IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වයඹ පළාතෙන් හෙළිවන දරු පරපුරේ ඛේදවාචකය

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 25 වැනිදා ආරම්භ විය. ‘නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්’ වන තේමාව යටතේ මෙවර 2024 වසර සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩ සටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් ගමන් වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු සහ සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායකවීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටුකර ගැනීම මෙම ආහාර වැඩපිළිවෙළෙහි අරමුණු බව සඳහන්ය.

රජයේ පාසල් 9134 ක ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් හා 100 කට අඩු සිසුන් සිටින සියලුම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6 ක් මෙවර පාසල් ආහාර වැඩපිළිවෙළේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 18600 ක අයවැය ප්‍රතිපාදන ඍජුවම පළාත් සභා 9 ට වෙන් කර ඇති අතර අමතර වශයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබන බව ද වාර්තාවේ.

ඉතා අගනා කාලෝචිත ව්‍යාපෘතියකි. විශේෂයෙන්ම දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින මොහොතක වේලක් හැර වේලක් කෑමට බහුතර ජනයාට සිදුවී තිබෙන මොහොතක ඒ සියලු ජනී ජනයාට අස්වැසිල්ලක් ලබා දීමට මෙම වැඩසටහන මහෝපකාරී වෙයි. මේ මොහොතේ කළ යුත්තේ දරුවන්ට නොමිලේ ආහාර වේලක් සැපයීම නොව දරුවන්ට තුන්වේල කන්න, බොන්න දිය හැකි ආර්ථිකයක් මව්පියන්ට සකසා දීම, යැයි වැනි පණ්ඩිත කතා මේ මොහොතට වලංගු නැත. ඒ බව පසක් කරවන ප්‍රකාශයක් අප පුවත්පත ඊයේ වාර්තා කර තිබිණි.

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා උපුටා දක්වමින් වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ වයඹ පළාතේ පාසල් දරුවන්ගෙන් එක් ලක්ෂ දහසය දාහක් මන්දපෝෂණයෙන් පෙළෙන බවය. වයඹ පළාතේ පාසල්වල සිසුවියන් 68,000 ක් සහ සිසුන් 48,000 ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ද ඔවුන් මන්දපෝෂණයෙන් පෙළීමට හේතු වී ඇත්තේ පවතින ආර්ථික කඩා වැටීම හමුවේ මවුපියන්ට සමබල ආහාර වේලක් ලබාදීමේ හැකියාවක් නොමැති කම නිසා බවද ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

ඉකුත් සමයේ නිතර වාර්තා වූයේ කුසගින්න නිසා පාසල් සිසුන් පාසල් බිමේදී ක්ලාන්ත වී ඇද වැටෙන බවය. හැකියාවක් ඇති දරුවන් ආහාර පාර්සල් දෙකක් පාසලට රැගෙන එන බවත් ඉන් එක් පාර්සලයක් ගුරුවරුන් හරහා ආහාර අහේනියෙන් පෙළෙන දරුවන් අතට ලබා දෙන බවත්ය. ඒ නිසාම ඇතැම් දරුවන් පාසල් පැමිණෙන බවත්  පසුගිය කාලයේ නිතර වාර්තා විය.

ඉතිහාසයට බැණ අඬ ගසා දැන් කිසිදු තෙරුමක් නැත. ආර්ථික අර්බුදයේ නිර්මාතෘවරු සම්බන්ධයෙන් කෙරෙන කෙස් පැලෙන තර්කවලින් දුවා දරුවන්ගේ බඩගින්න නිවා දැමෙන්නේද නැත. දෙව්රම් වෙහෙරට පැමිණි කුසගින්නෙන් පෙළෙන අහිංසක දරුවන් දෙදෙනකුට ධර්ම දේශනා පැවැත්වීමට පෙර බුදුරජාණන් වහන්සේගේ උපදෙසින් එම දරුවන් දෙදෙනාට පිරෙන්න ආහාර වේලක් සැපයුණු බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. ලොව ලොකුම ගින්න බඩගින්න බව අවිවාදාත්මකය.

වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අනාවරණය කර තිබුණේ වයඹ පළාතේ තත්වය පමණි. එමගින් කියැවෙන්නේ අනෙක් පළාත්වල එබඳු තත්වයක් නොමැති බව නොවේ. සෙසු පළාත්වල තත්වය ද එයට දෙවැනි නැත. එහෙයින් පාසල් සිසුන් සඳහා ආහාර ලබාදීමේ වැඩසටහන වඩ වඩාත් ශක්තිමත්ව පෙරට ගත යුතුය.

(***)



අදහස් (5)

වයඹ පළාතෙන් හෙළිවන දරු පරපුරේ ඛේදවාචකය

Chandima Wednesday, 27 March 2024 02:46 PM

බත් හැන්දකට ඡන්දෙ දෙන ගාණට රට වට්ටපු රනිල් රාජපක්ෂ ආණ්ඩුවට ජයවේවා...!

:       10       13

Ama Thursday, 28 March 2024 10:20 AM

ළමයින්ට මන්දපෝෂණේලු.. ඒ දෙමව්පියන්ටම කියලා ඉස්කෝලෙටම කන්න දෙන වැඩසටහනක්. රජයෙන් කරන වැඩක් වෙන්නේ කොහොමද? ‌දන්නා කෙනෙක් කියනවාද?

:       1       5

dileepa1986 Friday, 29 March 2024 11:47 AM

මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ දරුවන්ට කන්න දෙන්න බැරි තරමට හොරාකාලා, බදුගහලා ඒ සල්ලි වලින් කන්න දුන්නාට වැඩක් නෑ. මේ රටේ සෑම මිනිසෙක්ටම ජීවත් වීමට අවශ්‍ය අවම දේවල් ඔවුන්ගේම ස්වෝත්සාහයෙන් ලබාගැනීමට හැකිවන පරිදි මෙම ක්‍රමය වෙනස් කළ යුතුයි...

:       2       4

බද්රානි Wednesday, 03 April 2024 04:16 PM

අම්මෝ!! මේ මන්දපෝෂණ කතාව නම් අර එන්. ජී. ඕ. කාරයින් අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්කරන්න ගොතපු අමූලික බොරුවක්.. මෙච්චර කෑම බීම තියන රටේ ළමයින් හැමදෙනාම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගෙන නිරෝගීව ඉන්නවා දැකලා ඉරිසියාවට කියන කතා තමයි මෙව්වා... අර කලන්තෙ දාලා ඇද වැටිලා තියෙන්නේ ළමයි ඕනෑවට වඩා කාලා වැඩිකමට කෑම දිරවා ගැනීමේ අපහසුතාවයෙන් වෙන්න ඇති.... දෙමව්පියන්ට තියනවා කියලා ඕනෑවට වඩා දරුවන්ට කෑම දෙන්න හොඳ නැහැ... අපේ දරුවන්ගේ පෘෂ්ටිමත් බව දැකලා මුළු ලෝකයම අපිට ඉරිසියාකාරකම් කරන දවස වැඩි ඈතක නැහැ.

:       1       2

ටිටී Friday, 05 April 2024 10:50 AM

මහින්ද අප්පච්චිගෙ කුරුණෑගල දිස්ත්‍රික්කේ ළමයින්ට එහෙම වෙන්න විදිහක් නෑනේ. කලින් හිටිය හම්බන්තොට දිස්ත්‍රික්කේ ළමයිනුත් කාල බීලා බෝලගෙඩි වගේ පෙරලි පෙරලි තාමත් සතුටින් ජීවත්වෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 676 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 208 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 581 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 311 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 407 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 163 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site