IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


සාමකාමී විරෝධතාවලට පොලිසියේ ඉවසිල්ල ඕනෑ

සටන් උද්ඝෝෂණ විරෝධතා ව්‍යාපාර එකක් පසුපස එකක් වශයෙනි. දහවල් සිදු කළ උද්ඝෝෂණය මැඬලීමට එරෙහිව කල් නොයවා රාත්‍රියේම උද්ඝෝෂණය කිරීමට තරමට උද්ඝෝෂකයෝ පෙරමුණේ වෙති. කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඉකුත් 8 වැනිදා රාත්‍රියේ ඇවිළීගිය උද්ඝෝෂණය එක් නිදසුනකි.

සටන කවරකුට එරෙහිව කවරකට එදිරිව සිදු වුවද ඒවාට මුහුණදීමට සිදුවන්නේ ආරක්ෂක අංශවලටය. එයිනුත් පොලිසිය ඉදිරියෙන්ය. විරෝධතාකරුවන්ගේ දහසක් බලපෑම් තර්ජන හා අවලාද හා උපහාස මැද රාජකාරි කටයුතු කිරීමට පොලිසියට සිදුවේ. ඇතැම්විට අරගලකරුවන්ගේ ගල්මුල් ප්‍රහාරවලට ගොදුරුවීමටද පොලිස් නිලධාරීන්ට සිදුවේ. එය එසේ වුවද වෘත්තීය ගරුත්වය රැකගනිමින් සංයමයෙන් හා උපේක්ෂාවෙන් යුතුව රාජකාරියේ නියැළීමට පොලිසියට සිදුවේ.

පොලිසියේ රාජකාරිය නීතිය හා සාමය ආරක්ෂා කිරීමය. එහිදී අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමේ වගකීමද පොලිසිය වෙත පැවරේ. එහිදී මූලික වශයෙන් ‘අවම බලය’ පාවිච්චි කිරීමට පොලිසියට සිදුවේ. එවැනි නියමයන් පනවා ඇත්තේ ‘අතුරු අනතුරු’ අවම කිරීම සඳහාය. මහා ගැටුමක් මැද එවැනි ශිෂ්ට නිතිගරුක නියමයන් එයට හිමි අර්ථයෙන්ම ආරක්ෂා කිරීම අතිශයින්ම දුෂ්කර හා අභියෝගාත්මක විය හැකිය. එහෙත් දුෂ්කර හා අභියෝගාත්මක යැයි කියා එයට පිටු පෑමේ හැකියාවක්ද නැත.

දීර්ඝ පෙරවදන අප පුවත්පතේ මුල් පිටුව ඉකුත්දා සැරසූ සේයාරුවක් හා එයට අදාළ සටහන සම්බන්ධයෙනි. එම සේයාරුවෙන් දැක්වුණේ පොලිසියේ මෙන්ම අරගලකරුවන්ගේ අවධානය එකලෙස යොමු කළයුතු කාරණයක් සම්බන්ධයෙනි. පොලිසිය කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළුවී සිසුන්ට හා විරෝධතාකරුවන්ට පහර දී කඳු‌ළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යලයේ සිසුහු හා ආචාර්යවරු පිරිසක් ඉකුත් 8වැනිදා පෙරවරුවේදී කොළඹදී විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. එම විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, කොළඹ රාජකීය විද්‍යාලයේ කුඩා සිසුන් පිරිසක්ද එම කඳුළුගෑස් ප්‍රහාරයට ගොදුරුවූ අතර එයින් බේරීම සඳහා එම සිසුන් ආරක්ෂිත ස්ථාන කරා දුවයන අයුරු සේයාරුවෙන් දැක්විණි.

‘ලොව හොඳම දේ දරුවන්ට’ යැයි කියැවුණද අපගේ දරුවෝ ලොව නරකම දෙයෙහි පහසු ගොදුරු බවට පත් වෙති. ඒ සම්බන්ධ සිදුවීම් ගණනය කළ නොහැකි තරමට වාර්තා වේ. කොළඹ  රාජකීය විද්‍යාලයේ කුඩා දරුවන් පිරිසක් කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වීමේ අනුවේදනීය සිදුවීම තුළ තැන්පත්ව ඇත්තේද එම ඒකාන්ත සත්‍යය වේ.

පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ හොඳ වෙලාවටය. තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවන්නේ වෙඩි තැබීමෙන් යැයි එතැන සිටි අඥාන උසස් පොලිස් නිලධාරියකුට සිතුණේ නම් විරෝධතාකරුවන්ට එල්ලවන්නේ වෙඩි ප්‍රහාරයකි. එබඳු අත්දැකීම් මෙරට සටන් ව්‍යාපාරවල ඉතිහාසයේ ඕනෑතරම් දක්නට ලැබේ. එසේ වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ නම් කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ආරක්ෂාවීම පිණිස දිවයන කුඩා දරුවන්ගේ ඉරණම කෙසේ ලියවෙනු ඇද්ද යන්න සිතාගැනීමට අසීරු නැත.

ඉහත සිදුවීමේදී වෙඩි ප්‍රහාරයක් එල්ල නොවුවද ඒ හා සමාන තුවාල කැළලි එම කුඩා දරුවන්ගේ හදවත් තුළ ඇතිවන්නට ඇතැයි යන්න බැහැර කළ හැකි නොවේ. ඇල්මෙන් අකුරු ඉගෙනගන්නට පැමිණි තමන්ට මෙසේ අකාරුණික ලෙස සැලකීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මනසට ඇතිවන බලපෑම සුළුපටු නැත. මේ සියල්ලෙහිම අවසාන ප්‍රතිඵලය වන්නේ සමාජයට වෛර කරන අනාගත පරම්පරාවක් බිහිවීමය. එම ඉරණමෙන් රට මුදා ගැනීමේ වගකීම පොලිසිය සතුව මෙන්ම විරෝධතාකරුවන් සතුව තිබෙන බව අපි අවධාරණය කරමු.

(***)



අදහස් (1)

සාමකාමී විරෝධතාවලට පොලිසියේ ඉවසිල්ල ඕනෑ

fairoos Tuesday, 14 March 2023 02:55 PM

මජර දේශපාලකයෝ ඉන්නකම් විරෝධතා ඉවර වෙන්නේ නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1333 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 822 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 343 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 742 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 367 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 474 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 421 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 918 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site