‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ, ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීත අධ්‍යක්ෂණය කළ ‘ඇඩ්‍රස් නෑ’ ගීතය වෙනත් වාණිජ කටයුත්තක් සඳහා යොදාගැනීම කලා ලෝකයේත් විද්වත් සංවාද මණ්ඩලවලත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. අදාළ චෝදනාව එල්ලවන්නේ මෙරට සිටින ජනප්‍රිය කලාකරුවන් දෙදෙනකු වන භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන්ටය. ‘ඇඩ්‍රස් නෑ’ ගීතය වෙනත් වාණිජමය කටයුත්තක් සඳහා යොදාගෙන තිබෙන්නේ ඔවුන්ගේ ආයතනයකින් වීම එම චෝදනාවට පදනම වේ.
“නිර්මාණ සොරකම” කලා ලෝකයේ බොහෝ සරුසාරව සිදුවන්නක් බවට චෝදනාවකි. ඒ සම්බන්ධ සාධක කලා ලෝකයේ ඕනෑ තරම් තිබේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කෘති මුද්‍රණය කර විකිණීම සම්බන්ධ අධිකරණ කටයුත්තක් තවමත් සිදුවෙමින් පවතී. චිරාත් කාලයක් පුරා සිදුවන මෙම නිර්මාණ කොල්ලයට එරෙහිව ප්‍රබල සමාජ මතවාදයක් මෙන්ම ක්‍රියාකාරීත්වයක් ද පෙරට ගත යුතුව තිබේ.
“නිර්මාණයක්” යන්නට දිය හැකි සරල අර්ථ විවරණයක් වන්නේ “මැනිය නොහැකිය” යන්නය. නිර්මාණයක ඇති සුවිශේෂත්වය වන්නේද එයය. නිර්මාණකරුවකුට එම නිර්මාණය තම ලෙයින් උපන් දරුවකු සදිසිය. එහෙයින් එහි ශුද්ධ වූ අයිතිය එම නිර්මාණකරුවාටමය. නිර්මාණයේ මූලික අරමුණෙන් බැහැර වූ වෙනත් කටයුත්තකට යම් නිර්මාණයක් යොදා ගන්නේ නම් ඒ සඳහා නිර්මාණකරුවාගේ පූර්ණ අවසරය තිබිය යුතුය. එබඳු අවසරයකින් තොරව එම කටයුත්ත සිදුවන්නේ නම් එය නිර්මාණ කොල්ලයකි.
නිර්මාණ කොල්ලය වැළැක්වීම සඳහා බුද්ධිමය දේපළ පනතක් ද තිබේ. එමඟින් නිර්මාණකරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරේ. එහෙත් නිර්මාණ සොරකම නීතියෙන් පමණක් වැළැක්වීමට උත්සාහ දැරීම අනුචිතය. මන්දයත් එහි තිබෙන්නේ සදාචාරාත්මක ප්‍රශ්නයක් වන හෙයිනි.
අනුන්ගේ නිර්මාණයක් තමන්ගේ නිර්මාණයක් ලෙස දැක්වීම, අනුන්ගේ නිර්මාණවලින් කොටස් උපුටා ගැනීම මෙන්ම නිර්මාණකරුවා අපේක්ෂා නොකළ ඉසව්වකින් එම නිර්මාණයට තමන්ට අවශ්‍ය පරිදි අර්ථකථන දැක්වීම, මේ සියල්ලෙන්ම තමන්ගේ මඩිය තර කර ගැනීම වූ කලී සදාචාරාත්මක ප්‍රශ්නයකි. කලාකරුවා සදාචාරවාදී විය යුතුය. ඔහු සතු බලය යනු සදාචාර බලය විනා අන් යමක් නොවේ. එම සදාචාර බලය ගොඩනගාගත හැකි වන්නේ ප්‍රතිපත්තිගරුක කලාකරුවාටය. නිර්මාණය ගඟක් නම් එයට රැකවරණය සපයන ඉවුරු වන්නේ සදාචාරය හා ප්‍රතිපත්තිය වේ.
