IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


සිසුන්ගේ හැසිරීම් රටා මවුපිය අවධානයත් ඕනෑ

පාසල් සිසු දරුවන් සහ ගුරුවරුන් අතර ගැටුම් ඇති වීම් වාර්තාවීමෙන් සමාජයේ ඇති කරන්නේ ප්‍රබල කම්පනයකි. එය පිහි ඇනුම් දක්වා වර්ධනය වීම එකී කම්පනය තවදුරටත් තීව්‍ර කරයි. එවැනි සිදුවීම් සිසු විනය සම්බන්ධ ප්‍රබල ගැටලුවක් වන්නා සේම සමස්තයක් වශයෙන් රටේම පවතින තත්වයේ පිළිබිඹුවක් වශයෙන්ද නිර්වචනය කළ හැකිය.

ශිෂ්‍යයකුගේ වරදක් පෙන්වා දීම පිහියෙන් අනින තරම් හේතුවක් වන්නේ කෙසේ ද යන්න තෝරා බේරා ගැනීම පවා අපහසුය. අපට මේ විස්තරය ගෙනහැර දැක්වීමට සිදු වූයේ පුත්තලම නගරයේ පසුගියදා ඇතිවූ  සිද්ධියක් හේතුවෙනි. එහිදී මේ සිද්ධිය හටගෙන තිබුණේ පුත්තලම ප්‍රධාන පෙළේ විදුහලක ශිෂ්‍යයකු එම විදුහලේම ගුරුවරයකුට පිහියෙන් ඇන තුවාල සිදු කිරීමකි. පහරකෑ ගුරුවරයා රෝහල්ගත කරනු ලැබූ බවත්, ඔහුගේ තත්වය බරපතළ නොවන බවත් සඳහන් වීම කාගේත් සැනසුමට හේතුවකි. එහෙත්, තුවාලය බරපතළ නොවූවත්, පිහි පහර ඔහුගේ උදර ප්‍රදේශය තුළ අඟල් 2ක් පමණ ඇතුළට කාවැදී තිබූ බව සඳහන්ය. එයින් හැඟී යන්නේ, සිසුවා මේ පිහි පහර ගුරුවරයා බිය ගැන්වීමට නොව ඔහුට තුවාලයක් සිදු කිරීමේ චේතනාවෙන්ම සිදු කර ඇති බවකි.

ගුරුවරයකු ශිෂ්‍යයකුගේ වරදක් දුටු විට එය පෙන්වා දිය යුතුය. එය නිවැරැදි කිරීමට පියවර ගත යුතුය. ගුරුවරුන් සිටින්නේ අධ්‍යාපනය ලබා දීමට පමණක් නොවේ. සිසුන්ගේ චරිතය, විනය හැඩගැස්වීම ද ගුරුවරුන්ගේ වගකීමකි. අදාළ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයා එම විදුහලේම උසස් පෙළ ශිෂ්‍යයකු බවත්, ගුරුවරයා එහි ගණිත ගුරුවරයා මෙන්ම විනය භාර ආචාර්යවරයා බවත් සඳහන්ය. මේ සිද්ධියට හේතුව සිසුවාගේ කොණ්ඩය පිළිබඳ කළ විමසීමක් බවත්, එයට උරණ වූ සිසුවා එක් වරම තමන් සතුව තිබූ පිහියක් එළියට ගෙන ගුරුවරයාට ඇන තිබෙන බවත් කියැවෙයි. සිද්ධිය සම්බන්ධ සියලු විස්තර දැනගත හැකි වන්නේ පාසලත්, පොලිසියත් මගින් කරන පරීක්ෂණවලින් පසුව බව ද මෙහිදී සඳහන් කළ යුතුය.

