IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


විදුලිය කඩාවැටීමකදී විකල්ප උත්තරත් සොයමු

කෙරවළපිටියේ ග්‍රීඩ් උපපොළක සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ දෝෂයක් හේතුවෙන් ඉකුත් දා පැය 8 ක් පුරා රටේම විදුලිය විසන්ධි විය. විදුලිය ඇණහිටීම නිසා ජල සැපයුමට ද බාධා ඇති වූ බව අප පුවත්පත වාර්තා කළේය. රටම අඩපණ කළ මෙම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සතියක් තුළ වාර්තාවක් ලබා ගැනීමේ අරමුණෙන් විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා කමිටුවක් පත් කළ බවද මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඇමති ධුරයෙහි වැඩ බාරගෙන පැය හැත්තෑ දෙකක් ගතවීමට මත්තෙන් සිදු වූ විදුලිය බිඳ වැටීමෙන් ඇමතිවරයා ඉදිරිපිට ඇති අභියෝගයේ තරම මනාව පැහැදිලි වේ. එහෙයින් ඉදිරියේ දී මෙවැනි අර්බුද මතු නොවන පරිදි කටයුතු කිරීමට සමත් යාන්ත්‍රණයක් සකස්කර ගැනීමට මෙම අවස්ථාව ඉවහල් කර ගත යුතුය.

කෙරවළපිටිය ග්‍රීඩ් උපපොළක සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ දෝෂයක් හේතුවෙන් මුළු රටම අඳුරේ සිටීමට සිදුවීමෙන් පැහැදිලි වන වැදගත් කාරණාවක් තිබේ. එනම් ප්‍රධාන විදුලි පද්ධතිය යම් හෙයකින් අක්‍රිය වුවහොත් ඊට විකල්පයක් නොමැති බව ය. නිවෙසක විදුලිය විසන්ධි වුවහොත් විකල්පයක් වශයෙන් ඉටි පන්දමක්, පහනක් හෝ දල්වා ගනු ලබයි. එහෙත් රටට එබඳු විකල්පයක් නැත. එය රට ඉදිරිපිට ඇති බරපතළ තත්ත්වයකි. මෙම අභියෝගය සම්බන්ධයෙන් විදුලිබල අලුත් ඇමතිවරයාගේ අවධානය යොමු විය යුතු ය.

මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කාරණාවක් තිබේ. ඉකුත් දා සිදු වූයේ මෙරට පළමු විදුලි බිඳ වැටීම නොවේ. ආසන්න මෑත අතීතයේ දී එනම් 2009 ඔක්තෝබර් 09 වැනිදා, 2015 සැප්තැම්බර් 27 වැනිදා, 2016 පෙබරවාරි 25, 2016 මාර්තු 13 වැනි දිනවලද මෙබඳු විදුලිය බිඳවැටීම් සිදු විය. ඒ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලිය බිඳ වැටීමෙනි. ඒ සෑම අවස්ථාවකදීම විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටු පත් කරනු ලැබීය. එම කමිටු මගින් වාර්තා නිකුත් කළේද නැද්ද යන්න අපි නොදනිමු.
එමෙන්ම එම කමිටු වාර්තා නිකුත් කර තිබේ නම් ඒවායේ අන්තර්ගත කාරණා සම්බන්ධයෙන් හිටපු විදුලිබල ඇමැතිවරුන් අවධානය යොමු කළේ නම් මෙබඳු පිරිපත යළිත් සිදුවීමට ඉඩක් නැත.

