IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මහ වැස්සෙන් පීඩාවූවන්ට වහාම සහන පියවර ගනිමු

නිරිත දිග මෝසම් සමය සක්‍රීයවීමත් සමග මහවැසි සහ සැඬ සුළං ඇතිවීම බලාපොරොත්තු විය යුතුය. එහෙත් පැය 24 ක් වැනි සුළු කාලයක් ඇතුළත දී මිලිමීටර් 400 කට ආසන්න හෝ ඊටත් වැඩි හෝ වර්ෂාපතනයක් ඇතිවීම දරුණු ප්‍රතිවිපාක ඇතිකරවන අනපේක්ෂිත බරපතළ ආපදාවකි. පසුගිය ඉරිදා (02) අලුයම් කාලයේ දකුණු බස්නාහිර සහ සබරගමුව පළාත්වල බොහෝ ප්‍රදේශවාසීහු ආපදාවේ වින්දිතයෝ බවට පත්වූහ. දරුවන් දෙදෙනකු ඇතුළු 15 දෙනකුට මරණය අත්කර දෙමින් තවත් බොහෝ දෙනකුට උන්හිටි තැන් අහිමි කරවීමට තරම් එම ආපදා තත්වය උග්‍රවී තිබිණි.

ස්වාභාවික ආපදා කල් තබා ඇඟවීම් සිදුකර අනතුරු පැමිණෙන්නේ නැත. මෝසම් සමය සක්‍රිය වූ බව ප්‍රකාශ කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගත වූ සති කිහිපය තුළදීම ඉහත කී පළාත්වලට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙනු ඇති බවට අනාවැකි පළ කළේය. එහෙත් පැය 24 ක් තුළ මෙතරම් දරුණු වර්ෂාවක් ඇදහැලෙනු ඇති බවට අනතුරු ඇඟවීමක් සිදු නොවීය.

එවැනි අනතුරු ඇඟවීමක් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හැකි වූයේ නම් සිදු වූ ජීවිත හානි කිහිපයක් හෝ වළක්වා ගැනීමට තිබූ බව අපගේ වැටහීමයි. මහවැසි ඇදහැලීමෙන් පසුව එහි බලපෑමට හසු වූ පළාත් වාසීන්ට එකී ප්‍රදේශවලින් වහා ඉවත්වන්නැයි ප්‍රකාශ නිකුත් කිරීමෙන් පළක් නැත. එවැනි ප්‍රකාශ අසා බලා ගැනීමට එකී ආපදා හමුවේ දැඩි අසරණභාවයට පත් වූ ජනතාවට හැකියාවක් ද නැත. ගේ දොර වතුපිටි දෝරේ ගලා උන්හිටිතැන් අහිමිවීමෙන් පසුව කාලගුණ නිවේදනවලට කන්දීමට වඩා එකී ආපදාවට මුහුණ දුන් අය ප්‍රමුඛත්වය ලබා දෙන්නේ තමන්ගේ ජීවිත හා දේපළ රැක ගැනීමටය. මේ නිසා  නිකුත් කරන ඕනෑම අනතුර ඇඟවීමක් අඩුම තරමින් පැය කිහිපයකට කලින් හෝ සිදු කිරීමට හැකියාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතු විය යුතුය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වුවද කල්තබා මෙහෙයුම් කටයුතු සඳහා සූදානම් වීමට ද එයින් ලැබෙන්නේ විශාල අනුබලයකි.

අපේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ හැටියට ස්වාභාවික ආපදාව යනු ‘කොරේපිටට මරේ’ වැඩකි. විපතට පත්වන ජනතාවට සහන ලබාදීමටත් උන්හිටි තැන් අහිමි වන දරු පවුල්වලට ආහාර පාන ඇතුළු සහන ද විකල්ප නවාතැන් පහසුකම් ලබාදීමද සිදු විය යුතුය. ඊට අමතරව හානි පූරක වන්දි ලබාදීම් ද අවශ්‍යය. මේ සියල්ල කිහිප දෙනකු වෙනුවෙන් සිදු කිරීම අපහසු නොවුණත් විපතට පත්වන ජනතාව දහස් ගණනක් බවට පත් වනවිට එය රටට ඉතා බරපතළ ආර්ථික පීඩාවකි. බොහෝවිට සිදුවන්නේ වැස්ස නැවතී අහස පැහැපත් වන විට දුකට වැටුණ ජනතාව බොහෝමයක් බලධාරීන්ට ද අමතකවී යාමයි. ඉන්පසු එම ජනතාවට ඉතිරිවන්නේ දෙවියන්ගේ පිහිට පැතීම පමණි.

