පුංචි ආණ්ඩුවලට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය වෙනස්කම් යෝජනා කිරීම සඳහා පත් කෙරුණු පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටු වාර්තාව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට පසුගියදා බාරදෙනු ලැබීය. එහි ප්‍රධාන නිර්දේශයක් වශයෙන් පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා පත්කර ගැනීමේදී දැනට ක්‍රියාත්මක 60-40 මිශ්‍ර සමානුපාතික ක්‍රමය මින් ඉදිරියට 70-30 අනුපාතයට වෙනස් කළ යුතු යැයි සඳහන් වන බව අපගේ ‘‘ලංකාදීප’’ පුවත්පත පසුගියදා ප්‍රධාන පුවතින් හෙළිකර තිබිණි. එසේම තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාවද අටදහසේ සිට හයදාස් පන්සීයට බැස්සවිය යුතු බවටද නිර්දේශ කර තිබේ.
පළාත් පාලන ආයතනවලට පමණක් නොව පළාත් සභා සහ මහ මැතිවරණවලටද අදාළව සමානුපාතික ඡන්ද ක්‍රමයේ සංශෝධන සිදුවිය යුතු බව බහුතර ජනතාවගේ අදහස වෙයි. ඒ අනුව මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය සම්බන්ධව යෝජනා ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්ද පත්කරනු ලැබීය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම විශේෂ කාරක සභාව මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා ලබා ගැනීම සඳහා විවිධ පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් කටයුතු කරයි.
රටට අවශ්‍ය කුමන මැතිවරණ ක්‍රම සංශෝධනයක් සිදුකළද ඊට අදාළ තීරණාත්මක කාර්යභාරය ඉටුවිය යුත්තේ පාර්ලිමේන්තුවෙනි. ඒ අනුව පළාත් පාලන මැතිවරණ ක්‍රම සමාලෝචන කමිටු වාර්තාවෙන් නිර්දේශිත කාරණාද පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතුය. මැතිවරණ ක්‍රම සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් අතර එකඟත්වයක් පැවතීම නව නීති අනුමත කර ගැනීමේ වැදගත්ම සාධකයයි.
බැලූ බැල්මට මීළඟට පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණයයි. අවසන් වරට එය පැවැත්වූයේ 2018 වසරේ පෙබරවාරි 10 වැනිදා වීම හේතුවෙන් 2022 වසරේ පෙබරවාරි මාසය වනවිට එම සභිකයන්ගේ නිල කාලය අවසන් වෙයි. එහෙත් ඊට පෙර දිගින් දිගටම කල් යමින් තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමටද නියමිතව තිබේ. පළාත් සභා මැතිවරණය පවත්වනවාද නැද්ද යන්න විවාද සම්පන්න මාතෘකාවක් බවට පත්ව තිබීම හේතුවෙන් ඒ ගැන නිශ්චිතව අදහසක් ප්‍රකාශ කිරීම අපහසු නමුත් පළාත් සභා ඡන්ද විමසීම සිදුවනවා නම් එයද විය යුත්තේ පළාත් සභා සීමා නිර්ණයෙන් පසු නව මැතිවරණ කොට්ඨාස පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසුව බව කිවයුතුය. ඒ සඳහා ආණ්ඩුව සහ විපක්ෂය අතර එකඟත්වයක් පවතින්නේ නම් නව මැතිවරණ කොට්ඨාස සඳහා අනුමැතිය ලබාගැනීම ගැටලුවක් නොවේ. එහෙත් ප්‍රශ්නය ඇත්තේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා සැබෑ උවමනාවක් ආණ්ඩු පක්ෂයට හෝ විපක්ෂයට තිබෙනවාද යන්නය.
සමානුපාතික ඡන්ද ක්‍රමයේ පවතින යහපත් ලක්ෂණ ආරක්ෂා කර ගනිමින් ඒවා වාර්තමානයට ගැළපෙන රාමුවකට සකස් කරගත හැකි නම් මැතිවරණයක් පැවැත්වීමෙන් පසුව කෙළින්ම වැඩට බැසීමට තෝරා පත්වන මන්ත්‍රීවරුන්ට පහසු වෙයි. මෙහිදී ප්‍රමුඛතාව ලැබිය යුත්තේ ආණ්ඩුවට හෝ විපක්ෂයට හෝ අවශ්‍ය ආකාරයට සංශෝධන සිදු කිරීම නොව රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සංශෝධන සිදු වීමය.