ඉකුත් දා සිදු වූ විදුලිය බිඳවැටීමෙන් සිදු වූ පාඩුව රුපියල් කෝටි 230 ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ. එමෙන්ම විදුලිය බිඳ වැටීමෙන් රටම අක්‍රිය විය. බැංකු ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් ගැනීමට නොහැකිවීම නිසා විශාල පිරිසක් අසරණ වූහ. ජල සැපයුම අඩාලවීමෙන් ඇතිවන අපහසුතාව විස්තර කළ යුතු නැත. සුපිරි වෙළෙඳසල්වල මෙන්ම සාමාන්‍ය වෙළෙඳසල්වල ශීතකරණවල ගබඩා කර ඇති ආහාරපාන ද්‍රව්‍යවලට සිදු වූ හානිය අතිමහත් ය. ඇතැම් අධිකරණවල විභාග වෙමින් තිබූ නඩු අතරමග නතර කිරීමට සිදු වූ බවත් ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ විභාග වූ නඩුද අතරමග නතර කළ බවත් අප පුවත්පත වාර්තා කළේය.

මහා මාර්ගවල වර්ණ සංඥා පුවරු ක්‍රියා විරහිතවීම ඉමක් නොපෙනෙන මහා වාහන තදබදයකට හේතුවීය. දුම්රිය විදුලි සංඥා ක්‍රියා විරහිත වීම නිසා කොළඹ හා ප්‍රදේශ ගණනාවක දුම්රිය ප්‍රමාද වූ බවද අප ප්‍රවෘත්තියෙන් දැක්වේ. විදුලිය විසන්ධි වීම නිසා දිවයිනේ ප්‍රධාන රෝහල්වල සැත්කම් සහ අනෙකුත් ප්‍රතිකාර සේවා විදුලි ජනන යන්ත්‍ර මාර්ගයෙන් සිදු කෙරුණු බවත් ඇතැම් රෝහල්වල විදුලි ජනන යන්ත්‍ර නොමැති හෙයින් ප්‍රතිකාර සේවාවලට බාධා ඇති වූ බවත් වාර්තා විය.

මෙයින් අවධාරණය කෙරෙන ප්‍රධාන කාරණයක් තිබේ. එනම් විදුලිය යනු මිනිසාට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී ඇති බව ය. ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් මෙන්ම විදුලිය ද අත්‍යවශ්‍ය සාධකයක් බව ය. එමෙන් ම සමාජයේ පැවැත්ම, ස්ථාවරත්වය රැඳී පවතින්නේ විදුලිය මත බවත් ඇතැම් ඉන්ධනහල්වල ඉන්ධන ලබාගැනීමේ පහසුකම අත්හිටුවීමෙන් ඒ බව මනාව පසක් වේ. ඒ ජනයාට සිදුවන්නේ මහමග රස්තියාදුවීමට ය. රටක් මුළුමනින්ම අක්‍රිය කිරීමට විදුලියට හැකි බව ඉඳුරාම ප්‍රත්‍යක්‍ෂ ය.

කරුණු කාරණා එපරිදි වන හෙයින් විදුලි බල පද්ධතිය ක්‍රමවත්ව විධිමත්ව පවත්වාගෙන යාමේ දියුණු තාක්‍ෂණික ක්‍රමවේද අනුගමනය කළ යුතුය. තවත් අත්හදා බැලීම්වලට යා යුතු නැත. තවත් ඉගෙන ගැනීමට ද යමක් ඉතිරිව නැත. රට යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් බලවත් විදුලිබල පද්ධතියක් අවශ්‍ය බව තේරුම් ගනිමින් ඒ සඳහා ක්‍රමවේද සකස් කළ යුතු ය.

(***)



අදහස් (6)

විදුලිය කඩාවැටීමකදී විකල්ප උත්තරත් සොයමු

Lakmal Thursday, 20 August 2020 08:05 AM

රටට තව ගල් අගුරු බලාගාරයක් අවශ්‍යයි. දවල්ට පමණක් ලැබෙන සූර්ය බලයෙන් රටක බලශක්‍ති අර්බුදය විසඳන්න බෑ. ජපානය ගල් අගුරු බලාගාර 30ක් හදනවා. සූර්ය කෝෂ නිපදවන චීනය ගල් අඟුරු බලාගාර 160ක් හඳනවා. අම්මල ටික මැද පෙරදිග වහල් කමට යවමින් අපි ඩීසල් වලින් විදුලිය නිපදවනවා. ගල්අඟුරු වගේ 10 ගුණයක් වියදම් කරමින්....

