IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


අනුරපුර සිද්ධියෙන් කියැවුණේ සමාජයේ සදාචාර පිරිහීමක්

“විනයෝ නාම ශාසනස්ස ආයු” යනුවෙන් බුදුපියාණෝ වදාළහ. එහි අර්ථය නම්, “ශාසනය පවතින්නේ විනය පවතින තුරු” යන්නය. මෙම අර්ථය සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම අදාළව මැනවින් ගළපාගත හැකිය. අදාළ බුදු වදන උපුටා ගනු ලැබුවේ අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රධාන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.

අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියැවුණේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලයේදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු සිසුවකුගේ මවක විභාග මධ්‍යස්ථානයට කඩාවැදී සිසුන් පිරිසකට පහරදීමට යාමේදී එහි දැඩි නොසන්සුන්කාරී තත්වයක් උද්ගතවූ බවය. සිද්ධිය වාර්තා වන්නේ ඉකුත් 14 වැනිදාය.

පළමුව මවගේ හැසිරීම ගැන සලකා බැලිය යුතුය. දස මසක් කුස දරා ගත රුහිරු කිරි කර පොවා හැදූ වැඩූ තම ආදරණීය දරුවකුට යම් අයකු පහර දෙන්නේ නම්, එය මවකට දරා උසුලා සිටිය නොහැකිය. දාරක ස්නේහය යනු එයයි. එහෙත්, එම මවගේ හැසිරීම දාරක ස්නේහය ඉක්මවා ගිය ප්‍රචණ්ඩ හැසිරීමකි. චණ්ඩිකමක් ප්‍රදර්ශනය කිරීමකි.

ප්‍රශ්නය කුමක් වුව ද එයට උත්තරයක් තිබේ. ඇතැම් විට උත්තර ගණනාවක් තිබිය හැකිය. එම උත්තර ගණනාවෙන් නිවැරැදිම උත්තරය සොයා ගැනීමට හැකි විය යුතුය. එයට ඉතා පැසුණු මනසක් මොළයක් තිබිය යුතුය. “විද්‍යා දදාති විනයං” යනුවෙන් සඳහන් වන්නේ, විද්‍යාවෙන් හෙවත් අධ්‍යාපනයෙන් විනය ඇති කරන බවය. පිළිතුරු ගණනාවකින් නිවැරැදිම පිළිතුර සපයා ගැනීමට විනය අත්‍යන්තයෙන්ම උපකාරි වේ. එම විනය ඇති වීමට නම්, අධ්‍යාපනය ලබා තිබිය යුතුය.

විභාග මධ්‍යස්ථානයකට කඩාවැදී සිසු පිරිසකට පහරදීමට තැත් කළ බව කියන මව අධ්‍යාපනයක් ලබා ඇතැයි සිතිය නොහැක. නිසි අධ්‍යාපනයක් ලබා තිබුණේ වී නම්, එම මවගෙන් එබඳු මුග්ධ, වියරු හැසිරීමක් ප්‍රදර්ශනය විය නොහැක. සැබැවින්ම එම මව කර ඇත්තේ දරු සෙනෙහස ප්‍රදර්ශනය කිරීම නොව, මුළු රටක් ඉදිරිපිට තම නිරුවත ප්‍රදර්ශනය කිරීමය. එය මවකට තරම් නොවන බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂය.

පාසල් දරුවන්ගේ විනය බොහෝ සෙයින් පිරිහී ඇති බව බොහෝ සිදුවීම්වලින් පැහැදිලි වේ. සිසුන් දෙපිරිසක් ‘මරාගෙන’ තිබෙන්නේ තමන්ගේ ජීවිතයේ අනාගතය තීරණය කරනු ලබන තීරණාත්මක කඩඉම් විභාගයක් අතරතුරදීය. මවුපියන් මෙන්ම ගුරුවරුන් ද ඒ බව දරුවන්ට එයට හිමි නිසි අර්ථයෙන් හා ගැඹුරින්ම ඒත්තු ගන්වා තිබිය යුතුය. මෙතැන එවැන්නක් සිදු වී ඇති බවක් නොපෙනේ.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවා සිටින්නේ තාරුණ්‍යයේ එළිපත්තේය. ඔහු තවම වැඩිහිටියෙක් නොවේ. ඔහු නියත වශයෙන්ම වැඩිහිටියාගේ ආරක්ෂාව යටතේ සිටිය යුත්තෙකි. එමෙන්ම, ස්වාධීනව තීරණ ගැනීමේ අයිතියක් ද දරුවාට නැත. දරුවාගේ ලෝකයේ දිග පළල දරුවාට පහදා දීම මවුපියන්ගේ සේම ගුරුවරුන්ගේ ද වගකීමකි. මෙම සිද්ධියෙන් කියැවෙන්නේ සමාජය කෙතරම් දුරට පරිහානිය කරා ගමන්කර ඇත්ද යන කාරණයයි.

