මෙරට මැතිවරණ ව්‍යුහය වර්තමානයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිගත් දේශපාලන පක්ෂවලින් යෝජනා ලබාගැනීම පසුගියදා අවසන් කළේය. ඒ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් මගින් යෝජනා ඉදිරිපත් කර තිබිණි. ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන්ද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධානවලින්ද මහජනතාවගෙන්ද යෝජනා සහ අදහස් ලබාගැනීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කටයුතු කළේය.
රටේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයට මගපෑදුණේ මෙරට ජනතාවගෙන්ද විවිධ සංවිධානවලින්ද වරින් වර ඉදිරිපත් කෙරුණු ඉල්ලීම් හේතුවෙනි. මේ ඉල්ලීම් දේශපාලන පක්ෂවලින් සහ විද්වතුන්ගෙන්ද ඉදිරිපත් විය. මෙහි මහාපොදු සාධකය වන්නේ රටේ මැතිවරණ ව්‍යුහය දැනට වඩා ක්‍රමවත් සහ සංවිධානාත්මක විය යුතු බවට නැගෙන හඬය. එසේ නොවන විට මැතිවරණ ක්‍රම කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගිලිහී යයි. එය රටට යහපතක් වන්නේ නැත.
මෙහිදී මැතිවරණ ක්‍රම සරල වීම පමණක් ප්‍රමාණවත් නැතැයි අපි සිතමු. වඩාත්ම අවධානය යොමුවිය යුත්තේ නිසි කලට මැතිවරණ පැවැත්වීමට පියවර ගැනීමය. බලයට පත්වන ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව ඡන්දය පවත්වන දිනය එහා මෙහා කිරීමට තිබෙන ඉඩකඩ නීතියෙන්ම වැළැක්වීමට කටයුතු යෙදිය යුතුය. තමන්ට අවශ්‍ය පරිදි මැතිවරණ කල්දමා ගැනීමට ආණ්ඩුවකට අයිතියක් තිබිය යුතු නැත.
විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා දීමට පෙර පැවැති අවසන් රජය වූයේ 1970 දී බිහි වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන් සමගි පෙරමුණු රජයයි. එම රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුවා වී පස් අවුරුදු කාලසීමාව හත් අවුරුද්දක් දක්වා දීර්ඝ කර ගත්තේය. එය වැරදි බව ආණ්ඩුව තේරුම් නොගත් නමුත් ඉන් පසුව පැවති මහා මැතිවරණයේදී ජනතාව එය වැරදි බව පෙන්වා දුන්හ.
ඊළඟට බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජය විධායක ජනාධිපති බලතල යොදවාගෙන හයෙන් පහක බලය පෙන්වා මහ මැතිවරණයක් නොපවත්වාම තමන්ගේ පාලන කාලය වසර පහකින් දික්කර ගත්තේය. එය අමු අමුවේම ජනතාවගේ පරමාධිපත්‍යයට පයින් ගැසීමක් විය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ දෙවැනි පාලන කාලය තුළදී රටේ උතුරත් දකුණත් දෙකම ත්‍රස්තවාදයට බිලිවීමය. එම තීන්දුව රටේ දේශපාලන ඉතිහාසය පවා වෙනස් කළ බවට වෙනත් නිදසුන් අවශ්‍ය නැත.
ඊට පසුව පළාත් සභා ඡන්ද මෙරට මැතිවරණ සිතියමට එකතු විය. එම ඡන්ද පැවැත්වීම මහින්ද රාජපක්ෂ ජනාධිපති පාලන කාලයේදී සිදුවූයේ නියමිත කාලසටහනට අනුව නොවේ. එය රටේ මහජන මුදල් විශාල වශයෙන් කා දැමූ හිතෙන හිතෙන වෙලාවට ඡන්ද තැබූ කාලයක් විය.
ඡන්ද නීති සංශෝධනය කරන බවට පොරොන්දු වී බලයට පැමිණි යහපාලන ආණ්ඩුවද නීති වෙනස් කළත් එයට මුවා වී පළාත් පාලන ඡන්දය පැවැත්වීම කල් දැම්මේය. එම සංශෝධනවල මහිමය කොතරම්ද කියනවා නම් පළාත් සභා ඡන්ද අද වනතුරුද පවත්වාගැනීමට නොහැකි වී තිබේ. මෙවැනි විහිළු සැපයීම දැන් හෝ වැළැක්වීමට තද නීති හඳුන්වා දිය යුතුය.
අපේ රට නිදහස ලබා දශක හතක් ගෙවී ගියත් තවමත් ජනතාවගේ අවශ්‍යතා සපිරෙන මැතිවරණ ව්‍යුහයක් ගොඩනංවා ගැනීමට අපොහොසත් වීම මහත් අවාසනාවකි. එයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මැතිවරණ නීති සංශෝධනය කළ හැම ආණ්ඩුවක්ම එය සිදු කළේ බලය සැමදා තමන් අතේ තබාගැනීම මූලික අරමුණ කර ගනිමින් බැවිනි. එය යළිත් සිදුවීමට ඉඩක් නොතැබිය යුතුය. මහජනතාව බලාපොරොත්තු වන සේවාව රජයෙන් ඉටුනොවන්නේ නම් එවැනි නීති රීති කොතරම් තිබුණත් ඉන් පලක් නොවන බවට අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළින් ඕනෑතරම් උදාහරණ සොයාගත හැකිය.
අපගේ වැටහීම වන්නේ මැතිවරණ ව්‍යුහය ප්‍රතිසංස්කරණයේදී මැතිවරණ පැවැත්වෙන දින නිශ්චිතවම ප්‍රකාශයට පත් කිරීම අවශ්‍ය බවය. අසල්වැසි ඉන්දියාවේ සෑම වසර පහකටම වරක් මහ මැතිවරණය පැවැත්වෙයි. ප්‍රාන්ත මැතිවරණ පැවැත්විය යුතු දින වෙනස් කළ නොහැක. ඒ සියලු දින තීන්දු කරන්නේ මැතිවරණ කොමිසම මගිනි. අමෙරිකාවේ ජනාධිපතිවරණය සෑම වසර හතරකටම පසුව එළඹෙන නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා දින පැවැත්වෙයි. එය 1845 සිට මේ දක්වාම නොවෙනස්ව පවතී. ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය සෑම වසර තුනකටම වරක් එළඹෙන සෙනසුරාදා දිනයක පැවැත්විය යුතුය. 1912 වසරේ සිට මෙය වෙනස් වී නැත. එවැනි ස්ථිර මැතිවරණ සිතියමක් අප රටේද තිබිය යුතුය.
අපේ රටේ මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හඳුනාගෙන ඒවා යාවත්කාලීන කිරීම අවශ්‍යය. එසේම මැතිවරණ වියදම් පාලනය සඳහා නීති රීති පැනවීම, රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීම සහ ජන කොට්ඨාස සඳහා අනුපාතික නියෝජනයක් ලැබෙන සේ කටයුතු යෙදීමද අවශ්‍ය වෙයි. මෙරට ක්‍රියාත්මක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පිළිගත් ක්‍රමවේදයක් හඳුන්වාදීමද කළ යුතුය. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ සියලු මැතිවරණ සඳහා නිශ්චිත දිනයක් නීතිගත කිරීම බව යළිත් අපි අවධාරණය කරමු.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්ද ක්‍රමයේ සංශෝධනයේදී ඡන්ද කාලසටහනක් ගැනත් සිතමු