IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පාසල් දරුවෝ මරුවෝ වූවෝ කාගේ වරදින්ද

මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුවකු විසින් එල්ල කරන ලද පිහි පහරකින් මාතර නගරයේම තවත් ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 19 හැවිරිදි සිසුවකු මියයාමේ සංවේග දනවන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. පාසල් බිමේ ඇති වූ ගැටුමකින් පසුව නවය ශ්‍රේණියේ සිසුවකුගෙන් පහර කෑ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන පාසලේ ශිෂ්‍ය නායකයකු ද වන සිසුවකු මිය යාමේ පුවත ද අප පුවත්පත වාර්තා කරනු ලැබුවේ පෙර පුවත වාර්තා කළ දිනයේදීමය.

අපගේ අවධානය යොමු වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය වෙත නොව, රට යන අත ඉඟි කරන මෙබඳු සිදුවීම් හරහා නිකුත් කෙරෙන සංඥාව දෙසය. එම සංඥාව එයට හිමි නිසි බරින් හඳුනා ගත යුතුය. නොඑසේ නම් මේ රට යළි ගොඩගත නොහැකි තරමට මහා විශාල ප්‍රපාතයකට ඇද වැටෙනු ඇත.

දෙනෝදාහක් ජනී ජනයා ඉදිරිපිටදී සම වයසේ පාසල් සිසුවකුට පිහියෙන් ඇන මරා දැමීමට තරමටම සිසු හදවත් දරුණු වූයේ කෙසේද? පාසලේදී මතු වූ ප්‍රශ්නයකින් අනතුරුව මාරාන්තික තුවාල සිදුවන තරමට දබර කර ගැනීමට සිසුන් පෙළඹීම කවර කාරණයක් මත සිදුවන්නක් ද?

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිසුන් පිරිසක් විදුහල් බිමේදීම සිසුවකුගේ අත කැඩෙන්නට පහර දී ඇති බවය. මෙම පහරදීම සිදුවන අවස්ථාවේ ගුරුවරුන් හා ශිෂ්‍ය නායකයන් පිරිසක් ද එහි සිට ඇතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය. ශිෂ්‍යයාට පහරදීමට ශිෂ්‍යයන් විසි දෙනකු පමණ එක් වී ඇතැයි ද අප ප්‍රවෘත්තිය කියයි.

එම ප්‍රවෘත්තියේ සඳහන් වන අනෙක් කරුණ වන්නේ ශිෂ්‍යයන්ට මෙසේ පහර දී මුදල් කොල්ලකෑමේ සිදුවීම් 29ක් සම්බන්ධ පැමිණිලි මේ වසරේ ගතවූ කාලය තුළදී පොලිසියට ලැබී ඇති බවය. පාසල් තුළත් පාතාල මාෆියා කල්ලි නිර්මාණය වී ඇතැයි සැක කළ හැකි මෙබඳු පන්නයේ සිදුවීම් කොළඹ ඉහළ පැලැන්තියේ පාසල් වෙතින් වරින්වර වාර්තා වේ.

ගම හා නගරය යනුවෙන් බෙදීමකින් තොරව මෙරට සිසු පරපුර බරපතළ ව්‍යසනයකට ගොදුරු වී තිබෙන බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂව ඇති සත්‍යයකි. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ, අපරාධ හා අපචාරවලට ගොදුරුවන පාසල් ළමයින්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවය. අප දරුවන්ගේ ඉරණම ලියැවෙමින් තිබෙන්නේ කොතරම් සාහසික ආකාරයෙන් ද යන්න පැහැදිලිය.

ඉතිහාසය මඟ නතරව සසලව ඉකි ගසන තරමට ඛේදනීය සිදුවීම් එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවෙමින් තිබේ. එක් පුවතකින් කියැවුණේ පුතුගේ පොලු පහරින් මව හා පියා මිය ගිය බවය. සිය තරුණ දියණිය මරා මළ සිරුර පුළුස්සා නිවෙසට වී සිටි වියපත් අම්මා කෙනකු සම්බන්ධ ප්‍රවෘත්තිය මෙයට දෙතුන් මසකට ඉහතදී ය. පියාගේ පොලු පහරින් මියගිය පුත්‍රයන් සම්බන්ධ පුවත් ද දියණියගේ පොලු පහරින් මියගිය පියකු සම්බන්ධ පුවතක් ද වාර්තා වූයේ දෙතුන් සතියකට ඉහතදී ය.

