රට තුළ දේශපාලන අර්බුද සුළියක් නිර්මාණයවී තිබේ. අර්බුදය නිර්මාණය වී තිබෙන්නේ රජය සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් නීති තර්ක, ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ වාග් සංග්‍රාම නොනැවතී සිදුවෙමින් පවතී. මෙබඳු දේශපාලන අර්බුද එක් අතකින් රටකට ස්වාභාවිකය. අනික් අතට බලාපොරොත්තු විය යුත්තකි. එහෙයින් මෙබඳු අර්බුද සුළි ඉදිරිපිට තිගැස්මට ලක් විය යුතු නැත. ඕනෑම අර්බුදයක් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගැනීමේ ශිෂ්ටත්වය සෑම පාර්ශ්වයක් වෙතින්ම ප්‍රදර්ශනය විය යුතුය. ම්ලේච්ඡත්වය කරා අප පල්ලම් බැසිය යුතු නැත.
අර්බුදය කුමක් වූව ද එය රටේ පරිපාලනයට හා පැවැත්මට බාධාවක් කරගත යුතු නැත. අර්බුද හටගෙන තිබෙන්නේ ආණ්ඩුව තුළය. එහෙත් රජය නිරුපද්‍රිතව ඉදිරියට යා යුතුය. ආණ්ඩුව හා රජය අතර ඇති වෙනස හඳුනා ගැනීමේ පරිණත බව සෑම දේශපාලනඥයකුටම තිබිය යුතුය. සෑම රජයේ නිලධාරියකුටම තිබිය යුතුය. පුරවැසියන් තුළින්ද එම විචක්‍ෂණ බව ප්‍රදර්ශනය විය යුතුය.
ශ්‍රී ලංකාව වැනි රටවල බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ රජය බලවත්වීම වෙනුවට ආණ්ඩුව බලවත් වීමය. අපේ රටේ කිසිදු ක්ෂේත්‍රයකට අදාළව ජාතික ප්‍රතිපත්තියක්, ජාතික වැඩපිළිවෙළක් නිර්මාණය කර ගැනීමට තවමත් නොහැකිවී තිබෙන්නේ එහෙයිනි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් වනවා පමණක් නොව එකම ආණ්ඩුවක ඇමැතිවරුන් වෙනස් වුව ද ප්‍රතිපත්ති වෙනස් වන්නේ ඒ අනුවය. මෙම තත්ත්වය රටකට කිසි ලෙසකින් හෝ යහපත් නැත.
ආණ්ඩු කලින් කලට වෙනස් වේ. එහෙත් රජය වෙනස් නොවේ. රජයේ වගකීම වන්නේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් පරිපාලනය අඛණ්ඩව පවත්වාගෙන යාමය. රජයේ සේවකයන්ට දේශපාලන මතයක් දැරීමේ අයිතියක් තිබුණද ක්‍රියාකාරී දේශපාලනයේ නියැලීම තහනම් වන්නේ ඒ අර්ථයෙනි. ආණ්ඩුවක වගකීම වන්නේ රට හමුවේ ඇති අභියෝග එයට හිමි නිසි බරින් ග්‍රහණය කරගෙන ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීමය. එබඳු දියුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන විට රට එකතැන නතර නොවේ.
එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල එබඳු දියුණු රාජ්‍ය තාන්ත්‍රික යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවේ. එය බරපතළ අඩුපාඩුවකි. වර්තමාන තත්ත්වය වුව ද කදිම නිදසුනක් ලෙස ගළපා ගත හැකිය. මොකද වෙන්නේ? යනුවෙන් කතාබස් කරමින් සිටිනවා විනා තමන්ට පැවරී ඇති රාජකාරී වගකීම් ඉටු කිරීමක් දක්නට නොලැෙබ්. නිදහස ලබා හැත්තෑවසරක් ගත වූව ද අප රටට අපේක්‍ෂිත ඉලක්කවලට ළඟාවීමට නොහැකිවී තිබෙන්නේ එහෙයිනි.
දේශපාලන ව්‍යාකූලත්වය මැද වැඩ නොකර සිටීම, වැඩ පැහැර හැරීම රටේ ඉදිරි ගමනට බලවත් තර්ජනයකි. රටේ දියුණුවට බලවත් බාධාවකි. දියුණු රාජ්‍යමය යාන්ත්‍රණයක් සකස් කර දීම ආණ්ඩුවල වගකීමකි. එහෙත් දියුණු වූ දේශපාලන සංස්කෘතියක් නොමැති රටක එබඳු බලගතු ව්‍යූහයක් බලාපොරොත්තු විය නොහැකිය.
ඉහත අඩුපාඩුව දැන්වත් නිවැරැදිව හඳුනාගත යුතුය. රට අභ්‍යන්තරයෙන් කඩා වැටීමට ඉඩ නොදිය යුතුය. එහෙත් දැන් දක්නට ලැබෙන්නේ අලුතෙන් පත් වූ ඇමැතිවරයා එනතුරු වැඩ නොකර බලාගෙන සිටින අමාත්‍යාංශයෝය. අලුතෙන් පත් වූ ලේකම්වරයා වැඩ පටන් ගන්නාතුරු බලා සිටින අමාත්‍යාංශ නිලධාරීන්ය.
ෙම් අයුරින් තවදුරටත් ගමන් කරන්නේ නම් ලබා ගත හැකි ප්‍රගතියක් නැත. ආසියාවේ ආශ්චර්ය ඉතා හොඳ සංකල්පයකි. මාස 60න් අලුත් රටක් එබඳුම යහපත් සංකල්පයකි. එහෙත් මෙබඳු යහපත් සංකල්ප ජීවමාන යථාර්ථයක් බවට පත්කර ගැනීමට අසමත් වන්නේ ඇයිද යන්න ගැඹුරු විමසුමකට ලක් කළ යුත්තකි.
ලී ක්වාන් යූ මුලින් සඳහන් කළේ සිංගප්පූරුව ද ශ්‍රී ලංකාවක් බවට පත් කරන බවය. එහෙත් අවසානයේ අපේ පාලකයන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් බවට පත් කරන බවය. ‘‘කොණ්ඩය බැඳපු චීන්නු’’ යයි අපෙන් අවමන් විඳි චීනය අද ආසියාවේ ආර්ථික යෝධයා බවට පත්ව තිබේ කොරියාවද එසේමය.
අපේ රටට වැරැදුණේ කොතැන ද? යන්න විමසුමට ලක් කළ යුත්තේ එහෙයිනි. ඒ වැරැදි අඩුපාඩු හදාගෙන රට ඉදිරියට ගමන් කළ යුතුය. ජනතා අපේක්‍ෂා මුදුන් පමුණුවා ලීමට හැකි වන්නේ එමගින් පමණි.
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ආණ්ඩුවේ අවුල්වලට නිලධාරීන් හවුල්විය යුතු නෑ