IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ඇඳිරි නීතිය විහිළුවට ගැනීම

කොරෝනා වසංගතය මැඩලීම සඳහා එන්නත්කරණය කෙතරම් හොඳින් සිදු වුව ද රෝග ව්‍යාප්තියේ බරපතළකම එසේම පවතී. මේ බදාදා වනවිට මෙරට කොරෝනා මර්දන එන්නත් දෙකම ලබාගත් ජන සංඛ්‍යාව ලක්ෂ අනූහතරකි. එක් එන්නතක් ලබාගත් ජන සංඛ්‍යාව එක්කෝටි විසිඅට ලක්ෂයකි. ඒ අතර, නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරමින් සමාජයේ දෛනික කටයුතු යම් තරමකට සීමා කර තිබේ. එහෙත් මෙවර ඇඳිරිනීතිය ලිහිල් වැඩි බවට සමාජයෙන් හා වෛද්‍ය විශේෂඥයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතී. ඇතැම් ප්‍රදේශවල ඇඳිරිනීතියක් නැතුවා සේය.

රටේ ආර්ථිකය සිරවීමකට ලක්ව ඇති අවස්ථාවක ජනතාවගේ පෞද්ගලික ආර්ථිකය ද සීමා බන්ධනවලට යටත් කළ නොහැකි නිසා ආරක්ෂක අංශ ඇඳිරිනීතිය නමට සීමා කර ඇත්දැයි සැකයක් ඇති වේ. කෙසේ වෙතත් දිනපතා අපට අසන්නට, දකින්නට ලැබෙන කොරෝනාවලට සම්බන්ධ විවිධ පුවත් නිරීක්ෂණය කරන විට සමාජයේ සියලු‍ සීමා බන්ධන ඉක්මවමින් කොරෝනා රකුසා සිය කෲරත්වයේ හස්තය විහිදුවමින් සිටින බව පැහැදිලි වේ. කොරෝනා මාරයා ධනවතා, බලවතා, දුබලයා, ප්‍රබලයා කියා පංගු පේරුවකින් තොරව සමාජය බිලි ගනිමින් සිටී. මෙම අඟහරුවාදායින් අවසන් වූ සතියේ දින හතරකට මරණ දහසක් වාර්තා වීමෙන් තත්ත්වයේ බරපතළකම වටහාගත හැකිය.

මෙයට දශක ගණනාවකට පෙර රට පාලනය කළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එදා
ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශයක් කළේය. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගත යුතු යැයි කියූ ජේ.ආර්.ට රටම බැණ වැදුණි. එහෙත් අද පවතින කොරෝනා වසංගතයේ පැතිරීම සලකා බලන විට ජේ.ආර්.ගේ කතාව එදාට වඩා අදට වලංගු නොවේදැයි සිතේ. රටක ආණ්ඩුවක් තිබුණාට ආණ්ඩුවට ඉහළම මැතිසබා බලයක් තිබුණාටම මේ ව්‍යාධියෙන් සමාජය ගලවාගත නොහැකිය. තමන්ගේ ආරක්ෂාවේ වගකීමෙන් හරි අඩක් තමන් විසින්ම බාරගත යුතුය. රජයකට කළ හැක්කේ වසංගතයෙන් ගැලවීම සඳහා ඉදිරිපත් කර තිබෙන ලෝක සම්මත විසඳුම් ජනතාව වෙත සැපැයීම පමණි.

එන්නත ලබාගත් පමණින් කොරෝනා වැළඳීම සිදු නොවේ යැයි සිතීම මිථ්‍යාවක් බව වෛද්‍යවරු සනාථ කර ඇත්තාහ. එසේම දැන් ලැබෙන වාර්තා අනුව ප්‍රතිශක්තිය දුර්වල වෙනත් අතුරු ආබාධ සහිත තැනැත්තන්ට දෙවරක් වුව ද කොරෝනා වැළඳීමට ඉඩ ඇති බව ප්‍රකාශිතය. එසේම පැතිර යන ඩෙල්ටා වයිරස් ප්‍රභේදය හා තවත් අතිශය බියකරු ප්‍රභේදයක් වන  “මූ” (තවමත් මෙරටට පැමිණ නැත) වයිරස ප්‍රභේදය සමාජය ශීඝ්‍රයෙන් ගිලගන්නා බවට වෛද්‍ය මත ඉදිරිපත් වෙමින් පවතී. එන්නත්වල බලය පවා ඉක්මවා යන මෙම වයිරස ප්‍රභේද හමුවේ අසරණ වනවාට වඩා ස්වේච්ඡාවෙන් ආරක්ෂාව සලසා ගන්නට කැපවීම කාගේත් වගකීමය. එසේ නොවුවහොත් මේ රට විශාලා මහනුවරක් වීමට ඉඩ ඇති බවට පළ වන අනාවැකි බැහැර කළ නොහැක. අප මෙම කරුණ සටන් කරන්නේ සමාජය බියට පත් කිරීමට නොවේ. අතිශය බියකරු නොපෙනෙන මාරකයක් හිස් අවකාශය විසින් අත්පත් කරගෙන මානව සමාජයට එරෙහිව යුද වදින නිසාය.

