IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඇමැතිවරු පත්වෙති: යති ඒත් පාඩු පිට සංස්ථා දිගටම දුවයි

අප රටේ ඇමැතිවරු තවමත් දිවුරුම් දෙති. ඇමැති මණ්ඩලය අලුත් බව ද කියති. ඇතැමකුට අනුව අලුත් බව කියන ඇමැති මණ්ඩලය අලුත් බෝතල්වලට පරණ වයින් දැමීමකි. එය වෙනම කතාවකි. ඇමැති මණ්ඩලයට කවුරු පත්වුණ ද එම ඇමැති මණ්ඩලයට රට වැටී ඇති අඳුරු අගාධයෙන් ගොඩ ගැනීමේ හැකියාව තිබිය යුතුය. එය එසේ නොවී එය වරප්‍රසාද භුක්ති විඳීමකට පමණක් සීමා වන්නේ නම් එක්කෝටි දොළොස් ලක්ෂයේ රට වැසියන්ට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටමය.

රටට අවශ්‍ය කරනුයේ විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් බවට එන කතිකාවට සෑහෙන කලකි. මෙම විද්‍යාත්මක ඇමැති මණ්ඩලය යන්නෙත් අවධාරණය කෙරෙන්නේ සමාන්තර විෂයන් එකම අමාත්‍යාංශයක් යටතට ගැනීමය. එහෙත් එබන්දකින් හෝ මේ රට වැටී ඇති වළෙන් ගොඩගත නොහැකි බව ඔප්පු වී අවසන්ය. රටට අවශ්‍ය වන්නේ රටේ අවශ්‍යතාවලට ගැළපෙන අමාත්‍යාංශ වේ. එබඳු නිර්ණායකයකට යටත් වුවහොත් දැනට තිබෙන බොහෝ අමාත්‍යාංශ ​අහෝසි වී යනු ඇත.

අප රටේ අමාත්‍යාංශ යනු රටේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කළ ඒවා නොව දේශපාලනඥයන්ට ඒ ඒ පක්ෂවලට පිදීමට ඇති දොළ පිදේනි වේ. හොඳ අමාත්‍යාංශ හා වැඩක් නැති අමාත්‍යාංශ යනුවෙන් ඇමැතිවරුන්ම අමාත්‍යාංශ වර්ග කරනුයේ එහෙයිනි. මෙහි හොඳ අමාත්‍යාංශ යනු රටට වැඩ කළ හැකි අමාත්‍යාංශ නොව තම දූ දරු මුණුපුරු පරම්පරා ඇතුළු හත්මුතු පරම්පරාවෙත් දේශපාලන අතවැසියන්ටත් සිත් සේ රැකියා ලබා දිය හැකි අමාත්‍යාංශ වේ. අමාත්‍යාංශ පක්ෂ කාර්යාල බවට පත්වී රටට බරක් වන්නේ ඒ අනුවය.

බොහෝ දෙනකුට ඇමැති ධුර ලබා දිය යුතු හෙයින් එක් අමාත්‍යාංශයක විෂය පථය හත් අට පොළකට කඩනු ලබයි. එවිට එම සෑම අමාත්‍යාංශයකටම ලේකම්වරයකු ඇතුළු විශාල කාර්ය මණ්‍ඩලයක් නඩත්තු කිරීමට සිදුවේ. ඒ ඇමැති කාර්ය මණ්‍ඩලයට අමතර වශයෙනි. මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති වන්නේ ඒ අනුවය.

හිසරදයට කොට්ට මාරු කරන්නාක් මෙන් වරින්වර ඇමැතිවරුන් මාරු කිරීම ද අපේ රටේ සිරිතකි. 2020 වසරේ දී පත් කරන ලද කැබිනට් මණ්ඩලය කීවරක් සංශෝධනය කළේ ද යන්න සොයා බැලිය යුතු තරම්ය. එක් කැබිනට් ඇමැතිවරයකු මෙම කෙටි කාලය තුළ තුන් වරක් මාරු කෙරිණි. එක් කැබිනට් ඇමැතිවරයකුට ඇමැති පුටුවේ වාඩිවී සිටීමට හැකි වූයේ දින දෙකක් පමණි. ඇමැතිවරයකුට තම විෂය පථය සම්බන්ධයෙන් හැදෑරීමට හෝ අවකාශයක් නොලැබෙන්නේ නම් එම අමාත්‍යාංශයෙන් බලාපොරොත්තුවන මෙහෙවර ඉටු කළ හැකි ද යන්න විමසිය යුතුය.