‘ඇඩ්‍රස් නෑ’ ගීතය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන මෙම අර්බුදය සම්බන්ධයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අප පුවත්පතට කර තිබූ ප්‍රකාශයක් මෙසේය.
“අපි ජැක්සන් ඇන්තනීගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයට නාමාවලි ගීතයක් කළා. ඒ ගීතයේ නමත් ‘ඇඩ්‍රස් නෑ’. ඒ ගීතය ගායනා කළේ ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ පුතා. සංගීතවත් කළේ රෝහණ වීරසිංහ. මෑත කාලයේ දවසක රෝහණ යූටියුබ් එක බලනකොට එහි වෙළෙඳ දැන්වීමක අපේ ‘ඇඩ්‍රස් නෑ’ ගීතය තිබෙනවා දැකලා. එය අලුත් තරුණයෙක් ගායනා කරනවා. පස්සේ අපි මෙය සොයා බැලුවා. මෙය සමාගමක් කර තිබෙන්නේ. ඒ සමාගම අයිති භාතිය - සන්තුෂ් දෙදෙනාට.”
මෙම චෝදනාව සම්බන්ධයෙන් භාතිය හා සන්තුෂ් යන දෙදෙනා පවසන්නේ තමන්ගේ ආයතනයට තවත් පෞද්ගලික ආයතනයක් ලබාදුන් විවිධ ගීත ආධුනිකයන් විසින් ප්‍රතිනිර්මාණ කර ගායනා කරන වැඩසටහනක් හේතුවෙන් මෙම ගැටලුව පැන නැගී ඇති බවය.
කරුණු කාරණා කෙසේ වෙතත් මෙරට කලාකරුවන්ට අත්වන අසාධාරණකම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු විය යුතුය. එක් ජනප්‍රිය නිළියක මියගිය පසු ඇයගේ දියණිය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ තම මවට සෑහෙන කලක සිට පිළිකා රෝගය වැළඳී තිබූ බවත් චිත්‍රපටවල රඟපෑමට අවස්ථා අහිමි වේවි යැයි බිය නිසා එය කිසිවකුට ප්‍රකාශ නොකළ බවත්ය. මෙරට කලාකරුවන්ගෙන් සාතිශය බහුතරයකගේ ඉරණම එපරිදිය. බොහෝ කලාකරුවන්ට එකඟ වූ දීමනා ලැබෙන්නේ ද නැත. අවසානයේදී මහලු නිවාසයක කාත් කවුරුවත් නැති අසරණයකු ලෙස මිය යාමේ ඉරණම බාරගත යුතුව ඇත.
නිර්මාණ කොල්ලයද කලාකරුවාගේ ඉරණම තීන්දු කරන්නක් බවට පත්ව තිබීම ඛේදජනකය. යම් නිර්මාණයක් උපුටා ගන්නේ නම් එය උපුටා ගැනීමක් බව රසික සහෘද ජනයාට ඒත්තු යා යුතුය. එය එසේ නොවන්නේ නම් එය බරපතළ හොරකමකි. එබඳු හොරකම් මින් ඉදිරියට සිදු නොවන පරිදි නීතිමය රාමුව කිසිවකුටත් රිංගිය නොහැකි පරිදි ප්‍රතිනිර්මාණය විය යුතුය. එසේම සදාචාර විරෝධී හා ප්‍රතිපත්තිගරුක නොවන ක්‍රියාවලින් ඈත්වීමේ වගකීම සෑම නිර්මාණකරුවකුටම එයට හිමි නිසි අර්ථයෙන්ම හඳුන්වා දිය යුතුය.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිර්මාණ කොපි කිරීමේ කලාකරුවන්ගේ කලාව
කනිෂ්ක Wednesday, 03 March 2021 06:10 AM
නිර්මාණ සොරකම ගැන අදහසක් ලිවීමට අවසර දෙන්න. සනත් නන්දසිරි මහතා ගයන 'ඈත එපිට ගම්මානෙන්' ගීතය මා සිත්ගත් ගීත වලින් එකකි. එය ස්වතන්ත්‍ර නිර්මාණයක් ද වේ. අද උදෑසන එක්තරා ගුවන් විදුලියකින් එම ගීතයට හාස්‍ය දෙන වචන යොදා එක්තරා විකට ශිල්පියෙක් පිළිකුල් ලෙස එම සුන්දර ගීතය අපහරණය කළා. හරිම දුකයි ඒ ගැන. මෙය දිනපතා සිදු වෙන්නක්... එහෙත් අඩුම තරමින් සුබස නිසි ලෙසින් හැසිරීමට වත් මොවුන් ආදර්ශමත් විය යුතුයි. රසිකයා වෙනුවෙන්වත් ගායන ශිල්පීන් මේවාට විරුද්ධ නොවන්නේ ඔවුන් අසරණ වී ඇති නිසා විය යුතුයි.
