පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව පැවැති එම විවාදයේ දී දේශපාලන පක්ෂ ගණනාවක නායකයන් ඇතුළු මැති ඇමැතින් අදහස් දැක්වූ අතර සිද්ධියට අදාළව මීට පෙර ද ප්‍රකාශ වූ කරුණු යළි යළිත් හෙළිදරව් කෙරිණි. පාස්කුදා ප්‍රහාරය සිදු වී වසර 05ක් ගතවීම එම විවාදය පැවැත්වීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වීමට හේතු විය.
මෙහිදී මුලින්ම අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ අනාගතයේ දී බිහිවෙන තමන්ගේ රජය යටතේ පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණත්වය ඉටුකිරීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ගයක් සැලසුම් කොට ක්‍රියාත්මක කරන බවය. එකී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කොමිසමක් පත් කරන බවත් එහි සාමාජිකයන් වශයෙන් දේශීය පමණක් නොව විදේශීය විනිශ්චයකාරවරුන් සහ විමර්ශන නිලධාරීන් ද පත් කරන බවටත් විපක්ෂනායකවරයා පොරොන්දු විය. වත්මන් රජය පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන යට ගැසීමට කටයුතු කරන බවට චෝදනා කළ ඔහු තමන්ගේ රජය යටතේ විශේෂ අධිකරණයක් පිහිටුවා ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන බවට ද ප්‍රතිඥා දුන්නේය.
මේ රටේ කතෝලික බැතිමතුන් 250කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි කරමින්ද තවත් 500කට ආසන්න පිරිසකට බරපතළ තුවාල සිදු කරමින් ද සිදු කෙරුණු එකී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට සෘජුවම වගකිව යුතු පුද්ගලයන් තවමත් නීතියේ රැහැනට හසුකර ගැනීමට නොහැකිවීම ගැන මේ රටේ සියලු දේශපාලන නායකයන් ලජ්ජාවිය යුතුය. පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන හෝ අධිකරණ හමුවේ නඩු පවරනු ලැබ සිටින හෝ සැකකරුවන් බහුතරය ප්‍රහාරය සිදුවී පළමු සති දෙක තුළදී අත්අඩංගුවට පත් වූ පිරිසක් බව ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ දේශපාලන විචාරකයකු වන ජාවිඩ් යුසුෆ් මහතා පසුගියදා ඔහුගේ තීරු ලිපියකින් පෙන්වා දී තිබිණි. ප්‍රහාරයක් සිදුවිය හැකි බවට තොරතුරු බුද්ධි අංශවලට ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කිසිදු පියවරක් ගැනීමට පැකිළුණ ද ප්‍රහාරය සිදු වූ වහාම සිද්ධියට අදාළ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමටත් සහරාන්ගේ ත්‍රස්ත ජාලය අනාවරණය කරගැනීමටත් ආරක්ෂක අංශ සමත් වූ බවද යුසුෆ් මහතා එහි සඳහන් කර තිබිණි.
කරුණු මෙසේ දිගින් දිගටම ඇදෙන්නේ පාස්කුදා ප්‍රහාරය මුල සිටම දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යොදා ගැනීම බව රහසක් නොවේ. සිද්ධියෙන් පසුව බරපතළ කම්පනයට ලක්ව සිටි කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් ඇතුළු කතෝලික ප්‍රජාව එම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් ඉල්ලා ප්‍රබල ලෙස බලපෑම් සිදුකළත් මෙතෙක් සෑහීමට පත්වීමට තරම් ප්‍රතිඵලයක් අත් නොවූ බව එතුමෝ යළි යළිත් අවධාරණය කරති. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වූ අවස්ථාවේ දී පාස්කුදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අධිකරණය හමුවට පමුණුවනු ඇති බවට තමන් තුළ තිබූ බලාපොරොත්තුව පසුව අත්හැරීමට සිදුවූ බව ද කාදිනල් තුමා ප්‍රකාශ කර තිබිණි. ප්‍රහාරයට පෙර සහ පසුව බලයේ සිටි කිසිවකුත් එම ප්‍රහාරය පසුපස තිබූ සැබෑ හේතු සොයා ගැනීමට තරම් ප්‍රමාණවත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවද එතුමෝ පෙන්වා දෙති.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුවේ කොතරම් විවාද කළත් එම විවාද දේශපාලන හේතූ පදනම් කර ගනිමින් පැවැත්වෙන්නේ නම් එයින් ඵලක් වන්නේ නැත. එසේම එම ප්‍රහාරයේ වගකීම සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දුර්වලතා පිළිබඳ ප්‍රසිද්ධියේ කොතරම් වාද විවාද කළත් එයින් එම ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවෙන්නේ නැත. ඒ පිළිබඳ සියලු විමර්ශන ප්‍රායෝගික මට්ටමින් සිදු කර සත්‍ය කරුණු හෙළි කර ගත යුතුය. එය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගැනීමෙන් වැළකී සියලු පාර්ශ්ව එකී පොදු අරමුණු ඉටුකර ගැනීමට දායකවීම මේ අවස්ථාවේ සිදුකළ හැකි හොඳම මෙහෙවර වශයෙන් අපි දකිමු.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
wedage Monday, 29 April 2024 10:50 AM
ඒ කියන්නේ දැන් ගෑවිලා තියන ප්‍රමාණය හොඳටම ඇති
ala ya Tuesday, 30 April 2024 01:30 AM
ප්‍රභූන් කියන හැම එකාටම, ජෙප්පෝත් එක්ක මේක දැනන් ඉඳන් තියෙන්නේ මොවුන් මුළු රටම අන්දන්න.. ළඟදී චාමරත් කිව්වා එයත් දැනන් හිටියා කියලා.. කලින් හරින් කිවා...!
fairoos Thursday, 02 May 2024 12:03 PM
මේ ප්‍රහාරයට මුල දේශපාලනය තමයි නැත්නම් මුස්ලිම් කතෝලික ප්‍රශ්න මොනවාටද?