IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නිරවුල් නොවන ආණ්ඩුවේ අවුල්

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කෙරෙන බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව රාජ්‍ය නායකයා, අමාත්‍ය  මණ්ඩලය හා පාර්ලිමේන්තුව ආණ්ඩුව ලෙස සැලකේ. මෙලෙස සංවිධානය වන ආණ්ඩුවක පැවැත්මට බලපාන ප්‍රධාන සාධකය සාමූහික වගකීම සහ පොදු ප්‍රතිපත්තියක් අනුව ක්‍රියා කිරීමයි.

එහෙත් වත්මන් ආණ්ඩුව දෙස විමසුම් ඇසින් බලන විට ආණ්ඩුවක තිබිය යුතු මෙම සාමූහිකත්වය අපේක්ෂිත අයුරින් නොපවත්නා බව පසක් වෙමින් තිබේ. ආණ්ඩුව ගනු ලබන තීන්දු තීරණවලට එරෙහිව ආණ්ඩුවේම හවුල්කාර පක්ෂ නියෝජනය කරන මැති ඇමැතිවරු එළිපිට මත දක්වති. ඉන් නොනැවතී ආණ්ඩුවේ තීරණවලට එරෙහිව කැබිනට්ටුව නියෝජනය කරන අමාත්‍යවරුම නඩු පවරති. මේ ගැන ඔවුන්ගෙන් විමසූ කල පවසන්නේ නිරෝගී ආණ්ඩුවක දේශපාලන මත ගැටුම් ස්වාභාවික බවත් එය ආණ්ඩුවේ පැවැත්මට උපකාරී වන බවත්ය. එහෙත් ඔවුන්ගේ මෙම තර්කය ජනතාවට නම් පෙනෙන්නේ විහිළුවක් ලෙසය. ඒ මීට පෙර කිසිම අවස්ථාවක ආණ්ඩුවේ ඇමැතිවරුන් ආණ්ඩුවට එරෙහිව නඩු පැවරූ අවස්ථාවක් මෑත ඉතිහාසයේ සටහන් නොවන බැවිනි. ආණ්ඩුව කිසියම් විදේශ ආයෝජනයක් කැඳවූ විට එය රට විකිණීමක් ලෙස ආණ්ඩුවේම ඇමැතිවරු මහජන රැස්වීම් තබා ප්‍රකාශ කරති. මෙය දූෂිත ගනුදෙනුවක් යැයිද කියති. මේ ආකාරයට සිදුවන දේශපාලන හැලහැප්පීම් නිසා ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යය ආරක්ෂා වන්නේ කෙසේද යන්න ඔවුන්ගේ මෙම ක්‍රමෝපා ගැන නොතේරෙන ජනතාවට නම් ප්‍රශ්නයකි.

හවුල් ආණ්ඩු තිබෙන විට මත ගැටුම් ඇතිවිය හැකිය. ඒ ඒ පක්ෂවලට විවිධ මත තබාගැනීමටද අයිතිය තිබේ. ඔවුන් ඒ සියල්ල රතු ඉර නොපනින සීමාවේ රඳවා ගන්නට පරෙස්සම් විය යුතුය. විශේෂයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ හරය වන සාමූහික වගකීම යම් අමාත්‍යවරයකු උල්ලංඝනය කරන්නේ නම් එය යුක්ති සහගත නොවේ. අමාත්‍යවරුන් එලෙස ක්‍රියා කරන විට සාමාන්‍ය මන්ත්‍රීවරුද එය ආදර්ශයට ගනිති. එහෙත් ආණ්ඩුව පාලනය කරන ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ නායක කාරකාදීන්ටද මෙම තත්ත්වය නිවැරැදි කිරීමේ වගකීමක් ඇත. මෙරට මෑත අතීතයේ මෙලෙස සාමූහික වගකීම කඩකිරීම නිසා අමාත්‍යවරුන් ගණනාවකට තනතුරු අහිමි වූ අවස්ථාද තිබේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ එම්.ඩී.එච්. ජයවර්ධන, සිරිල් මැතිව්, රොනී ද මැල් ආදී ඇමැතින් ගණනාවක් රජයෙන් ඉවත් කළේ සාමූහික වගකීම හා විනය උල්ලංඝනය කිරීම නිසාය. ප්‍රේමදාස රජය සමයේ ලලිත් ඇතුළත්මුදලි හා ජී.එම්. ප්‍රේමචන්ද්‍ර  යන අමාත්‍යවරුන්ගේ ඇමැතිකම පමණක් නොව මන්ත්‍රී ධූරයද අහෝසි කළේ දෝෂාභියෝගයට විපක්ෂවීමට කැබිනට්ටුවේදී එකඟ වී පසුව දෝෂාභියෝගයට පක්ෂව ක්‍රියා කිරීම නිසාය.

