IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


එක රටක් එක නීතියක් මේ රාජ්‍ය ඇමැතිට අදාළ නැද්ද?

සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව කියමින් පිරිසක් සමග බීමත්ව පැමිණි රාජ්‍ය අමාත්‍යවරයකු ඉකුත් සතියේ දිනක බන්ධනාගාර මූලස්ථානයට අයුතු ලෙස ඇතුළුවූ බව කියන පුවත අප පුවත්පත ඊයේ වාර්තා කළේය. බන්ධනාගාර ආරංචි මාර්ග උපුටා දක්වමින් පළ කර තිබූ එම ප්‍රවෘත්තියෙහි වැඩි දුරටත් සඳහන් වන්නේ මෙම රාජ්‍ය අමාත්‍යවරයා සිය පිස්තෝලයද කරකවමින් බන්ධනාගාරය තුළට පිවිසීමට ඉඩ නොදුන් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවය. රාජ්‍ය අමාත්‍යවරයා සමග පැමිණි බීමත් පිරිස කොට කලිසම් වලින් සැරසී සිටි බවත් එම පිරිස අතර කාන්තාවක්ද සිටි බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. බන්ධනාගාරය තුළට ඇතුළුවීමට ඉඩ නොදීමත් සමග එම පිරිස තමන් පැමිණි සුඛෝපභෝගී රථවලින් පිටව ගොස් තිබේ.

එල්ලුම් ගස් යැවිය යුතු තරමේ වරදකි. බන්ධනාගාර ආඥා පනතට අනුව බන්ධනාගාරයට කිසිවකුට අයුතු ලෙස ඇතුළුවීමට අවසර නැත. එමෙන්ම බීමත්ව හා අසංවර ඇඳුමෙන් සැරසී කිසිවකුටවත් බන්ධනාගාරය තුළට පිවිසීම තහනම්ය. මෙම රාජ්‍ය ඇමැතිවරයා රටේ නීතිය නොදන්නෙක්ද? නොඑසේ නම් තමන්ගේ බල පරාක්‍රමය ඉදිරියේ රටේ නීතිය මිනිස් කසල මෙන් නොවටිනා දෙයකැයි මේ බේබදු රාජ්‍ය අමාත්‍ය වරයා සිතුවේද? හේතුව කුමක් වුවත් රාජ්‍ය ඇමැතිවරයා කර තිබෙන්නේ බන්ධනාගාර බසයකින්ම කුදලාගෙනවිත් එල්ලුම් ගහ සමීපයේම කුඩුවෙහි ගාල් කළ යුතු තරමේ වරදකි. “එක රටක් - එක නීතියක්” නම් මෙම රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු බේබද්දන් මේ වනවිටත් මහ උළු ගෙදර යකඩ කූරු ගණන් කරමින් සිටිය යුතුය. එහෙත් ඉතිහාසයේ මෙන්ම වර්තමානයේත් බොහෝ ප්‍රතිඥා මැතිවරණ ප්‍රකාශනවල මුද්‍රිත අකුරු ලෙසම පැවතෙමින් තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතාගේ පිළිතුර වී තිබෙන්නේ “එවැනි සිදුවීමක් තමන් නොදන්නා” බවය. ඔහු කියන්නේ එවැනි සිදුවීමක් ඔහු නොදන්නා බව මිසක් සිදු නොවූ බව නොවේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පත්ව ඇති අසරණකම තේරුම් ගැනීමට කිසිවකුට හෝ අසීරු නොවේ.
මෙම රාජ්‍ය ඇමැතිවරයා ඇතැම්විට එල්ලුම් ගස දැක තිබෙන්නට ඇත. නොඑසේනම් එල්ලුම් ගස ආසන්නයටම ගොස් නැවත හැරී ආ අයකු විය හැකිය. ඔහු එල්ලුම් ගස දැක නොතිබ්බේ නම් ඒ සඳහා නිරීක්ෂණ චාරිකාවක් හෝ යොදා ගෙන එම මනදොළ සපුරාගත හැකිව තිබිණි. එයින් පෙනී යන්නේ ඔහුට අවශ්‍ය වූයේ තම බීමත් රස්තියාදුකාර සගයන්ට එල්ලුම් ගස පෙන්වීමට බවය. රාජ්‍ය අමාත්‍යවරයකු වන තමන්ට එබන්දක් කළ නොහැකි නම් හැට නව ලක්ෂයේ ජන වරමෙන් වෙන කුමක් කරන්නදැයි ඔහු සිතුවා විය හැකිය.

මෙබඳුම සිදුවීමක් මෙයට දෙතුන් මසකට ඉහතදී වාර්තා විය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ බීමත් රාජ්‍ය ඇමැතිවරයකු බීමත් සගයන් පිරිසක් සමග මධ්‍යම රාත්‍රියේදී රුවන්වැලි සෑ රදුන්වහන්සේ වන්දනා කිරීමට පැමිණි බවය. අවේලාවේ බැවින් පොලිස් නිලධාරීන් ඒ සඳහා අවසර නොදුන්විට එම පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණවැදී ප්‍රකෝපකාරීව හැසිරී පසුව ඉන් පිටව ගිය බවය.

