IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මන්ත්‍රීන් වගකීම පැහැර හැරීම තනතුර බාල්දු කිරීමක්

පාර්ලිමේන්තුව වරින් වර රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙයි. හොඳ සහ නරක මාතෘකා දෙවර්ගයම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජනතාවගේ විමසුමට ලක්වුණත් බොහොමයක් අවස්ථාවල නරක මාතෘකා හොඳ මාතෘකා අබිබවා යාම වර්තමානයේ දී නිරතුරුව දැකිය හැකිය.

පාර්ලිමේන්තුවේ සිටින්නේ රටේ මහජනතාවගේ ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලැබූ මහජන නියෝජිතයන් වුවද ප්‍රශ්න ඇසීමේ වාරය ලැබුණු අවස්ථාවේ මන්ත්‍රීවරුන් හත් දෙනකු පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීමේ සිද්ධියෙන්ද පෙන්වා දී ඇත්තේ නරක පූර්වාදර්ශයකි. ජනතාවගේ දැඩි කලකිරීමට හේතුවන ඔවුන්ගේ දැඩි විවේචනයට හසුවන මාතෘකාවකි.

පාර්ලිමේන්තුවේදී තමන්ට ප්‍රශ්න ඇසීමේ වාරය නොලැබෙන බවට ඇතැම් මන්ත්‍රීවරුන් කතානායකවරයාට දෝෂාරෝපණ කරන අවස්ථා ද අප දැක තිබේ. එවැනි අවස්ථාවල මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන අවස්ථාව පැහැරගැනීමක් වශයෙනි. එය ජනතාවගේ අයිතිය පාගා දැමීමක් බවට ද ඔවුහු චෝදනා කරති. එහෙත් තමන්ට ලැබෙන අවස්ථාව භාවිතයට නොගැනීමෙන් මන්ත්‍රීවරුන් සිදුකරන්නේ තමන්ට බලය ලබාදුන් ජනතාවගේ අයිතිය පාගා දැමීමක් බව කනගාටුවෙන් වුවද පෙන්වාදීමට සිදුව තිබේ. එය මහජන නියෝජිතයන් වශයෙන් තමන්ට පැවරී තිබෙන වගකීම පැහැරහැරීමක් බව මන්ත්‍රීවරුන්ට නොදැනෙන්නේද? ඔවුන්ට නොදැනුණත් සිය ජනතාවට දැඩි ලෙස දැනෙන බව මන්ත්‍රීවරුන් දැනගත යුතු ය. පාර්ලිමේන්තුවට නොපැමිණීමට ඇතැම් මන්ත්‍රීවරුන්ට විවිධ හේතු තිබිය හැකි වුවද ප්‍රශ්න ඇසීමේ වාරය තමන්ට ලැබෙන බව දැන දැනම එය පැහැරහැරීම මන්ත්‍රීවරයකුට උචිත නොවන බව ද කිව යුතු ය.

මෙරට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් බරපතළම විවේචනය එල්ල වූයේ පසුගිය අරගලය සමග බවද මෙහිදී සිහිපත් කරදීම අවැසිය. එහිදී දැඩිව ප්‍රකාශයට පත්වූ අදහසක් වූයේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම ගෙදර යැවිය යුතු බව ය. එය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තමන්ගේ වගකීම පැහැරහැර තිබෙන බවට ජනතාව තුළ පැවති දැඩි කෝපය සහ කලකිරීම පුපුරා ගිය අවස්ථාවකි. එයට පෙර සිදුවූ පාස්කු දින ප්‍රහාරයෙන් පසුව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාව ද ඇතැම් මන්ත්‍රීවරුන් පවා දැඩි ලෙස ආවේගශීලීව අදහස් ප්‍රකාශ කරනු දැකිය හැකි විය. එහිදී එක් මන්ත්‍රීවරියක, අද රටේ ජනතාව මුළු පාර්ලිමේන්තුවටම හෙණ ඉල්ලන තත්වයට පත්ව සිටින බව ප්‍රකාශ කළේ දැඩි සංවේගයකිනි. මේ කිසිවකින් හෝ ඇතැම් මන්ත්‍රීවරුන් තවමත් පාඩමක් ඉගෙන ගෙන නැත. එසේ පාඩම් මතක තිබේ නම් ජනතාව වෙනුවෙන් ප්‍රශ්න ඇසීමට තිබෙන අවස්ථාව මේ ආකාරයට නොසැලකිලිමත් ලෙස කටයුතු කරමින් මග හැර යන්නේ නැත.

පසුගිය සති අන්තයේ දී කොළඹදී පැවති උත්සවයකදී කොළඹ සරසවියේ නීති පීඨයේ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා කළ ප්‍රකාශයක සඳහන් වූයේ මූලික වගකීම් ඉටුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සඵල බව දැඩි ලෙස අභියෝගයට ලක්වී තිබෙන බවය. මහාචාර්යවරයා එහිදී රැස්ව සිටි පිරිසගෙන් විමසා සිටියේ පාර්ලිමේන්තුව සැබෑ ලෙසම තම වගකීම් ඉටුකරන්නේද යන ප්‍රශ්නයයි. විශේෂයෙන්ම අණ පනත් ක්‍රියාත්මක කිරීම් සහ මූල්‍ය විනය පවත්වා ගැනීම් සම්බන්ධයෙන් නිසි කාර්යක්ෂම බවකින් කටයුතු කරන්නේද යන ප්‍රශ්නයද ඔහු විමසා තිබිණි. ඊළඟට මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණේ මහජනතාවගේ මූලික අභිලාෂයන් ඉටුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කාර්යභාරය ගැන තමන් සෑහීමට පත් නොවන බව ය. එකම දවසේ මන්ත්‍රීවරුන් හත්දෙනකුම ප්‍රශ්න ඇසීමේ වාරය සඳහා පැමිණ නොසිටීම සම්බන්ධයෙන් මහාචාර්යවරයා දක්වන එකී අදහස දැඩි ලෙස අනුමත කිරීමට අප පොළඹවන බව ද පෙන්වා දෙමු.

අප මේ කරුණු පෙන්වා දෙන්නේ සද්භාවයෙන් යුතුව බව ද මෙහිදී සඳහන් කරමු. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද මන්ත්‍රීවරුන්ට ලබාදී ඇත්තේ රටේ මහජනතාව වෙනුවෙන් තම යුතුකම් සහ වගකීම් ඉටුකිරීමේ දී එල්ලවෙන බාධා හිරිහැර වළක්වා ගැනීමට මිස වගකීම් පැහැරහැරීම සඳහා යොදාගැනීමට නොවන බවද සඳහන් කළ යුතුය. වාහන පර්මිට් ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන් දක්වන උනන්දුවෙන් අල්පමාත්‍රයක් හෝ මහජනතාව වෙනුවෙන් ප්‍රශ්න ඇසීමට යොදා නොගැනීම ඔවුන්ට ලජ්ජාවක් බව ද කිව යුතු ය.

 

(***)



අදහස් (0)

මන්ත්‍රීන් වගකීම පැහැර හැරීම තනතුර බාල්දු කිරීමක්

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 676 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 208 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 581 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 311 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 407 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 163 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site