පවතින ආණ්ඩුවක් බොහෝ විට මැතිවරණ නීති සංශෝධනය සිදු කරන්නේ එයින් දේශපාලන වාසියක් ලබාගැනීමට බව නොරහසකි. හැමදාම තමන්ට බලයේ සිටීමට හැකි වනසේ වෙනස් කරගන්නා නීති රීතිවලින් සිදුවන්නේ යහපතකට වඩා විනාශයකි. පසුගිය යහපාලන කාලයේ හඳුන්වා දුන් පළාත් පාලන මැතිවරණ පනත් සංශෝධනය සහ ඊට පෙර පැවැති රාජපක්ෂ ආණ්ඩුව මගින් අනුමත කරගත් 18 වැනි සංශෝධනය ඒ සඳහා මෑතකාලීන උදාහරණ දෙකකි. ඒ අවස්ථා දෙකම රටේ ජනතාවගේ යහපත අරමුණු කරගත් ඒවා නොව බලය රැක ගැනීමේ ක්‍රියාවලිය සඳහා යොදාගත් නීතිමය මෙවලම් පමණක් විය. එම සංශෝධන දෙකටම පසුව පැවැති මැතිවරණවලදී ඒවා හඳුන්වා දුන් ආණ්ඩු දෙකම පරාජයට පත්වීම ජනතා අපේක්ෂා භංගවීමේ ප්‍රතිඵලයකි.
පැවැති මැතිවරණ ක්‍රමයට තම දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා එවැනි සංශෝධන එකතු කිරීම හේතුවෙන් රටේ දේශපාලන ස්ථාවර භාවයට දැඩි හානි සිදු වූ බව ඇතැම් විද්වතුන්ගේ මතය වෙයි. 15 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙමින් හිටපු ජනපතිවරයකු වන ආර්. ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු අසුනක් දිනාගැනීම සඳහා කිසියම් දේශපාලන පක්ෂයක් ලබාගත යුතු වූ අවම ඡන්ද ප්‍රතිශතය සියයට 12.5 සිට සියයට 5 දක්වා අඩු කිරීම තවත් උදාහරණයකි. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ සුළු පක්ෂවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා සියයට 12.5ක් ලබාගත යුතු බව ව්‍යවස්ථාගත වූයේ රටේ එදා පැවැති දේශපාලන වාතාවරණයට අනුකූල වන සේය. එහෙත් වසර 10ක් ඉක්ම යද්දී එය සියයට 5 දක්වා අඩු කිරීම සුළු ජාතික පක්ෂවලට විශාල කේවල් කිරීමේ බලයක් ලබා දුන්නේය. ප්‍රමාණවත් ජනතා නියෝජනයක් තිබෙන සුළු ජාතික දේශපාලන පක්ෂවලටද පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාවක් ලබාදීම සිදුවිය යුතු වුවද ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් එය තමන්ගේ බලය රැක ගැනීමේ අවියක් වශයෙන් අත්තනෝමතිකව යොදා ගැනීම රටේ විනාශයට හේතු විය. එසේම සුළු දේශපාලන පක්ෂවලට බලයට පත්වන පක්ෂය තමන්ට රිසිසේ අල්ලේ නැටවීමේ අවස්ථා ද උදාවිය. එයින් වූයේ රට අගාධයට යාමය. ඉන්පසුව බලයට පත් ආණ්ඩු මේ වරද දැක දැකම එය නිවැරදි කිරීමට කටයුතු නොකිරීමද කනගාටුවකි.
මැතිවරණ නීති සමාලෝචන කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී මේ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම වැදගත් වනු ඇත. එසේම මැතිවරණ ව්‍යුහයම ප්‍රතිසංස්කරණය සඳහා කටයුතු කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවද පවතින යථාතත්ත්වය තේරුම් ගෙන වඩාත් ජනතාවාදී මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට අවංකවම කැපවෙනු ඇතැයි අපි සිතමු.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලුත් මැතිවරණ නීති පමා නොකරමු
ganegoda Monday, 19 July 2021 01:04 PM
ඉස්සර නම් බත් පාර්සලයයි, කසිප්පු භාගයයි... අලුත් නීතිය රෝස්පාන් ගෙඩියක්ද?