මෙම සිදුවීම් දෙකෙහිම සමානාත්මතා තිබේ. එනම් සිදුවීම් දෙකෙහිම ප්‍රධාන චරිතය රාජ්‍ය අමාත්‍යවරයෙකි. දෙවැන්න ඔහු අංක එකේ බේබද්දෙකි. තුන්වැන්න ඔහු ළඟින් සිටින්නේ තුට්ටු දෙකේ රස්තියාදුකාර බේබද්දන්ය. සිව්වැන්න ඔහුට ඇතුළු වීමට අවශ්‍ය වන්නේම අවේලාවේය. පස්වැන්න නීතිය ගණන් නොගැනීමය. අනෙක් අතට මෙම රාජ්‍ය ඇමැතිවරයා ස්ත්‍රී සොඬෙකු යැයි අනුමාන කළ හැකිය. මන්දයත් බන්ධනාගාරයට ඇතුළුවීමට ඔහු පැමිණ තිබෙන්නේ කාන්තාවකද සමගින් වීමය.

මනෝ විද්‍යාවට අනුව නිතර බේබදුව සිටීමට ඇතැමකු පෙළඹෙන්නේ අතීත අවතාර ඔහුගේ සිහිය විකල් කරන හෙයිනි. මනා සිහි බුද්ධියෙන් සිටින විට අතීතයේ කළ අපරාධ, මිනී මැරුම් ආදිය සිහිපත් වීමෙන් සංත්‍රාසයට පත්වන හෙයින් නිතර බේබදුව සිටීමට ඔවුහු පෙළඹෙති. මෙම රාජ්‍ය ඇමැතිවරයාත් එබන්දකු දැයි අපි නොදනිමු. එබන්දකු නම් වහා ප්‍රතිකාර කළ යුතුය. ඒ අර්ථයෙන් ඔවුන්ට අනුකම්පා කළ යුතුය. එහෙත් මෙබඳු මානසික රෝගීන් සමාජයේ නිදැල්ලේ සිටීම අතිශයින්ම භයානකය. විශේෂයෙන්ම නීති සම්පාදනය කරන නීති සම්මත කරන හා රටේ මූල්‍ය විනය ආරක්ෂා කිරීමේ වගකීම ඇති ඒ අර්ථයෙන්ම රටේ උත්තරීතම ආයතනය ලෙස  විරුදාවලිලත් පාර්ලිමේන්තුවේ සිටීම අතිශයින්ම භයානකය.

බොහෝ අකාරුණිකවූත් දුෂ්කරවූත් කොන්දේසි වලට යටත්ව මෙරට සාතිශය බහුතරයක් ජනයා මෙම ආණ්‍ඩුව බලයට ගෙන එනු ලැබුවේ පැරණි පිටපත්වලට අලුත් රංගන දැකීමේ ආශාවෙන් නොවේ. අලුත් බලගතු ආදර්ශ සමගින් මෙම රට ආර්ථික සමෘද්ධියේ මතු මහළට ඔසොවා තබා යුක්තිගරුක නීතිගරුක සදාචාරවත් රටක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙනි. එහෙත් රාජ්‍ය ඇමැතිවරයාගේ හැසිරීම එයට මුළුමනින්ම ප්‍රතිපක්ෂය. එම හැසිරීම ළය විනිවිද යන කිණිසි තුඩක් පරිද්දෙන් මෙරට ජනයාට දැනෙන්නේ එහෙයිනි.

(***)



අදහස් (5)

එක රටක් එක නීතියක් මේ රාජ්‍ය ඇමැතිට අදාළ නැද්ද?

rocky Wednesday, 15 September 2021 05:19 PM

කර්තෘ වැකියෙන් මෙසේ විවෘත ලෙස අදහස් දක්වා තිබීම ගැන ප්‍රශංසා කරමි..!

:       0       4

විපරමා Wednesday, 15 September 2021 07:24 PM

එක රටක් වුණත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකට කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හිරේ ඉන්න ඕනෑ අය අද කී දෙනෙක් එළියේ ඉන්නවාද?

:       0       3

එමි එමි Thursday, 16 September 2021 08:58 AM

ඇත්තටම මෙි රටෙි නිතියක් තියනවද. තියනව දුප්පත් මිනිහට .එහෙම නැතුව ලොකු වුන්ට නැහැ .මොනවද මෙි කියන්නෙ .එහෙම තිබුන නම් මුන්ව අත් අඩංගුවට ගන්න එපැයි .මෙි රටෙි නිතිය කියන එක තියෙන්නෙ අහිංසක දුප්පත් මිනිස්සුන්ට විතරයි .ඒක නිසා මෙි ආටිකල් නිකන් බොරැවට දාන්න එපා අපරාදෙ වටිනා කාලය ඔබලාගෙ.

:       0       0

kapila Thursday, 16 September 2021 09:58 AM

මොන පිස්සුද.? ඊළඟ චන්දෙදි නුවර චන්දදායක බයියෝ මෙයාට මනාප ගහල පාර්ලිමේන්තු එවනවා. කතුවැකියෙන් සත්‍ය හෙලිකලාට කතෘ තුමාට ස්තුතියි

:       0       0

nimal Friday, 17 September 2021 11:17 AM

කණගාටුයි, මේ රටේ මොකක්ද වෙන්නේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 694 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 173 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18461 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site