අපේ රටේ සාමාන්‍ය සිරිත දේශපාලනඥයන් විසින් රටේ නිලධාරීන් ඇතුළු ජනතාවගේ වැඩ අධීක්ෂණය කිරීමය. ඔවුන්ගේ සම්මත මිණුම් දඬු මත පිහිටා ජනතාවගේ කාර්යභාරය පවා තක්සේරුවකට ලක් කිරීමය. එහෙත් එයට වඩා හාත්පසින්ම වෙනස් අලුත් ක්‍රමවේදයක් පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පසුගියදා අලුත් අදහසක් ප්‍රකාශ කර තිබිණි. ඊට අනුව මීළඟට බලයට පත්වන ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ කාර්යසාධනය මාස 3කට වරක් ශ්‍රේණිගත කිරීම සිදුවිය යුතුය. ඒ ඒ ඇමැතිවරයා විසින් සිදුකරන කාර්යසාධනය එසේ අගැයීමකට ලක් කර මාස තුනකට වරක් එම ශ්‍රේණිගත කිරීම ප්‍රසිද්ධියට පත් කළ යුතුය. කාර්යසාධන - ශ්‍රේණියේ අන්තිමයා වශයෙන් 5 වරක් තේරෙන්නා තවදුරටත් ඇමැතිවරයකු නොවිය යුතු අතර ඔහු ඉල්ලා අස්වීම හෝ ජනාධිපති විසින් අස්කිරීම හෝ කළ යුතුය. මේ සඳහා යොදාගත යුතු නිර්නායක පද්ධතියක් ද ඔහු විසින් හඳුන්වා දී තිබේ.
උදය ගම්මන්පිල මහතාගේ මෙම අදහස කාලෝචිත බවත් රටේ පාලනය වඩාත් යහපත් තත්ත්වයට පත් කිරීමට හේතුවනු ඇති බවත් අපි විශ්වාස කරමු. අමාත්‍යවරුන්ට පැවරෙන විෂයයන් ගැසට් කිරීමෙන් පසුව ඔවුන් විසින් තම විෂයයන්ට අදාළ කාර්යභාරය තමන්ට හැකි පමණින් සාර්ථකව අවසන් කිරීමට පියවර ගනු ඇතැයි යන්න රටේ ජනතාවගේ බලාපොරොත්තුවයි. එහෙත් පසුගිය බොහොමයක් ආණ්ඩුවල කටයුතු කළ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් විසින් පෙන්වා දී ඇත්තේ ඊට වෙනස් පිළිවෙතකි. ඔවුන් කාර්යසාධනයට වඩා අවධානය යොමු කරන්නේ තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් ක්‍රම සහ විධි භාවිත කිරීමටය. එසේම රජය මගින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමේ දී තමන්ටත් තමන්ගේ දේශපාලන හෙංචයියන්ටත් පෞද්ගලික වාසි ලැබෙන උපායමාර්ග ක්‍රියාවේ යෙදවීමටය. එවැනි ක්‍රමවලින් මේ රට තවදුරටත් අගාධයට නොයැවිය යුතු බවට ප්‍රබල පණිවුඩයක් ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන බව අපගේ වැටහීමය.
රජයක් බලයට පත්වූ මුල් කාලයේ සිටම මෙවැනි ක්‍රමයකින් හෝ ඇමැතිවරුන් කාර්යසාධනයේ අරමුණු ඉටුකිරීම සඳහා පෙළගැස්වීම අත්‍යාවශ්‍යය. මේ කියන අපේක්ෂිත අරමුණු අලුත් රජයක් බලයට පත් කිරීමට තම ඡන්දය ලබාදුන් ජනතාවගේ අපේක්ෂා මිස අමාත්‍යවරුන්ගේ පෞද්ගලික අරමුණු සහ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා නොවන බව මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය යුතු වෙයි. කැබිනට් තීරණ ගනු ලබන්නේ රටේ පවතින මූලික ප්‍රශ්න විසඳා ගැනීමේ අරමුණින් බවත් ඒවා විසඳා ගැනීම සඳහා තමන්ගේ සහාය උපරිමව ලබාදීම වගකීම බවත් අමාත්‍යවරුන් විසින් තේරුම් ගැනීම අවශ්‍යය. තමන්ගේ කාර්යභාරය මාස කිහිපයකට වරක් ආණ්ඩුවේ නායකයන්ගේ අධීක්ෂණයට ලක් වී තමන් ලබාගන්නා ස්ථානය පිළිබඳ අවබෝධයක් ලැබීම වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හේතුවන බව ද ඇමැතිවරුන් විසින් තේරුම් ගත යුතුය.
