IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ආයෝජන එපා කරවන ශ්‍රී ලංකාවේ අනිසි තීරණ

ජපන් ණය ආධාර යටතේ ගිවිසුම්ගත වී ආරම්භ කෙරුණු කොළඹ - මාලබේ සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය මගින් ඒකපාර්ශ්විකව අවලංගු කිරීමෙන් රුපියල් කෝටි 598ක පමණ මුදලක් මකර කටට ගොස් ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කර තිබිණි. අත්තනෝමතික ලෙස එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වනවිට ඒ වනතුරු වැය කරන ලද මුදල මෙසේ අපතේ ගොස් ඇති බවද වාර්තාවේ සඳහන් වෙයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවන අලාභය එතෙකින් අවසන් වන්නේ නැත. එතෙක් සපයන ලද උපදේශක ගාස්තු ද ඇතුළත්ව කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ව්‍යාපෘතිය අවලංගු කිරීම නිසා සිදුවන අලාභය වෙනුවෙන් ජපන් උපදේශක සමාගම රුපියල් කෝටි 516ක මුදලක් ඉල්ලා ඇති බවත් එය නොගෙවා සිටියහොත් අනාගතයේ දී සිදුවිය හැකි බේරුම්කරණ නඩුවක දී සම්පූර්ණ උපදේශක ගාස්තුව සහ වන්දි මුදල් ආදී ලෙස තවත් විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවත් දැන් එම වාර්තාව පුරෝකතනය කර තිබේ.

සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2016දී ශ්‍රී ලංකා රජය ජපන් රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. ඒ සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙන් වසර 12ක සහන කාලයක් සහිතව වසර 40කදී ගෙවීමට සහන පොලී පදනමක් යටතේ ණය මුදලක් අනුමත වී තිබිණි. එසේ තිබියදී 2020 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ඉදිරිපත් කෙරුණු කැබිනට් සංදේශයකින් මේ ව්‍යාපෘතිය අවලංගු කර තිබේ. ඒ සඳහා කිසිදු පිළිගත හැකි හේතු දැක්වීමක් සිදුකර නොතිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.

සමස්ත සිද්ධිය කෙටියෙන් දැක්වුවහොත් 2016දී තිබූ යහපාලන ආණ්ඩුව ආරම්භ කළ ශ්‍රී ලංකාවට ඉතා වාසිදායී විය හැකිව තිබූ ව්‍යාපෘතියක් 2020දී පැවති රාජපක්ෂ ආණ්ඩුව මගින් හිතූමතයේ නවත්වා දමා තිබේ. එයින් සිදුව ඇති මූල්‍යමය පාඩුවටත් වඩා දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතාවල කල්‍යාණ මිත්‍රයකු වන ජපානය අමනාප කර ගැනීම බරපතළ පාඩුවක් විය. ජපානය එයට ප්‍රතිචාර දැක්වූයේ ඉතා වේදනාත්මකව බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

එහෙත් එය අවලංගු කිරීමේ තීරණය ගත් බලධරයන් කිසිවකුත් ජපානය වැනි ශ්‍රී ලංකාව සමඟ පුළුල් අවබෝධයකින් ක්‍රියාකරන මිත්‍රශීලී රටක් අමනාප කර ගැනීමෙන් සිදුවිය හැකි බරපතළ හානි පිළිබඳව තුට්ටුවක සැලකීමක් සිදුකර නැත. මෙවැනි බහුබූත තීන්දු තීරණ යට ඇත්තේ මහා අසික්කිත කුණු ගනුදෙනු බවත් රටට සිදුවන වාසියට වඩා කිහිප දෙනකුට තමන්ගේ සාක්කු පුරවා ගැනීමෙන් ලැබෙන වාසියට මුල්තැන දීමට මෙවැනි තීන්දු ගන්නා බවත් කෙනකුට සැක පහළ වීම නොවැළැක්විය හැක. එම තකතීරු තීන්දුව රටේ යහපතට ගනු ලැබූ තීන්දුවක් වශයෙන් පෙන්වීමට ඒ කාලයේ මාධ්‍ය මෙහෙයුම් පවා ක්‍රියාත්මක වූ බව පැහැදිලිව පෙනිණි.

මෙම ව්‍යාපෘතිය අහෝසි කිරීමේදී එය නොකළ යුත්තක් බවට ද මත පළ විය. එම මතවාදවලට ආණ්ඩුව පිළිතුරු ලබාදීමට උනන්දුවක් දැක්වූයේ නැත. වරක් ප්‍රකාශ වී තිබුණේ යහපාලන රජයේ හිටපු අමාත්‍යවරයකුගේ කොමිස් ඉල්ලීමක් හේතුවෙන් එම ව්‍යාපෘතිය ඇණහිටි බවකි. එහෙත් ජපානය කිසිදු ආණ්ඩුවක් සමඟ එවැනි ගනුදෙනුවලට නොයන රටක් වශයෙන් චිර ප්‍රසිද්ධියක් උසුලයි. මේ හේතුවෙන් එම කතාවටද තටු නොලැබිණි. සිදුවූ එකම දෙය ශ්‍රී ලංකාවට හොඳම ව්‍යාපෘතියක් අහිමිවීමත් රුපියල් බිලියන ගණනාවක් මකර කටට යාමත් පමණි.

දැනට කඩා වැටී තිබෙන ආර්ථිකය ගොඩගැනීමට හොඳම ක්‍රමය අායෝජන හැකිතරම් රටට ආකර්ෂණය කර ගැනීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ඩොලර් බිලියන 2.9 ලබාගැනීමටත් එයින් ඉහළ ප්‍රතිඵල ගැනීමටත් ආයෝජන අවස්ථා වර්ධනය කර ගැනීම අත්‍යාවශ්‍යම පියවරකි. ඒ සඳහා සෑම ආණ්ඩුවක්ම විනිවිද පෙනෙන ආකාරයකින් කටයුතු කිරීම අපේක්ෂිතය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ආයෝජන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමය. එවැනි ප්‍රතිපත්තියක් තිබේ නම් එක් ආණ්ඩුවකින් ගිවිසුම්ගතවන ආයෝජනයක් ඊළඟ ආණ්ඩුවෙන් අත්හිටුවීමට ඉඩක් ලැබෙන්නේ නැත. එහෙත් එවැනි ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමට සෑම ආණ්ඩුවක්ම උනන්දු නොවීම පිටුපස ඇත්තේ අත යට සිදුවන බිලියන ගණන් කළු ගනුදෙනුවලට තිබෙන ඉඩකඩ එයින් ඇහිරෙන බැවිනි.

ශ්‍රී ලංකාවට සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය යළි ලබාදීමට කැමැත්ත පළකර ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා පළවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතා ලද විගස එය ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී සඳහන් කර තිබිණි. එය යහපත් ඉදිරි පියවරකි. එහෙත් වඩාත් වැදගත් වන්නේ ජපානය වැනි ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සූදානමින් සිටින රටවල් සමඟ හොඳහිත පවත්වාගෙන යාමය. ගිවිසුම්ගත ආයෝජන එක පෑන් පහරින් කපා හරින ආණ්ඩු තිබෙන තුරු ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව හුදෙකලාවීම වළක්වාගත නොහැකි වනු ඇත.

(***)



අදහස් (0)

ආයෝජන එපා කරවන ශ්‍රී ලංකාවේ අනිසි තීරණ

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 695 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 416 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 175 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21175 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20474 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site