IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නීතිය අතට ගත් මහමග අරගලකරුවෝ

ගත වූ මාසයක දෙකක කාලයක් තිස්සේ රටපුරා දක්නට ඇත්තේ අසහනකාරී වාතාවරණයකි. රටම අරගල භූමියක් වී ඇති සැටියක් පෙනේ. ගාලු‍මුවදොර පවත්නා අරගලය රටේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් පුළුල් කර ගැනීම පිණිස පැවැත්වෙන බව ප්‍රකාශිතය. එමෙන්ම ගාලු‍මුවදොර අරගලය තුළ කිසියම් විනයානුකූල බවක් ද පෙනෙන්නට තිබේ. සාමාන්‍ය ජනයාට හිරිහැර පීඩා අවම වන ලෙස තරුණ අරගලකරුවෝ තමන්ගේ සටන පවත්වාගෙන යති.

සටන්, අරගල, උද්ඝෝෂණ, ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් සහිත රටවල්වලට ආවේණික සංසිද්ධීන්ය. එහෙත් එම සටන් සහ අරගලවලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ උරුමක්කරුවන් වන සාමාන්‍ය ජනයාට හිරිහැරයක් නොවිය යුතුය යන්න පොදු පිළිගැනීමය. අරගලයක දී හෝ උද්ඝෝෂණයක දී තමන්ගේ ආවේග පිට කළ හැකි නමුත් සමාජය පොදුවේ ඉන් පීඩාවට පත්වේ නම් අරගලයට දිගුකාලීන පැවැත්මක් නැත. අපට මෙම අදහස සිහිපත් වූයේ මේ දිනවල රටපුරා දක්නට ලැබෙන විවිධ අරගල, උද්ඝෝෂණ සහ විරෝධතාවලට සම්බන්ධව මැවෙන අමුතු පුවත් හේතුවෙනි.

අද රටේ සෑම තැනම විවිධ පෝලිම්ය. ඉන්ධන සහ ගෑස් ලබා ගැනීම පිණිස සෑදුණු පෝලිම් අගනුවර මෙන්ම සෑම ප්‍රධාන නගරයකම දැකගත හැක. මුල් කාලයේ මෙකී පෝලිම් විනයානුකූලව ක්‍රියාත්මක වන බවක් පෙනුණ ද දැන් දැන් ඉන්ධන හා ගෑස් පෝලිම්වලද අරගලකාරී වාතාවරණයක් හටගෙන තිබේ. ඉන්ධන හා ගෑස් පෝලිම්වල රැඳී සිටින ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යෑම එක් අතකින් යුක්ති සහගතය. ඔවුන් දින ගණන්, වරු ගණන් නොකා නොබී පෝලිම්වල රැඳී සිටියත් තමන්ට අවශ්‍ය ඉන්ධන ටික හෝ ගෑස් ටැංකිය නොලැබේ නම් ඒ අයගේ කෝපය මිශ්‍රිත ආවේග උත්සන්න වීම වැළැක්විය නොහැකිය.

එහෙත් පෝලිම්වල රැඳී සිටිනා ඇතැම් අයගේ හැසිරීම් රටා විසින් සාමාන්‍ය ජනයා  පීඩාවට පත් කෙරෙන සිදුවීම් වාර්තා වීම ඛේදයට කරුණකි. තමන්ට අවශ්‍ය ඉන්ධන සහ ගෑස් නොලැබීමෙන් කුපිතවන්නන් මහා මාර්ග වසා දමා හෝ වෙනත් ආකාරයකට මාර්ග අවහිර කර අරගල කිරීම මෝස්තරයක් බවට පත්ව ඇත. මේ දිනවල පැවැත්වෙන අපොස සා.පෙළ විභාගයට සහභාගි වන දරුවන්ගේ ගමන පවා වළක්වමින් මෙබඳු උද්ඝෝෂණ කරන තැනැත්තන්ගේ නොහික්මුණු චර්යාවන් පසුගිය දිනවල සමාජ මාධ්‍යයෙන් ද වාර්තා විය. එසේම අසරණ රෝගීන් රැගෙන යන ගිලන් රථ, සාමාන්‍ය මාර්ග ප්‍රවාහන බස් රථ, ඉන්ධන ප්‍රවාහන බවුසර, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන රථවාහනවලට පවා මඟ අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ හා අරගල විසින් තමන්ගේම පන්තියේ මිනිසුන්ට හිරිහැර කිරීම කොතරම් යුක්ති සහගතද? යන්න ප්‍රශ්න කරනු වටී. මෙහිදී අප දුටු තවත් සංවේදී ශෝචනීය සිද්ධියක් ද වේ. ඒ විවාහ මංගල්‍යයකින් පසුව මනාල යුවල ගමන් ගත් වාහනයක් මහරගමට ආසන්න නගරයක දී තෙල් උද්ඝෝෂකයන් විසින් ආපසු හරවා යැවීමයි.

