IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දිළිදු සහන වැඩ පිළිවෙළ තවත් පුළුල් කිරීමක් අවශ්‍යයි

ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකිව සිටි වයෝවෘද්ධ කාන්තාවක කිසියම් විෂ දියරයක් ශරීරගත වීමෙන් මිය යාමේ පුවතක් අපගේ ‘‘ලංකාදීප’’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයකින් පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. අරණායක පොලිසිය පවසන ආකාරයට 74 හැවිරිදි එක්දරු මවක මෙසේ මිය ගොස් ඇත. ජීවිතක්ෂයට පත්වූ එම මව සිය වයෝවෘද්ධ සැමියා සමඟ ඔවුන්ගේ නිවෙසේ පදිංචිව සිට ඇති බවත් ඔවුන්ගේ එකම දියණිය විවාහ වී රඹුක්කන වෙනම පදිංචිව සිටින බවත් සඳහන් විය. මරණ පරීක්ෂණයේ දී මෙම මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කර තිබිණි.

මියගිය කාන්තාව මෙලෙස දැඩි ආර්ථික ප්‍රශ්නවලට මුහුණපා ඇතැයි පැවසෙන්නේ ඇයගේ ස්වාමියා මාසයකට පෙර සිට ඇවිද ගැනීමට නොහැකිව ඔත්පල වීම නිසා ඔහු උපයමින් සිටි ආදායම අහිමිවීම හේතුවෙනි. දියණිය ඩුබායි රාජ්‍යයේ රැකියාවක නිරතව සිටින බව සඳහන් වුවද ඇය තම වයෝවෘද්ධ මාපියන් සමඟ සබඳතා පවත්වන්නේ ද යන්න පැහැදිලි නැත. එහෙත් මේ කාන්තාවගේ මරණයෙන් පසුව ඇයගේ සැමියා ප්‍රකාශ කර ඇත්තේ නිවෙසේ පවතින ආර්ථික අපහසුතා තමන්ට ද දැනුණු බවත් කරකියා ගන්නට දෙයක් නැතිව සිටි බවත්ය.

ආර්ථික දුෂ්කරතා සහ අසරණ බව හේතුවෙන් කෙනකු සියදිවි නසාගැනීම බරපතළ ඛේදවාචකයකි. ලැබෙන දෙයක් කා බී විවේක සුවයෙන් කල් ගත කළ යුතු වයසේ පසුවන පුද්ගලයන් කන්න බොන්න නැතිවීම හේතුවෙන් මෙසේ දිවි නසාගැනීම අසන දකින කා තුළත් ඇති කරන්නේ තදබල කම්පනයකි. එය රටක නොවිය යුත්තකි. නොවිය යුතු දෑ සිදුවන තැනකට රට තල්ලු‍ වෙමින් සිටින බවට මෙය එක් පෙරනිමිත්තකි. මෙවැනි පෙරනිමිති පහළවීම හැකි ඉක්මනින් නවතා නොගතහොත් එය මහත් අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පාර කැපීමක් බව කිව යුතුය.

පසුගිය මාස කිහිපය මුළුල්ලේම රටේ දිනෙන් දින උග්‍රවෙමින් පවතින ආහාර අහේනිය පිළිබඳ විවිධ තොරතුරු අනාවරණය විය. එම තොරතුරු දේශීය මට්ටමින් පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර මට්ටමින් ද ප්‍රකාශයට පත් කෙරිණි. වරක් සඳහන් කෙරුණේ රටේ ජනතාවගෙන් ලක්ෂ 60 කට අධික සංඛ්‍යාවකට තුන්වේල අහිමිව සිටින බවය. එසේම පාසල් යන දරුවන් මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වෙමින් සිටින බවට ද තොරතුරු හෙළිවෙමින් තිබේ. අරණායක සිද්ධිය පෙන්වා දෙන්නේ මේ සංඛ්‍යාලේඛන බොරුවක් නොවන බවය.

කන්න බොන්න නැති තරමට ආදායම් අහිමි වූ පවුල් ලක්ෂ ගණනක් මේ රටේ සිටින බවට ද තොරතුරු ප්‍රකාශයට පත්වෙමින් තිබේ. රටේ ආදායම සහ වියදම අතර පරතරය වැඩිවෙන විට රටේ ණය ප්‍රමාණය ද ඒ සමඟ ඉහළ යයි. රටේ ණය ප්‍රමාණය වැඩිවීම පොදු මහජනතාවට දැනෙන්නේ උද්ධමනයේ වැඩිවීම හැටියටය. විශේෂයෙන් ආහාර උද්ධමනය රටකට දැරිය හැකි මට්ටමට වඩා ශ්‍රී ලංකාවේ ඉහළ ගොස් තිබේ. නොවැම්බර් මාසය තුළ දී එය යම් ආකාරයකින් සුළු අඩුවීමක් පෙන්වා ඇතත් එය දිගටම පවතින තත්ත්වයක් දැයි සහතිකයක් නැත. විශේෂයෙන් ජනවාරි මාසයේ සිට යළිත් විදුලි බිල වැඩිවනු ඇති බවට පුරෝකථනය වී ඇති අවස්ථාවක ඉදිරි කාලයේ උද්ධමනය අඩුවනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැක.

ආහාර අහේනිය හේතුවෙන් කරකියාගත නොහැකි වීම නිසා කෙනකු පත්වන්නේ ඉතාම අසරණ තත්ත්වයකටය. විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන් සිටින මවුපියෝ වඩාත් අසරණ වෙති. බොහොමයක් පාසල්වල දෙගුරුන් එකතුවෙන් එසේ කුසගින්නේ පාසලට එන සිසු දරු දැරියන්ට ආහාර ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කරගෙන තිබේ. ඒවා තාවකාලික පිළියම් වුවද අසරණ දරුවන්ට මහත් සහනයක් ලබා දෙන වැඩපිළිවෙළකි. කොළඹ වැනි ප්‍රධාන නගර අවට ඇතැම් පාසල්වල පවා මේ ආකාරයට ආහාර ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමෙන් පෙනී යන්නේ රටේ පවතින ආහාර සැපයුමේ බිඳවැටීමය. දිවි නසාගැනීම් දක්වා ඇදී යන්නේ මේ බිඳවැටීමේ ප්‍රතිඵල හේතුවෙනි.

පසුගිය කාලය තුළ ආහාර නොලැබීම හේතුවෙන් විශේෂයෙන් පාසල් තුළ වූ සිදුවීම් ආණ්ඩුවේ බලධාරීන් විසින් නිශේධනය කිරීමට පියවර ගෙන තිබිණි. ආහාර නොලැබෙන බවට සඳහන් වූ දරුවන්ට හොඳින් ආහාර ලැබෙන බවටත් වරක් කන්න දෙයක් නොමැතිවීම නිසා පොල් මද කෑමට ගෙනා සිසුවියක පිළිබඳ වාර්තා වූ විට එය එසේ නොවන බවටත් ප්‍රකාශ නිකුත් විය. අරණායක සිදුවීමෙන් පෙනී යන්නේ ආහාර අහේනිය ජීවිත බිලිගන්නා තරමට උග්‍ර වෙමින් පවතින බවය. එවැන්නක් දැන දැනත් නොදැක්කා සේ අහක බලාගැනීමට වගකිව යුතු ආණ්ඩුවකට හැකියාවක් නැත. ප්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් ගැටලු‍ විසඳෙන්නේ ද නැත.

(***)



අදහස් (0)

දිළිදු සහන වැඩ පිළිවෙළ තවත් පුළුල් කිරීමක් අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 695 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 416 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 175 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21199 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20514 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site