ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණදෙන ආර්ථික අර්බුදය ගැන අර්ථකථන රාශියකි. මේ අර්ථකථන සහ වාද විවාදවලින් හෙම්බත් වූ සමාජය තුළ දක්නට ලැබෙන්නේ ද ව්‍යාකූල බවකි. පවත්නා අර්බුදය හටගත්තේ අසවල් අසවල් ආණ්ඩු අසවල් තීරණ ගැනීම නිසා යැයි නැගෙන චෝදනා සහ ප්‍රති චෝදනා කොතරම් බරසාර වුවද ඒ එකක්වත් ප්‍රශ්නයට විසඳුමක් නොවේ. ගමේ භාෂාවෙන් කියතොත් ඒ සියල්ල පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් හා සමානය.
ජනතාවට අවශ්‍ය තමන්ට උසුලා සිටිය නොහැකි දරාගත නොහැකි ජීවන බර සැහැල්ලු කර ගන්නටයි. එසේම තමන් අත ඇති සොච්චම හෝ ගෙවා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමේ පහසුකමයි. ඉතිහාසයේ පළමුවරට ගෑස් සමාගමේ සභාපතිවරයා දර භාවිත කරන ලෙසට ජනතාවට උපදෙස් දෙන රටකි, මේ. එබැවින් අප කවුරුත් උගුරට හොරා බෙහෙත් කන්නේ නැතිව සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමට උත්සුක විය යුතුය. අද අප රටේ පවත්නා බොහෝ ජීවන ප්‍රශ්නවලට හේතුව විදේශ විනිමය හෙවත් ඩොලර් හිඟයයි. එසේම ඩොලරය හමුවේ රුපියල ශීඝ්‍රයෙන් කඩා වැටීමෙන් පවත්නා ආර්ථික අර්බුදය තවත් තීව්‍ර විය.
මෙම ඩොලර් අර්බුදයට බලපාන හේතු රාශියක් තිබුණද ආණ්ඩුව මේ තරම් ආර්ථික අගාධයක ගිලී ගියේ රජයට දරාගන්නට බැරි තරම් පාඩු ලබන රාජ්‍ය ආයතන රැසක් නඩත්තු කරන්නට යාම හේතුවෙනි. සුබසාධන රාජ්‍යයක් ලෙස ජනතාවට සහන සැලසීම පිණිස රජය මෙම ආයතනවලට අදාළ පාඩුව භාරගන්නා නමුත් ව්‍යාපාරික වශයෙන් දියුණු කළ හැකි ආයතන පවා අද විශාල පාඩුවකට නතුව තිබීම අවාසනාවකි. ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙලෙස පාඩු ලබන සුදු අලි මට්ටමේ ප්‍රධානම රාජ්‍ය සමාගම්ය. මෙයින් ඛනිජ තෙල් සංස්ථාව පමණක් 2021/ 2022 මුදල් වර්ෂය තුළ රුපියල් බිලියන 82 ක් පාඩු ලබා ඇතැයි නවතම මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. විදුලිබල මණ්ඩලයේ දළ පාඩුව රුපියල් බිලියන 80 ක් පමණය. ශ්‍රී ලංකන් සමාගමේ වාර්ෂික පාඩුව රුපියල් බිලියන 30 ක් පමණය. එහෙත් ඔවුන් මෙහෙයුම් අංශයෙන් ඉතා සුළු ලාභයක් මෙවර ලබා ඇතැයි ද සඳහන්ය.