මෙබඳු සිදුවීම් යුක්ති සහගතභාවය සහ සදාචාරය අතින් මෙන්ම නීතිමය අතින් ද වරදකි. මහා මාර්ගයක් දිගටම වසා තබා උද්ඝෝෂණ කරන්නට කිසිවකුට හිමිකමක් ඇතැයි අපි නොසිතමු. මහා මාර්ග රටේ සමස්ත ජනතාවටම අයත් පොදු දේපළකි. එම මාර්ග සාදා ඇත්තේ ජනතා බදු මුදලිනි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය අනුව තමන් කැමති තැනකට ගමන් බිමන් යාමට ඇති අයිතිය මූලික මානව හිමිකමක් ලෙස තහවුරු කර තිබේ. මානව හිමිකම් රකින්නටත්, ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නටත් උද්ඝෝෂණය කරනවා යැයි කියන අයට රටේ පොදු ජනයාට ගමන් බිමන් යාමට ඇති අයිතිය උදුරා ගන්නට කිසිදු ඉඩක් නැත.

මෙහිදී ආරක්ෂක අංශවලට පැවරෙන වගකීම ඉතා විශාලය. පසුගියදා ගාලු‍මුවදොර උද්ඝෝෂණයට පහර දුන් අවස්ථාවේ මෙන්ම ඉන් පසුව මැති ඇමැති නිවාස ගිනිබත් කිරීමේ සිදුවීම්වල දී විශේෂයෙන්ම පොලිසිය ක්‍රියා කළ ආකාරය දැඩි විවේචනයට ලක්ව තිබේ. ඒ ගැන දැන් අධිකරණ ගණනාවක ද පොලිස් අපරාධ විමර්ශන අංශවල ද පරීක්ෂණ ගණනාවක් ක්‍රියාත්මකය. එසේ තිබියදී තවමත් මහාමාර්ග වසා දමා මේ ආකාරයට ජනතාවට පීඩාවට පත්වන ලෙස උද්ඝෝෂණය කිරීම පාලනයට ආරක්ෂක අංශ ගන්නා උත්සාහය ඉතාම ඇල්මැරුණු ස්වභාවයේ එකක් බව පෙනේ. ඇතැම් ස්ථානවල පොලිස් නිලධරයන් ඉතා කාර්යක්ෂම හා ප්‍රශස්ත ලෙස එබඳු තත්ත්වයන් පාලනය කරතත් බොහෝ ස්ථානවල එවැන්නක් සිදු නොවේ. නීතිය අතට ගෙන බලපුළුවන්කාරකම් පෙන්වීම යුක්තිය හෝ සාධාරණය නොවේ. තමන්ගේ අත දිගු කළ හැකි නමුත් එය අනෙකාගේ නාසයේ වැදීමට ඉඩ දීම වරදක් යැයි ප්‍රකට කියමනක දැක්වෙන්නේ එබැවිනි.

එක් අතකින් ජනතාවට දරාගත නොහැකි ආර්ථික ප්‍රශ්නය. අනෙක් අතින් සමාජයේ සාමය බිඳ වැටෙමින් පවතී. නීතිය සහ විධානය ඉතා ශක්තිමත් පදනමක සිට ක්‍රියාත්මක කළ රටකට සිදුව ඇති විපත කුමක්දැයි පූර්ව නිගමනයකට එළඹිය නොහැකි තරම් තත්ත්වය ව්‍යාකූලය. ජනතාවට දේශපාලනඥයන් දිරවන්නේ නැති තැනට පත්වන්නේ තමන් මැතිසබයට පත් කළ මහජන නියෝජිතයන්ගේ අපේක්ෂිත යුතුකම් හා වගකීම් ඉටු නොවන නිසාය. 225ම එපා එපා යැයි ඔවුන් හඬ නගන්නේ එබැවිනි. මෙම බරපතළ ස්වභාවය ආණ්ඩුව කරවන බලධරයන් වටහා ගත යුතුය. ජනතාවගේ හිස ගිනිගෙන තිබේ. දැවෙන ප්‍රශ්න රාශියක් නිසා ආවේගයට පත්ව සිටින සමාජය සන්සුන් කළ යුත්තේ ඒ අයගේ ප්‍රශ්න විසඳීමෙනි. එසේ නොකරතොත් මෙම අර්බුදය තවත් මෝරා යනු ඇත. එහි ප්‍රතිවිපාක මෙයට වඩා සහාසික වන්නටද ඉඩ තිබේ.

(***)



අදහස් (1)

නීතිය අතට ගත් මහමග අරගලකරුවෝ

මංගල Friday, 27 May 2022 12:41 PM

ඔය බණ කියකියා ඉඳලා වැඩක් නැහැ.. පාරවල් වහන අයට දෙන්න ඕනෑ මඩුවලිග පාර... එතකොට තමයි ඔය කට්ටිය හැදෙන්නේ... රට සිංගප්පූරුවක් කරනවා කිව්වට එහෙ තියෙන වේවැල්, කසපාර මෙහෙට ගෙනාවේ නැහැනේ... ඒකයි මේ කකුල් දෙකේ ගොන්නු පාරවල් වහගෙන තප්පුලන්නේ...!

:       1       12

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 695 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 175 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19750 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 290 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site