IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ස්ථාවර ආණ්ඩුවක් ඉක්මනින් හදමු

මෙරට ඉතිහාසයේ විශාලතම මහජන නැගිටීම වශයෙන් හඳුන්වනු ලබන ජූලි 09 අරගලය තාවකාලිකව අවසන් විය. අරගලයේ මෙහෙයුම්කරුවන් ප්‍රකාශ කරන ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඉල්ලා අස්වන තුරු ඔවුන්ගේ අරගලය එසේම ඉදිරියට යනු ඇත. කෙසේ වුවද එදිනම රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත යොමු කෙරුණු ලිපියකින් දැනුම් දී තිබුණේ ලබන බදාදා (13) තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවය.  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කළ ප්‍රකාශයකින් කියැවුණේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩදෙමින් ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බවය.

අප්‍රේල් 09 වැනිදා සිට ආරම්භ කෙරුණු ගෝඨා ගෝ හෝම් අරගලය පසුගිය සතිය වනවිට හඳුන්වනු ලැබුවේ නොනවතින අරගලයක් වශයෙනි. රටේ සිවුදෙසින් පැමිණි මහා ජනගඟක් කොළඹ නගරයට ගලා එන බවත් එහි ලොකුම ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම බවත් බුද්ධි තොරතුරු මගින් ජනාධිපතිවරයා නොදැන සිටියා නම් එය පුදුමයකි. පසුගිය මාස කිහිපය තිස්සේම මේ ඉල්ලීම කිරීමට ජනතාව පෙළඹුණේ දරාගත නොහැකි තරමේ පීඩනයකට ඔවුන්ට මුහුණදීමට සිදුවූ බැවිනි. එම කාලය පුරාම විවිධ අයුරින් කෙරුණු මේ ඉල්ලීමේදී ජනාධිපතිවරයා අත තිබුණේ විකල්ප දෙකක් පමණි. එයින් පළමුවැන්න ජනතාව පෙළන බරපතළ ගැටලු‍වලට යම් පමණක සහනයක් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමය. දෙවැන්න ධුරයෙන් ඉල්ලා අස්වීමය.

ජනාධිපතිවරයා විවිධ අයුරින් උත්සාහ කළත් ජනතාවගේ පීඩනය එන්න එන්න වැඩිවූවා මිස අඩුවූයේ නැත. තෙල් නැතිව පෝලිම්වල රස්තියාදු වීම පමණක් නොව අධික ජීවන බරද ආදායම් අහිමි වී යාමද හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවලට පත් වූ අතර එම දුෂ්කරතා සහ පෝලිම්වල ආතතිය පසුව ප්‍රබල ආවේගයක් බවට පත්විය. ගාලු‍මුවදොර අරගලයේ ඔළුගෙඩි සංඛ්‍යාව අඩුවීම අරගලය තුනී වී යාමක් වශයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සැලකුවා නම් එය බරපතළ වැරදීමක් බව මේ වනවිට ඔප්පු වී තිබේ. මැයි 09 වැනිදා සිදුවූ රටම ගිනිගත් සිද්ධියෙන් පසුව වුවද හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වී ආණ්ඩුව වෙනස් වූ අවස්ථාවෙන් පසුව ජනාධිපතිවරයා සතුව රටේ ගැටලු‍වලට විසඳුම් නැති බව පැහැදිලි විය. ජනතාවගේ ඉවසීමේ සීමාව රතු කට්ට දක්වා පැමිණ අර්බුදය උග්‍ර වනවිට ජූලි 09 කොළඹට ජනගඟක් ගෙන්වා ගැනීමේ නොනවතින රැල්ල ආරම්භ විය.

