IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වගකීම ඉටුනොකරන උද්ඝෝෂණ සාධාරණද?

ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් එක් දින මහා වැඩවර්ජනයක් 28 වැනිදා සංවිධානය කෙරිණි. ඊට පෙර ගුරු - විදුහල්පති එක් දින වැඩවර්ජනයක්ද ක්‍රියාත්මක වූ අතර පාසල් පද්ධතියම එම දිනයේ අඩාල විය. වැඩ වර්ජන මෙතැනින් නවතින බවක් පෙනෙන්නේ නැත. ආණ්ඩුවද තම ධුර අත්හැරීමේ සූදානමක නොසිටින බව ඔවුන්ගේ කතාවලින්ද ක්‍රියාවෙන්ද පෙන්නුම් කර තිබේ. මේ හේතුවෙන් අද මුළු රටම හතරමං හන්දියක හිර වී සිටී. රටේ ජනතාව කිසි කලෙක නොතිබූ අමාරුවක වැටී සිටිති.

ආණ්ඩුවට එරෙහිව වැඩවර්ජන අවියෙන් පහර දෙන කණ්ඩායම් අතර ප්‍රබල වෘත්තීය සමිති ගණනාවක්ද, ගුරු - විදුහල්පති, වෛද්‍යවරු, වෘත්තීයවේදීහු සහ වෙනත් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන නිලධාරීහුද වෙති. මේ සියලු‍ දෙනා සටන් වදින්නේ රට ආර්ථික වශයෙන් කඩා වැටීමට වත්මන් ආණ්ඩුවේ තීන්දු තීරණ හේතු වූ බැවින් ඔවුන් ඉල්ලා අස්විය යුතු බවට වන සටන් පාඨය අතට ගනිමිනි. එම සටන් පාඨයේ වරදක් මේ අවස්ථාවේදී නොදැකිය හැකි වුවද මෙසේ බලපෑම් කරන ඇතැම් කණ්ඩායම් රටේ පාලනයට දිගු කරන ඇඟිල්ලම තමන් දෙසටද දිගු කළහොත් මැවෙන්නේ කනගාටුදායක චිත්‍රයක් බවද පෙන්වා දිය යුතුය.

ආණ්ඩුවත් පාර්ලිමේන්තුවේ 225ත් ගෙදර යා යුතු බවට මේ කණ්ඩායම් කරන අරගලයේදී ඔවුන් රටට පෙන්වා දෙන්නේ රට අද මුහුණ දී සිටින ඛේදවාචකයේ සැබෑ වැරදිකරුවන් වන්නේ ආණ්ඩුවේ මැති ඇමැතීන් පමණක් බවය. එය යථාර්ථය නොවන බව පෙන්වා දිය යුතුය. ආණ්ඩුවේ ඇතැම් ඔලමොට්ටල තීන්දු රට මේ තත්ත්වයට ඇද දැමීමට හේතු වූ බව සත්‍යයක් වුවද ඒවාට එරෙහිව සටන් කරන ඇතැම් පිරිස්ද මේ විනාශයට දායක වී ඇති බව පිළිගත යුතුය.

මේ රටේ බලයට පත් සෑම ආණ්ඩුවක්ම රටේ අධ්‍යාපනයට රුපියල් බිලියන ගණනින් වාර්ෂිකව වෙන් කරයි. යටිතල පහසුකම් හැකි පමණින් සපයා දෙයි. එහෙත් රටේ අධ්‍යාපනය භාරව සිටින ගුරුවරුන් - විදුහල්පතිවරුන් තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටු කරනවාද යන්න විමසීමේදී පෙනී යන්නේ එය එසේ නොවන බවය. සැබෑ කැපවීමකින් කටයුතු කරන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සිටියත්, වැඩි දෙනකු වැටෙන්නේ පාසලේ ඉගැන්වීම් කටයුතුවලට වඩා පෞද්ගලික පන්ති හරහා මුදල් ඉපැයීමේ කටයුතුවලට මුල් තැනක් දෙන පිරිසකගේ ගණයටය. පහේ පන්ති, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ට - ටියුෂන් සරණ යාමට සිදුව ඇත්තේ මේ හේතුවෙනි.

ජනප්‍රිය පාසල්වලට සිසුන් ගැනීමද බරපතළ විෂමාචාර සිදුවන අවස්ථාවකි. පාරට බැස ආණ්ඩුවට ඇඟිල්ලක් දිගු කරන විට තමන් දෙසට ඇඟිලි කිහිපයක්ම යොමුවන බව මේ පිරිස තේරුම් නොගන්නා තාක් කල් ආණ්ඩු මාරු කළ පමණින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිඳා බැස තිබෙන අකාර්යක්ෂම බව වෙනස් වන්නේ නැත. අල්ලස් ගන්නේ, දූෂිත වැඩ කරන්නේ, බලතල අනිසි ලෙස යොදවන්නේ, රාජකාරි පැහැර හරින්නේ, අකාර්යක්ෂමව කටයුතු කරන්නේ දේශපාලනඥයන් පමණක් නොවන බවට එය එක් උදාහරණයකි.

