IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජනතා තීන්දුවට ගරු කරමු

මෙරට නව වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා ගැනීමේ මහ මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් තිබේ. ඉදිරි පස් වසර රට පාලනය කිරීමට සුදුස්සන් කවුරුන්දැයි සාහිතශය බහුතරයක් ජනයා තීන්දු කළ කඳවුර ජයග්‍රහකයා බවට පත්වනු ඇත. ඒ ජයග්‍රාහී කඳවුරට අපගේ ශුභාශිංෂණ පළමුව පිරිනමමු. ජනතාව ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසයට වැලි කැටයක තරමේ හෝ හානියක් නොකර ඒ ජනතා අභිලාෂයන් මුදුන් පැමිණවීම සඳහා කැපවීමෙන් මෙන්ම අගති විරහිතව හා බුද්ධිමත්ව ඔවුන් කටයුතු කරනු ඇතැයි යන්න අපගේ ඒකාන්ත විශ්වාසය වේ.

 මිනිසකුගේ බුද්ධි මට්ටම විමසා බැලෙන එක් අවස්ථාවක් වනුයේ ඔහු පිළිගැනීමට ලක්වන මොහොතේ ඔහුගේ චර්යාවය. ජයග්‍රාහකයා මේ මොහොතේ මුහුණ දී සිටින්නේ තමන් පිළිගැනීමට ලක්ව තිබෙන මොහොතේ තමාගේ චර්යාව නිරීක්ෂණය කෙරෙන මොහොතකටය.  ජයග්‍රහණයෙන් උඩඟුවීම, එය නැවත ආපස්සට නොහැරෙන අසමසම සදාකාලික බලයකැයි සිතා කටයුතු කිරීමට පෙළඹීම සිය දිවි නසා ගැනීමකි. ජයග්‍රාහකයා තේරුම් ගත යුතු පරම සත්‍ය ඇත්තේ තමන් ජයග්‍රාහකයා බවට පත් වූයේ තමන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක නිසා නොව ප්‍රතිවාදියා සකලාකාරයෙන්ම අසාර්ථක වූ හෙයින් බවය. එහෙයින් අසාර්ථක වූවන්ගේ මාර්ගයේම ගමන් කරන්නේ නම් තමන්ට පරාජයේ අඳුරු ඉරණම වැළඳ ගැනීමට සිදුවීමට වැඩි කලක් ගත නොවන බව තේරුම් ගත යුතුය. තමන් සිංහාසනයට ඔසොවා තබන්නේත් ඉතිහාසයේ කුණු බක්කියට විසි කර දමනු ලබන්නේත් මහජනයා බව තේරුම් ගැනීම ජයග්‍රාහකයා සතු පරම වගකීම ද වෙයි.

පරාජිතයාට තමන්ට ජයග්‍රහණය කිරීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය නොවේ. තමන් ජනතාවගේ පිළිගැනීමට ලක්වන දියුණු දේශපාලන ව්‍යාපාරයක් ලෙස වැඩෙන්නට තව කාලය ඉතිරිව තිබේ. එහෙයින් කළ යුතු වන්නේ වඩ වඩාත් නිවැරැදි වීමය. පරාජය යනු යහපත් ගුරුවරයෙකි. එහෙයින් එම ගුරුවරයාගෙන් පාඩම් උගත යුතුය. අනාගතයේ අවස්ථාවක දී වඩාත් නිවැරදි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතාවගේ පිළිගැනීමට ලක්වනු ඇත්තේ එසේ කටයුතු කළහොත් පමණි.

