IMG-LOGO

2024 ජුලි මස 06 වන සෙනසුරාදා


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වයක් ඕනෑ

මෙම තීරුව වැඩි වශයෙන්ම වැයකර ඇත්තේ සෞඛ්‍ය සේවය සම්බන්ධයනේ විය යුතුය. එයට හේතුව මෙරට ජනයාගේ පණනල රැකී තිබෙන්නේ සෞඛ්‍ය සේවය මත වීම නිසාය. එහෙත් අවාසනාවකට මෙන් සෞඛ්‍ය සේවයෙන් වැඩි වශයෙන් වාර්තා වන්නේ දූෂණ, අක්‍රමිකතා, හොරකම් සහ පරිපාලන ගැටලු ආදිය පිළිබඳවයි. අප පුවත්පත ඊයේ දිනයේ දී ද සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් වාර්තා කරනු ලැබුවේ ඇඟ ලොමු ඩැගැ ගන්වන සුළු ප්‍රවෘත්තියකි.

අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ මෙරට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 5000ක් විදේශ වෛද්‍ය වෘත්තියේ නියැළීම සඳහා අවශ්‍ය විභාග සමත්වී ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතළ ගැටලුවක් බවට පත්වී ඇති බවත්ය.

මෙකී ප්‍රවෘත්තියට අදාළව කරුණු විමසීමේ දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක මට්ටම සම්බන්ධයෙන් ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රසාදයක් ඇතිකරගත හැකි තත්වයක් ද තිබේ. එක්සත් රාජධානියේ වෛද්‍ය වෘත්තියට සම්බන්ධවීම සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය යුතු විභාගයට මෙවර ඉදිරිපත් වූ අපේක්ෂකයන් තුන් දහස් පන්සියයෙන් හත්සිය පනහක්ම ශ්‍රී ලාංකික වෛද්‍යවරු වෙති. එම පිරිසෙන් පන්සිය පනහක් විභාගය සමත්වී සිටිති. එයින් පැහැදිලි වන්නේ අපගේ වෛද්‍යවරුන්ගේ විශේෂඥභාවය ඉතා ඉහළ මට්ටමක තිබෙන බවය. අප පුවතින් කියැවෙන්නේ සුදුසුකම් සම්පූර්ණ කළ වෛද්‍යවරුන් පන්දාහක් පමණ රට හැර යාමේ අවදානමක පසුවන බවය.

මෙරට රජයේ රෝහල්වල සේවය කරන්නේ වෛද්‍යවරුන් විසිදහසක් පමණය. ඉන් වෛද්‍යවරුන් පන් දහසක් ඉවත්ව යන්නේ නම් එය මෙරට ජනයාගේ ජීවිතවලට බරපතළ ලෙස බලපෑමක් ඇති කරන්නකි. රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් නැත. වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලවල හිඟයෙන් මෙරට රෝහල් වැසී යමින් තිබේ. ඖෂධ හිඟය ද උග්‍රය. මෙම පරිසරය තුළ වෛද්‍යවරුන් පන් දහසක් විදේශගතවීමෙන් ලෙඩ වීම යනු අපා දුකක්ම බවට පත්වනු ඇත.

හෙද හෙදියන් හා පුහුණු කාර්ය මණ්ඩල සේවකයන් විදේශගතවීම නිසා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ අර්බුදයක් දැනටමත් නිර්මාණය වී තිබේ. ඇති තතු ඇති ආකාරයෙන් විමසා බැලූ විට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පවතින්නේ පවත්වාගෙන යාහැකි තත්වයක නොවේ. නොඑසේනම් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය හොඳටම පිරිහී ඇතැයි කීවොත් නිවැරැදියයි සිතේ.

වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම පුහුණු කාර්ය මණ්ඩල රට හැර යන්නේ රටේ ආර්ථිකය ඔවුන්ගේ පැවැත්මට තරම් නොවන නිසාය. අපේ ආර්ථිකයේ තරම කවුරුත් දනිති. කෙතරම් ඉපැයුවත් එය ජීවත්වීමට ප්‍රමාණවත් නොවේ. සෑම පුරවැසියකුටම මෙම ප්‍රශ්නය තිබේ. එහෙත් මෙම ප්‍රශ්නයට ඉන්ද්‍රජාල විසඳුම් නොමැත. එයද වටහාගත යුතුය. විශේෂයෙන්ම මහජනයාගේ බදු මුදලින් ඉගෙන ඉහළට පැමිණි පිරිස්වලට රට අමතක කළ හැකි නොවේ. තමන්ගෙන් රටට ඉටුවීමට යුතුකම් තිබෙන බවද මතක් කර ගත යුතුය. විශේෂයෙන්ම රටත් - ජනතාවත් අමාරුම අවස්ථාවක පසුවන මොහොතක එම යුතුකම වඩාත් හොඳින් ඉටු කළ යුතුය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටින්නේ වෛද්‍යවරුන්ගේ රට හැර යාමේ ගැටලුවට මුහුණ දීම සඳහා තවත් සීමා වාසික වෛද්‍යවරුන් පත් කිරීමට සැලසුම්කර ඇති බවත්ය. එමෙන්ම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ එමින් පවතින මෙම අවස්ථාවේ වෛද්‍යවරුන්ගේ වැටුප වැඩි කිරීම අපහසු කරුණක් බවය. අප අවධාරණය කරන්නේ රටේ සෙසු කරුණු පසෙකලා හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රමුඛතාව දිය යුතු බවය.

(***)



අදහස් (2)

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වයක් ඕනෑ

බද්රානි Tuesday, 02 July 2024 09:21 PM

වෛද්‍ය වරුන්ගේ ගුණාත්මක භාවය කියන්නේ විභාග සමත්වීම පමණක් නොවෙයි... ඇත්තම කියනවා නම්, ලංකාවේ තරම් නරුම වෛද්‍යවරු ලෝකයේ කොහෙවත් නැහැ. දැන් ඔය එංගලන්තෙට යන්න සිදුවෙලා තියන වෛද්‍යවරු තමයි පහුගිය කාලේ සයිටම් වෛද්‍ය විද්‍යාලය විනාශ කර දැමීමට හවුල් වුයේ.. නෙවිල් ප්‍රනාන්දු මහත්මයාට හා මේ රටේ සිසුන්ට කළ අපරාධයේ ශාපයෙන් ඒ විනාශයට දායක වුණු සෑම දෙනාටම එයට වන්දි ගෙවීමට සිදුවෙනවා... වෛද්‍යවරු නැතිව දුක් විඳීමට සිදුවෙන රෝගීනුත් පහුගිය කාලේ උඩ පැන්නා මතකයිනේ... එංගලන්තේ NHS එක විනාශ කිරීමට ඉඩ නොතබා ලංකාවේ දොස්තරලාව ඇෆ්රිකන් රටවල් වලට පිටත් කර යැවිය යුතුයි.. එවිට ඇෆ්රිකන් වෛද්‍යවරුන්ගෙන් බොහෝ දේවල් මොවුන්ට ඉගෙන ගැනීමට හැකි වේවි... පෞද්ගලික රෝහල් වල ගිලන් රථ සේවාව ප්‍රවර්ධනය කරමින් නොමිලේ සේවාව සපයන "සුවසැරිය" ගිලන් රථ සේවයට අකුල් හෙලපු නරුම දොස්තරලාට නම් හොඳක් වෙන්න එපා.. කෝ දැන් අර පහුගිය කාලේ දාපු සද්දේ..?