වෛද්‍ය ක්ෂේත්‍රයද වත්මන් පාලනයට එරෙහිව සටනට බැස සිටී. රජයේ රෝහල් පද්ධතිය තුළ පමණක් නොව පෞද්ගලික රෝහල් තුළ පවා අත්‍යාවශ්‍යම බෙහෙත් සහ ශල්‍ය උපකරණ පවා නැතිවන තත්ත්වයක් තුළ එවැනි සටනක් අසාධාරණ නැත. එහෙත් ආණ්ඩුව මාරු කළ පමණින් මේ ගැටලු‍ විසඳෙන්නේ නැත. අද වෛද්‍ය ක්ෂේත්‍රය තුළද මාෆියා ගණයේ හම්බකර ගැනීම් ක්‍රියාත්මක වන බවත් ඒවාට වෛද්‍යවරුන් සහ තාක්ෂණික ශිල්පීන් පවා සම්බන්ධ බවත් ප්‍රකට රහසකි. එසේම තමන්ගේ සේවා කාලය තුළ ඉහළම කැපවීමකින් සේවය සිදු කරන බවට වෛද්‍යවරුන්ට හෝ තාක්ෂණික ශිල්පීන්ට හෝ සහතික විය හැකිද? මේ ගැටලු‍ ආණ්ඩුව වෙනස් කළ පමණින් විසඳෙන්නේ නැත. දූෂිත දේශපාලනඥයන්ට වඩා තමන් වෙනස් බව පැහැදිලිව ඔප්පු කර පෙන්වීමට ඔවුන්ට හැකියාවක් තිබිය යුතුය.

නීතිඥවරුද ආණ්ඩුවට එරෙහිව පාරට බැස සිටිති. එය ඔවුන්ගේ අයිතියකි. එහෙත් ඔවුන් ආණ්ඩුව දූෂිත සහ අකාර්යක්ෂම බවට චෝදනා එල්ල කරන විට තමන්ගෙන් රටට ලැබිය යුතු ආදායම් බදු නිසි ලෙස ගෙවන්නේදැයි යන්න පිළිබඳව මුලින් සිතා බැලිය යුතු නොවේද? අඩුම තරමින් උසාවි තුළ ගොඩගැසෙන නඩු තදබදය අඩුකර ගැනීමට විවිධ ආණ්ඩු මගින් ගනු ලැබූ උත්සාහයන්ට අවංකවම තමන්ගේ දායකත්වය ලබා දුන් බවට නීතිඥවරුන්ට සහතික විය හැකිද? තමන්ගේ සේවාව ලබාගන්නා සේවාදායකයාට රිසිට් පතක් නිකුත් කිරීමට තරම්වත් උනන්දු වන නීතිඥවරුන් සිටින්නේ කී දෙනාද? මෙවැනි ගැටලු‍ කොතරම් තිබුණත් රට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේදී ආණ්ඩුවට ගෙදර යා යුතු බවට කරන අරගලයට නීතිඥවරුන් සහාය දැක්වීමේ සාධාරණත්වයක් තිබෙන බවද පෙන්වා දිය යුතුය.

මේ රටේ වෘත්තීය සමිති සම්බන්ධයෙන්ද පැවසිය යුත්තේ මේ ටිකමය. රටට ගෙන එන සියලු‍ම ආයෝජනවලට විරුද්ධ වීමත්, රාජ්‍ය ආයතන තුළ ඉහවහා යන දූෂණ සහ වංචාවලට එරෙහිව කටයුතු නොකිරීමත් එසේම සුදුසුකම් නැති තමන්ගේ සාමාජිකයන්ට තනතුරු ලබාදීමට ක්‍රියා කිරීමත් සම්බන්ධයෙන් මේ බොහොමයක් සමිති නම් දරා සිටී. ආයතනවල යහපැවැත්මට කිසිදු දායකත්වයක් නොදී තමන්ගේ කුට්ටිය වැඩිකර ගැනීමේ චේතනාවෙන් ක්‍රියා කරන වෘත්තීය සමිතිද ආණ්ඩුවට එරෙහිව ඇඟිල්ල දිගු කරන විට තමන් දෙසට ඇඟිලි ගණනාවක් එල්ලවෙන බවද ඒ අනුව කිව යුතුය. එහෙත් මේ තත්ත්වයෙන් බැහැරව සැබෑ ලෙසම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිද තිබෙන බවත් කිව යුතුය. ඒ සමිතිවලට අපි හිස නමා ආචාර කරමු.

ආණ්ඩුව ගෙදර යා යුතු බවට අවංක අරගලයක නිරතව සිටින නිර්පාක්ෂික ගෝල්ෆේස් සමූහය සමඟ එකට හිඳ සටන් කිරීමෙන් තමන්ගේ පව් සියල්ල සෝදා හැරිය හැකි යැයි සිතන කණ්ඩායම්වලට කිව යුතු වන්නේ එය අසාර්ථක උත්සාහයක් වනු ඇති බවය. ඒ සමඟ ආණ්ඩුවටද කිව යුත්තේ සැබෑ අරගලය තවදුරටත් උත්සන්න වී රට අරාජික වීමට ඉඩ තබනවාට වඩා ගෞරවාන්විත ලෙස ඉවත් වීමට තිබෙන අවස්ථාවෙන් අප්‍රමාදව ප්‍රයෝජන ගත යුතු බවය.

(***)

 



අදහස් (0)

වගකීම ඉටුනොකරන උද්ඝෝෂණ සාධාරණද?

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 695 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 175 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19741 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 290 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site