අමාත්‍යවරුන් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය ආණ්ඩුවේ නායකයන්ගේ අධීක්ෂණයට ලක් නොවුණ ද, එය රටේ ජනතාවගේ නිරන්තර අධීක්ෂණයට ලක්වන බව ද පෙන්වා දෙනු කැමැත්තෙමු. එක් එක් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් කාලයක් යන විට ජනතාව විසින් කිසියම් තක්සේරුවකට එළඹෙන බවත් ඔවුන් විසින් තමන්ට අභිමත පරිදි විවිධ සමාජගත “ශ්‍රේණි”වලට ඇතුළු කරන බවත් ඇමැතිවරුන් දැන සිටිය යුතුය. අහවල් ඇමැති හොරා, අහවලා පගාකාරයා, ගැහැනු කප්පිත්තා වැනි ජනගත වී තිබෙන “ශ්‍රේණි”වලට වැටී මස්තබාල්දු වෙනවාට වඩා තමන්ගේම නායකයන්ගේ විශේෂ “ශ්‍රේණි”වලට වැටී අවශ්‍ය නම් පුනරුත්ථාපනය වී වඩාත් කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට අවස්ථාව ලැබීම ඇමැතිවරුන්ට වඩාත් වැදගත් වනු ඇත. එය රටේ සංවර්ධන වැඩට ලොකු රුකුලකි.
ඇමැතිවරුන් තමන් විසින් කළ යුතු යහපත් රාජකාරි පසෙක තබා තමන්ගේ ගාණ කපා ගැනීමේ හෝ වෙනත් දහජරා වැඩවලට යොමු වන්නේ ඔවුන්ගේ වටේ සිටින හෙංචයියන්ගේ බලපෑම් හේතුවෙන් බව අතීත උදාහරණ අපට කියා දෙයි. මේ හෙංචයියන් බොහෝ විට ඇමැතිවරයාට මනාප වැඩිකර ගැනීමේ සටනට හොඳ හැටි මුදල් විසි කළ පුද්ගලයෝ වෙති. මේ ඇතැම් මුදල් කුඩු ජාවාරම් වැනි සංවිධානාත්මක අපරාධවලින් සොයාගන්නා, සූරාගන්නා සල්ලි බව සුප්‍රකට රහසකි. ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මේ මුදල් සම්භාරය කෙටිම කලකින් සොයාගැනීම හෙංචයියන්ගේ “පරම රමණීය” අරමුණ වන විට ඇමැතිවරුන් ඔවුන්ගේ බිලී කොක්කේ ඇම බවට පත්වීම වැළැක්විය නොහැක. ඇමැතිවරුන්ගේ වැඩ වරින්වර අධීක්ෂණයට ලක්කර ශ්‍රේණිගත කිරීම පවතින එම ජරාජීර්ණ ක්‍රමය වෙනස් කර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇති බව අපි විශ්වාස කරමු.
පවතින ආණ්ඩුව තම මැතිවරණ ජයග්‍රහණයේ ඉලක්කය තුනෙන් දෙකක බලයක් ලබාගැනීම බව දිගින් දිගටම ප්‍රකාශ කරයි. එවැනි ආණ්ඩුවක උදය ගම්මන්පිල මහතා ද අමාත්‍යවරයකු වන්නේ යැයි අපි සිතමු. එදාට ද මේ ප්‍රකාශය අද මෙන්ම වලංගු වන බවට වගබලා ගැනීම ඔහුගේ වගකීමය. ඡන්ද ව්‍යාපාරය තුළදී සිදු කරන “බෝසත් ප්‍රකාශ” බලය ලබාගැනීමෙන් පසුව බොහෝ දෙනා විසින් ඉක්මනින්ම අමතක කරන බැවිනි.
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමැතින්ගේ කාර්යභාරය ශ්‍රේණිගත කිරීමේ යෝජනාව