IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


රට අගාධයට ගෙනයන නිලධාරි පැළැන්තිය

‘මේ රට හදන්න බැරිද?’ යන ප්‍රශ්නය ආර්ථික අර්බුදය උග්‍රව ජනයා කබලෙන් වැටීමත් සමඟ සමාජයේ පතුළ බිඳගෙන ප්‍රකාශයට පත්වූ ප්‍රශ්නයකි. මන්දයත් මේ රට යනු සාපිපාසිතව ජනයාට අකාලයේ මියයාමට සිදු නොවන රටක් වන හෙයිනි. එහෙත් නිර්මාණය වූයේ එබඳු රටකි. එබඳු රටක් නීර්මාණය වූයේ අතීතයේ සිටම මේ රට පාලනය කළ සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයන් නිසා බව පොදුවේ නැගුණ චෝදනාව විය.

මේ වියමන, ඒ කුරුසියෙන් දේශපාලනඥයන් ගලවාලීම පිණිස නොව අර්ධ සත්‍යයක් වූ ඉහත චෝදනාව අංගසම්පූර්ණ කිරීම පිණිසය. රට පිරිහීමට දේශපාලනඥයන් වගකිව යුතුය යන චෝදනාව අර්ධ සත්‍යයක් වනුයේ රටේ පිරිහීමට තවත් පාර්ශ්වයක්ද සම්බන්ධ හෙයිනි. එම පාර්ශ්වය රාජ්‍ය නිලධාරීහු වෙති. සමස්ත රාජ්‍ය නිලධාරි පෙළැන්තියම නොවූවද සැලකිය යුතු පිරිසක් මෙහි බලවත් පංගුකාරයෝ වෙති. ඒ බව තහවුරු කෙරෙන පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුව උපුටා දක්වමින් අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගල් අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කර ඇති බවය.

නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගල්අඟුරු  ගෙන ඒමේ දී නිවැරැදි තොරතුරු අනාවරණය නොකිරීම මත අඩුවෙන් අයකර තිබූ රුපියල් කෝටි 18කට ආසන්න වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකර නොගෙන රුපියල් කෝටි 20කට වැඩි දණ්ඩනයක් පනවා එම ලැබුණු මුදලින් සියයට 70 ක් නිලධාරින්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන්කර ඇතැයි කෝපා කමිටුවේ දී අනාවරණය වූ බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

 අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ දී රේගු නිලධාරීන් පවසා ඇත්තේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මෙවැනි දේවල් නැවත ඇති නොවීමට වැඩපිළිවෙළක් සකස් කරන බව යැයිද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.

කෝප් කමිටුව, කෝපා කමිටුව හා ජාතික විගණන කාර්යාලය සිදුකරන බොහෝ විමර්ශනවලින් මෙරට රාජ්‍ය සේවය අභ්‍යන්තරයෙන් කොතෙක් දූෂිත වී ඇද්ද යන්න අනාවරණය වේ. හෘදය සාක්ෂියක් සහිත රජයේ නිලධාරීන්ට රජයේ සේවකයන්ට මෙසේ කටයුතු කළ හැකිද යන ප්‍රශ්නය මතු කිරීම අත්‍යන්තයෙන්ම සාධාරණය.

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ හා සේවකයන්ගේ වංචා, දූෂණ,

අක්‍රමිකතා හා නොසැලකිලිමත්කම නිසා රාජ්‍ය භාණ්ඩාගාරයට අහිමිව යන්නේ කෝටි ප්‍රකෝටි ධනයකි. ඒ අනුව භාණ්ඩාගාරය හිස් කර තිබෙන්නේ දේශපාලනඥයන් පමණක් නොවන  බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වන්නකි.

යම් යම් ආයතනවල නිලධාරීන් සහ සේවකයන් දිරිගැන්වීම් සඳහා විවිධ ක්‍රමෝපාය යොදා තිබේ. රේගුවේද එවැන්නක් තිබේ. සොරකම්, වංචා දූෂණ අවම කර ගැනීම සඳහා එය යහපත් උපක්‍රමයකි. එහෙත් එය සාධාරණ විය යුතුය. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල් අඟුරු  ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක්ම එහි නිලධාරින්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීම කුමන පැතිමානයකින් විග්‍රහ කර බැලුවද සාධාරණ නොවේ. මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර නැවත එවැනි දේ සිදු නොවීමට වැඩ පිළිවෙළක් යොදන බව කෝපා කමිටුව ඉදිරිපිට රේගුවට ප්‍රකාශ කිරීමට සිදුවීමෙන්ම වරදේ ප්‍රමාණය තේරුම්ගත හැකිය. මෙවැනි වැරැදි සමග රට හදන්න බැරි බව ඒකාන්ත සත්‍යයකි.

(***)



අදහස් (0)

රට අගාධයට ගෙනයන නිලධාරි පැළැන්තිය

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1333 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 822 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 343 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 742 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 367 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 474 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 420 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 917 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site