අද වන විට ලංකාවට විදේශ ප්‍රතිපත්තියක් තිබේද? නැද්ද? යන ප්‍රශ්නය අපට ඇසීමට සිදුවී තිබේ. වත්මන් ආණ්ඩුව වෙනත් රටවල් හා සංවිධාන සමඟ පවත්වන සම්බන්ධතා තුළ ඒ තරම්ම පරස්පරතා අද දක්නට ලැබේ. ආණ්ඩුවේ වම් අත කරන දේ දකුණු අත නොදන්නා තත්ත්වයක් අද උද්ගත වී ඇත. මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන කරුණු අපි ගෙනහැර දක්වමු.
1. 2018 සැප්තැම්බර් 25 වනදා ජනාධිපති සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් කළ කතාව,
‘‘.... අපට අපේ ප්‍රශ්න විසඳගන්න ඉඩදෙන්නැයි මම ඉල්ලා සිටිනවා. රටක ස්වාධීනත්වය බොහොම වැදගත්.... ස්වෛරී රාජ්‍යයක් හැටියට අපට විදේශීය බලපෑම් හා තර්ජන අවශ්‍ය නෑ. ඒ අනුව මම නැවත වතාවක් ඉල්ලා සිටින්නේ ස්වාධීන රාජ්‍යක් හැටියට අපට අපේ ප්‍රශ්න විසඳාගෙන ඉදිරියට යන්න ඉඩදෙන්න....”
මෙය ඉතා පැහැදිලි ප්‍රකාශයක් වුවත්, මීට කලින් වත්මන් ආණ්ඩුව විදෙස් බලවතුන් ඉදිරියේ දුන් ප්‍රතිඥා සමඟ මෙය ගැළපෙන්නේද යන්න විමසා බැලිය යුතුය.
2. 2015 ඔක්තෝබර් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව.
මෙම යෝජනාව ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ පසු ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එය තමන්ගේ ද යෝජනාවක් හැටියට පිළිගෙන මානව හිමිකම් කවුන්සිලයේ සියලුම සාමාජික රටවල් එයට සහයෝගය දෙන මෙන් ද ඉල්ලා සිටියේය.
කිසිදු ස්වාධීන ස්වෛරී රාජ්‍යයකට මෙවන් යෝජනාවකට කිසිසේත්ම එකඟ විය නොහැක. ශ්‍රී ලංකාවේ “යුක්තිය සෙවීමේ” ක්‍රියාදාමයන් තුළ එක්සත් ජාතීන්ගේ සහභාගීත්වය මෙමඟින් පිළිගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ වෙනම අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවීමටත්, එම යාන්ත්‍රණය තුළ පොදු රාජ්‍ය මණ්ඩලයීය හා වෙනත් විදේශීය විනිශ්චයකරුවන්, නීතිඥයන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන්ට කටයුතු කිරීමට ඉඩදීමට ලංකා ආණ්ඩුව එකඟ වී ඇත. මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පහත දැක්වෙන ක්‍රියාකාරකම්වලට ද එකඟ වී ඇත.
❖ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි ලංකාවේ දේශීය නීති වෙනස් කිරීම.
❖ ශ්‍රී ලංකාවේ යුක්තිය පිළිබඳ ක්‍රියාදාමයේ කොටසක් ලෙස ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානය කිරීම.
❖ සිවිල් කටයුතුවලට හමුදා මැදිහත් වීම අවසන් කිරීම හා ඉඩම් අයිතිය හා භාවිතය පිළිබඳ ගැටලුව විසඳීම.
❖ මහජන ආරක්ෂණ පනත ප්‍රතිසංස්කරණය කිරීම හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට ඒ වෙනුවට මානව හිමිකම් කාර්යාලයට පිළිගත හැකි වෙනත් පනතක් ගෙන ඒම.
❖ ව්‍යවස්ථාමය ක්‍රියාදාමයක් තුළින් බලතල බෙදීම සම්බන්ධයෙන් ආණ්ඩුව දී ඇති ප්‍රතිඥා ඉටු කිරීම.
