අප රට යනු අරුම පුදුම සිදුවීම්වලින් පිරුණු රටකි. ඒ බව පසක් කරන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා උපුටා දක්වමින් වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ මේ වසරේ මුල් මාසයේ දී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි නව දහස් තිස් හයක් වැය කර ඇතැයි මහබැංකු වාර්තා අනුව පෙනී යන බවය.
මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පවසන්නේ පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා වැය කර ඇති මුදල ඊට කලින් වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 14 කින් පමණ වැඩිවී ඇති බවය. වැඩිවී ඇති එම මුදල රුපියල් කෝටි එක් දහස් එකසිය දහසයක් බවද මහාචාර්යවරයා පෙන්වා දේ.
ආහාරපාන වර්ග ආනයනය සඳහා රුපියල් කෝටි 5028 ක්ද අනෙකුත් දෑ ආනයනයට රුපියල් කෝටි 4007 ක්ද වැයකර ඇති බව පෙන්වා දෙන මහාචාර්යවරයා ආහාරපාන කාණ්ඩය යටතේ එළවළු ආනයනය සඳහා පමණක් එම මාසයේ දී රුපියල් කෝටි 1985 ක් වැය කර ඇති බව ද පෙන්වා දෙයි.
‘වළක වැටීම මොළයට ලාභයක්’ බව කියනු ලැබේ. එය සත්‍යයකි. එහෙත් විනාශයකින් මෙපිට පාඩම් ඉගෙන නොගැනීම ජාතික සිරිතක්ව වර නගන රටක කිසිදු සත්‍යයකට ඉඩක් නොමැත. අපගේ ආර්ථිකය බිංදුවටම වැටී තිබේ. රට බංකොලොත් බව ලෝකයා ඉදිරිපිට පිළි ගැනීමටට අපට සිදු වූයේ දෙදහස් පන්සිය වසරක අභිමානවත් සාඩම්බර ඉතිහාසයක් සම්බන්ධ පුරාජේරු කතා මැදය. ජනාධිපතිවරයා පවසනුයේ රට වැල්පාලමෙන් එගොඩ කරමින් සිටින බවය. සහන සම්බන්ධ යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි වන්නේ වසරාවසනායේ දී බවය. අමතක නොකළ යුතු වන්නේ අප තවමත් මේ ගෙවා දමමින් සිටින්නේ වසරේ මුල් කාර්තුව බවය.
රට සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ රටේ අභ්‍යන්තරය සම්බන්ධයෙන් මනා ඇගයීමකින් පසුවය. රටේ අභ්‍යන්තරය යහපත් නැති බව පුන පුනා කිව යුතු නොවේ. එසේනම් රුපියල් කෝටි 1985 ක් වියදම් කර එළවළු ආනයනය කිරීම අප තේරුම් ගත යුත්තේ කෙසේද?
මෙරට නිෂ්පාදනය කළ නොහැකි දෑ ආනයනය කළ යුතුය. එමෙන්ම මෙරට නිෂ්පාදනය කළද එය ප්‍රමාණවත් නොවන්නේ නම් ඒවාද ආනයනය කළ යුතුය. එහෙත් රුපියල් කෝටි 1985 ක් වියදම් කර එළවළු ගෙන්වීම යළි යළිත් විමසා බැලිය යුත්තකි.
අප රට කෘෂිකාර්මික රටකි. කලට වැසි වසින කෘෂිකර්මාන්තයට හිතකර පසක් හා පරිසරයක් ඇති රටක් ලෙස අපි උදම් අනමු. එසේනම් පිටරටට එළවළු අපනයනය කළ හැකි දියුණු කෘෂිකර්මාන්තය අප රට තුළ තිබිය යුතුය. ගමයි පන්සලයි වැවයි දාගැබයි නිල් ගොයමයි ඈඳුණු සාරවත් රටක ලොවටම ආදර්ශය සැපයිය හැකි නවින කෘෂිකර්මාන්තයක් අපට හඳුන්වා දිය හැකිය.
වාසනාවන්ත රටක අවාසනාවන්ත බොහෝ දේ සිදුවෙමින් තිබේ. අප රට තුළ කෘෂිකර්මය, කර්මාන්තයක් ලෙස නවීකරණය කර ගැනීමට අපි අපොහොසත්වීමු. එහෙයින්ම එළවළුත් පිටරටින්ම රැගෙනවිත් කෑමට සිදුවන දුර්වල අඩියකට අප රට පත්ව තිබේ.
කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ඉතා අහිතකර අනුවණ තීන්දු තීරණ ඉකුත් සමයේ ගනු ලැබීය. එයින් කෘෂිකර්මාන්තය මරණ මංචකයට වැටුණේය. එළවළු ආනයනය කිරීමට එයත් එක් හේතුවක් විය හැකිය. එහෙත් ඉතා ඉක්මනින් යම් තත්වයකට පත්වීමට අපි අපොහොසත් වීමු. එයින් කියැවෙන්නේ අප අසමත් රාජ්‍යයක් බවට පරිවර්තනය වෙමින් සිටින බව ද යන්න නැණින් නුවණින් විමසා බැලිය යුතුය.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එළවළුත් රටින් ගෙන්වන අපේ රටට මක්වෙලාද?
Bandara Thursday, 14 March 2024 07:05 PM
අපේ තිබෙන ඩොලර් වලින් ණය හෝ නොගෙවා මෙරට වගා කිරීමට, නිෂ්පාදනය කිරීමට හැකි සෑම භාණ්ඩයක්ම ආනයනය කලාම රටේ ආරථිකයට, වන සන්තෑසිය මේ කොමිස් කාක්කන්ට වැඩක් නෑ. අදාල නෑ. මේ රටේ මුදල් මෙරට සංසරණය වන ආකාරයට ආරථික ක්‍රමෝපායන් සකස් කළානම් රැකී රක්ෂා ප්‍රශ්නය ටිකක් හරි විසඳෙනවා නේද?
priyanka Friday, 22 March 2024 03:20 PM
රටකාලා මදිවට තවත් කනවා කොමිස් ගැහිල්ලට...