:       10       7

Nihal Thursday, 20 August 2020 09:25 AM

කොමිස් පැත්තට හෝයියා....

:       4       12

RoshanThursday, 20 August 2020 02:43 PM

ඔය අදහස මිනිස්සුන්ට කාවද්දලා තියෙන්නේ වැඩිමිලට මණ්ඩලයට විදුලිය විකුණන පුද්ගලික ඩීසල් බලාගාර හිමියන්... ගල් අඟුරු බලාගාර නැති වුණාම එයාලා මත යැපෙන්න වෙනවා. ඒකෙන් කෝටි ගණන් සල්ලි හොයනවා. ලංකාවේ මිනිස්සුන්ව අන්දන්න හරි ලේසියි...

:       0       9

ranaFriday, 21 August 2020 03:41 AM

ලක්මාල්, යාවත්කාලීන වෙන්න... ඔබ තවමත් පරණ යුගයේ...

:       1       2

Kamal GamageSunday, 23 August 2020 12:50 PM

මෙවර විදුලි කප්පාදුව සිදු වූයේ විදුලිය නොමැතිකම හේතුවෙනි. පාලක මධ්‍යස්ථානයේ දෝෂයක් හේතුවෙන් මෙවර විදුලිය විසන්ධි වූ බව මම බොහෝ ස්ථාන දැක ඇත්තෙමි. ශ්‍රී ලංකා විදුලිබල උත්පාදන ධාරිතාව දැන් අප පරිභෝජනය කරන ප්‍රමාණය මෙන් දෙගුණයක් කර ඇත. එබැවින් පරම්පරාව ගැටලුවක් නොවීය. අපගේ සූර්ය, සුළං වැඩි දියුණු කළ හැකි ආකාරය සහ දැනට පවතින ජල බලාගාරවල ජලය ඉතිරි කර උත්පාදනය වැඩි කරන්නේ කෙසේදැයි අපි සැබවින්ම සැලසුම් කරන්නේ නම්. විදුලිබල උත්පාදක බෙදාහැරීම සහ මිල නියම කිරීම මුළුමනින්ම වැරදි සහ සමස්තයක් බව එය ඉතා පැහැදිලිය.

:       0       0

බද්රානි Thursday, 20 August 2020 09:31 AM

කිසියම් සිදුවීමක් වුවාට පසුව, ඒ ගැන නිර්වචනය කිරීම හා සමාලෝචනය කිරීම ඕනෑම නූගතෙකුට කළහැකි ඉතාම පහසු කාර්යයකි. නමුත් වඩා වැදගත් වන්නේ අනිසි සිදුවීමක් වීමට කලින් එයට නිසි පිළියම් සොයා ගැනීමයි. ලංකාවේ කිසිම ක්ෂේත්‍රයක එවන් දුරදර්ශී වැඩපිළිවෙලක් හා අවදානම් තත්වයකට මුහුණදීමට සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවේ. කතාකාරයින් මිස, වැඩකාරයින් පේන තෙක්මානයක නැත. පුස්සන්, වැඩ්ඩන් ලෙස පිළිගන්න රටක දක්ෂයෙකුට පිටරටකට පැනගැනීම හැර වෙනත් විකල්පයක් නැත. පුස්සන් කිසිවිටෙක තමන් නොදන්නා බව පිළිගන්නේද නැත... මාෆියා කල්ලියක් ගොඩනගා ගැනීමෙන් වැඩබැරි පුස්සන් මහ පුටුවල සැමදා වැජඹිය හැක. මේ මාෆියාවෙන් අදාළ ක්ෂේත්‍රයන් ගලවා ගැනීමට නම්, කළ යුතුව ඇත්තේ ටික කලකට හෝ විදේශිකයින්ව ගෙන්වා ඔවුන්ට වැටුප් ගෙවා, මේ ආයතන ගොඩගැනීමයි.

:       0       52

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 708 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 232 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 610 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 322 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 419 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 182 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site