IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රටක් වටින චමල්ගේ අවවාදය

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුර කාල දෙක අවසන් වීමෙන් පසුව සමුගත්තා නම් වඩාත් හොඳ බවත් එය එසේ සිදුවී නම් මෙහෙම දුකක් විඳීමට සිදු නොවනු ඇති බවත් චමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. සුදුසු වෙලාවේදී තනතුරුවලින් ඉවත් වීම වැදගත් බවද තනතුරුවලට ලෝබ නොවී අත් හැරීමත් පුරුදු විය යුතු බවද සඳහන් කළ චමල් රාජපක්ෂ මහතා සියලු‍ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වූයේ වැරදි උපදෙස් මත උසිගැන්වීමක් හේතුවෙන් සිදුකළ අරගලකරුවන්ට පහරදීමෙන් බවද ප්‍රකාශ කර තිබිණි.

චමල් රාජපක්ෂ මහතා මතභේදාත්මක පසුබිමක ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොහොයුරු බැවින් මෙය සහෝදරාත්මකව ලබාදුන් උපදේශයක් වශයෙන් සැලකිය හැකිය. එහෙත් එය ප්‍රමාද වී පැමිණි උපදේශයක් බව බැලූ බැල්මට පෙනී යයි. රාජපක්ෂ පාලනයට එරෙහිව රටපුරා පැනනැගුණු උද්ඝෝෂණ දිගින් දිගටම ඇදී යද්දී හෝ අඩුම තරමින් මැයි 09 වැනිදා අරලියගහ මන්දිරයේ දහස් ගණන් රැස් කරමින් සිදුකළ ආවේගාත්මක රැස්වීමට පෙර හෝ මේ අවවාදය ලබාදී තිබුණා නම් රටට මේ වින්නැහිය සිදු නොවීමට ඉඩ තිබිණි. එහෙත් ප්‍රමාද වී පැමිණියද එම ප්‍රකාශය සියලු‍ දේශපාලනඥයන්ට වටිනා පාඩමක් කියා දී තිබෙන බව කිවයුතුය.

මහින්ද රාජපක්ෂ මහතා 2010 දී සිය දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දුන්නේ මෙරට ඉතිහාසයේ වඩාත්ම ජනප්‍රිය නායකයා වශයෙනි. යුද්ධය දිනා දුන් නායකයා වශයෙන් රටේ බහුතර ජනතාවගේ අප්‍රමාණ ගෞරවයට සහ ආදරයට ලක්වූ ශක්තිමත් නායකයකු වශයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා එම ගෞරවාදරය රටේ පොදුජන යහපතට යොදවා ගැනීමට වඩා සදාකල් බලයේ රැඳී සිටීමට හැකි වන ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට උපයෝගී කර ගත්තේය. මෙරට ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසයේ වඩාත්ම විවේචනයට ලක්වූ සංශෝධනය වශයෙන් සැලකුණු 18 වැනි ව්‍යවස්ථාවේ උත්පත්තිය එලෙස සිදුවිය. එම සංශෝධනයෙන් පසුව ගෙවී ගිය දශකය දෙස ආපසු හැරී බැලු‍වහොත් පොදු ජන වීරයකුගේ චරිතයේ සිට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ චරිතයකට තමන් ඇදවැටුණු ආකාරය මහින්ද රාජපක්ෂ මහතාටම කියවා ගත හැකිය.

චමල් රාජපක්ෂ මහතා ඒ කාලයේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා විය. කතානායකවරයා වශයෙන් ඔහු විශිෂ්ට කාර්යභාරයක් ඉටුකළ බව සැබෑය. එහෙත් රට ගිනිගෙන මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන්ද ඉවත් වීමෙන් පසුව ලබාදුන් මේ අවවාදය එදා 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ලබාදුන්නා නම් එම අවවාදය මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තා නම් අද රාජපක්ෂ පවුල මේ තත්ත්වයට ඇද වැටෙන්නේ නැත. එසේ වී නම් මහින්ද රාජපක්ෂ මේ රට තුළ සදාකල් වීරයෙකි. එහෙත් දැන් ඒ සියල්ල කනපිට පෙරළී අවසන්ය.