නොනවතින රැල්ලට නායකත්වය දුන් විශාල පිරිසක් මේ වනවිට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලිය ගහ මන්දිරය අත්පත් කරගෙන සිටිති. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවාසය රාත්‍රියේදී විරෝධතාකරුවන් පිරිසක් විසින් ගිනි තබනු ලැබීය. එය නිසැකවම ප්‍රචණ්ඩ ක්‍රියාවකි. උදෑසන කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය අසලදී නිරායුදව අරගලයේ යෙදුණු තරුණ තරුණියන් විශාල පිරිසක් රෝහල් ගත කෙරෙන තරමට අත තිබූ පොලු‍වලින් පහර දුන්, එසේම එදිනම රාත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස අසලදී තම රාජකාරිය ඉටුකරමින් සිටි සිරස මාධ්‍යවේදීන් කිහිප දෙනකුට කිසිදු ප්‍රකෝප කිරීමකින් තොරව අමානුෂිකව පහර දුන් පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය අග්‍රාමාත්‍යවරයාගේ නිවෙසට විරෝධතාකරුවන් කඩාපැන එයට ගිනි තබන තෙක් සිදුකළේ කුමක්ද යන්නද ප්‍රහේළිකාවකි. නිවෙස ගිනි තැබූ සාපරාධී ක්‍රියාවට හවුල් වූ සියලු‍ දෙනා හැකි ඉක්මනින් නීතිය හමුවට පැමිණවීමට හෝ පොලිසිය ක්‍රියාකළ යුතු බව ද පෙන්වාදීමට කැමැත්තෙමු.

මේ පසුබිමේ ජනාධිපතිවරයාට ඉතිරිව ඇත්තේ ඊළඟ විකල්පය වන ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම පමණි. එහෙත් එයද සිදුවිය යුත්තේ රටේ පාලනය අරාජික නොවන ආකාරයටය. ජනතාව මහපාරට බැස ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට අරගල කළේ ඔවුන්ගේ පීඩනය නහයටත් උඩින් යාම හේතුවෙනි. මේ නිසා ජන අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් බිහිවෙන සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන හෝ ආණ්ඩුව ජනතාව තවදුරටත් කබලෙන් ලිපට තල්ලු‍ කෙරෙන පාලනයක් නොවිය යුතුය. ජනතාව දැඩිව පෙළන පොදු ගැටලු‍වලින් කිහිපයකට හෝ විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් නව ආණ්ඩුව සතුවිය යුතුය.

එවැනි ආණ්ඩුවක් හදාගැනීමට නම් හදවතට සහ හැඟීම්වලට වඩා බුද්ධියට තැනක් දෙන පිරිසක් එකතු විය යුතුය. අන්තගාමී, දැඩි මතධාරී අදහස් දරමින් ඒවා මතම එල්බගෙන සිටින පිරිසකට වඩා ලොවේ පවතින ප්‍රවණතා හොඳින් හඳුනන ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගනිමින් රටේ අවශ්‍යතා ඉෂ්ට කරගත හැකි බුද්ධිමත් පිරිසකගේ දායකත්වය ලබා ගැනීමද අවශ්‍යය. මේ අරගලය මෙහෙය වූ තරුණ බුද්ධිමතුන්ගේ අදහස්වලට ඉහළ වටිනාකමක් ලබාගත හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කිරීම ද මෙහිදී වැදගත් වනු ඇත.

රටේ මෙතෙක් පැවැති දේශපාලන අර්බුදයෙන් සහ ආර්ථික කඩා වැටීමෙන් ගොඩඒමේ ක්‍රියාමාර්ගය තවම ආරම්භ වූවා පමණි. එම ක්‍රියාමාර්ගය ඉතා දීර්ඝ වූත් වෙහෙසකර වූත් ක්‍රියාදාමයකි. එය සාර්ථක කරගත හැක්කේ ජාත්‍යන්තරයට අභියෝග කිරීමෙන් නොව ඔවුන් සමඟ අවබෝධයකින් කටයුතු කිරීමෙන් පමණි. තවදුරටත් රටේ දේශපාලනික අස්ථාවරභාවයක් පැවතීම එයට ලොකුම බාධාවක් බව ද සඳහන් කළ යුතුය.

(***)



අදහස් (0)

ස්ථාවර ආණ්ඩුවක් ඉක්මනින් හදමු

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 705 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 232 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 607 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 321 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 418 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 181 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site