මේ තරම් බියකරු තත්ත්වයක් පවතිද්දී ඇතැම් පුද්ගල හැසිරීම් ප්‍රශ්න සහගතය. සමහර ආගමික උත්සව, අවමංගල්‍ය උත්සව පමණක් නොව අනුරාධපුරයේ වැවකට බැස එක ගොඩේ මසුන් අල්ලන ජන සමූහයකගේ ඡායාරූප රැසක් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. මෙලෙස හැසිරෙන අය ගැන ආරක්ෂක අංශවලට පවා කරන්නට දෙයක් නොමැති තත්ත්වයක් පවතී. මිනිසුන් සිය ගණන් එක්වර අත්අඩංගුවට ගෙන සිරගත කිරීම වැනි ප්‍රායෝගික නොවන විසඳුම් කෙරේ ආරක්ෂක අංශ යොමු නොවන බව පැහැදිලිය. ජන සමූහ ඒකරාශි වීම පසෙක තබමු. එන්නත්කරණය සඳහා පෝලිම් ගැසීමේදීත් ඇතැම් ජනයාගේ හැසිරීම් කනගාටුදායකය. මුව ආවරණ පවා නොපැළඳ ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන්නන් ගැන නිතර නිතර පුවත් අසන්නට දකින්නට ලැබේ. රට නොවසන්න නම් තමන්ගේ කට වසා ගන්න යැයි වෛද්‍ය විශේෂඥයන් කොපමණ අවවාද කළත්, ඇතැම් පණ්ඩිතයන්ට ඒ ගැන වගේ වගක් නැත.

ඔවුන්ගේ වැරැදි හැසිරීමෙන් තමන් අමාරුවේ වැටෙන්නේ තවත් අහිංසක පුරවැසියන් පිරිසක් ද අමාරුවේ දමමිනි. මෙවැනි වැරැදි දඬුවම්වලින් හික්මවිය හැකි වැරැදි නොවේ. තමන් ස්වයං අවබෝධයෙන්, ස්වයං විනයෙන් වැළකී සිටිය යුතු වැරැදිය.

රජය කොරෝනා ඇඳිරිනීතිය පනවා ජනතාවට දැනුම් දුන්නේ අත්‍යවශ්‍යම කරුණකට හැර නිවෙසින් බැහැර නොයන ලෙසය. එහෙත් පවත්නා තත්ත්වය නිරීක්ෂණය කරන විට විශේෂයෙන් කොළඹ සහ අවට උප නගරවල ඇතැම් මහජන හැසිරීම් සාධාරණීකරණය කළ නොහැක. සමහරුන් රජයෙන් ලබා දී තිබෙන ඇඳිරිනීති සහනය අවභාවිත කරන බව ඉතා පැහැදිලිය. ඒ අය නිරෝධායන ඇඳිරිනීතිය සෙල්ලමකට ගෙන තිබේ. එහෙත් ඔවුන් සිහිපත් කරගත යුතු කාරණා ගණනාවකි. ශ්‍රී ලංකාවට කොරෝනාව ඇතුළු වී දැනට වසර එක හමාරක් ගත වී ඇත. එම කාලය තුළ මෙරට වටිනා මිනිස් ජීවිත 10,500ක් රටට අහිමි වී ගියේය. ලෝක තත්ත්වය ගත් කල මිනිස් ජීවිත ලක්ෂ පනහක් පමණ සමාජයෙන් තුරන් කර දැමීමට කොරෝනා මාරයාට පුළුවන් වූ බව සිහි කටයුතුය. එම නිසා පවතින අවුල තව තවත් වියවුලක් නොකර සැමගේ සුවසෙත උදෙසා කැපවීමට සමාජයේ කාටත් අනවරථ වගකීමක් ඇති බව සඳහන් කරනු වටී.

(***)



අදහස් (0)

ඇඳිරි නීතිය විහිළුවට ගැනීම

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1336 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 823 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 344 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 748 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 368 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 477 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 400 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site