❖ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මානව හිමිකම් කවුන්සිලයත් විවිධ අංශවල විමර්ශන නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
තමාගේ ස්වාධිනත්වය හා ස්වෛරීභාවය ගැන කතා කරන ආණ්ඩුවක් ඉහත දැක්වෙන ආකාරයේ ප්‍රතිඥා විදේශීය රටවලට ලබා දුන්නේ කෙසේද යන්න අපට වටහා ගත නොහැක. 2015 30/1 යෝජනාවෙන් සිදුවී ඇත්තේ ලංකාවේ ආණ්ඩුව විදේශීය පාලනයට එකඟ වීමකි.
3. 2017 මාර්තු 23 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ අංක 34/1 යෝජනාව.
මෙකී යෝජනාවෙන් ලංකාවේ ආණ්ඩුව කර ඇත්තේ 2015 30/1යෝජනාව ක්‍රියාත්මක කිරීමට තවත් අවුරුදු දෙකක් ඉල්ලා සිටීමය. 30/1 යෝජනාවේ අඩංගු කරුණු කිසිවක් වෙනස් කරන මෙන් ඉල්ලා නැත. මේ දෙන යෝජනාවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට ලංකාවේ ක්‍රියාදාම අධීක්ෂණය කිරීමට පුළුල් බලතල ද පවරා ඇත.
4. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති තමුන්ගේ කාර්යභාර්ය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට තිබූ ආකල්පය.
2016 පෙබරවාරි 09 වෙනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුකළ ප්‍රකාශයට අනුව ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් විමර්ශනය කිරීමට පිහිටුවන යාන්ත්‍රණය තුළ “ජාත්‍යන්තර සහභාගිත්වය” තිබිය යුතු බවටත් ඒ සම්බන්ධයෙන් තමන්ට ලංකාවේ අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් එකඟත්වය පළ කළ බවත් ප්‍රකාශ කළේය.
2016 ජුනි 29 වෙනිදා ඔහු කළ ප්‍රකාශයකින් කියැවුණේ ලංකාවේ වගකීම් ක්‍රියාවලියේ ස්වාධීනත්වය හා විශ්වාසනීය බව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර සහභාගීත්වය අත්‍යවශ්‍ය කාරණයක් වන බවයි.
2017 මාර්තු 22 වනදා ඔහු මේ අදහස තවත් ඉදිරියට ගෙන යමින් පැවසුවේ ආණ්ඩුව තුළ සන්නද්ධ අංශවල සාමාජිකයන්ට එරෙහිව පියවර ගැනීමට ඇති අකැමැත්ත හෝ බිය නිසාත්, ලංකාවේ උසාවි පද්ධතිය මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව කටයුතු කරාවීද යන්න ගැන ඇති සැකය නිසාත්, වගවීම් ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර සහභාගීත්වයේ අවශ්‍යතාව තවත් තීව්‍ර කරන බවත්, විදේශීය විනිසුරන්, පරිචෝදකයන්, නීතිඥයන් හා විමර්ශකයන් මේ ක්‍රියාදාමයට හවුල් විය යුතු බවත්ය.
2016 පෙබරවාරි 09 වනදා මහ කොමසාරිස්වරයා කළ ප්‍රකාශයේ දී ඔහු අවධාරණය කළ කාරණයක් වූයේ ලංකාවට අසාර්ථක වූ අධිකරණයක් ඇති බවත්, ලංකාවේ අගමැතිවරයාත් 2016 ජනවාරි 27 වනදා පාර්ලිමේන්තුවේ කතා කරමින් ඒ බව අවංකව පිළිගෙන තිබුණු බවයි.
5. ජනාධිපති සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී කළ කතාව.
2015 දී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ යෝජනා ගෙන ආ ඇමෙරිකාවේ ආණ්ඩු පෙරළියක් ඇති වී අද වන විට එම රට මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වී තිබේ. ඉන් ඉවත්වීමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය මානව හිමිකම් කවුන්සිලය හැඳින්වූයේ ද දේශපාලන පක්ෂග්‍රාහී බවින් පිරි “අශූචි වළක්” ලෙසය. ඇමරිකාව ඒ ආකාරයට මානව හිමිකම් කවුන්සිලය හැර ගොස් තිබුණ ද 30/1 හා 34/1 යන යෝජනා තවමත් වලංගුව පවතී. ලංකාවේ ආණ්ඩුව මේ යෝජනාවලට එකඟ වීම නිසා අපගේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය වෙනුවෙන් හඬ නැගූ රටවල් විශාල ගණනකට අද මුනිවත රැකීමට සිදුවී ඇත.