ආණ්ඩුව පමණක් නොව නිවසක වුවද යහපැවැත්මට බලපාන ප්‍රධාන සාධකය වන්නේ විනයයි. මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් මේ විනයේ වගකීම ඉහළින්ම බලපවත්වයි. රජයේ යම් තීන්දුවකට හෝ මතයකට විරුද්ධ නම් එය ආණ්ඩුව තුළ විවේචනය කරනවා විනා දේශපාලන රඟ මඬලට විත් ආණ්ඩුව විවේචනය කිරීම සාධාරණද යන්න ප්‍රශ්නයකි. සමහර විට දේශපාලනඥයන් ඊළඟ මැතිවරණයේදී වැඩි මනාප ලබාගන්නට රට වෙනුවෙන් හඬ නගනවා යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට මෙලෙස ක්‍රියා කරනවා වන්නට පිළිවන. එය ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂ සාධනය සඳහා කරන්නක් මිස රටේ යහපැවැත්ම උදෙසා බලපාන්නක් නොවේ.

මේ වන විට රටේ පොදු ජනතාවට බලපාන ප්‍රශ්න රාශියකි. අධික ණය බර, ගෑස් සම්බන්ධයෙන් හටගෙන තිබෙන අර්බුදය, පොහොර ප්‍රශ්නය, දරාගත නොහැකි ජීවන වියදම, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය  ද්‍රව්‍ය හිඟය, කොරෝනා වසංගතය මෙම ප්‍රශ්න පත්‍රයේ ඉහළ ප්‍රමුඛතාවක් සටහන් කරයි. එහෙත් ඒවා පසෙක තිබියදී දැන් ආණ්ඩුවේ අභ්‍යන්තර අවුල් වියවුල් කළමනාකරණය නොකර ඒවාද අර්බුද බවට පත්වන්නට ඉඩ දී තිබෙන සැටියක් දක්නට ලැබේ. ජනතා ප්‍රශ්න සැබවින්ම හඳුනාගෙන ඒවාට සංවේදීව ප්‍රතිචාර දැක්විය යුතු මොහොතක වත්මන් රජය ඒ සඳහා සාමූහික කැපවීමක් කරන්නේද යන්න මුළු මහත් සමාජයම නගන ප්‍රශ්නයයි. වත්මන් ජනාධිපතිවරයාට පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 69ක ජනතාවක් මනාපය පළ කළහ. ආණ්ඩුවට මැතිසබයේ තුනෙන් දෙකක බලයක් හිමිකර දුන්නේය. එහෙත් එසේ වූවාය කියා යමෙකුට හිතූ මනාපයට අත්තනෝමතික ලෙස ක්‍රියා කරන්නට මෙම ක්‍රමය තුළ අවකාශ නැත. විශේෂයෙන්ම ආණ්ඩුවේ ඉහළ සහ පහළ ස්ථර අතර තිබිය යුතු අනවරත සම්බන්ධය බෙහෙවින් දුර්වල අඩියකට පත්ව ඇතිව බව දිනෙන් දින අසන්නට දකින්නට ලැබෙන පුවත්වලින් ගම්‍ය වේ.

එසේම ජන මතයට කන්දීම අතින්ද ආණ්ඩුවේ දුර්වලතාව කැපී පෙනේ. විශේෂයෙන්ම රසායනික පොහොර ප්‍රශ්නයේදීද ජනමතය නොතකා ආණ්ඩුව හිතන දේම කරන්නට යාමෙන් අනාගතයේ සාගතයක් පවා හටගනු ඇතැයි මුදල් අමාත්‍යවරයාම වරක් පවසා තිබුණි. ඒ නිසා දැන්වත් ආණ්ඩුව යථාර්ථය තේරුම් ගත යුතුය. ජනතාවගේ සැබෑ ප්‍රශ්න කෙරෙහි සංවේදීවීම අත්‍යවශ්‍ය කරුණකි. මෙය රාජ්‍ය  නායකත්වයේ සිට පහළටම පැවතිය යුතු තත්ත්වයකි. එසේම ආණ්ඩුවේ විනය ආරක්ෂා කරගෙන ඉදිරියට යාම ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ වගකීමය. එසේ නොකළොත් ආණ්ඩුව මෙන්ම රටද ඉබාගාතේ යන තත්ත්වයකට පත්වීම ‘වයිමාටවත්’ වැළැක්විය නොහැකි වනු ඇත. එම නිසා ආණ්ඩු කරන්නට තිබෙන ඉදිරි වසර තුනක කාලය සලකා 2022 සිට හෝ ජනතා ප්‍රශ්නවලට සංවේදී වන විනයගරුක ආණ්ඩුවක් ක්‍රියාත්මක වනු දැක්ම පොදුජන අපේක්ෂාව බව සටහන් කරමු.

(***)



අදහස් (0)

නිරවුල් නොවන ආණ්ඩුවේ අවුල්

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 695 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 173 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18732 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site