මින්නේරිය හබරණ ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ යෙදී සිටි වනජීවී නිලධාරීන් පිරිසකට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේජර් ජනරාල්වරයකුට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව හබරණ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. වනජීවී නිලධාරීන් තමාට අභූත චෝදනා එල්ල කරමින් අපහාසයක් කළැයි එම මේජර් ජනරාල්වරයා ද පොලිසියට පැමිණිලි කර ඇතැයි ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
ඉවසීම, විනය, අනෙකාට ගරු කිරීම, නිහතමානීකම මිනිසකු සතු සාඩම්බර පළඳනාය. එම ගුණාංගවලින් අනූන මිනිසා වැදගත් ශිෂ්ට මිනිසකු ලෙස අනෙකාගේ ගෞරවාදරයට, පිළිගැනීමට ලක්වේ. එහෙත් එම ගුණාංග වේගයෙන් ගිලිහි යන සමාජයක් නිර්මාණය වී තිබේදැයි සැක උපදවන තරමට සිදුවීම් බහුල වෙමින් තිබේ.
අවේලාවන්හි රෝහල්වලට ඇතුළුවීමට උත්සාහ දරා ආරක්ෂක නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගන්නා නූගත්, බීමත් මිනිසුන් සම්බන්ධ ප්‍රවෘත්ති අපමණය. එය එක් උදාහරණයක් පමණි. විනය ගරුක ජාතිගරුක පුරවැසියකු කිසි ලෙසකින් හෝ එසේ නොහැසිරෙයි. රෝහලේ ආරක්ෂක නිලධාරියා ඉටු කරන්නේ රාජකාරියකි. රාජකාරියේ ස්වරූපය කුමක් වුව ද එයට බාධා කිරීමට වෙනත් අයකුට අයිතියක් නැත. එම රාජකාරියට සහයෝගය දැක්වීම වගකීමය.
තමන්ගේ රාජකාරිය හා සසඳමින් අනෙකාගේ රාජකාරිය හෑල්ලු කරන්නේ නම් එය වීරත්වය නොව නිවටකමය. තනතුරු තාන්න මාන්න වලින් කොතෙක් ඉහළ ගියද අනෙකාගේ රාජකාරිය හෑල්ලු කර දකින්නේ නම් ඒ අනුව කටයුතු කරන්නේ නම් එය නිවටකම විනා වීරකම නොවේ. මින්නේරිය හබරණ ජාතික විනෝද්‍යානයේ සිදුවී තිබෙන්නේ ද එවැනිම ක්‍රියාවක් ද යන්න විමසා බැලිය යුතුය.
මින්නේරිය, හබරණ ජාතික වනෝද්‍යානය අවට අලි පැටව් සොරකමක සැලසුමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් රැකවල්ලා සිටිය දී හමුදා කැබ් රථ දෙකක් බටහිර මායිමේ හබරණ ආසන්නයෙන් වනයට ඇතුළු වී ඇතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය. සැක කටයුතු එම වාහන දෙක නතර කරන ලෙස සංඥා කළ ද ඒවා නොනවත්වා ධාවනය කළ බවත්, වනජීවී නිලධාරීන් ඒ අවස්ථාවේ දී ගල්කුලම යුද හමුදා මුරපොළට දැන් වූ විට එම වාහන නතර කළ නොහැකි බවත් එහි ගමන් ගන්නේ යුද හමුදාවේ මේජර් ජනරාල්වරයකු බවත් පිළිතුර ලැබී තිබේ. එම කැබ් රථ දෙක අනුරාධපුර යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පසු වනජීවි නිලධාරීන් ආපසු හැරී ඇති බවත් පසුව ඔවුන් ලුහුබැඳ පැමිණි යුද හමුදා වාහන කීපයක පිරිසක් වනජීවී නිලධාරින් අතරමග නතර කර ඇත. එම හමුදා නිලධාරීන් කිහිප දෙනාගෙන් අයකු වනජීවී නිලධාරියකුට පහර දුන් බවත් ‘‘සිවිල් එකෙන් ඇවිත් නතර කරන්න කිව්වොත් අපි නතර කරනවාද?’’ ලොවෙත් නෑ, මේ ආමි එකේ සිස්ටම් එක.
පොලිසියෙන් නතර කරන්න කිව්වොත් අපි නතර කරනවා. මම මේජර් ජනරාල් කෙනෙක්, ලියා ගන්න. උඹ වනජීවී නොවෙයි, මොකේ වුණත් මට අදාළ නැහැ. කන පලනවා.’’ උඹලා තමයි හොරු යනුවෙන් පැවසූ බවත් පොලිස් පැමිණිල්ලේ සඳහන්ය.