මෙම පාසලට කඩාපැන යකා නැටූ අවස්ථාවේ එම පරිසරය සම්බන්ධයෙන් චිත්‍රයක් මවා ගැනීම අසීරු නැත. අප සමාජයක් වශයෙන් ගමන් කරමින් සිටින්නේ කොතැනට ද යන්න මෙම සිදුවීමෙන් ද මනාව පැහැදිලි වේ. මාපියන් බලාපොරොත්තු වන්නේ, තම දරුවන් මැරයන්ගෙන් බේරා ගැනීමටය. එහෙත්, අප අවධාරණය කරනනේ එතැනින් එහාට ද ගමන් කළ යුතු බවය. එනම්, තම දරුවන්, මැරයන්ගෙන් බේරා ගැනීම පමණක් නොව, තම දරුවන් මැරයන් බවට පත්වීමෙන් ද වළක්වාගත යුතු බවය. එසේ නොවුණහොත්, රටේ අනාගතය අති බිහිසුණු වීම වළක්වාලිය නොහැක.

(***)



අදහස් (2)

අනුරපුර සිද්ධියෙන් කියැවුණේ සමාජයේ සදාචාර පිරිහීමක්

යූ ඩී.ඒ.පෙරේරා Saturday, 18 May 2024 09:34 PM

සමාජය තුල විශාල වශයෙන් විනය පිරිහෙමින් පවතින බව අමුතුවෙන් කිවයුතු නොවේ.මවක්,කාන්තාවක් වශයෙන් ඇයට යොවුන් වියේ දරුවන්ගේ අදහස්, සිතුම් පැතුම් , ක්‍රියාකාරකම් පිලිබඳ අවබෝධය අල්පය.එය එසේ වන්නට හේතුව කුමක්ද?අධ්‍යාපනයක් නොලබා සිටීම පමණක් නොව අධ්‍යාත්මික දියුණුවක් නොමැතිවීම,ඇයගේ පවුල් පසුබිම, වෙන්න පුළුවන්.ඉතා වැදගත් වැඩසටහන් මාධ්‍ය තුල දර්ශනය වනවා වගේම නූගත් ගැමි ජනතාව ඒවා නැරඹීම, අර්ථවත් පොතක් පතක් කියවා දැනුම ලබා ගැනීම යන දේ වලින් බැහැරව ජීවත් වන පිරිස් තවමත් අප අතර ජීවත් වන බව පමණක් පැහැදිලිය.සෑම පුරවැසියෙකු කුමන හෝ ආගමික පරිසරයක් සකසා ගත යුතුයි.වර්තමානය වන විට අපේ රටේ බාල,මහළු,තරුණ විශාල පිරිසක් කිසිම ආගමකට ගරු නොකරන තත්වයට පත්වී ඇත.වැඩිහිටියන්ට ගරු නොකිරීම,ලජ්ජාව,බය සමාජය තුල ගිලිහී යාම තාක්ෂණ මෙවලම් නිසා දරුවන් නොමග යාම සදහන් කරන්න පුළුවන්.දිනෙන් දින මේ තත්වය වර්ධනය වීම වැලැක්වීමේ වගකීම ආගමික නායකයන් සහ රටේ පාලකයන් බව අමතක නොකළ යුතු යි.මේ විෂය ගැන පුළුල්ව කතා කලයුතු මාතෘකාවකි.

:       0       15

SarasiMonday, 20 May 2024 12:13 PM

වැඩිහිටියන්ට ගරැකිරීම කෙසේ වෙතත් සමහර වැඩිහිටියන්ගෙන් පරිස්සම් වියයුතු කාලයක් මේ. එතන සිදුවු දේ හරියටම දන්නේ නැතිව කාටවත්ම මොනවත් කියන්න බෑ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1336 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 822 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 344 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 747 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 368 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 476 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1082 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site