IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඩයස්පෝරාවට කළ ඇරියුම අත් නොහළයුතු ප්‍රවේශයක්

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු‍ රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත් ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරියුම් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව් යෝක් නුවර දී පසුගියදා ප්‍රකාශ කර තිබිණි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට අමෙරිකාවට ගොස් සිටින ජනාධිපතිවරයා නිව්​ යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එහි මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශය කර තිබිණි.

ජනාධිපතිවරයාගේ අමෙරිකානු සංචාරයේ ප්‍රමුඛ අරමුණු මහා මණ්ඩල සැසිවාරය ඇමතීම වුවද මහ ලේකම් ගුටරේස් මහතා සමඟ පැවැති හමුව මෙවැනි ඇරියුමක් කිරීමට යොදා ගැනීම අපේ රටට ඉතා වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් බව කිව යුතුය. මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීම කවදා හෝ සිදුවිය යුතුව තිබුණත් ඒ සඳහා ඉදිරිපත්ව කටයුතු කිරීමට කිසිම නායකයකු පෙරමුණ ගත්තේ නැත. ඒ අර්ථයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉහළින්ම අගය කළ යුතුය. මේ ඇරියුමට ඩයස්පෝරාව කෙසේ ප්‍රතිචාර දක්වනු ඇතිදැයි තවම කිව නොහැකි වුව ද ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණොත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම ද නොපමාව සිදුවිය යුතු යැයි අපි සිතමු.

මෙරටින් පිටව ගොස් යුරෝපයේ සහ බටහිර රටවල සමූහ වශයෙන් පදිංචිව සිටින ද්‍රවිඩ ජනසමාජය එම ඩයස්පෝරාව නියෝජනය කරයි. මේ ඩයස්පෝරාවේ සාමාජිකයෝ මෙරට වෙසෙන ඔවුන්ගේ ද්‍රවිඩ ඥාති සමූහයා සමඟ නිරන්තරයෙන් සබඳතා පවත්වති. එසේම එතෙර සිටිමින් ශ්‍රී ලංකාවේ රජයේ කටයුතු දෙස විමසුම් ඇසින් බලා සිට ප්‍රබල ලෙසට විවේචනාත්මකව අදහස් දක්වන පිරිසක් වශයෙන්ද ඔවුහු නමක් දිනාගෙන සිටිති. ඩයස්පෝරාවේ එම අදහස් දැක්වීම් සහ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකරන අන්තවාදී, අසාධාරණ සහ අයුක්ති සහගත හැසිරීම් වශයෙන් මෙරට බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව හඳුන්වන බව ද රහසක් නොවේ. ජනාධිපතිවරයාගේ එකී ආරාධනයේ වැදගත්කම වඩාත් කැපී පෙනෙන්නේ එබැවිනි.

ද්‍රවිඩ ඩයස්පෝරාව එතෙර සිටිමින් ශ්‍රී ලංකාවට එරෙහිව කොතරම් කෙනෙහිලිකම් කළත් ඔවුන් සමඟ සංවාදයක් ඇතිකර ගැනීමට එය බාධාවක් කර නොගත යුතු බව පෙන්වා දිය යුතුය. මෙවැනි සාකච්ඡාවකට ඔවුන් කිසියම් හෝ අනුකූලතාවක් දැක්වුවහොත් ඒ සමඟ යම් කොන්දේසි ඉදිරිපත් වීමට ඉඩ තිබෙන බව ද ඒ සමඟ වටහාගත යුතු වෙමු. ඉල්ලීම කෙරුණේ යහපත් චේතනාවෙන් නම් එවැනි කොන්දේසි පිළිබඳ වැටහීමක්, අවබෝධයක් ඇතිව ක්‍රියාකිරීම අවශ්‍ය වනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූයේ මෙරට බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් බවත් එය මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ කැපී පෙනෙන පෙරළියක් වූ බවත් කාටත් අමතක නැත. මේ බව වඩාත් හොඳින් දැනෙන්න ඇත්තේ උතුරේත් නැගෙනහිරත් දේශපාලන නායකයන්ටය.