මෙලෙස අලාභ ලබන ආයතන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ ව්‍යාපාර සමාගම්ය. ඒවා “බිස්නස්” කර පාඩු ලබන්නේ ජනතාවට අඩු මිලට භාණ්ඩ හා සේවා සැපයුම නිසා බව එකී ආයතන කියයි. අලාභ අවම කිරීම සහ මිල සූත්‍ර ගැන එම ආයතන දැන් මොනවා කීවත් තවමත් මෙකී ආයතන මහ ආණ්ඩුවට පාඩු කරන්නේ ඩොලර්වලිනි. එම නිසා අදාළ ආයතන වැටී ඇති අගාධයෙන් ගොඩගන්නවා නම් කිසියම් පරිපාලන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යය. විදේශීය ආයෝජන හවුල් කරගෙන හෝ අවශ්‍ය ප්‍රගතිය ලබාගැනීමට යුතුකමක් තිබේ. මෙයට හොඳම උදාහරණය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයයි. කලින් විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ලෙසටත් පසුව ටෙලිකොම් සංස්ථාගත සමාගම ලෙසටත් ක්‍රියාත්මක වූ රාජ්‍ය ආයතනය ජපාන ආයෝජකයකුගේද හවුල්කාරිත්වයෙන් කලකට පෙර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලෙස ප්‍රතිව්‍යුහගත කෙරිණි. ඒ නිසාම මෙම කටයුත්ත සිදුවෙද්දී වෘත්තීය සමිති ඇතුළු බොහෝ දෙනාගේ යම් විරෝධයක් තිබිණි. එහෙත් යහපත් දැනුවත් කිරීම් නිසා විශාල අරගලයකින් තොරව එම ප්‍රතිව්‍යුහගතකරණය සමාප්ත කර ගන්නට හැකි විය. එහි ප්‍රතිඵලය වූයේ අදාළ ආයතනයේ සේවය වඩාත් කාර්යක්ෂම හා ප්‍රශස්ත තත්ත්වයට පත්වීමයි. කලින් විදුලි සංදේශ දෙපාර්තමේන්තු යුගයේ ගෘහස්ත දුරකතනයක් ලබාගන්නට පාරිභෝගිකයකු වසර ගණනක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතු වුවත් නව ටෙලිකොම් සමාගම යටතේ දින කිහිපයකින් ගෘහස්ත දුරකතනයක් පාරිභෝගික අවශ්‍යතාව අනුව සපයාගත හැකි තත්ත්වයට එහි සේවය කාර්යක්ෂම විය. එසේම රජය විසින් විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන්නට දැරූ වැය බර අදාළ සමාගමටම පැවැරුණි. මෙරට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයේ සාර්ථකත්වය පිළිබඳ හොඳම උදාහරණය ටෙලිකොම් ප්‍රතිව්‍යුහගතකරණයයි. එවන් ආදර්ශ තිබියදී දැන් පාඩු පිට පවත්වාගෙන යන අත්‍යවශ්‍ය මහජන සේවා සපයන ආයතන වුවත් රජයට බහුතර කොටස් හිමිකම සහිතව ප්‍රතිව්‍යුහගත කොට පෞද්ගලික ආයෝජන ලබාගැනීම වරදක් ලෙස නොපෙනේ. එබඳු මෙහෙවරක් ආයතනය වික්කා හෝ රට වික්කා කියමින් දේශපාලන වශයෙන් ලඝු කරන්නට නොයෑම වගකිවයුතු දේශපාලන භවතුන්ගේ යුතුකමකි.
මෙවැනි ප්‍රායෝගික විසඳුමකට නොගොස් තවදුරටත් මේ ආයතනවල වැය බර රජය දරා සිටින්නට ගියහොත් සිදුවන්නේ දැන් අප මුහුණදෙන ඩොලර් අර්බුදය වැනි තවත් ආර්ථික සුනාමියකට හසුවීමය. එසේ වුවද රජය මහජන සුබසාධනය උදෙසා පවත්වාගෙන යන ආයතන ගණනාවක් පවතී. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඊට උදාහරණය. මෙකී ආයතන ව්‍යුහාත්මකව සැකසී ඇත්තේ ලාභය අරමුණු කරගෙන නොවේ. එහෙත් තවමත් දෙපාර්තමේන්තුවක්ව පවත්නා දුම්රිය සේවය වැනි ආයතන මෙයට වඩා කාර්යක්ෂම කළමනාකරණයකට නතු විය යුතුමය.
දැනට පාඩු පිට පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ද අපට කළමනාකරණ කාර්යක්ෂමතාව ගැන අතීත උදාහරණයක් සපයා ගන්නට පිළිවන. එම ආයතනය කලක් එමිරේට්ස් ජාත්‍යන්තර ගුවන් සමාගම යටතේ පාලනය විය. එකල ශ්‍රී ලංකන් ආයතනය සෑහෙන ලාභයක් ලබමින් දකුණු ආසියාවේ ප්‍රශස්තම ගුවන් සේවාවක් ලෙස නම් දරා සිටියේය. එහෙත් එක්තරා පටු දේශපාලන සිදුවීමක් හේතුවෙන් එමිරේට්ස් කළමනාකරණය යටතේ තිබූ ශ්‍රී ලංකන් ආයතනය නැවතත් රාජ්‍ය අයිතියට පත් කරන ලද්දේ 2010-2015 අතර පැවැති රාජපක්ෂ ආණ්ඩුව විසිනි. එතෙක් ලාභ ලැබූ ශ්‍රී ලංකන් ආයතනය කළමනාකරණය නොදත් රජයේ පාලකයන් අතින් පරිහානියට පත්ව අලාභ ලබන සුදු අලියකු බවට පත්ව අද රජයට ද මහා බරක්ව තිබේ. එබැවින් තවදුරටත් එවන් අනුවණකම් නොකොට පාඩු ලබන රාජ්‍ය ආයතන උපාය මාර්ගික ආයෝජන කෙරේ යොමු නොකළොත් ජාතික ආර්ථිකය අගාධයට යනු මිස ගොඩ ඒමක් නම් නැති බව සඳහන් කරනු වටී.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාඩු ලබන සුදු අලින්ගේ බර ජනතාව පිට පටවන්න එපා