බුදුන් පහස ලද, පන් දහසක් කල් සස්න රක්නා රට යැයි විරුදාවලි ලත් නයන පිනවන මේ රන් දිවයින චිකාගෝවක් බවට පත්වී තිබේ. ‘‘මිනිසා නොහදා රට හදන්නට බැරි’’ යැයි ඒකාන්ත වශයෙන්ම පිළිගත් සමාජයක මිනිසා හැදීම ආරම්භ කළ යුතු පාසල් පද්ධතිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව කම්පාවට පත්විය යුතුය. මේ රට මේ තත්ත්වයට පත් විය යුතු රටක් නොවන බව විවාදයකින් තොරය. එහෙත් රට හදන තැන මස් පිඬු ප්‍රදර්ශනාගාරයක් බවට පත්වූ පසු ජනතාව වෙනුවෙන් පිහි රැගෙන මැති සබය මැදට පැන ප්‍රතිවාදියාගේ ඇඟ මස උදුරා ගැනීමට උත්සාහ කරන විට, රටේ තුන්වැනි පුරවැසියා වන කතානායකවරයාට මිරිස් කුඩු ප්‍රහාර එල්ලවන තත්ත්වයක ඒවා ආදර්ශයට ගෙන ජනතාව ද ඒ මාර්ගයේම ගමන් කරන්නේ දැයි සැකයකි.

කෙසේ වෙතත් නිර්මාණය වී ඇති ඛේදනීය තත්ත්වයට මවුපියන් වගකිව යුතුය. පාසල් ප්‍රධානීන් ඇතුළු ගුරුවරුන් වගකිව යුතුය. වඩාත් යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරන පුරවැසියන් මේවාට වගකිව යුතුය. පාලකයන් වග කිව යුතුය. සමස්ත සමාජයම එකවිටම එක්ව මෙම අර්බුදයට උත්තර සෙවිය යුතුය. නැතහොත් රටක් වෙනුවට නරකාදියක් බිහි වනු ඇත.



අදහස් (4)

පාසල් දරුවෝ මරුවෝ වූවෝ කාගේ වරදින්ද

yaha Wednesday, 28 November 2018 02:53 PM

මේවට සම්පූර්ණයෙන්ම මාධ්‍ය වගකිව යුතුයි. දියුණු රටවල මෙවැනි සිදුවීම් වාර්තා කරන්නේ නැහැ. අනිත් එක මේ වගේ අදහස් දාන්න ඉඩ දෙන්න එපා.

:       113       19

Duminda Thursday, 29 November 2018 09:28 PM

මේකට වග කිව යුත්තේ මුදල් පසුපසම යන්නාවූ කිසිම සංස්කෘතියක්, සදාචාරයක් නැති, සමාජ වගකීමක් නැති රාජ්‍ය හා රාජ්‍ය නොවන රූපවාහිනී මාධ්‍ය ව්‍යාපාරයයි. සමාජයට, ළමයින්ට තරුණ පරම්පරාවට නොයෙකුත් සමාජ දූෂ්‍ය චරිත, අපරාධ පමණක්ම පෙන්වන අසීලාචාර අරමුණක් නැති ටෙලිනාට්‍යය තමයි මේ හෙනේට ප්‍රධාන හේතුව... ඒවාට සම්බන්ධ වන බඩවියත පමණක්ම සිතන නළු නිලි හැතිකරයත් මේ අපරාදයේ වග උත්තර කරුවෝයි. දිනකට පැය 3 -4 වටිනා කාලයේ මොල හෝදමින් පෙන්වන මේ දුශ්චරිත ඔවුන්ගේ සිත් සතන් වලට සාමාන්‍යකරණය වී ඇත. ඉතාමත් ජනප්‍රිය වෙළඳ භාණ්ඩ වර්තමානයේ නොනවත්වාම වෙළඳ දැන්වීම් දමන්නේ අනාගත පරපුරේ මොලවලට ළමා කාලයේ සිට එම වෙළඳ නාම කාවැද්දීම සඳහායි. එලෙසම නොනැවතී දිනපතා දෑස දල්වාගෙන රාත්‍රී නින්දට පළමුව බලන මේ ආදර්ශයෙන් පිරුණු කතා, නින්දේදීද හද තුළ හොල්මන් කරන අතර සුව නින්දකටවත් ඉඩ නොතබයි. ඒවා සාමාන්‍යකරණය වී එම දුශ්චරිත ඔවුන්ගේ පරමාදර්ශී චරිත බවට පත්වේ. ක්‍රම සහ විදි පුරුදු වේ. ඒවා අත්හදා බැලීමට යොමුවේ. දෙමාපියන්ට වැඳීම පවා කරන්න පුරුදු වන්නේ ඉන්දියානු ටෙලෙනාට්‍ය වල මෙන් අමුතුම ක්‍රමයකටයි.

:       0       72

kumar (Gulf) Sunday, 02 December 2018 02:28 PM

දෙමාපියන් වගකිවයුතුය්.

:       0       0

kumar (Gulf) Sunday, 02 December 2018 02:28 PM

දෙමාපියන් වගකිව යුතුයි.

:       19       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 709 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 234 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 611 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 322 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 419 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 182 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site