අංක 30/1 හා 34/1 යන යෝජනාවලට ලංකාව විසින්ම සම අනුග්‍රාහකත්වය ලබා දී තිබෙන නිසා විදේශීය රටක් විසින් ලංකාවට එරෙහිව ගෙන එන ලද යෝජනාවකට වඩා ඒවා වෙනස් වේ. එමගින් ලංකාවේ ආණ්ඩුවේ අභිමානය පිළිබිඹු වෙන බවත් ගම්‍ය වේ. දේශීය ක්‍රියාදාම ප්‍රකාශිතවම අතහැර පශ්චාත් යුද සමයේ ලංකාවේ නැවත ගොඩනැඟීම හා සංහිඳියාව සම්බන්ධයෙන් විදේශීය හවුල්වීම් පිළිගෙන ඇත. ඒ අනුව රාජ්‍ය ඉඩම් පරිහරණය ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානය, බලය බෙදීම, ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ යන සියලුම අංශවල විදේශීය මැදිහත්වීම් පිළිගෙන ඇත. මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට කළ කතාව ගැන මම මවිත වුණෙමි. එම කතාව ඇසූ විට මගේ සිත තුළ ඇති වූ ප්‍රශ්නය වූයේ එසේ නම් 30/1 හා 34/1 යන යෝජනාවලට එකඟත්වය පළ කරනු ලැබුවේ ජනාධිපති සිරිසේනගේ ආණ්ඩුව ද නැතිනම් වෙනත් ආණ්ඩුවක් ද යන්නයි. ජනාධිපතිතුමා නිව් යෝර්ක් නුවර මහා මණ්ඩලයේ කරන කතා ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයට කිසිසේත්ම බලපාන්නේ නැත. ලංකාව විසින්ම 30/1, 34/1 යන යෝජනාවලට වෙනත් රටවල් ද සහයෝගය දිය යුතු යැයි ඉල්ලා සිට ඇති වාතාවරණයක ජනාධිපතිවරයාගේ වදන්වල කිසිදු ප්‍රායෝගික ප්‍රතිඵලයක් නැත. මෙහි වෙනස්කමක් කිරීමට නම් ආණ්ඩුව 30/1 හා 34/1 යන යෝජනා මානව හිමිකම් කවුන්සිලය තුළ නිෂ්ප්‍රභ කිරීමට යම් ප්‍රායෝගික ක්‍රියාදාමයක් ආරම්භ කළ යුතුමය.
එජා සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ එවක සිටි මහ කොමසාරිස් අල් හුසේන් කුමරු ජිනීවාහි මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් අතිශය වැදගත්ය. වෙනත් කිසිදු රටකට වඩා ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට සම්බන්ධ ආකාරයේ යෝජනාවක් සම්මතකර ගත් බව කීම එම ප්‍රකාශයයි. මෙය සුවිශේෂ තත්ත්වයක් බව එයින්ම පැහැදිලිය. තමන්ගේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් අත පොවන යෝජනාවකට වෙනත් කිසිදු රටක් කැමැති වන්නේ නැත. එහෙත් ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව තමන්ගේම යෝජනාවක් වශයෙන් ශ්‍රී ලංකාව පිළිගත්තේය. ඒ වත්මන් පාලකයන්ය.
වසර 2015 ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට පදනම් වූයේ දරුස්මාන් වාර්තාවය. එ.ජා. සංවිධානයේ එවක සිටි මහලේකම් බැන් කී මූන් ඔහුට උපදෙස් දීමට නිල නොවන මට්ටමෙන් කමිටුවක් පත්කළේය.
