IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අලුත් ආණ්ඩුවෙන් ක්‍රමයේ වෙනසක් ඕනෑ

පවත්නා ක්‍රමයේ වෙනසක් සහිත අලු‍ත් ආණ්ඩුවක් බිහිවණු ඇත යන්න ජනතා අපේක්ෂාවයි. රටම ගිනියම් කළ අරගලකාරී ඛේදවාචකයකින් පසුව රටේ ජනතාව බොහෝ කලක් ඉල්ලා සිටි ‘‘සිස්ටම් චේන්ජ්’’ එකකට ඉඩ ප්‍රස්ථාව සැලසී තිබේ. පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයෙන් ඉවත්වීමත් සමඟ ඉදිරියේ පත්වන නව ආණ්ඩුවක ප්‍රධාන කාර්යය වන්නේ වඩාත් විනිවිද භාවයෙන් යුතු රාජ්‍ය පාලනයක් ස්ථාපිත කොට නඩත්තු කිරීමයි.

ක්‍රමයේ වෙනස හෙවත් ‘‘සිස්ටම් චේන්ජ්’’ එක තවත් සම්ප්‍රදායික පාලනයක් නොවිය යුතුය. එය ජනතාවගේ හදවතට දැනෙන වෙනසක් නොවුවහොත් තවත් ටික කලකින් මෙයටත් වඩා බරපතළ අරගලයක අත්දැකීම් විඳින්නට සමාජයට සිදුවන බව නිරනුමානය. වසර 1971දීත් වසර 1987-1989 කාලයේදීත් මෙරට දේශපාලනය පදනම් කරගත් අරගල හටගත්තේය. මෙවර අරගලය එවැන්නක් නොවූවත් පවත්නා ක්‍රමය වෙනස් කිරීමට පෙර ආණ්ඩුව ඉවත්කර නව ආණ්ඩුවක් බලයට පත් කරගන්නට තරම් තරුණ අරගලය ප්‍රබල වූ බව පැහැදිලිය.

1971 දී සහ 1987 දී යුද අවිවලින් ආරම්භ කළ සටන මෙවර දියත් කළේ ‘‘ස්මාර්ට්’’ ජංගම දුරකතනය භාවිත කරමිනි. එය අරගලයේ ප්‍රබලම අවිය මෙන්ම මෙවලම බවට පත්විය. ඇතැම් විට ජංගම දුරකතනයෙන් ඉදිරිපත් වන ප්‍රකාශනවල නිරවද්‍යභාවයක් මෙන්ම ශික්ෂණයක් නැතැයිද තර්ක ගොඩනැගී තිබේ. මාධ්‍ය දොරටුපාලයන්ගෙන් තොරව කෙරෙන ස්වයං ප්‍රකාශන සම්බන්ධව එවන් චෝදනා මෙන්ම ඊට එරෙහි ප්‍රතිචෝදනා ද නැගෙයි. පවත්නා ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවට කලෙක පටන් ඝෝෂා කරනු ලැබුවේ මෙරට සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම විද්වත් පර්ශද ගණනාවක් විසිනි. විශේෂයෙන්ම රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ සිදුවන ඉහවහා ගිය වංචා දූෂණවලට තිත තබා රටේ සම්පත් බහුතර ජනතාවගේ සුඛවිහරණයටත් ජාතික සංවර්ධනයටත් සාධාරණ ලෙස යොදවා ගැනීම අපේක්ෂිත ‘‘සිස්ටම් චේන්ජ්’’ එකෙහි ප්‍රධාන අංගයක් බව පැහැදිලිය. සම්පත් බෙදීයාමේ විෂම බව අප රටේ අතීත අරගලවලට බලපෑ ප්‍රධාන හේතුවක් බව අමතක කළ යුතු නැත.