තමන්ගේ සහායක් නොමැතිව රජයක් පිහිටුවිය නොහැකි බවට සුළු ජාතික නායකයන් තුළ මුල් බැසගෙන තිබූ ආකල්පය වෙනස් වීමට ද එම මැතිවරණ ප්‍රතිඵලය හේතු විය. එහෙත් එම අවස්ථාවෙන් ලද වාසිය මෙරට ජනතාව විසින් විසඳාගත යුතු වන අභ්‍යන්තර ගැටලු‍වලට විසඳුමක් සෙවීම සඳහා සාර්ථකව යොදාගත්තා ද යන්න සැක සහිතය. ශක්තිමත් පදනමක සිටිමින් ද්‍රවිඩ ජනතාවගේ ගැටලු‍ සහ දුක් ගැනවිලි ආමන්ත්‍රණය කිරීමට තිබූ හොඳම අවස්ථාවක් වත්මන් ආණ්ඩුව අතහැර දමා ඇති බවක් පෙනෙන්නට තිබිණි. ජනාධිපතිවරයාගෙන් ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡාවට එන්නැයි ඇරියුමක් කෙරෙන්නේ එවැනි පසුබිමකය.

ජාතීන් අතර සැකය සහ අවිශ්වාසය පවතිද්දී අභ්‍යන්තර ගැටලු‍වලට තිරසාර විසඳුමක් සෙවීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමකි. මුලින්ම කළ යුත්තේ සැකය සහ අවිශ්වාසය දුරුකර ගැනීමය. යුද්ධය අවසන් වී වසර 10ක් ඉක්ම වී ගියත් තවමත් එවැනි ප්‍රවේශයක් ගැනීමට නොහැකි වීම රටේ ඉදිරි ගමනට අවාසියකි. එයට සිංහල නායකයන් පමණක් නොව ද්‍රවිඩ නායකයන් ද වගකිව යුතුය. අඩුම තරමින් යුද්ධයට තුඩු දුන් හේතු සහ යළිත් එවැන්නක් සිදු නොවීමට ඇතිකර ගත යුතු සංහිඳියාව පිළිබඳ විමර්ශනය කොට සකස් කෙරුණු උගත් පාඩම් සහ සංහිඳියාව පිළිබඳ කමිටුවේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ද සැබෑ උනන්දුවකින් ක්‍රියා නොකිරීමෙන් එය හොඳින්ම පැහැදිලි වෙයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව උතුරේ ද්‍රවිඩ පක්ෂ නායකයන් විසින් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් සඳහා ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් විය. එහෙත් ඒවාට ආණ්ඩුවෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බවක් දැන ගන්නට නැත. වරක් ටී.එන්.ඒ. නායක ආර්. සම්පන්ධන් මහතා ඇතුළු නායකයන් කිහිප දෙනකු ඉල්ලා තිබූ සාකච්ඡාවක් සඳහා අවස්ථා ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වුව ද අවසන් මොහොතේ දී එය වැළැක්වී ගියේය. රටේ අභ්‍යන්තර ගැටලු‍, අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳා ගැනීමට ජනාධිපතිවරයා තුළ තිබෙන ඕනෑකම එවැනි සිදුවීම්වලින් තවදුරටත් අධෛර්යවත් වන බව කිව යුතුය. ඩයස්පෝරාවට කෙරුණු ඇරියුමට ද ඒ ඉරණම අත් නොවනු ඇතැයි ද එය රටේ ගැටලු‍ විසඳා ගැනීමට යහපත් ප්‍රවේශයක් වනු ඇතැයි ද අපි සිතමු.

(***)



අදහස් (0)

ඩයස්පෝරාවට කළ ඇරියුම අත් නොහළයුතු ප්‍රවේශයක්

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 694 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 173 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18443 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site