිසර දූෂණ ක්‍රියා පිළිබඳ අසන්නට ලැබෙන වාර්තා නම් ශෝකජනක බව කිව යුතුය. රජය මගින් ඇතුළුවීම පවා තහනම් කර තිබෙන වන රක්ෂිතවල ද මේ කැලෑ සංහාරය ජයටම සිදුවන බව ද එවැනි ජාවාරම් මහ කැලෑ මැද සිදුවන විට එළිපිටම තිබෙන කඩොලාන ශාක පද්ධති විනාශ කිරීම් පවා සිදුවන බව ද පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා ඔස්සේ දැකගන්නට ලැබිණි. කඩොලාන ශාක පද්ධතියක් විනාශ කිරීමෙන් පසුව එය යළි ගොඩනැංවීමක් ගැන කතා කිරීමත් ඵලක් නැත. කඩොලාන ශාක පද්ධතියකින් පරිසරය ආරක්ෂා කිරීමට සහ සමතුලිත කිරීමට ඉටුවන සේවය ගණනය කළ නොහැකි තරම් වටිනා බව පරිසරවේදීන්ගේ මතය වෙයි. එවැනි වටිනා පරිසර පද්ධති විනාශකොට එය සිදු කළේ සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පාරම්බාන දේශපාලනඥයන් සිටින තාක් පරිසරය ගැන කතා කිරීමත් නිෂ්ඵලය.
කඩොලාන පමණක් නොවේ. තෙත්බිම් සහිත වනාන්තරද, ලෝක උරුමයක් වශයෙන් නම්කෙරුණු සිංහරාජ අඩවියේ යාබද කැලෑද, සෝමාවතී රක්ෂිතය ද පමණක් නොව හම්බන්තොට දිසාවේ මහා කැලෑ ද විවිධ පුද්ගලයන්, ආයතන සහ සමාගම්වල මැදිහත්වීමෙන් දිගටම හෙළි පෙහෙළි කෙරෙන බව ද වාර්තා වෙමින් තිබේ. පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පරිසර විනාශයෙන් වළක්වා ගැනීමට දැඩි කැපවීමකින් ක්‍රියා කරමින් සිටියත් සෙසු දේශපාලනඥයන්ගෙන් ඔහුට අවශ්‍ය සහාය ලැබෙනවාද යන්නද සැකසහිතය. කඩොලාන, රක්ෂිත ඇතුළු පාරිසරික වශයෙන් ඉතා වැදගත් වනාන්තර හෙළි පෙහෙළි කිරීම දේශපාලන අධිකාරියේ සහාය ලැබීමකින් තොරව සිදුවිය නොහැකි බැවිනි.
රටේ පරිසරයට හානි සිදුවන්නේ වනාන්තර හෙළි පෙහෙළි කිරීමෙන් පමණක් නොවේ. ගංගා, ඇළ, දොළ ඇතුළු ජල මූලාශ්‍ර, වායු සහ මුහුදු වෙරළ ද දැඩිව දූෂණයට ලක්වෙන අවස්ථා පසුගිය කාලවලදී වාර්තා විය. ඇතැම් පිරිස් ගංගා, ඇළ, දොළ පමණක් නොව මුහුදු වෙරළට පවා විනෝද සවාරි ගොස් ඒ අවට පරිසරය විනාශ කරමින් තමන් ගෙන ගිය ප්ලාස්ටික් මලු, පෙට්ටි, බෝතල් සහ පොලිතීන් උර ඇතුළු ආහාර ද්‍රව්‍ය ද එතැනම විසිකර දමා තිබෙනු දැකිය හැක. එය ජල දූෂණයට පමණක් නොව වායු දූෂණයට ද මූලික වන හේතුවකි. එසේම නිවෙස්වලින් බැහැර කෙරෙන කසළ මලු පිටින් තමන් ජීවත් වන අවට ප්‍රදේශයේ මහාමාර්ග අසල ගොඩගසා තිබෙන අයුරු මේ දිනවල දිනපතාම පාහේ අපගේ ‘ලංකාදීප’ පුවත්පතේ පළකෙරෙන ඡායාරූපවලින් දැකගත හැකිය. එවැනි පරිසරය වනසන කසළ වැඩ කළ හැක්කේ ‘බූරුවන්ට’ පමණද යන්න එම ඡායාරූප හරහා ප්‍රශ්න කෙරුණත් තවමත් එම පරිසර දූෂණය නවතින පාටක් පෙනෙන්නට නැත.