එසේම යුක්තිය සාධාරණය හා ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස තහවුරු වන, නීතියේ ආධිපත්‍යය සුරැකෙන සමාජයක් අලු‍ත් වෙනස අපේක්ෂා කරන උදවිය බලාපොරොත්තු වෙති. විශේෂයෙන්ම රාජ්‍ය තන්ත්‍රයේ එක් පාර්ශ්වයක් විසින් ගනු ලබන තීන්දුවක් තවත් පාර්ශ්වයකට පරීක්ෂා කළ හැකිවන පරිදි නීති රීති සහ ක්‍රමසම්පාදනය විය යුතුය. එය පිළිගත් තුලන හා සංවරණ ක්‍රමවේදයයි.

1978 දී ආරම්භ වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්න විධායක ජනාධිපති ක්‍රමයේ අමිහිරි අත්දැකීම් සහිත ශ්‍රී ලාංකික බහුතර සමාජය පිළිගනී. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර දමා පාර්ලිමේන්තුවට බලය පැවරීම මගින් වඩාත් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් අභ්‍යාස කළ හැකි බව ඊට පක්ෂව මත දක්වන්නෝ පවසති. එහෙත් ඊට ප්‍රතිවිරුද්ධ මතධාරීන් සඳහන් කරන්නේ ඉන්දියාව විසින් අපේ ව්‍යවස්ථාවට ගැට ගසන ලද පළාත් සභා ක්‍රමය පාලනය සහ හැසිරවීම උදෙසා විධායක ජනාධිපතිවරයකු අවශ්‍ය බවය. කලකට පෙර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටි වර්ධරාජා පෙරුමාල් සිය පළාත් සභාව වෙනම ආණ්ඩුවක් බව ප්‍රකාශ කළ මොහොතේ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල නොවන්නට සියල්ල අවුල් වීමට ඉඩ තිබූ බවට තර්ක නැගේ. විලියම් ගොපල්ලව යුගයේ මෙන්ම නාමමාත්‍ර ජනාධිපති ධුරයකට අද්‍යතනයේ පවත්නා සංකීර්ණ දේශපාලන ප්‍රශ්නවලට ප්‍රතිකාර කිරීම අපහසු බව විධායකයට පක්ෂව තර්ක කරන්නෝ පවසති. කෙසේ වෙතත් රටේ බහුතර ජනමතය වන්නේ ‘‘සිස්ටම් චේන්ජ්’’ එකක් කිරීමට පෙර බොහෝ අනුහස් සහිත බලවත් තනතුරක් වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවයි.

වඩාත් නිරවුල් හා විනිවිද භාවයෙන් යුතු ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීම ස්වාධීන කොමිෂන් සභා ආදියේ බලතල උපරිම ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වතාවාරණය සැලසීම ආදී කරුණුද ජනතාව අපේක්ෂා කරන ‘‘සිස්ටම් චේන්ජ්’’ එකට ඇතුළත් විය යුතු බව ප්‍රකාශිතය. එසේම රාජ්‍ය මූල්‍ය පාලනයේ බලය ඇති පාර්ලිමේන්තුවට ආණ්ඩුවේ ඕනෑම තීරණයක් ප්‍රශ්න කළ හැකි වාතාවරණයක් අවශ්‍යය. ඒ සඳහා මැති සබයේ නිතිපතා ක්‍රියාත්මක කරන විවිධ කොමිටි සහ කාරක සභා බලවත් සංවිධාන බවට පරිවර්තනය විය යුතුය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවේ මහ සභාව මෙන්ම ඊට අනුබද්ධ කාරක සභා සහ කොමිටි නිතිපතා රැස්වෙමින් ආණ්ඩුවේ කටයුතු හරිමඟ ගෙනයාමට විශාල මෙහෙවරක් ඉටු කරති. මෙරට මැති සබයේ ද එබඳු වැදගත් කාරක සභා ගණනාවක් ක්‍රියාත්මකය. රාජ්‍ය ගිණුම්කාරක සභාව සහ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සභාව ඉන් ප්‍රධානය. මෙයින් රාජ්‍ය ගිණුම්කාරක සභාව මගින් ආණ්ඩුවේ සියලු‍ම දෙපාර්තමේන්තු ගනුදෙනු සහ ක්‍රියාදාමයන් විමර්ශනයට ලක් කෙරේ.