ඇතැම් අමාත්‍යාංශවලට කොතෙන් ඇමැතිවරුන් පත්වී පැමිණිය ද එම අමාත්‍යාංශවලින් ප්‍රගතියක් පෙන්නුම් නොකරන බව ද ඉතා පැහැදිලිය. ගාමිණි දිසානායක මහතා පත් කරනු ලැබුවේ මහවැලි අමාත්‍යවරයා ලෙසය. එම ඇමැතිවරයාට පැහැදිලි ඉලක්කයක් දෙනු ලැබීය. ඇමැතිවරයාට ද දැක්මක් තිබිණි. එහෙයින් තිස් වසරකට ගොනුකර තිබූ මහවැලිය හය වසරකින් සම්පූර්ණ කර එමගින් මෙරට කෘෂිකර්මාන්තයත් විදුලිබල ක්ෂේත්‍රයත් සංවර්ධනය කළේය. එසේ හපන්කම් පෑ ඇමැතිවරයකු මෑත කාලයේ දී සොයාගත නොහැකි තරම්ය.

ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංකා ගමනා ගමන මණ්ඩලය තවමත් පවතින්නේ ගර්හිත තත්ත්වයේය. මෙම ආයතන නඩත්තු කරනු ලබන්නේ මහා භාණ්ඩාගාරයෙනි. දේශපාලන හිතවතුන්ට පත්වීම් ලබා දෙන ස්ථාන බවට පත්ව ඇති මෙම ආයතනවල ඇතැම් සේවකයන් හඳුන්වන්නේ ‘‘ආවෝ ගි​යෝ’’ ලෙසය. එනම් සේවයට වාර්තා කර එසැනින්ම වෙනත් රැකියා සඳහා පිටට යාමය. අඩුම තරමින් මෙවැනි තත්ත්ව පාලනය කර එම අයතන කාර්යක්ෂම ආයතන බවට පත් කිරීමට හෝ ඇමැතිවරුන් දක්ෂ වී නැත.

ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වරාය වැනි ආයතනවල ද දක්නට ලැබෙන්නේ එබඳුම තත්ත්වයකි. මෙම ආයතන පවත්වාගෙන යනු ලබන්නේ පාඩු පිටය. පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කර කාර්යක්ෂම තත්ත්වයට ඔසොවා තැබීමට ඇමැතිවරයකුට නිර්මාණශීලී දැක්මක් තිබිය යුතුය. එහෙත් දේශපාලනය බඩ රස්සාවක් බවට පත් කර ගත් පිරිසකගෙන් එබඳු නිර්මාණශීලිත්වයක් අපේක්ෂා කළ නොහැකිය.

රට තිබෙන්නේ බරපතළ තත්ත්වයකය. සරළ ප්‍රතිසංස්කරණ මගින් රට යථා තත්ත්වයට පත් කළ නොහැකිය. එමෙන්ම පැරැණි කෝවෙන්ම වැඩ කිරීමෙන් ද සම්ප්‍රදායික රිද්මයෙන් හා පැමිණි හුරු පුරුදු ගමනෙන්ම මේ රට මේ විපතින් ගලවා ගත නොහැකිය. අවශ්‍ය වන්නේ අලුත් ඇසකි. අලුත් දැක්මකි. අලුත් ජවයකි. මේ මොහොතේ කරන කියන සෑම දෙයින්ම ජනතාව තුළ විශ්‍වාසය ජනිත කළ යුතුය. ජනතා විශ්වාසය ගොඩ නොනැගේ නම් සියලු උත්සහයන් ගඟට කැපූ ඉණි මෙන් අපතේ යාම වැළැක්විය නොහැකිය. විශේෂයෙන්ම අලුත් වැඩපිළිවෙළක් සහිතව අලුත් ගමනක් යන බව ජනතාවට ඒත්තු ගැන්විය යුතුය. ඒ අනුව රටේ අවශ්‍යතා දෙස බලා අමාත්‍යාංශ ඇති කිරීමටත් ඒ සඳහා දක්ෂ ඇමැතිවරුන් පත් කිරීමටත් වග බලා ගත යුතුය.

(***)



අදහස් (0)

ඇමැතිවරු පත්වෙති: යති ඒත් පාඩු පිට සංස්ථා දිගටම දුවයි

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 695 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 175 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19794 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 154 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site