IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නිරෝධායන නීති කඩන සමාජ විරෝධී අමනයෝ

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රාජගිරියේ නවාතැන්පොළක මත්පැන් සාදයක නිරත වෙමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු හත්දෙනකු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මුළු රටම හුදෙකලා කර තිබියදී ඒ සම්බන්ධයෙන් වගේ වගක් නැතිව මෙම මත්පැන් සාදය පැවැත්වූ පුද්ගලයන් අතර කිරිවත්තුඩුව අසංක නමැති පුද්ගලයා ද සිටින බවත් ඔහු අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු තුනක් ලැබ සිටින පුද්ගලයකු වන බවත් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. එම ප්‍රධාන සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් සහ මත්පැන් බෝතල් ගණනාවක් වූ බවත් ප්‍රවෘත්තියේ සඳහන්ය.

මෙබඳු මාරාන්තික ලෝක ව්‍යාප්ත වසංගතයකදී ආණ්ඩුවකට කළ හැකි වන්නේ එතැන් පටන් සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව රට මෙහෙයවීමය. මාරක වසංගතය මැඩලීමට කළමනාකරණ කටයුතු සංවිධාන කිරීමය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමය. රටට සාර්ථකත්වයට පත්විය හැකි වන්නේ රට හමුවේ ඇති බැරෑරුම් තත්ත්වය වඩාත් හොඳින් අවබෝධ කරගනිමින් එම උපදෙස්වලට අනුව සෑම පුරවැසියකුම ක්‍රියා කරන්නේ නම් පමණි. ආණ්ඩුවකට ජනතාවට පහසුකම් සැපැයිය හැකි වුව ද මොළය ලබාදිය නොහැක. එය තම තම නැණ පමණින් දැනගත යුත්තකි.

ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සඳුදා පෙරවරු 4 දක්වා සංචරණ නීතිය බලගන්වනු ලැබුවේ අලුත් අවුරුදු කොරෝනා පොකුර සිතිවිලිවලට වඩා වේගයෙන් ප්‍රසාරණය වූ හෙයිනි. කොරෝනා ආසාදිත මරණ කණස්සල්ල භීතිය දනවමින් වේගයෙන් ඉහළ යාම හේතුවෙනි. එම තත්ත්වය පාලනය කිරීමට කුමක් හෝ කළ යුතු ‘බැරිම තැන හන්දියකට’ රට පැමිනුණි. සංචරණ නීතිය ආදේශ වූයේ ඒ අනුවය. මංචාඩි කාලක් හෝ මොළයක් සහිත පුරවැසියකු වේ නම් වහාම එම තත්ත්වය තේරුම් ගෙන ඒ අනුව තම හැසිරීම් පාලනය කරගනු ලබයි. එහෙත් වරෙන්තු තුනක් සහිත අපරාධකරුවකු බව කියන පුද්ගලයා සිදු කර තිබෙන්නේ කාන්තාවන් හා පිරිමින් ඒකරාශි කරගනිමින් මත්පැන් හා මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වීමය.

බෞද්ධයාගේ පරම පූජනීය දිනය වන්නේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය වේ. ඉතිහාසයක් පුරාම මෙරට බොදුනු නොබොදුනු ජනයා වෙසක් උළෙල අතිඋත්කර්ෂවත් ලෙස සමරති. එහෙත් ත්‍රෛනිකායික මහනාහිමිවරු නිවේදනයක් නිකුත් කරමින් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ දී විහාරස්ථාන හා ඉන් පිටත ස්ථානවල ජනතාව ඒකරාශි වන දාන, ශීල, භාවනා ආදී පින්කම්, වෙසක් තොරණ ආදිය සංවිධාන නොකර සෞඛ්‍ය නිර්දේශ අනුව තම තමන්ගේ නිවෙස්වලම රැඳී සිටිමින් ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

අන්තවාදී උම්මත්තකයකු වන සහරාන් නිසා 2019 වෙසක් මංගල්‍යය අපට අහිමිව ගියේය. කොරෝනා මාරාන්තික වයිරසය නිසා 2020 වෙසක් මංගල්‍යය අපට අහිමිව ගියේය. මෙවර ද එය සිදුව තිබේ. රට තුළ පවතින බැරෑරුම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සම සිතින් මේ සියල්ල උපේක්ෂාවෙන් දරා ඉවසා සිටිය යුතු වේ.

අතිගරු මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ඉල්ලීම අතිශයින්ම වැදගත්ය. වසන්තයෙන් පසුව වසංගතය පැමිණෙන බව නොදැනුණු අවිචාරවත් සුළුතරයක් නිසා රට තුළ කොරෝනා තුන්වැනි රැල්ල ඇරැඹුණි. මෙවර රට ආක්‍රමණය කර තිබෙන්නේ මෙතෙක් මෙරටට පැමිණි පන්නයේ කොරෝනා වයිරසයක් නොව ඊට වඩා භයානක විකෘති ප්‍රබේදයක් බව සෞඛ්‍ය විශේෂඥයෝ පුන පුනා කීහ. එම තුන්වැනි රැල්ලේදී කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඉහළ යාමෙන්ම ඒ බව මනාව ඔප්පු වේ. එහෙත් තම තමන්ගේ මනස්වල දිග පළලට අනුව පමණක් සිතන මතන තීන්දු තීරණ ගන්නා සාමූහික විචාර බුද්ධියෙන් පිරිහුණු පිරිස ඒ අනතුරු ඇඟවීම නොතැකූහ. අද මේ අනතුර එහි ප්‍රතිඵලය විනා අන් යමක් නොවේ.

‘ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැක’ එය ඒකාන්ත සත්‍යයකි. එහෙත් වැරැදි නිවැරැදි කරගැනීමේ ඉඩකඩක් ද වේ. එම ඉඩකඩ නිසි පරිදි ප්‍රයෝජනයට ගන්නේ නම් මේ සැහැසි ග්‍රහණයෙන් මිදීමට එය හේතුවකි. එළැඹ ඇති පැය වෙන් කළ යුතු වන්නේ ඒ වෙනුවෙනි.

වෙසක් මංගල්‍යය නිවෙස් තුළම රැඳී සිට සමරන්නැයි අතිගරු මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් සිදු කරනු ලැබ ඇති ඉල්ලීම නමස්කාර පූර්වකව පිළිගැනීම බෞද්ධයන්ගේ වගකීමය. මෙවර වෙසක් උළෙල සකල ජනී ජනයාගේ ජීවත් වීමේ උරුමය වෙනුවෙන් කැප කරන්නේ නම් මෙතැන් සිට එළැඹෙන සෑම වෙසක් මංගල්‍යයක්ම උත්කර්ෂවත් ලෙස සැමරීමේ අවස්ථාව අපට හිමිවනු නියතය.


(***)



අදහස් (0)

නිරෝධායන නීති කඩන සමාජ විරෝධී අමනයෝ

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 694 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 173 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17748 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site