IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රජයේ වාහනවලින් සිදුවන නාස්ති අඩු කරගන්න බැරිද?

රජයේ වාහනවලින් සිදුකෙරෙන ගැහිලි ගැන කතා නිමක් නැත. ඒ ගැහිලි අතරේ ඉන්ධන සොරා ගැනීමේ සිට ගෙඩිය පිටින් වාහනයම අතුරුදන් කිරීම දක්වා කටයුතු සිදුවෙමින් පවතී. මේ බොහොමයක් ගැහිලි සිදුවන්නේ හොර රහසේ වුවද ඒ සිදුවීම් ඇතැම් විට ‘ප්‍රසිද්ධ රහස්’ බවට ද පත්වෙයි. එවිට සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට විනය පරීක්ෂණවලට මුහුණ දීමට පමණක් නොව රැකියාව අහිමිවීම දක්වා දඬුවම්වලට යටත්වීමට ද සිදු වෙයි.

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව මගින් පසුගියදා අනාවරණය කරගත් තොරතුරුවලට අනුව එවැනි ගැහිලි හේතුවෙන් සිදුවන විශාල මූල්‍ය නාස්තිය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවා පා තිබේ. රුපියල් 100ක පිරිවැයකින් කිලෝමීටරයක් ධාවනය කළ හැකි රාජ්‍ය ආයතන වාහනයක් රුපියල් 300ක් තරම් ඉහළ පිරිවැයකට ධාවනය කළ යුතු වන තත්වයකට පත්වීම ඒ සඳහා එක් උදාහරණයකි. මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකසන ලද පර් යේෂණ පත්‍රිකාවක මේ බව සඳහන් වන්නේ යැයි කාරක සභාව ප්‍රකාශ කර තිබිණි.

රුපියල් 100කින් කළ හැකි වැඩේට රුපියල් 300ක් වැය කිරීම යනු විශාල නාස්තියකි. එය නාස්තියක් පමණක් නොව දූෂිත සහ වංචනික ක්‍රියාදාමයක එක් ශක්තිමත් පුරුකක් ද වෙයි. ඒ අනුව වැඩිපුර වැය වන රුපියල් දෙසීය අවසානයේ නවතින්නේ කාගේ හෝ සාක්කුවක ය. රජයේ ආයතන බොහොමයක වාහනවලට වර්තමානයේ අත්වී තිබෙන ඉරණම එයයි.

රජයේ වාහන බරපතළ ලෙස අවභාවිතයේ යෙදෙන බව ද ඒ සමග සඳහන් කළ යුතු ය. කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල සුපිරි පාසල් ගේට්ටු අසලට එම පාසල් ඇරෙන වේලාවට ගොස් පරීක්ෂා කළහොත්  රාජ්‍ය ලාංඡනය ගැසූ වාහන කොපමණ සංඛ්‍යාවක් අවභාවිතයේ තිබේදැයි බලාගත හැකිවනු ඇත. එසේම දිගු සති අන්තවලදී විවිධ පළාත්වල තිබෙන නිවාඩු නිකේතන සහ සුපිරි ගණයේ හෝටල් පරිශ්‍රවල ද රාජ්‍ය ලාංඡනය සහිත වාහන දැක ගැනීම අසීරු නැත.

ආංශික කාරක සභාව සඳහන් කර ඇති පරිදි රාජ්‍ය අංශය සතුව මේ වනවිට පවතින වාහන සංඛ්‍යාව අසූ දෙදාහක් පමණ වන අතර එයින් ධාවන තත්වයේ පවතින්නේ හැත්තෑදහසක පමණ සංඛ්‍යාවකි. ධාවන තත්වයේ ඇති වාහනයක් කිලෝමීටරයක් දුරක් යාමේදී රුපියල් 300ත් 500ත් අතර වියදමක් ආසන්න වශයෙන් වැය කෙරෙන බව ද සඳහන්වීම නිසා සිදුවන විශාල පාඩුව ගණන් හදාගත හැක.

මෙවැනි විශාල මුදලක් වැය වන්නේ එකී වාහන නඩත්තුවට සහ රියැදුරන්ටත් සහායකයන්ටත් වැටුප් ගෙවීමට සිදුවීම නිසා බව පෙනීයයි. එහෙත් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශයෙන්  ලබාගත හැකි නම් ඒ සඳහා කිලෝමීටරයකට වැය වන්නේ රුපියල් සියයක් හෝ ඊට වඩා අඩු මුදලක් බව ද අදාළ පර් යේෂණ වාර්තාව අනුව හෙළිවී ඇතැයි කියති. ඒ අනුව එවැනි වැඩපිළිවෙළකින් රජයට ඉතිරි කරගත හැකිවන මුදල රුපියල් කෝටි 2000ක් පමණ වන බව ද සඳහන් ය.

මේ තොරතුරු අදාළ කර ගනිමින් රාජ්‍ය ආයතන සතු වාහන භාවිතයේ දී සිදුවන නාස්තිය වැළැක්වීමට හඳුන්වාදිය යුතු වෙනස්කම්  කවරේ ද යන්න ගැන ආණ්ඩුව තීන්දුවක් ගත යුතුය. අත්‍යවශ්‍යම රාජකාරී කටයුතු සඳහා හැර වෙනත් අවශ්‍යතා සඳහා වාහන බැහැරින් කුලී පදනම මත ලබාගත  හැකිනම් එය මේ නාස්තිය වැළැක්වීම සඳහා සුදුසු එක් පියවරක් වනු ඇත. එහෙත් එහිදී සැලකිලිමත් විය යුත්තේ රාජ්‍ය ආදායම ඉතිරිකර දෙන අතරේ වැඩි මිලකට වාහන කුලියට ගනිමින් අතයට ගනුදෙනු  හරහා තවත්  දූෂණයකට ඉඩ නොතැබීමට ය. එය සිදු වුවහොත් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම කෙසේ වෙතත් ඒ ඒ රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන්ට අයථා අන්දමින් මුදල් රැස්කර ගැනීමේ මාර්ගයක් උදාකර දීමක් වනු ඇත.