එම ප්‍රකාශය කියවන විට පාඨකයකුගේ මනසෙහි සිතුවම් වන්නේ සාඩම්බරකාර පෞරුෂයකින් හොබි ප්‍රතාපවත් යුද හමුදා ජෙනරාල්වරයකු ද ගමේ ගොඩේ කසිප්පු ගොන්නක් බී ගත් විට එක්වරම චණ්ඩි බවට පත්ව මුළු ගමටම ගහගන්න කතා කරන තුට්ටු දෙකේ චණ්ඩියකු ද යන්න තේරුම් ගැනීම අසීරු නැත.
වනජීවී නිලධාරීන් රැකවල්ලා සිට ඇත්තේ අලි පැටව් හොරකමක් සම්බන්ධ තොරතුරකට අනුවයි. හමුදා වාහන දෙස නොනවත්වා ධාවනය කරවීම යම් සැකයක් උපදවන්නකි. එහෙයින් ඒ සම්බන්ධයෙන් රාජකාරිය කිරීමේ වගකීමක් වන ජීවී නිලධාරීන්ට තිබේ. උසස් හමුදා නිලධාරියා කළ යුතුව තිබුණේ වන ජීවී නිලධාරීන්ට තමන්ගෙන් යම් සහයෝගයක් අවශ්‍ය නම් එය ලබාදීමය. එහෙත් වනජීවී නිලධාරීන් පොලිසියට කළ පැමිණිල්ලට අනුව මේජර් ජනරාල්වරයා හැසිරී තිබෙන්නේ තම නිලයට, තත්ත්වයට සරිලන පරිදි නොවේ. ‘විනය නැති තැන කොඩිවිනය’ යැයි කීවාසේ මෙබඳු නිලධාරීන් මුළු යුද හමුදාවටම කොඩි විනයකි.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොතරම් තරුපටි තිබ්බත් විනයක් නැත්නම් වැඩක් නෑ
Raveendra Thursday, 01 July 2021 01:15 PM
"බල්ලන්ට, බූරුවන්ට, හරකුන්ට" ආරක්ෂක අංශවලට රිංගා ගැනුමට අවස්ථාව සලසාදී ඇත්නම් එවන් තිරිසනුන්ගෙන් විනයක් බලාපොරොත්තු වීම විහිළුවකි. මේ පුද්ගලයාද වැදගත් නිලඇඳුමට අශුචි හලාගෙන ඇත. නමක් නැතිවීම නම් තවත් ගැටලුවකි.
sugath Thursday, 01 July 2021 07:13 PM
අද රටේ බොහොමයක් ප්‍රශ්න වලට මුල මිනිසුන්ගේ මාන්නය සහ තව කෙනෙකුට කතා කිරීමට නොදත් කමයි. මේ දෙකටම මුල නූගත් කමයි.
Deepal Nirosh Thursday, 01 July 2021 11:33 PM
වහලක් නැති කළ ගෙයක් කොයින්දෝ... විනයක් නැති කළ දැයක් කොයින්දෝ... ඕන එකටයි එපා එකටයි දෙකටම හමුදාව කැඳවීමේ අනිටු විපාක තමයි මේ මතුවෙන්නේ... දැන්වත් මේ බව තේරුම් ගෙන හමුදාවෙත් අනිකුත් රාජ්‍ය නිලධාරීන්ගේත්, පොදු මහජනතාවගේත් ගෞරවය රැකෙන පරිසරයක් ගොඩනැගීමයි රජයේ වගකීම...
p.d goonawardena Friday, 02 July 2021 09:36 AM
හරි ආදර්ශමත් ලිපියක්.....හැමෝම කියවනවානම් ඉතාමත් හොදයි.....
kamal Friday, 02 July 2021 10:56 AM
කෑළෑ පාළුවන්ට ඉඩදී ලී ජාවාරම් කාරයන්ට ඉඩදී හමුදාවට එරෙහිවීම කෙතරම් විනයවත්ද?
Nuwan Friday, 02 July 2021 02:46 PM
හැමෝට හමුදා පුහුනුව දෙනන ඔනි කිව්වා නේද කවුරුහරි අනේ මන්ද
M.H.Deeganatha Wednesday, 07 July 2021 06:26 AM
හමුදා ධුරයක් දැරූ අයෙකු මේ වනවිට ජනාධිපති ධූරය දරමින් සිටියි. නමුත් පාර්ලිමේන්තුවේ මීහරක් රැල පාලනය කරගැනීමට එතුමන්ට නොහැකියාවෙන්, පොලිසියේ පළමුවත්, අනතුරුව අනෙත් ආයතනවලත් විනය පිරිහීයාමක් දක්නට ඇත. යහපාලනේ, මහජනතාව ප්‍රතික්ෂේප කළ ජනපති හිටන්, අගමැති නැවතත් උත්‍තරීතර යැයි උදම් අනාගන්නා හරක් ගාලට අවතීර්ණව ඇත. ගෞරවනීය ඉල්ලීම, හමුදා විනය ක්‍රියාවෙන්ම දැක්වීමයි...