:       8       7

Surgeon Thursday, 04 July 2024 05:19 PM

අනේ මේ වැඩට යන්න තෙල් පෝලිමේ ඉන්න කොට කතාකරේ සත්තුන්ට දාලා. ජීවිතේ පළමු වතාවට මගේ රස්සාව ගැන මටම කලකිරුනේ එදා. අඩු පහසුකම් මැද පිටරට ගිහින් ඉගෙන ගෙන බෙහෙත් නාස්ති නොකර අපි මේ රටට සහ මිනිස්සුන්ට ඉතිරි කරපු මුදල් වලින් අපි අපේ ණය (මේ රටේ මිනිස්සු හිතන විදියට අපි විතරක් ගෙවන්න ඕනේ අනික් අය ගෙවන්න ඕනෙ නැති) කීප ගුණයකින් ගෙවලා තියෙනවා. උගත්, වැදගත්, අවංක මිනිස්සු මේ රටේ තියාගන්න බැරි බහුතරයකගේ තියන ඉරිසියාව සහ කාලකන්නිකම නිසා. අනික අපි ඔතැනට ආවේ නිකන් ඉඳන්වත් දේශපාලකයින්ට පන්දම් අල්ලලා පෝස්ටර් ගහලා නොවේ. අපේ මහන්සියෙන්.... අපි මහන්සි වෙලා හදාගත්තු හැකියාව දැනුම අපේ දියුණුවට යොදාගන්න කාගෙන්වත් ආහන්න ඕනෙත් නෑ. මොනවා හරි කරුමෙකට අපිට මොනවා හරි වුනොත් පාංශුකූලය දෙන්නාවත් ගෙදර අනාථ අයට කන්න දෙන්නවත් ඔය අය එන්නේ නෑ. උගත මනා ශිල්පයමයි මතු රැකෙනා... ඒ නිසා අනුන්ගේ ඇද හොයන්නේ නැතුව හරි රැකියාවක් කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

පාර්ලිමේන්තු කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු
2024 ජුලි මස 06 18 0

පාර්ලිමේන්තුවේ පැය එකහමාරක හදිසි රැස්වීමක් පැවැත්වීම සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වී ඇතැයි පසුගියදා වාර්තා වූයේය. පසුගිය 02 වැනිදා මෙම හදිසි


ළමා පරපුර රැකගැනීම සමස්ත සමාජ වගකීමක්
2024 ජුලි මස 05 60 0

හදවත් පාළු සෝබර සංකාවෙන් පුරවන පුවත් නිමක් නැත. එබඳු පුවත් දෙකක්ම අප පුවත්පත ඊයේ වාර්තා කළේය. එක් පුවතකින් කියැවුණේ කොළඹ 2 කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට


සෑම ආගමකටම ගරුකිරීම ශිෂ්ටත්වයේ ලක්ෂණයක්
2024 ජුලි මස 04 141 1

උපන් බිම, ජාතිකත්වය හා ආගම ඕනෑම මිනිසකු සතු මහරුම සම්පතකි. ඒවාට ගරු නොකරන්නා තුළ මනුෂ්‍යත්වයේ අංශු මාත්‍රයක්වත් තිබිය නොහැක. තමන්ගේ උපන් බිමට, ජාතිකත්


තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවටත් ලැබෙන්න ඕනෑ
2024 ජුලි මස 03 180 0

ඉන්ධන මිල පහළ දැමීමේ පුවත කොහොමත් ශුභාරංචියකි. එයට හේතුව රටේ සෑම ද්‍රව්‍යයක්ම, සේවාවක්ම ඉන්ධන මිල සමග ගැට ගැසී ඇති බැවිනි. ජනතාවගේ විශ්වාසය වන්නේ ඉන්ධ


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වයක් ඕනෑ
2024 ජුලි මස 02 234 2

මෙම තීරුව වැඩි වශයෙන්ම වැයකර ඇත්තේ සෞඛ්‍ය සේවය සම්බන්ධයනේ විය යුතුය. එයට හේතුව මෙරට ජනයාගේ පණනල රැකී තිබෙන්නේ සෞඛ්‍ය සේවය මත වීම නිසාය. එහෙත් අවාසනාවක


ගුරු වැටුප් ගැටලුව දිග්ගසන්න දෙනු එපා
2024 ජුලි මස 01 330 1

වැටුප් ප්‍රශ්නයක් මුල්කර ගනිමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 714 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1666 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3554 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site