මහ මැතිවරණය අවසන්ය. මැතිවරණ සමයේ දී දෙපිළ බෙදී මතවාදී සංග්‍රාමයක යෙදුණ ද එළැඹ ඇත්තේ එම සංග්‍රාමය අතහැර ජනතාව දිනවීමට තමන්ගෙන් විය යුතු කාර්ය භාරය නොපැකිලව ඉටුකළ යුතු මොහොතකය. තමන් සර්වතෝභද්‍රය, සර්ව සුන්දරය, සර්ව සම්පූර්ණය යනුවෙන් සිතා ජයග්‍රාහකයා කටයුතු නොකළ යුතුය. අන්‍යයන්ට සවන් දිය යුතුය. විවේචනයට සංවේදී විය යුතුය. වැරැදි නිවැරදි කර ගැනීමේ නිහතමානීකම තිබිය යුතුය. ජනතාවට ආදරය කළ යුතුය. රටට ආදරය කළ යුතුය. රටේ ගෞරවය මෙන්ම ජනතාවගේ ආත්මාභිමානය ආරක්ෂා කළ යුතුය. බලකාමයෙන් මත් නොවිය යුතුය. යසස් කාමයෙන් උඩඟු නොවිය යුතුය. තමන් සරුංගලයක් බවත් තමන්ට ගුවන්ගතවී සිටිය  හැකි වන්නේ නූල අතරැඳි මිනිසාගේ කැමැත්ත පවතින තුරු බවත් තේරුම් ගත යුතුය.

ජයග්‍රාහකයාගේ සියලුම දේට කොන්දේසි විරහිතව විරුද්ධවීම විරුද්ධ පක්ෂයේ වගකීම නොවේ. ඔවුන්ගේ පරම වගකීම වන්නේ ආණ්ඩුව වරදකාරී මාවතෙන් මුදා ගැනීමය. ඒ වෙනුවෙන් ප්‍රහාරක බළඇණියක් සේ කටයුතු කළ යුතුය. ඒ වෙනුවෙන් නිවැරැදි දෙයට කොන්දේසි විරහිතව සහාය දිය යුතුය. වැරැදි දෙයට සම්මුති විරහිතව විරුද්ධ විය යුතුය. විරුද්ධ පක්ෂය ගන්නා සෑම තීන්දුවකම අවසාන ප්‍රතිලාභ ලැබිය යුත්තේ මහජනතාවය, රටය. ඒ ඉලක්කයෙන් බැහැර වූ ගමනක් විපක්ෂයට නැත.

වසර හාර පන්සියයකට වැඩි කාලයක් අප රට යටත් විජිතයක්ව තිබිණි. දෙදණින් වැටී ජීවත්වීම වෙනුවට දෙපයින් නැගී සිට මිය යාම ශ්‍රේෂ්ඨ යැයි ඇදහූ අපේ ඉපැරණි මුතුන් මිත්තන්ගේ අයස්කාන්ත අරගලයන්හි ආනුභාවයෙන් අප රටට නිදහස ප්‍රදානය කර පල්ලම් බැසීමට  අධිරාජ්‍යවාදීන්ට සිදුවිය. එසේ පල්ලම් බැස ගොස් වසර 72කි.

ගෙවුණු වසර 72 සම්බන්ධයෙන් රටේ පුරවැසියාට තෘප්තිමත් විය නොහැක. බොහෝ රටවල් අප පසුකර යද්දී අප ගමන් කර තිබෙන්නේ ආපස්සටය. මේ ඉරණම වෙනස් කළ යුතුය. බොල් බොළඳ සටන් පාඨවලින් එම ඉරණම වෙනස් කළ නොහැකිය. වාගාඩම්බර පිරී ගත් සිහින සාප්පු, බොරු පොරොන්දුවලින් ජනයා ඉල්ලන රට ගොඩනැගිය නොහැකිය. ආණ්ඩුව යනු රටේ භාරකාරයා මිස අයිතිකාරයා නොවේ. ඒ බව ගැඹුරින් අවබෝධ කරගත් ගමනක් අද සිටම ආරම්භ කළ යුතුය. ඒ ගමන දෙස අපි අවදියෙන් බලා සිටිමු.