දරුස්මාන් එම කමිටුවේ සිටි තිදෙනාගෙන් කෙනෙකි. ඔහු ඉන්දුනීසියාවේ සිටි නීතිපතිය. යැස්මින් සූකා අනෙක් සාමාජිකයාය. අනෙක් සාමාජිකයා ස්ටීවන් රැප්නර් ය. මේ අය සකස් කළේ ලංකාවට අහිතකර වාර්තාවකි. උතුරේ ජනතාව අතුරුදන් කිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා හමුදා ක්‍රියාත්මක කළ බව එම වාර්තාවේ සඳහන්ය. ඒ වගේම ස්ත්‍රී දූෂණ විශාල වශයෙන් කළ බවට ද චෝදනා නඟා තිබුණි. උතුරේ ජනතාව සාගින්නෙන් මරා දැමීමේ උපක්‍රමයක් ශ්‍රී ලංකා හමුදා සැලසුම් සහගත වැඩපිළිවෙළක යෙදුණු බවට ද චෝදනා එල්ල කර තිබුණි. දරුස්මාන් වාර්තාවෙන් මෙසේ නැඟූ චෝදනා බරපතළය.
2015 වසරේ 30/1 යෝජනාවේ ආරම්භක ඡේදයෙන් දරුස්මාන් වාර්තාව අගය කරන බව කියා තිබේ. එනම් එහි අන්තර්ගත කරුණු පිළිගෙන ඇති බවය. මේ යෝජනා ශ්‍රී ලංකා රජය ද පිළිගෙන එය තමන්ගේ යෝජනාවක් බව කීවේය. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා ඉහත යෝජනාවේ සඳහන් ක්‍රියා කළ බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට ලක් රජය පිළිගන්නා බව එයින් තහවුරු වුණි. ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කිසිදු රජයක් තමන්ගේ ත්‍රිවිධ හමුදා ඉලක්ක කරමින් ඉදිරිපත් කළ මෙවන් යෝජනාවකට සහයෝගය දැක්වූයේ නැත. එහෙත් වත්මන් පාලනය එම ක්‍රියාව ද කළේය. සම්පූර්ණ අර්බුදය ඇතිවූයේ එමගිනි.
සිරිසේන ජනාධිපතිවරයා ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේදී පසුගියදා ප්‍රකාශයක් කළේය. ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අත නොපෙවිය යුතු යැයි ඔහු කීවේය. ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය ශක්තිය, හැකියාව ඇති බව ද ප්‍රකාශ කළේය. එදා මහින්ද රාජපක්ෂ රජය සිටියේද එම ස්ථාවරයේය. අපේ අධිකරණයට මේ ප්‍රශ්න විසඳිය හැකි බව වත්මන් ජනපතිත් අගමැතිත් කියති. විදේශ විනිසුරන් අවශ්‍ය නොවන බව ද කියති. එහෙත් 2015 වසරේ යෝජනාවේ හය වැනි ඡේදයේ විදේශ විනිසුරන් අවශ්‍ය බව පැහැදිලිව පිළිගෙන තිබේ. 2016 ජනවාරි 27 වැනිදා අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාවක් අල් හුසේන් කුමරු උපුටා දක්වා තිබුණි. අධිකරණය සම්බන්ධයෙන් දක්වන විවේචනාත්මක අදහසක් මෙහි අන්තර්ගතය. අල් හුසේන් කුමරු එම කතාව ලංකාවට අවාසිදායක වන ආකාරයට කෙළින්ම පාවිච්චි කළේය. විදේශ විනිසුරන්ට ඇති අවකාශය එයින් පෙන්නාදී තිබුණි. එනිසා මේ සම්පූර්ණ තත්ත්වය නිර්මාණය කර ගත්තේ ලංකා රජයයි. සිරිසේන ජනාධිපතිවරයා නිව් යෝර්ක් මහ සමුළුවට ප්‍රකාශයක් කළේ එයින් මිදීමටය. එහෙත් එයින් ඵලක් නැත. එයට හේතුව 2015 දී සහ 2017 දී සියලු යෝජනා සම්මත කර ඇති නිසාය.
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදෙස් පිළිවෙත අවුලක