IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


භූත ඇදහිලි විශ්වාස පසුපස ගොස් අමාරුවේ වැටෙන්නෝ

ප්‍රාග් ඓතිහාසික යුගයේදී මිනිසා ගස්, ගල් පර්වත නමස්කාර කළේය. එම මිනිසාට ඉර මෙන්ම හඳද දෙවියන් විය. ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ භාරතයේ විද්‍යාත්මක පදනමක් නොමැති ඇදහිලි හා විශ්වාස 62ක් විය. ඒවායේ ඇතැම් ඉතිරි බිතුරු තවමත් ඉන්දියාවේ පවතී. 21 වැනි සියවස වුවද අදටත් ඉන්දියාවේ “නිඝන්ටනාථ පුත්තලා” සිටිති. ඉන්දියාවේ පමණක් නොව මේ රටේ තත්ත්වය ද එයින් වෙනස් නොවන්නකි.

 අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ මල්වානේ යබරව ප්‍රදේශයේ කඩවර දේවාලයකට ශාන්ති කර්මයක් සිදුකර ගැනීම සඳහා ගිය 64 හැවිරිදි විදුලි කාර්මික දෙදරු පියකුගේ දකුණු යටිපතුල දරුණු අන්දමින් පිළිස්සූ බව කියන එම දේවාලයේ කපුවා හා ඔහුගේ පුතා අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසන බවය.

දේවාලයේ කපුවා මැටි පහනකට කපුරු දමා දල්වා යටි පතුලට ඇල්ලීමෙන් දරුණු ලෙස පිළිස්සුණු දෙදරු පියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

 සිරුරට අධික ලෙස සැප දීමෙන් විමුක්තිය සලසාගත හැකි බව බුද්ධ - කාලීන භාරතයේ විසු ඇතැම්හු සිතූහ. එමෙන්ම සිරුරට අධික ලෙස දුක්දීමෙන් විමුක්තිය අත්පත් කරගත හැකියැයි තවකෙක් සිතූහ. බුදුදහම මෙම දෙපිරිසට අන්තවාදීන් ලෙස සලකා බැහැර කර ඇත. මල්වානේ යබරව ප්‍රදේශයේ කඩවර දේවාලයක් පවත්වා ගෙන යන කපුවා අයත් වන්නේ දෙවැනුව කී වර්ගයේ අත්තකිලමතානු යෝගයටය. ප්‍රශ්නය වන්නේ මෙවැනි මිථ්‍යාවලට හසුවන ගොදුරුවන, එමෙන්ම මිථ්‍යාව සාඩම්බර පදක්කමක්ව පළඳින අඥාන පුරවැසියන් බුරුතු පිටින් තවමත් සිටීමය.

21 වැනි සියවස යනු දැනුමට අදාළ සියලු සීමා බැමි පුපුරවා හල සියවසකි. එමෙන්ම දැනුමට අදාළ සියලු ඒකාධිකාරි විසුරුවා හල යුගයකි. දැන් දැනුම ඇත්තේ ගුරු කුලවල හෝ පාර්ශ්ව සතුව නොව අන්තර් ජාලයේය. ඕනෑම අයකුට අන්තර් ජාලය ඔස්සේ තමන්ට අවශ්‍ය දැනුම සොයාගත හැකිය. විශ්වයේ කිමිදි කිමිදී එම දැනුම පාදාගත හැකිය. දැනුම මිනිසාට මේ තරම්ම සමීප වූ යුගයක් ඉතිහාසයේ නැත. එය එසේ වුවත් මිථ්‍යාව පසුපසින් යන්නෝ බහුල වෙති.

‘නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳයි’ යන්න ජන ජීවිතයට බොහෝම සමීප එමෙන්ම අරුත්බර කියමනකි. එය එසේ වුවද ඇතැමෙක් එසේ කියමින්ම නොපෙනෙන බලවේගවල පිහිට පැතීමට පෙළැඹෙති. මෙයින් කියැවෙන්නේ නොපෙනෙන සියල්ල “පට්ට කෙබර” බව නොවේ. එහෙත් එයට විද්‍යාත්මක පදනමක් තිබේ. බුදුරජාණන් වහන්සේ වදාළේ බිය, නැතිගැන්ම ආදිය නිසා මිනිසුන් නොපෙනෙන බලවේගවලින් හා ගස්, ගල් පර්වතවලින් පිහිටක්, රැකවරණයක් අයදින බවය.

21 වැනි සියවසේදීත් එබඳු මිනිසුන් සිටී නම්, එය අප සමාජයේ එක් අඳුරු පැතිකඩක් නිරූපණය කරන්නකි. සඳ තරණය කර විශ්වය ජයගත් ලෝකයට අවශ්‍ය වන්නේ එම යුගයට ගැලපෙන මිනිසුන්ය. දේවාල ගානේ යමින්, කපුවන් පසුපස ගාටමින් ගොස් මරණයට පත්වූ මිනිසුන් සම්බන්ධ අනුවේදනීය පුවත් මෙන්ම විවිධ අතවර කරදරවලට ලක්වූ පුවත් ද ඕනෑ තරම් තිබේ. මෙහි නුවණ පාදාගැනීමට කදිම නිදසුන්ය.

එමෙන්ම නොපෙනෙන බලවේගවල පිහිට පැතීමට ගොස් වස්ත්‍රයේ සිට සියලු සේසත අහිමි කරගත් මිනිසුන් පසුව පෙනෙන පොලිසියේ පිහිට පැතූ පුවත් ද ඕනෑ තරම්ය. ඒවා අසා දැක කියවා හෝ නුවණ මතුකර ගැනීම අපේ පුරවැසියන්ගේ වගකීමය.

(***)



අදහස් (2)

භූත ඇදහිලි විශ්වාස පසුපස ගොස් අමාරුවේ වැටෙන්නෝ

Bunny Preena Saturday, 30 December 2023 09:18 AM

මිනිසා තුළ තණ්හාව, ආශාව තියෙන කන් මේවා නැති වෙන්නේ නැහැ.

:       19       4

chandima Saturday, 30 December 2023 10:13 PM

ඔය කතාව ප්‍රේමදාස කාලේ කිව්වා නම් මෙලහට හිරේත් ගිහින්...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1333 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 822 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 343 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 742 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 367 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 474 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 426 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 920 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site