චමල් රාජපක්ෂ මහතාගේ අවවාදයේ යටි පෙළෙන් කියැවෙන්නේ රාජපක්ෂවරුන්ට පමණක් මේ රටේ දේශපාලන අයිතිය පවරා දී නැතැයි යන්න මහින්ද රාජපක්ෂ මහතා තේරුම් ගත යුතුව තිබූ බවය. එය තේරුම් නොගැනීමෙන් සිදුවූයේ යුද ජයග්‍රහණයෙන් පසුව රාජපක්ෂ පාලනය තුළ සිදුවූ පවුල් ඒකකය වටා රටේ බලය කේන්ද්‍රගත කිරීමේ ව්‍යාපෘතිය 2019න් පසුවද දිගටම ක්‍රියාත්මක කිරීමය. 2015 දී ලැබූ පරාජයෙන්ද කිසිම පාඩමක් ඉගෙන නොගත් බව එයින් පැහැදිලි විය. ඒ වෙනුවට සිදුවූයේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට ගෙනා 19 වැනි ව්‍යවස්ථාව ඉවත් කර 20 වැනි සංශෝධනය ගෙන එමින් ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබූ විධායක ජනාධිපති ක්‍රමයම වඩාත් ශක්තිමත් කිරීමය. එසේම රාජපක්ෂ පවුලේ බලය කැබිනට් මණ්ඩලය තුළත් විවිධ උසස් තනතුරු ප්‍රදානයේදීත් කැපී පෙනුණි. එහි ලොකුම වරද්දාගැනීම සිදුවූයේ 20 වැනි සංශෝධනයේ බල මහිමයෙන් පාර්ලිමේන්තුවට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධුරය ලබාදීමය.

එකම පවුලේ සොහොයුරන් රටක ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැති වනවිට එම පාලන ක්‍රමය ජනතාවාදී පාලනයකට වඩා පවුල්වාදී මෙන්ම අධිපතිවාදී පාලන ක්‍රමයකට නතුවීම වැළැක්විය නොහැක. එවැනි පාලන ක්‍රමයක අවසානය රටේ ජනතාවගේ පොදු පහසුකම් ක්‍රමානුකූලව වැනසී ගොස් ආණ්ඩුවේ බලය පමණක් ඉතිරි වීමය. ගෝඨා ගෝ ගම, මයිනා ගෝ ගම ආරම්භ වූයේත් ඒවාට පාර කැපූ රටපුරා මහජන උද්ඝෝෂණ සහ විරෝධතා වර්ධනය වූයේත්  එහි බලපෑමෙනි.

බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධුරය හිමිවීමෙන් පසුව රටේ ආර්ථිකය බලා සිටියදීම කඩා වැටුණේය. අද ශ්‍රී ලංකාව බංකොලොත් වූ රටක් දක්වා පල්ලම් බැසීමේ ආරම්භය එය විය. අඩුම තරමින් මුදල් අමාත්‍ය ධුරයට රාජපක්ෂ පවුලේ සාමාජිකයකු පත් කළ අවස්ථාවේ හෝ චමල් රාජපක්ෂ මහතා මේ අවවාදය ලබා දුන්නේ නම් රට මේ තරම් විනාශයකට යාම වළක්වා ගත හැකිව තිබිණි. එහෙත් පාර්ලිමේන්තුව ඇතුළේ තවදුරටත් සිදුවන සිද්ධිවලින් පෙනී යන්නේ රාජපක්ෂවරුන් දිගින් දිගටම රටේ පාලනය තමන්ගේ ග්‍රහණයේම තබා ගැනීමට වැර වෑයම් කරන බවකි. එහෙත් රටපුරා දැකිය හැක්කේ ඊට ඉඳුරාම වෙනස් තත්ත්වයක් බව තම පවුලේ සාමාජිකයන්ට කියා දීමට චමල් රාජපක්ෂ මහතාට හැකි නම් එය මේ අවස්ථාවේ ලබාදිය හැකි හොඳම අවවාදය බවට කතා දෙකක් නැත.

(***)



අදහස් (3)

රටක් වටින චමල්ගේ අවවාදය

Kumara Tuesday, 24 May 2022 07:35 PM

මේ කට්ටිය රටට සාපයක්... !!! 

:       1       9

රුවන් Wednesday, 25 May 2022 03:02 PM

ඔවාදෙනු පරහට, තමා සම්මතයෙහි පිහිටා සිට...

:       1       14

බද්රානි Saturday, 28 May 2022 02:34 PM

රාජපක්ෂලා මේ රටේ ආර්ථිකය, සමාජ, දේශපාලන සංස්කෘතිය පමණක් නොවෙයි, බුද්ධ ශාසනයත් විනාශ කළා. ඔවුන් වපුරපු විෂබීජවල අස්වැන්න තමයි අපි මේ නෙලමින් ඉන්නේ. රාජපක්ෂ පිලලය මේ රටේ දේශපාලනයෙන් ඉවත් කිරීමයි කළයුත්තේ. එදාට, මේ රටේ නැවත අපිට ජීවත්වීමට සුදුසු වාතාවරණයක් ඇතිවේවි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 695 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 175 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19787 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site