IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පාස්කු දිනයේ ප්‍රහාරයේ සත්පුද්ගල නඩු තීන්දුව

මුළු රටේම ඇස් ඇරවන නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉකුත්දා  ප්‍රකාශයට  පත් විය. 2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීමෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හා හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහත්වරුන් මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කිරීම එම සුවිශේෂී නඩු තීන්දුව වේ.

මෙම සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉතා බරපතළ ලෙස මේ රටේ අනාගතයට වාසිදායක ලෙස බලපායි. විශේෂයෙන්ම මේ රටේ දේශපාලනය ඉතා බරපතළ ලෙස පිරිහී තිබේ. එය කිසි ලෙසකින් හෝ බඩ රස්සාවකින් වෙනස් නොවන්නකි.  එහි එකම පරමාර්ථය බලය පමණි. බලය ලබාගැනීමට හා ලබාගත් බලය සදාකාලික කර ගැනීම එකම පරමාර්ථය වේ.

පාලකයා යනු දේශයේ බාරකරුවා මිස අයිතිකරුවා නොවේ. තම රටේ වැසියන් සෑම ආකාරයකම උපද්‍රවයකින් බේරාගනිමින් ඔවුන්ට මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරදීම පාලකයාගේ වගකීමය. දේශපාලනයට පිවිසෙන්නා තුළ තමන්ට එම වගකීම ඉටු කළ හැකි බවට විශ්වාසයක් තිබිය යුතුය. එබඳු  විශ්වාසයක් නොවන්නේ නම් දේශපාලනයට නොපිවිසීමට ඔහු වගබලා ගත යුතුය.

දේශපාලකයන්ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටද මෙම ධර්මතාව එකසේ බලපායි. ආරක්ෂක ලේකම් ධුරය, පොලිස්පති ධුරය, රාජ්‍ය බුද්ධි  අංශයේ අධ්‍යක්ෂ ධුරය, ජාතික බුද්ධි ප්‍රධානී ධුරය යන මේ රටේ ආරක්ෂාව සමග තදින්ම ගැටගැසී ඇති තනතුරු වේ. මෙයින් ආරක්ෂක ලේකම් ධුරය හැර අනෙකුත් ධුර නියමිත සුදුසුකම් සපුරා පොලිස් දෙපාර්තමේන්තුවට එක්වී පියවරෙන් පියවර උසස්වීම් ලැබීමෙන් හිමිකර ගන්නා ධුර වේ.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ උසස්වීම් ලබාගන්නා ක්‍රම ගණනාවකි. එක් ක්‍රමයක් වන්නේ වගකීමෙන් රාජකාරි ඉටුකර තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කර ලබා ගන්නා උසස්වීම් වේ. තවත් ක්‍රමයක් වන්නේ වාර්ෂික උසස්වීම් පටිපාටියට යටත්ව ලැබෙන උසස්වීම් වේ. ඊළඟ ක්‍රමය වන්නේ දේශපාලන නිර්දේශ මත ලබා ගන්නා උසස්වීම් වේ. වඩාත් භයානක වන්නේත් ජනතාව මෙන්ම පොදුවේ රටට අහිතකර වන්නේත් දේශපාලන බත්බැලකමට ලබා ගන්නා උසස්වීම්ය.

පාස්කු ඉරුදින ප්‍රහාරය යනු මේ සියල්ලෙහිම සංකලනයකි. ප්‍රහාරයට මාස ගණනකට පෙර සිටම විදේශීය බුද්ධි සේවාවක් මෙම ප්‍රහාරය සම්බන්ධ සියලු තොරතුරු මෙරට බුද්ධි අංශවලට එවා තිබිණ. ප්‍රහාරය එල්ල කරන දිනය, වේලාව, ස්ථාන, ප්‍රහාරකයන්ගේ නම් ගම් පදිංචි ස්ථාන, යන එන වාහනවල  අංක, සහභාගි වන ප්‍රහාරකයන්ගේ සංඛ්‍යාව ආදී වශයෙන් සියලු තොරතුරු එම වාර්තාවේ අඩංගුය. එබඳු අංගසම්පූර්ණ බුද්ධි අංශ වාර්තාවක් සකස්  කළ නිලධාරීන්ට එකපිට එක උසස්වීම් ලබාදිය යුතු තරම්ය.

එහෙත් කල් ඇතුව ලැබුණු බුද්ධි අංශ වාර්තාව සම්බන්ධයෙන් වගකීම් සහගත ලෙස ක්‍රියාත්මක නොවීමේ තාර්කික ප්‍රතිඵලය ලෙස රුධිර පිපාසිත ප්‍රහාරකයන්ගේ අරමුණ බාධා විරහිතව ඉටු කර ගත හැකි විය. එම ප්‍රහාරයෙන් දෙස් විදෙස් ජනයා තුන් සියයකට වැඩි පිරිසක් මියගිය අතර පන්සියයකට වැඩි පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූහ. මෙම තුච්ඡ උමතු ප්‍රහාරය මුළු මහත් මානව ඉතිහාසයටම එක් කළේ ගැඹුරු කළු පැල්ලමකි.

පාස්කු ප්‍රහාරයෙන් පසු චූදිතයෝ එක එක කතා කීහ. ‘‘මම මොනවත්ම දන්නේ නෑ.’’ ජනාධිපතිවරයා කීවේය. ‘ගහන බව දැනගෙන හිටියා ඒත් මෙහෙම ගහයි කියාල හිතුවෙ නෑ’ යනුවෙන් ප්‍රකාශ කළේ එවකට සිටි ආරක්ෂක ලේකම්වරයාය. පොලිස්පතිවරයා කියාසිටියේ තමාට ලැබුණු තොරතුරු අදාළ අංශවලට ලබාදුන් බවය. එහෙත් වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසා අකාලයේ ජීවිතයෙන් සමුගැනීමට සිදුවූ ජනයාට, සදාකාලික ආබාධිත භාවයට පත් ජනයාට  සාධාරණය  ඉටු නොවේ. සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අතිශයින්ම වැදගත් වන්නේ එහෙයිනි.

 සියලු දේශපාලකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ආදී සියලුම දෙනා මෙම නඩු තීන්දුව වණපොත් කළ යුතුය. පැවරුණු වගකීමක් ඉටු කරන්නේ කෙසේද යන්න මෙම නඩු  තීන්දුවෙන් ඉතාම මැනවින් පැහැදිලි වේ. මෙම නඩු තීන්දුව මින් ඉදිරියට මෙරට ජනයාගේ ජීවිත සුරක්ෂිත කරන බළකොටුවක් බවට පත්විය යුතුය.

(***)



අදහස් (1)

පාස්කු දිනයේ ප්‍රහාරයේ සත්පුද්ගල නඩු තීන්දුව

තුසර සර Wednesday, 18 January 2023 04:42 PM

පරමාණු අංශු වලට වඩා සොචිචමක් වැඩි මිහිකත සනහන නො සනහන, ලාවට වට තුසර බිජුවට රමණීයයි!

:       2       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 695 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 416 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 175 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22002 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21795 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 175 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site