පිටිගල මිලානෝ Wednesday, 03 March 2021 06:50 AM
සිංදු බොහෝමයක්ම මංකොල්ල කාපු නිර්මාණ තමයි.
Roshan Wednesday, 03 March 2021 07:03 AM
භාතිය, සන්තුෂ් කියන්නේ කලාකරුවන් දෙන්නෙක් නෙමෙයි. කළමනාකරුවන් දෙන්නෙක්...
Donald Wednesday, 03 March 2021 07:40 AM
භාතිය, සන්තුශ් සිංදුව හොරකං කරා හෝ නොකරා, ඔවුන්ට ඒ පිළිබඳව චෝදනාවක් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට තියන ඉඩකඩ අඩුයි. එකක් තමයි ඔවුන්ගේ වටේ සිටින අති විශාල රසික පිරිස ඇත්තෙන්ම සුනිල් ආරියරත්න වැනි සම්භාව්‍ය ගණයේ පුද්ගලයෙකුට වඩා වැඩියි. අනික් එක මේ Loyalty එක නිසා භාතිය ලාගේ රසිකයින් මේවා පිලිගන්නෙත් නෑ. මොකද ලංකාවේ Copyright Violations කියන එක ලොකු දෙයක් හැටියට කවුරුත් සලකන්නේ නෑ. භාතිය ලා අනිවාර්යෙන්ම මුදල් හෝ දේශපාලන බලයෙන් මේක විසඳගනියි. නමුත් මේකෙන් නිර්මාණ මංකොල්ලයට විසඳුමක් ලැබෙන්නේ නෑ. කලාකරුවන්ගේ ඉරණම ගැන කියලා තියන කතාව ඇත්ත. මේ නිසයි මේ බොහෝ කලාකරුවන් එක් මූල්‍යමය වාසි බොහෝ ඇති දේශපාලන කඳවුරක් වටා රොක් වී සිටින්නෙත්... ස්ටේජ් එකක කතා කරත් පන් හයදාහක් හොයන්න පුලුවන්...
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 March 2021 08:00 AM
මේ ගායකයන් දෙදෙනාට සිංහල සංගීතයට විශාල සේවයක් කළහැකිව තිබුණා. ඒත්, ඒ මාර්ගය ඔවුන්ට හරිහැටි අවබෝධ කරගැනීමට නොහැකි වුණා. ඔවුන් කලයුතුව තිබුණේ සින්දු නොකියා ඉන්න. අන්න එහෙම වුණා නම්, නිකන් පස්ස කඩාගත්ත කඩියා වගේ, ඔහේ මෙලෝ රහක් නැතිව දඟලන පඟරනැට්ටන් වගේ අයව දකින්න ලැබෙන්නේ නැහැ. මේ අය සින්දු කීම නොකොට හිටියා නම්, ඒ කරදර එකක්වත් නැහැ. අපගේ අවාසනාවට ඒ සේවය ඔවුන්ට කරන්න බැරිවුණා. ආයේ තියෙන්නෙත්, මහා උත්කෘෂ්ඨ ගීත... ආයේ සුභාවිත රසයෙන් පරිපූර්ණයයි. කියලා වැඩක්ම නැහැ.
