IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


තෙල් සංස්ථා වංචාව වසර 8 ක්ම යටගැහීම

වංචාවක් සිදුකිරීම බරපතළ වැරැද්දකි. එයින් රජයට සිදුවන පාඩුව මකා ගැනීමට එම පාඩුව ජනතාවගේ කර මතට බද්දක් වශයෙන් පැනවීම තවත් වංචාවකි. මේ දෙකම තෙල් සංස්ථාවේ සිදු  වී ඇතැයි අනාවරණය වී ඇත්තේ කෝප් කමිටුව පසුගියදා රැස් වූ අවස්ථාවේදීය. වසර 08 ක කාලයක් තිස්සේ සිදුවූ මේ අසික්කිත වංචාවට හවුල් වූ බව කියන නිලධාරීන් දැන් රටෙත් නැති බවද  අනාවරණය වීම ලොකුම ඛේදවාචකයයි.

ශ්‍රී ලංකාව වංචාවට දූෂණයට නමගිය රටක් බවට හංවඩු ගැසීම ගැන පුදුම විය යුතු නැත. වංචාව සහ දූෂණ එතරම් සුලබය. ඒවා සිදුකරන නිලධාරීන්ට කිසිදු හිරිහැරයකින් හා කරදරයකින් තොරව පිටරටට පැනගෙන තමන්ගේ රටට කොකා  පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන  එකම රට ශ්‍රී ලංකාවද යන සැකය ද මේ සිද්ධියත් සමග අප තුළ මතුවෙයි. වසර 08ක් තිස්සේ තෙල්  සංස්ථාවේ අලෙවි අංශය මූලික  වී සිදුවූ  මේ වංචාව හෙළිකර ගැනීමට සංස්ථාවේ පාලනාධිකාරිය අසමත්වීම ද සියලු දෙනාගේ දෙබැම ඉහළ නංවන තත්වයකි. එය ඇතැම් ඉහළ නිලධාරීන් පිළිබඳ බරපතළ සැකයක් උපදවන්නකි. මේ බොහොමයක් ඉහළ නිලධාරීන් දේශපාලන පත්වීම් ලැබුවෝ වෙති. මෙවැනි ගඳ ගසන හෙණ ගහන අපරාධ කාලයේ වැලි තලාවේ සැඟවී යන්නේ එවැනි සබඳතාවල බලවත්කම් හේතුවෙන් බවද පෙන්වා දිය යුතුය. 

මෙම වංචාව හොඳින් සැලසුම් සහගතව  කළ බව එහි ක්‍රමවේදයෙන් පැහැදිලි වෙයි. කෝප් කමිටුවේ දී අනාවරණය වී ඇති පරිදි එහිදී මුලින්ම සිදුකර ඇත්තේ පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම සිතාමතා වසර 08කට ප්‍රමාද කිරීමයි. එහි ප්‍රතිඵලය කොමිස් මුදල වැඩිපුර ගෙවීමට සිදුවීමය. එහි පාඩුව රුපියල් කෝටි 341ක් බවද එය පියවීම සඳහා ජනතාව ලබාගන්නා ඉන්ධනවලට රුපියල් 05 සිට 07 පමණ දක්වා වන බද්දක් පැනවූ බවද සඳහන්ය. මෙය හෙණ ගහන ගඳ ගසන අපරාධයක් බව අප ප්‍රකාශ කරන්නේ මේ හේතු නිසාය. තමන් සිදු කළ වංචාව මහජනතාවගේ මුදලින් පියවා ගැනීමට කටයුතු කළ නිලධාරීන් සිටිනවා නම් දැන් හෝ ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට සිදුවන්නේ මේ වංචනික අපරාධය සිදුකර  ඇත්තේ ඔවුන්  සියලු දෙනාගේම අනුමැතිය ඇතිව නිසාය. එම අපවාදයෙන් ගැලවීමට නම් මේ වංචාව සම්බන්ධ සියලු තොරතුරු හෙළි කිරීම එම නිලධාරීන් විසින් සිදුකළ යුතුය. තොරතුරු දැන දැනම නිහඬව සිටීම අපරාධයට ආධාර සහ අනුබල දීමක් බැවිනි.

මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් තුළ ඉදිරිපත් කරන ලෙසට කෝප් කමිටුව සංස්ථාවට නිර්දේශ කර තිබේ. ඒ අනුව කටයුතු සිදුවන්නේ දැයි රටේ ජනතාව ද විමසිල්ලෙන්  සිටිනු ඇත. පසුගිය වසර 08ක කාලයේදී තමන් මිලදී ගත් තෙල්වලට වැඩිපුර අයකළ මුදලට සිදුවූ දේ ගැන දැන ගැනීමට ඔවුන්ට ද අයිතියක් තිබෙන බව සංස්ථාව ද වටහා ගත යුතුය.

මෙවැනි මුල්‍ය අපරාධ සිදුකර රටින් පළාගොස් සිටින නිලධාරීන් ආපසු රටට ගෙන්වා ගැනීමට වැඩ පිළිවෙළක් යෙදීම රජයේ වගකීමකි. ඕනෑම වංචාවක් සිදුකර තමන්ට ගැලවිය හැකි බවට ඇතැම් දේශපාලකයන් සහ නිලධාරීන් තුළ පවතින අදහස මෙවැනි සැලසුම් සහගතව සිදුකරන දූෂණ සහ වංචනික ක්‍රියාවලට මූලික හේතුවක් වී තිබේ. රජයෙන් එවැනි වංචනිකයන්ට දැල එළීමක් සිදු නොවන විට රටේ ජනතාවට හැඟී යන්නේ ‘‘වැටත් නියරත් දෙකම ගොයම් කන’’ බවකි. එසේ වීම රජයේ ප්‍රතිරූපයටද සිදුකරන්නේ ප්‍රබල හානියකි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ගිවිසුම්ගතවීමේ දී සඳහන් කර තිබූ එක් වගන්තියක් වූයේ ශ්‍රී ලංකාව යනු දූෂණය ඉහවහා යන රටක් හැටියට ජාත්‍යන්තරය තුළ නම්  ලබා සිටින බවය. මෙවැනි අපරාධ සිදුවීම එම වගන්තිය තවදුරටත් සනාථ කිරීමකි.

(***)



අදහස් (0)

තෙල් සංස්ථා වංචාව වසර 8 ක්ම යටගැහීම

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1333 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 822 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 343 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 742 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 367 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 474 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 404 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site