 



අදහස් (7)

ජනතා තීන්දුවට ගරු කරමු

පූජා Friday, 07 August 2020 06:45 AM

ස්තූතියි කතුතුමනි, ඉතාම කාලෝචිත ලිපියක්.. මෙහි අවසානයට ලියා ඇති," ඒ ගමන දෙස අපි අවධියෙන් බලා සිටිමු "යන වැකිය මගේ සිත බොහෝ සේ පැහැර ගත්තේය.

:       59       26

කමල් Friday, 07 August 2020 06:59 AM

තමනුත් ඒවාට වග කියන්න ඕනෑ, අවසාන පරිච්ඡේදයට අදාලව...

:       7       3

සමිත සේනක අලුත්ගමගේ. Friday, 07 August 2020 08:10 AM

මේ අගනා හරබර කරුණු ඇතුළත් කතුවැකියට කතුතුමා හට ස්තුතියි. මෙය සියලුම දේශපාලනඥයන්ට රාමු කරගෙන තම මේසයේ නිතර පරිහරණයට තබාගතයුතු දෙයක් යැයි සිතමි. ඒ තරමටම ලිපියේ අඩංගු කරුණු ඔවුන්ට වැඩදායක වේ. ස්තූතියි ...

:       32       46

thilak Friday, 07 August 2020 10:25 AM

ඔය කියන බලාපොරොත්තු තමයි අපිට පසුගිය අවරුදු 72දීම තිබුනේ. අවුරුදු 5කට වරක් ඡන්ද වලින් පසු හැමදාමත් වුනේ මහජනයාගේ කරපිටින් ගොස්, මහජනයාට ඉහළින් වැජඹෙන කිහිප දෙනෙක් බිහිවීම පමණයි. ජනතාවත් බොහෝවිට ප්‍රේම කරන්නේ හොරුන්ටයි. මා සිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ලංකාවට යෝග්‍ය වන්නේ දිගු කාලීන ඒකාධිපතිවාදයකි.

:       64       6

K Perera Friday, 07 August 2020 12:25 PM

අනිවාර්යයෙන්ම ගරුකළ යුතුමයි. මොකද මේක ජනතා තීන්දුවක් නිසා... නමුත් මට හැඟෙන විදිහට නම් පොදුපෙරමුණට ඡන්දය දුන්නු අයගෙන් 50%ක්වත් එයාලට නොදන්නවා හෝ නොතේරෙනවා වෙන්න පුළුවන්... දැන් රට යන අත, රටේ ආර්ථික ප්‍රශ්න... කොහොමද තෙල්, ගෑස් මිල ඇතුළු ජීවන වියදම් අඩු කරන්නේ..? අපේ රටට අවශ්‍ය 19 ව්‍යවස්ථාව නැතිකරාවිද? අධිකරණයෙන් දඬුවම් ලැබූ සමහර මිනීමරුවන්ට, කුඩුකාරයන්ට ජනාධිපති සමාවක් ලැබේද? සහ තවත් මෙතන ලිවීමට නොහැකි ගොඩක් දේවල් ගැන..

:       0       0

ramona90 Saturday, 08 August 2020 08:57 AM

මේ වගේ මන්ද බුද්ධික තීරණ ගන්න රටවැසියෝ ඉන්නේ ලංකාවේ පමණයි. දැන් උඩින්ම දින්නට දෙතුන් සැරයක් එළියට විසිවෙච්චි අයනේ. ඒ තීන්දු ගත්තෙත් ජනතාවමයි නේද? අද වෙනකම් ලැබුණු එකම ආශිර්වාදය මාලදිවයිනෙන් පමණයි. පේනවා නේද ජාත්‍යන්තර පිළිගැනීම කොහොමද කියලා..

:       2       15

Rohana Sunday, 09 August 2020 02:09 AM

මම හිතන්නෙ බහුතරයක් ජනතාව හැගීම් වලට වහල්වී සංව්දී කාරනාවලට ජන්දය දෙනවා මිසක් බුද්ධිමත්ව ඡන්දය පාවිව්චි නොකරන බවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 708 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 232 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 610 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 322 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 419 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 182 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site