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සභාව මගින් රජයට අයත් සියලු‍ම සංස්ථා මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතනවල ගනුදෙනු ආදිය ගැන සොයා බැලේ. කලෙක පටන් මෙම කටයුතු අදාළ කාරක සභා විසින් නිසි ලෙස ඉටුකර මැතිසබයට වාර්තා රැසක් සපයා තිබේ. එහෙත් එම වාර්තා පැවති ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරනු වෙනුවට හමස් පෙට්ටියට දමා තිබීම බොහෝ අනීතික ක්‍රියා නීතිගත වීමට බලපෑ සාධකයකි. මෙබඳු කාරක සභාවල තීන්දු තීරණ අනුව රජයේ දෙපාර්තමේන්තුවක හෝ සංස්ථාවක බලධරයෙක් කිසියම් වරදක් සිදුකර ඇත්නම් ඒ තැනැත්තා හෝ තැනැත්තිය අධිකරණයට ගෙන ගොස් නෛතික විමර්ශනයකට බඳුන් කිරීමට හැකියාව තිබිය යුතුය. එලෙස කටයුතු සිදුවුවහොත් ආණ්ඩුවේ බොහෝ වංචා දූෂණ සහ වෙනත් පරිපාලනමය වැරදි නිවැරදි කර ගැනීම පහසුවෙයි. ජනතාව පවතින ක්‍රමය වෙනස් කොට ‘‘සිස්ටම් චේන්ජ්’’ එකක් ලබාදෙන ලෙස ආයාචනා කරන්නේ මෙබඳු රාජ්‍ය පාලනයක් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂාවෙනි.

(***)



අදහස් (2)

අලුත් ආණ්ඩුවෙන් ක්‍රමයේ වෙනසක් ඕනෑ

සී.යූ Wednesday, 18 May 2022 12:09 PM

අපේ ගමේ බස්රථ ධාවනය වන ප්‍රධාන මාර්ගය තුළ අබලන් වූ ස්ථාන තුනක් මීට වසර 4 කට පමණ පෙර කොන්ක්‍රීට් දමා අළුත්වැඩියා කර ඇතත් මේවනවිට කොන්ක්‍රීට් තට්ටුව පුපුරා නැවත අබලන්වීමේ තත්ත්වයට පත්වෙමින් ඇත. මෙයට හේතුව වන්නේ කිසිඳු ප්‍රමිතියකින් තොරව කරන ලද ඉදිකිරීම නිසායි.. ඒවායේ ප්‍රමිතිය නියාමනයට කිසිඳු අයෙකු වගකීමක් ගන්නේ නැති නිසායි. ඒ සඳහා නව නීතිරීති රාජ්‍ය ඉංජිනේරු අංශයට අනිවාර්යයෙන්ම ඇතිකළ යුතුයි. මේ සඳහාද බලධාරීන්ගේ ඇස් ඇරේවා...!

:       0       0

Deepal Nirosh Thursday, 19 May 2022 03:29 PM

ලෝකයේ දියුණු නොදියුණු බොහෝ රටවල රාජ්‍ය සේවයේ නියුතු සංඛ්‍යාව ජනගහන අනුපාතිකව 1 : 250 සාමාන්‍ය අගයක්. එහෙත් අප රටේ එය 1 : 11 වැනි ඉතා ඉහළ අනුපාතයක්. නිෂ්පාදනයක කර්මාන්ත අවම කුඩා ආර්ථිකයක් සහිත අප වැනි රටකට මෙය දරාගන්න පුළුවන්ද? රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නගන්න නම් මෙන්න මේ තත්ත්වයට ප්‍රශස්ත පිළිතුරක් සොයා ගැනීම අත්‍යාවශ්‍යයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 695 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 173 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19174 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site