විපරමා Wednesday, 03 March 2021 08:09 AM
මේ දෙන්නා හොඳ වෙළෙන්දෝ දෙන්නෙක්...
කපුරුහාමි Wednesday, 03 March 2021 08:17 AM
භාතිය, සන්‍තුෂ් දෙන්නාගේත් ඇඩ්‍රස් නැති වෙයි වගේ... දැන් ඉන්න වැඩි හරියක් කොපිකැට් කාරයින් තමයි.
Nuwan Wednesday, 03 March 2021 08:21 AM
අර ගොඩබිම කපලා හම්බන්තොට හදපු වරායේ මහා උත්සවයක් තිබුණා. කෝටි ගණන් වියදම් කරලා ඒකට මෙලෝ වැඩක් නැති සිංදුවක් හැදුවෙත් මේ ඩබල තමයි. ඔයවගේ ගෙවීම් කොහොමද වුණේ කියලා හෙව්වොත් හොඳයි.
අසන්තොස් Wednesday, 03 March 2021 09:42 AM
ඒ වැඩේට ඔය දැන් ගහ බැන ගන්න කවුරු කවුරුත් එකතු වුණා නේද? ඒ කාලේ ඔය වගේ විච්චූරන වලින් හොඳට හරි හම්බ කරගත්තු "කලාකාරයින්" තමයි දැන් ඇණකොටා ගන්නේ...
NuwanWednesday, 03 March 2021 10:29 AM
ඔව් හැමෝම එකයි..!!! රටේ සල්ලි තමයි කෑවේ..!!!
Chinthaka Wednesday, 03 March 2021 10:34 AM
මේ අය පමණක් නොවේ. දැන් ඉන්න විලාපකාරයෝ පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත මෙන්ම වෙනත් ප්‍රවීණයන්ගේ ගීත අමුඅමුවේම නාලිකා වල ගායනය කරනවා හරිම විකෘති විදිහට.. සේරටම කලින් මෙවැනි දේ ප්‍රචාරය කරන එෆ්.එම් නාලිකා තහනම් කළ යුතුයි.
takuta Wednesday, 03 March 2021 04:36 PM
ලංකාවේ ජෝතිපාල මයා ගායනා කළ බොහෝ සින්දු හින්දි තනු කොපි කළ ඒවායි. ඉන්දියාවේ නිර්මාපකයන් ඔහුව උසාවි ගෙනිච්චානන් තාම දඩ ගෙවනවා. නව පරපුරේ රියැලිටි වලින් එළියට එන බොහෝඅය ඉන්දියාවේ තනු එහි ගුවන් විදුලියෙන් විකාශය වීමට කලින් සිංහල වචන දාලා මෙහෙ ගුවන්විදුලිවල අඬමින් මොර දෙනවා. තව කලාකාර යන නාමයත් ගහගෙන. මුළු ලාංකීය සංගීතයම ඉන්දියානු රාගධාරී සංගීතයෙන් ගොඩනැගුන සංගීතයක්. අපට මහා සම්ප්‍රදායක් නැත. ඉතින් අප ඉන්නේ අපේ සංගීතයක් ගැන කතා කරකර අනෙකුත් සංගීත සම්ප්‍රදාය වලින් පෝෂණය වූ සහ බොහොමත් කොපි තුළ කොපි කරන සමාජයක. කොටින්ම කොපි පප්පලා. දැන් එහෙම නෑ වගේ නිකන් පුප්පනවා.
Perera Wednesday, 03 March 2021 06:15 PM
කළාකරුවෝ විතරක් නොවේ. සුපිරි කලාකරුවෝ වෙන්න දඟලන ‘‘තරු‘‘ කියලා හිතන් ඉන්න අනුන්ගේ සින්දු කිය කියා කරකෙන ග්‍රහලෝක තමයි ඉන්නේ..