එම තත්වය වඩාත් සංකීර්ණ වීමට ප්‍රබල හේතුවක් වන්නේ රටේ යටිතල පහසුකම් පිළිබඳ සොයා බැලීමේ ලොකුම වගකීම පැවරී තිබෙන පළාත් පාලන ආයතනවල දේශපාලන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබීමයි. වසර ගණනාවක් තිස්සේ අකර්මණ්‍යව ඇති පළාත් පාලන ආයතන එම තත්වයට පත් කිරීමට කටයුතු කළ සියලුම දේශපාලන නායකයන් මේ සම්බන්ධයෙන් වග කිවයුතුය. ප්‍රාදේශීය සභා, නගර සභා පමණක් නොව මහනගර සභාවල පවා  මහජන නියෝජිතයන් සිටියානම් මෙවැනි ස්වාභාවික ආපදාවල දී පීඩාවට පත් වෙන ජනතාවට එසේ විශාල සහනයක් විය හැකිව තිබිණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කිරීමේ දී පවා පළාත් පාලන මන්ත්‍රීවරුන් සිටියා නම් එය විශාල පහසුවකි. දේශපාලන වාසි වෙනුවෙන් අකර්මණ්‍ය කෙරුණු පළාත් පාලන ආයතන හේතුවෙන් දුක් විඳින්නේ පොදු මහජනතාව වීම ලොකුම ඛේදවාචකයයි. ස්වාභාවික විපත්වලින් වඩාත්ම පීඩනයට පත්වෙන්නේ අඩුආදායම්ලාභී පිරිස් බවද සඳහන් කළ යුතුය.

මහ වැසි සහ සුළං හේතුවෙන් ජීවිත හානිවූ සියලු දෙනා වෙනුවෙන් ඔවුන්ගේ සමීපතමයන්ට අපගේ සංවේගය පළ කරමු. විපතට පත් සියලු දෙනාට හැකි ඉක්මනින් සහන ලබා දීමට කටයුතු කරන්නැයි ඒ සමග බලධාරීන්ටද සිහිපත් කරමු. කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම  ගැන කතාකරන රටක හරිහැටි නිවැරැදි අනාවැකියක් පළකර ගත නොහැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් තිබීම ගැන කනගාටුවන බවද ඒ සමග කිව යුතුය.

(***)



අදහස් (1)

මහ වැස්සෙන් පීඩාවූවන්ට වහාම සහන පියවර ගනිමු

රුවන් පුෂ්පකුමාර Friday, 07 June 2024 09:58 AM

මෙරටට බලපාන ස්වාභාවික ආපදා අවම කිරීම හා ආපදා කළමනාකරණය විධිමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් පවතිනවා. එනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් අනෙකුත් ප්‍රධාන ආයතන සමග එක්ව පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉටු කිරීම, සූදානම් කරන ලද සැලසුම් පවත්වා ගැනීම, අවදානම් සහගත තත්ත්වයේ පසු වන ජනතාව සඳහා පූර්ව අනතුරු හැඟවීම් සහ හදිසි ප්‍රතිචාර දැක්වීම ප්‍රමුඛව කළ යුතුයි. මීට අමතරව ආපදා කළමනාකරණ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණයට පහසුකම් සැපයීම දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් දීප ව්‍යාප්තව ආපදා කළමනාකරණ කමිටු පවත්වාගෙන යා යුතු වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 676 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 208 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 581 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 311 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 407 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 163 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site