(***)



අදහස් (5)

රජයේ වාහනවලින් සිදුවන නාස්ති අඩු කරගන්න බැරිද?

himal Tuesday, 02 April 2024 10:58 AM

ඔය පත්‍රිකාවට අනුව රුපියල් 100 කින් කිලෝ මීටරයක් යන්න පුළුවන් වෙන්නේ මොන වාහනයේද? මොකද ත්‍රී රෝද රථයක වුණත් ඊට වඩා ගන්නවා. අනෙක වාහන කියන්නේ හුදෙක් කාර්, වෑන් විතරක් නොවෙයි. හමුදාවේ වාහන, පොලිසියේ වාහන, ගිලන් රථ වගේ ඒවා කුලියට අරන් පාවිච්චි කරන්න පුළුවන්ද?

:       0       0

මහින්දපාල Thursday, 04 April 2024 01:45 PM

රජයේ වාහන වලින් සිදුවන නාස්ති ගැන කියද්දී ගමන් වියදම් හා සංයුක්ත දීමනා ගැන කියන්න වෙනවා... අතීතයේ එනම් මෙයට වසර පනහකට හෝ ඉන් පෙර කාලයේ ලංකාවේ ගමනාගමන හා ප්‍රවාහන පහසුකම් ඉතාමත් අඩුයි. ඉතින් කලාතුරකින් හෝ තියෙන බසයක ගොස් පා ගමනින් රාජකාරි කරන නිලධාරින්ට කෑමට යමක් ගන්න තැනක් තිබුනේ නැහැ. කුසගින්නේ දවසක් ඇවිදලා කාගේ හෝ පැලක රාත්‍රිය ගතකර පසුදා ආපසු යන්නේ ඉතාමත් විඩාවට පත්වෙලා තමයි... වර්තමානයේ එවැනි ගමනක් තියෙන්නේ නම් ශ්‍රීපාද වන්දනාවේ යන බැතිමතුන් සඳහා පහසුකම් සැලසීම බාර නිලධාරින්ට පමණයි. ඉතින් අතීතයේ එවැනි ගමන් යෙදීම වෙනුවෙන් බස්ගාස්තු හා කාලය පදනමෙන් යැපීම් දීමනා ගෙවීම් කරනවා. ඇත්තටම අතීතයේ එහෙම කරපු දේ අනුගමනය කරමින් තවමත් එම දීමනා ගෙවීම කෙසේවත් සාධාරණයක් නැහැ. ඒ අතර සමහරක් රියදුරෝ පිරිසක් ඉන්නවා දිනක් තුළ දෙවරක් ගමන් ගියොත් දෙවරක්ම එම දීමනා ගන්නවා... තවත් දෙයක් තමයි රියදුරුට වැටුප් ගෙවන්නේ ඔහුගේ රාජකාරි කිරීම සඳහා වුණත් රියැදුරෝ වාහන පැදවීම වෙනුවෙන් සංයුක්ත දීමනා නැත්නම් රාජකාරි කරන්නේ නැහැ. මේ ගෙවීම් ක්‍රම නොපමාව අහෝසි කරන්න හෝ සංශෝධනයක් කරන්න අවශ්‍ය වෙනවා..!

:       0       3

SurangaSaturday, 06 April 2024 12:40 AM

සංයුක්ත දීමනාව දිනක් තුළ දෙවරක් ගන්න පුළුවන් කතාව මං නම් අදමයි ඇහුවේ... මොකද එම දීමනාව ලබා ගන්න අවම පැය 12කට වඩා පැය ගණනක් ධාවනය කර තිබිය යුතුයි. (මුල්ම පැය 12 ලබාගත්තත් ඊළඟ පැය 12ක් ගන්න විදිහක් නෑ). අනික මම දන්නා තරමින් එකම දිනට සංයුක්ත දීමනා 2ක් ගන්න බැහැ. අනිත් දේ මොනවා කළත් මසකට ඉල්ලුම් කරන්න පුළුවන් සංයුක්ත දීමනා 10ක් පමණයි. (සෞඛ්‍ය ඇරුණාම). ආයතන කීපයකට ඇරුණාම අනිත් රජයේ රියැදුරන්ට ඔය කියන ඒවා ගන්න බැහැ...

:       0       0

vernonMonday, 08 April 2024 02:42 PM

සංයුක්ත දීමනා ගෙවයි රු 500ක් උපරිම. ඒකත් පැය 12ක් වැඩ කරන්න ඕන. අනික ඔය රු 500න් කෑමක් කන්න මදි අද දවසේ.

:       0       0

තරංග Tuesday, 09 April 2024 07:34 AM

ඔයිට වඩා හොද ගසා කෑමක් කියන්නද. ලංකාවේ ඕනම දුරකතන සමාගමකින් මාසයකට රු 1000ට අඩුවෙන් සීමාවකින් තොරව ඇමතුම් ගන්න පුලුවන්. ඒ කියන්නෙ මාසෙම කතා කරත් රු 1000යි. එසේ තිබියදී මන්ත්‍රීවරුනට රු 50000ක දුරකතන දීමනාවක් දෙන්නෙ ඇයි

:       0       2

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 676 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 208 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 581 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 311 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 407 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 163 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site