එහෙත්, මෙහිදී පෙන්වා දිය යුතු වන්නේ, අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පාසලට පැමිණෙන සිසුවකු සන්තකයේ පිහියක් තිබිය නොහැකි බවය. පාසල් එන්නේ ඉගෙනුමට මිස පිහිවලින් හරඹ කිරීමට නොවන බැවිනි. මෙහිදී එම සිසුවාගේ මානසික තත්වය පරීක්ෂාවට ලක් කිරීම පවා ඉතා අවශ්‍ය බව ද පැවැසිය යුතුය. ඔහු තුළ අදාළ ගුරුවරයා කෙරෙහි එතරම් වෛරී සහගත හැඟීමක් ඇති වූයේ කෙසේදැයි එහිදී සොයාගත හැකි වනු ඇත. වැරැද්දක් පෙන්වා දීමෙන් සිසුවකු තුළ තරමක හෝ කේන්තියක් ඇති වීම පිළිගත හැකි තත්වයක් වුව ද, එය පෙරළා ගුරුවරයාට පහරදීමක් සිදු කිරීමට තරම් ආවේගයක් බවට පත්වන්නේ නැත. එයට විශේෂ වූ හේතු තිබිය යුතුය.

එසේ වුවත්, මෙහිදී සඳහන් කළ යුත්තේ, පාසල් යන දූ දරුවන්ගේ විනය සහ හැසිරීම සම්බන්ධයෙන් වගකීම පැවැරෙන්නේ පාසලට සහ ගුරුවරුන්ට පමණක් නොවන බවය. නිවෙස සහ මවුපියන් අත ද එම වගකීමෙන් කොටසක් පවතී. නිවෙස තුළදී දරුවන්ගේ විනය සහ හැසිරීම පිළිබඳ මවුපියන් සැලකිලිමත් නොවන්නේ නම් සහ දරුවන් කරන වැරැදි ඔවුන්ට පෙන්වා දී එම වැරැදිවලින් ඔවුන් මුදා නොගන්නේ නම්, එවැනි දරුවන් පාසලේදීත් දඟකාරයන් සහ චණ්ඩින් බවට පත්වීම ද බලාපොරොත්තු විය යුතුය. මවුපියන් ගෙදරදී දරුවන් ඉදිරියේදී ආවේශශීලී ලෙස හැසිරෙන්නේ නම් සහ දරුවන් අතින් සිදුවන වැරැදි දැක දැකත් ඒ සම්බන්ධයෙන් පියවරක් නොගෙන අහක බලාගෙන සිටින්නේ නම්, එවැනි දරුවන්ගෙන් විනයගරුක හැසිරීමක් බලාපොරොත්තු විය නොහැක. එම දරුවන් හොඳ සහ නරක අතර වෙනස හඳුනන්නේ නැත. පාසලට පැමිණීමේදී පිහියක් ගෙන යාම වරදක් බව ඔවුන් සිතන්නේත් නැත.

පුත්තලමේ සිද්ධිය මේ අවස්ථාවේ හැටියට හුදෙකලා සිදුවීමක් වශයෙන් අර්ථ දැක්විය හැක. එහෙත්, මෙවැනි සිදුවීම් ඉදිරියේදීත් විය හැකි බව ද සිතට ගත යුතුය. දරුවන්ගේ විනය මවුපියන්ගේත් වගකීමක් බවත් තේරුම්ගත යුතුය.

(***)



අදහස් (1)

සිසුන්ගේ හැසිරීම් රටා මවුපිය අවධානයත් ඕනෑ

විමල් Thursday, 01 August 2024 12:51 PM

පොත්වල ඇත්තේ විනය ගරුක සමාජශීලී දැහැමි ...... නොයෙක් දේ වුණත් කෙරෙන්නේ කුමක්ද කියා දෙමාපියන් හට අවබෝධයක් නැත බොහෝ දෙමාපියන් මේ අධ්‍යාපනයේ ප්‍රතිඵල නිසා බොහොම සොරි ය. පද්ධතියම කුණුවී ඇති මොහොතක .....දෙමාපියන්ට සිදුවන්නේ අවබෝධයෙන් සිට පලිහක් රැගෙන යාමටයි.අනාගතේ මේ දරුවන් ශාප දැම්මොත් කුමක් කරමුද?

:       0       2

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1131 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 743 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 270 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 652 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 329 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 433 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 462 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 693 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1965 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site