මහ කැලෑ සංහාරවලින් නොනැවතී පාරට කුණු බෑග් විසිකරන ‘සංස්කෘතියෙන්’ අප පෙන්වන්නේ රටේ පරිසරය රැකගැනීමේ වැදගත්කම ගැන හැඟීමක් බොහෝ දෙනා තුළ නොමැති බවය. මේවා වැළැක්වීමට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එසේ නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට කිසියම් දේශපාලනඥයකු ක්‍රියා කරන්නේ නම් ඔහු හෝ ඇය නොපමාව ජනතාව ඉදිරියේම ප්‍රශ්න කළ යුතුය. විල්පත්තු කැලෑව කැපීමේ වැනි චෝදනාවලට වරදකරු වී දඬුවම් ලැබිය යුත්තේ රිෂාඩ් බදියුදීන් වැනි හිටපු ඇමැතීන් පමණක් නොවේ. වර්තමානයේ එවැනි ධුර හොබවමින් කැලෑ කැපීමට, ජල-වායු මූලාශ්‍ර දූෂණයට, පරිසරය වැනසීමට සහාය දක්වන දේශපාලනඥයන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවන්නේ නම් මෙවැනි වන සංහාර නැවැත්වීම සිහිනයක් පමණක් වනු ඇත.
කෘෂිකාර්මික හේතු, යටිතල පහසුකම් සංවර්ධනය, වාණිජ අවශ්‍යතාවල බලපෑම් පරිසරය විනාශ වීමට මූලික වන කාරණා අතර වෙයි. එසේම දේශපාලන අවශ්‍යතා අනුව ජනාවාස බිහිකිරීම ද පරිසර හානියේම තවත් එක් වර්ධනයකි. මේ මොන කටයුත්තක් වුවත් මහ කැලෑ ඇතුළු සෙසු සියලු පරිසර පද්ධති ආරක්ෂා කර ගනිමින් සිදුකිරීම අපහසු නැත. අවශ්‍ය වන්නේ නිවැරදි චින්තනයත් අවංක කැපවීමත් පමණි. ඒ දෙකටම නිසි වටිනාකමක් දීමට සූදානම් නොවන තාක් මේ පරිසර විනාශය ඉදිරියටම ඇදෙනු ඇත.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරිසරය වනසන්නන්ගෙන් රට රැකීමට මුල්තැන දෙමු
Rata Perata Monday, 15 February 2021 07:31 AM
අපි හැමෝම දන්නවා කවුද වැඩියෙන්ම පරිසර හානිය කරන්නේ කියලා. අපි හැමෝම එකතුවෙලා ජනපතිතුමාව යවමු..
HoraMonday, 15 February 2021 08:46 AM
මොකද? 8 පාස් නිධන් හොරා ගේන්නද කල්පනාව..?
Anura Monday, 15 February 2021 08:44 AM
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මේ ගස් 20ක් තියෙනවා කියලා දන්නේ නැද්ද?
Raveendra Monday, 15 February 2021 09:07 AM
කතුවැකියෙහි සඳහන් කරුණු ඉතාමත්ම නිවැරදිය. පරිසරය යම් තාක් දුරට හෝ රැකගැනුමට නම් අප මූලිකව කළ යුත්තේ දියවන්නාව පට්ටියේ සියලුම අය රටින් පිටුවහල් කිරීමය. ඉන්පසු ඒ ඒ දේශපාලකයන්ගේ ළඟම හිතවතුන් සදාකල් රජයේ බෝඩිමේ තිබිය යුතුයි. නොඑසේ නම් පරිසරය වනසන පරයින්ට මරණීය දණ්ඩනය නියම කිරීමට ඉතා ඉක්මණින් නීති සකස් කළ යුතුමයි...
fairoos Monday, 15 February 2021 12:33 PM
ගස් කැපුවට කමක් නැහැ. ඉන්න හිටින්න රටක් තියෙනවනේ.. දැන් සැපද?